4. හත්ථාචරියපුබ්බකභික්ඛුවත්ථු අට්ඨකථා
4. හත්ථාචරියපුබ්බකභික්ඛුවත්ථු
4. හස්ති ශිල්පය දත් භික්ෂුවගේ කථා පුවත
න හි එතෙහීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං හත්ථාචරියපුබ්බකං භික්ඛුං ආරබ්භ කථෙසි.
“නහි එතෙහිති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩසිටියදී පැවිදිවීමට පෙර දක්ෂ ඇත් ගොවිවෙක් වූ එක් භික්ෂවක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර එකදිවසං අචිරවතීනදීතීරෙ හත්ථිදමකං “එකං හත්ථිං දමෙස්සාමී”ති අත්තනා ඉච්ඡිතං කාරණං සික්ඛාපෙතුං අසක්කොන්තං දිස්වා සමීපෙ ඨිතෙ භික්ඛූ ආමන්තෙත්වා ආහ – “ආවුසො, සචෙ අයං හත්ථාචරියො ඉමං හත්ථිං අසුකට්ඨානෙ නාම විජ්ඣෙය්ය, ඛිප්පමෙව ඉමං කාරණං සික්ඛාපෙය්යා”ති. සො තස්ස කථං සුත්වා තථා කත්වා තං හත්ථිං සුදන්තං දමෙසි. තෙ භික්ඛූ තං පවත්තිං සත්ථු ආරොචෙසුං. සත්ථා තං භික්ඛුං පක්කොසාපෙත්වා “සච්චං කිර තයා එවං වුත්ත”න්ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ විගරහිත්වා “කිං තෙ, මොඝපුරිස, හත්ථියානෙන වා අඤ්ඤෙන වා දන්තෙන. න හි එතෙහි යානෙහි අගතපුබ්බං ඨානං ගන්තුං සමත්ථා නාම අත්ථි, අත්තනා පන සුදන්තෙන සක්කා අගතපුබ්බං ඨානං ගන්තුං, තස්මා අත්තානමෙව දමෙහි, කිං තෙ එතෙසං දමනෙනා”ති වත්වා ඉමං ගාථමාහ –
ඒ භික්ෂුව එක් දිනක් අචිරවතී නදීතෙර ඇතුන් මෙල්ල කරන්නෙක්, එක් ඇතෙකු දමනය කරන්නෙමියි තමන් කැමති කාරණය ඉගැන්වීමට නොහැකිවනු දැක ලඟ සිටි භික්ෂුවක් අමතා මෙසේ කීවේය. ඇවැත්නි. ඉදින් මේ ඇතුන් දමනය කරන්නා මේ ඇතාගේ අසවල් නිලය බලා අසවල් තැනට ඇන්නේ නම් මේ ඇතා දමනය වන්නේ යයි කීය. ඇත් හික්මන්නාද, ඒ භික්ෂුව කී කථාව අසා ඒ කියූ අයුරින්ම නිල බලා ඇන ඇතා මැනවින් දමනය කළේය. එම භික්ෂුහු එම පුවත තථාගතයන්ට දැනුම් දුන්හ. බුදුහු එම භික්ෂුව කැඳවා ඔබ මෙය කෙළේදැයි විමසා ස්වාමීති ඇත්තයයි පැවසුවිට ගරහාකොට ඇයි හිස් පුරුෂය, ඇත් යානයක හෝ අනෙක් යානයක් නොව තමන්ම දමනය කරගැනීමෙන් මෙතෙක් නොගිය විරූ තැන කට යාම සුදුසුය. මේ නිසා තමන්ටම දමනය කර ගන්න. වෙනත් අය කුමකට දමනය කරනේන්ද? මෙසේ පවසා මේ ගාථාව පැවසුහ.
“න හි එතෙහි යානෙහි, ගච්ඡෙය්ය අගතං දිසං; යථාත්තනා සුදන්තෙන, දන්තො දන්තෙන ගච්ඡතී”ති.
අරියමග අනුව ගිය මහරහතන් වහන්සේ යානාවෙන් නොයන නිවන් මගට පිවිසියේවේ.
දැමුණා වු තැනැත්තා ආර්යයන් වහන්සේ මනාව දැමුණා වු සිත නිසා නිවන දෙසට යම් සේ යයිද, මේ ඇත් අස් ආදී යානාවලින් එහි යා නොහැකිය.
තස්සත්ථො – යානි තානි හත්ථියානාදීනි යානානි, න හි එතෙහි යානෙහි කොචි පුග්ගලො සුපිනන්තෙනපි අගතපුබ්බත්තා “අගත”න්ති සඞ්ඛාතං නිබ්බානදිසං තථා ගච්ඡෙය්ය, යථා පුබ්බභාගෙ ඉන්ද්රියදමෙන අපරභාගෙ අරියමග්ගභාවනාය සුදන්තෙන දන්තො නිබ්බිසෙවනො සප්පඤ්ඤො පුග්ගලො තං අගතපුබ්බං දිසං ගච්ඡති, දන්තභූමිං පාපුණාති. තස්මා අත්තදමනමෙව තතො වරන්ති අත්ථො.
මෙබඳු වු ඇත් යානාදියෙන් න-එතෙහි යානෙහි කිසියම් පුද්ගලයෙකුට සිහිනෙන්ද එහි නොයා හැකිය. අගතං දිසං නො ගිය දිසාව වු නිවණ දිසාවට තථා එසේ යා යුතුය. පූර්වභාගයෙහි පළමුව ඉන්ද්රිය දමනයෙන්ද, දන්තෙතන අපරභාගයෙහි (දෙවනුව) ආර්ය මාර්ග භාවනාවෙන්ද, සුදන්තෙන අත්තනා මැනවින් දැමුණු නිවන් සෙවුනාවු, ප්රඥාවන්ත පුද්ගලයා, ඒ නොගිය දිසාව වූ නිවණට ගචඡනති පැමිණෙතී. එහෙයින් ආත්ම දමනය සදහාම හැසිරෙත් යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ගඵලට පැමිණියාහුය.
හත්ථාචරියපුබ්බකභික්ඛුවත්ථු දුතියං.