5. පරිජිණ්ණබ්රාහ්මණපුත්තවත්ථු අට්ඨකථා
5. පරිජිණ්ණබ්රාහ්මණපුත්තවත්ථු
5. එක්තරා බ්‍රාහ්මණයකුගේ පුතුන් පිළිබඳ පුවත
ධනපාලොති ඉමං ධම්මදෙසනං සත්ථා සාවත්ථියං විහරන්තො අඤ්ඤතරස්ස පරිජිණ්ණබ්රාහ්මණස්ස පුත්තෙ ආරබ්භ කථෙසි.
“ධනපාලකොති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර වැඩසිටියදී එක්තරා බ්‍රාහ්මණ පුත්‍රයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සාවත්ථියං කිරෙකො බ්රාහ්මණො අට්ඨසතසහස්සවිභවො වයප්පත්තානං චතුන්නං පුත්තානං ආවාහං කත්වා චත්තාරි සතසහස්සානි අදාසි. අථස්ස බ්රාහ්මණියා කාලකතාය පුත්තා සම්මන්තයිංසු – “සචෙ අයං අඤ්ඤං බ්රාහ්මණිං ආනෙස්සති, තස්සා කුච්ඡියං නිබ්බත්තානං වසෙන කුලසන්තකං භිජ්ජිස්සති, හන්ද නං මයං සඞ්ගණ්හිස්සාමා”ති තෙ තං පණීතෙහි ඝාසච්ඡාදනාදීහි උපට්ඨහන්තා හත්ථපාදසම්බාහනාදීනි කරොන්තා උපට්ඨහිත්වා එකදිවසමස්ස දිවා නිද්දායිත්වා වුට්ඨිතස්ස හත්ථපාදෙ සම්බාහන්තා පාටියෙක්කං ඝරාවාසෙ ආදීනවං වත්වා “මයං තුම්හෙ ඉමිනා නීහාරෙන යාවජීවං උපට්ඨහිස්සාම, සෙසධනම්පි නො දෙථා”ති යාචිංසු. බ්රාහ්මණො පුන එකෙකස්ස සතසහස්සං දත්වා අත්තනො නිවත්ථපාරුපනමත්තං ඨපෙත්වා සබ්බං උපභොගපරිභොගං චත්තාරො කොට්ඨාසෙ කත්වා නිය්යාදෙසි. තං ජෙට්ඨපුත්තො කතිපාහං උපට්ඨහි. අථ නං එකදිවසං න්හත්වා ආගච්ඡන්තං ද්වාරකොට්ඨකෙ ඨත්වා සුණ්හා එවමාහ – “කිං තයා ජෙට්ඨපුත්තස්ස සතං වා සහස්සං වා අතිරෙකං දින්නං අත්ථි, නනු සබ්බෙසං ද්වෙ ද්වෙ සතසහස්සානි දින්නානි, කිං සෙසපුත්තානං ඝරස්ස මග්ගං න ජානාසී”ති. සොපි “නස්ස වසලී”ති කුජ්ඣිත්වා අඤ්ඤස්ස ඝරං අගමාසි. තතොපි කතිපාහච්චයෙන ඉමිනාව උපායෙන පලාපිතො අඤ්ඤස්සාති එවං එකඝරම්පි පවෙසනං අලභමානො පණ්ඩරඞ්ගපබ්බජ්ජං පබ්බජිත්වා භික්ඛාය චරන්තො කාලානමච්චයෙන ජරාජිණ්ණො දුබ්භොජනදුක්ඛසෙය්යාහි මිලාතසරීරො භික්ඛාය චරන්තො ආගම්ම පීඨිකාය නිපන්නො නිද්දං ඔක්කමිත්වා උට්ඨාය නිසින්නො අත්තානං ඔලොකෙත්වා පුත්තෙසු අත්තනො පතිට්ඨං අපස්සන්තො චින්තෙසි – “සමණො කිර ගොතමො අබ්භාකුටිකො උත්තානමුඛො සුඛසම්භාසො පටිසන්ථාරකුසලො, සක්කා සමණං ගොතමං උපසඞ්කමිත්වා පටිසන්ථාරං ලභිතු”න්ති. සො නිවාසනපාරුපනං සණ්ඨාපෙත්වා භික්ඛභාජනං ගහෙත්වා දණ්ඩමාදාය භගවතො සන්තිකං අගමාසි. වුත්තම්පි චෙතං (සං· නි· 1.200) –
සැවැත් නුවර එක් බ්‍රාහ්මණයෙක් ලක්ෂ අටක මහත් සම්පත් ඇතිව වයසට පත් පුතුන් සතර දෙනාම ආවාහ කර එක් අයකුට ලක්ෂය බැගින් ලක්ෂ හතරක් දුන්නේය. අනතුරුව බැමිණිය කළුරිය කළවිට පුත්තු මෙසේ කතිකා කළහ. ඉදින් පියා අනෙක් බැමිණියක් ගෙනෙන්නම්, ඇගේ කුසේ උපන් අය වශයෙන් කුලය බිදේ - අප ඔහු බලාහදාගෙන උවැටන් කරන්නෙමු ඔහුට ප්‍රනීත ආහාරපාන වලින් සංග්‍රහ කරයි. අත්පා මිරිකීම්, පිළිදැගුම් කීරිම් ආදිය කොට උවටැන් කර එක් දිනක් බමුණා දවල් නිදා අවදි වුවහුට අත්පා සම්බාහනය කරමින් ගෙදර දුක් ආදිය කියා “අපි ඔබට මේ ආකාරයෙන් දිවි ඇතිතෙක් උවටැන් කරන්නෙමු” ඉතිරි ධනයද අපට දෙන්නැයි ඉල්ලූහ. බ්‍රාහ්මණයා නැවත එකිනෙකාට ලක්ෂයක් බැගින් දී තමන්ට අදින පොරවන පමණක් තබාගෙන සියළු උපභෝග පරිභෝග ද කොටස් හතරක් කර පවරා දුනි. ඒ දෙටුපුතා දින කීපයක් උවටැන් කළේය. අනතුරුව එක් දිනක් බමුණා දිය නා එනවිට දොර කොටුවේ සිටි ලේලිය මෙසේ කීවාය. ඔබ විසින් දෙටුපුතාට සීයක්ලෝ දහසක් හෝ අතිරේක යමක් දුන්නේද? හැම දෙනාටම ලක්ෂ දෙක බැගින් දුන්නේද? ඇයි අනෙක් පුතුන්ගේ නිවෙස්වලට යාමට මාර්ගය නො දන්නේද? විමසීය - ඔහුද වසලීයයි කිපී අනිකෙනෙකුගේ ගෙට ගියේය. එහි ද දින කීපයට පසු මෙබඳු උපායෙන් පලවා හැරියේ අනෙකා ගේ ගෙටගියේය. මේලෙසට එක ගෙයකටද පිවිසීමට නොලැබ පඬරඩග පැවිද්දෙන් පැවිදි වී මහමග සිගාකන්නෙකු වී භික්ෂාවේ යෙදෙමින් කල් ගෙවුන පසු, ජරාවෙන් දිරාගියේ නරක භෝජන නරක සයන ආදීයෙන් මැලවුන ශරීර ඇතිව භික්ෂවේ යෙදෙන්නටද අපොහොසත්ව අවුත් පිලේ නිදා ගෙන අවදිවී, වාඩී වී සිටියේ තමන් දෙස බලා දරුවන් ගෙන් තමන්ට පිහිටක් නොලබන්නේ මෙසේ සිතුවේය. භවත් ගෞතමයන් වෙත ගිය හොත් හේ බැම නොහකුළා උඩුකුරු නොකොට - සිය මුහුණු ඇතිව පිළිසඳර කථාවේ දක්ෂ වු භවත් ගෞතමයන් වෙත එළඹ පිළිසඳරක් ලබමියි, ඔහු අඳින පෙරවන සළුව තබා භික්ෂා භාජනය ගෙන දණ්ඩක් අතින් ගෙන බුදුන් වෙතට ගියේය. මෙසේ ද කීය.
අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණමහාසාලො ලූඛො ලූඛපාවුරණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. සත්ථා එකමන්තං නිසින්නෙන තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා එතදවොච – “කින්නු ත්වං, බ්‍රාහ්මණ, ලූඛො ලූඛපාවුරණො”ති. ඉධ මෙ, භො ගොතම, චත්තාරො පුත්තා, තෙ මං දාරෙහි සංපුච්ඡ ඝරා නික්ඛාමෙන්තීති. තෙන හි ත්වං, බ්‍රාහ්මණ, ඉමා ගාථායො පරියාපුණිත්වා සභායං මහාජනකායෙ සන්නිපතිතෙ පුත්තෙසු ච සන්නිසින්නෙසු භාසස්සු –
ඉක්බිති එක්තරා බමුණු මහසල් කෙනෙක් රූක්ෂ වු පොරෝණාද ගෙන, දුකට පත්ව බුදුන් යම් තැන කද එතැනට එළඹුනි” බුදුහු එකත් පසෙක සිටි ඔහු සමග පිළිසඳර කථාකොට මෙසේ වදාළහ. කුමක්නිසා බ්‍රාහ්මණය ඔබ රූක්ෂ වුයේ, කටුක වු දිවියක් ගෙවන්නේ ඇයි භාග්‍යවත් ගෞතමයන් වහන්ස, මට පුත්තු සිව් දෙනෙකි. ඔවුන් භාර්යාවන් හා කථාකොට ගෙවලින් බැහැර කළාහුය. එසේ නම් බ්‍රාහ්මණය මේ ගාථාව සම්පුර්ණ කර මහජනයා රැස් වු කල සභාවක පුතුන්ද සිටි අවස්ථාවක කියන්න.
“යෙහි ජාතෙහි නන්දිස්සං, යෙසඤ්ච භවමිච්ඡිසං; තෙ මං දාරෙහි සංපුච්ඡ, සාව වාරෙන්ති සූකරං.
1. යම් පුතුන් සමග මම සතුටු වීම් ද යම් පුතුන් ගේ දියුණුව කැමැති වීම්ද? | ඒ දරුවෝ බල්ලන් ලවා ඌරන් ලුහුබඳ වන සේ භාර්යාවන් නිසා මුළාවී දැන්මා එළවා දමයි.
“අසන්තා කිර මං ජම්මා, තාත තාතාති භාසරෙ; රක්ඛසා පුත්තරූපෙන, තෙ ජහන්ති වයොගතං.
2. අසත් පුරුෂ වු මගේ දරුවෝ දුටුතැන තාත්තේ කියා හැසිරෙති රැක්ක යුතු අවධියේ මා අත්හළ ඔහු පුතුන් ලෙස පෙනී සිටි යක්කුය.
“අස්සොව ජිණ්ණො නිබ්භොගො, ඛාදනා අපනීයති; බාලකානං පිතා ථෙරො, පරාගාරෙසු භික්ඛති.
3. ධාවනයට නුසුදුසු වූ මහළු වූ අශ්වයකු අත්හැර දමන්නා සේ, සම්පත් | රහිත වූ දිරාපත් මා පුතුන් විසින් අත්හරින ලදුව අනුන්ගේ ගෙවල්වල සිගාකයි.
“දණ්ඩොව කිර මෙ සෙය්යො, යඤ්චෙ පුත්තා අනස්සවා; චණ්ඩම්පි ගොණං වාරෙති, අථො චණ්ඩම්පි කුක්කුරං.
4. ඒ මාගේ අසත්පුරුෂ දරුවන්ට වඩා මේ සැරයටිය උතුම් ය. අනින්ට එන ගොන් හරක්, කන්ට ආ බල්ලන් එළවා මා ආරක්ෂා කරන හෙයිනි.
“අන්ධකාරෙ පුරෙ හොති, ගම්භීරෙ ගාධමෙධති; දණ්ඩස්ස ආනුභාවෙන, ඛලිත්වා පතිතිට්ඨතී”ති. (සං· නි· 1.200);
5. අඳුරු තැන දී සැරයටිය පෙරටු වෙයි. ගැඹුරු දියෙහියන කල පිටි වහල් වෙයි. යන කල පැකිල ගියත් සැරයටියේ පිහිටෙන් නැගිට සිටිය හැකිය.
සො භගවතො සන්තිකෙ තා ගාථායො උග්ගණ්හිත්වා තථාරූපෙ බ්රාහ්මණානං සමාගමදිවසෙ සබ්බාලඞ්කාරපටිමණ්ඩිතෙසු පුත්තෙසු තං සභං ඔගාහිත්වා බ්රාහ්මණානං මජ්ඣෙ මහාරහෙසු ආසනෙසු නිසින්නෙසු “අයං මෙ කාලො”ති සභාය මජ්ඣෙ පවිසිත්වා හත්ථං උක්ඛිපිත්වා “අහං, භො, තුම්හාකං ගාථායො භාසිතුකාමො, සුණිස්සථා”ති වත්වා “භාසස්සු, බ්‍රාහ්මණ, සුණොමා”ති වුත්තෙ ඨිතකොව අභාසි. තෙන ච සමයෙන මනුස්සානං වත්තං හොති “යො මාතාපිතූනං සන්තකං ඛාදන්තො මාතාපිතරො න පොසෙති, සො මාරෙතබ්බො”ති. තස්මා තෙ බ්රාහ්මණපුත්තා පිතු පාදෙසු පතිත්වා “ජීවිතං නො, තාත, දෙථා”ති යාචිංසු. සො පිතු හදයමුදුතාය “මා මෙ, භො, පුත්තකෙ විනාසයිත්ථ, පොසෙස්සන්ති ම”න්ති ආහ. අථස්ස පුත්තෙ මනුස්සා ආහංසු – “සචෙ, භො, අජ්ජ පට්ඨාය පිතරං න සම්මා පටිජග්ගිස්සථ, ඝාතෙස්සාම වො”ති. තෙ භීතා පිතරං පීඨෙ නිසීදාපෙත්වා සයං උක්ඛිපිත්වා ගෙහං නෙත්වා සරීරං තෙලෙන අබ්භඤ්ජිත්වා උබ්බට්ටෙත්වා ගන්ධචුණ්ණාදීහි න්හාපෙත්වා බ්රාහ්මණියො පක්කොසාපෙත්වා “අජ්ජ පට්ඨාය අම්හාකං පිතරං සම්මා පටිජග්ගථ, සචෙ තුම්හෙ පමාදං ආපජ්ජිස්සථ, නිග්ගණ්හිස්සාම වො”ති වත්වා පණීතභොජනං භොජෙසුං.
ඔහු ද බුදුන්ගෙන් මේ ගාථා ඉගෙන එබඳු වු බ්‍රාහ්මණයින් රැස්වන දිනයක දී සියළු අලංකාරයන්ගෙන් යුතු වැ පුතුන් වටිනා අසුන්වල සිටින විට, මේ මට සුදුසු කාලයයි සිතා පිරිස මැදට පිවිස, අත උස්සා ඔබට ගාථා සතරක් කියන්නට කැමැත්තෙමි. අසයයි කීය. බ්‍රාහ්මණය කියන්න අපි අසනෙමුයි, කීවිට, සිටගෙනම පැවසුවේ මෙසමයෙහි මිනිසුන්ගේ පිළිවෙතක් වෙයි. යමෙක් මවුපියන් සතුදේ කයිද එසේ කමින් ඔවුන් පෝෂණය නො කරයිද ඔහු මැරිය යුතුයයි සම්මතයක් විය. මේ නිසා එම බ්‍රාහ්මණ දරුවෝ පියාගේ පා පිට වැටී අපට ජීවිතය දෙන්නැයි ඉල්ලා සිටියහ. ඔහු පුතුන් කෙරෙහි මෘදුබව නිසා මගේ පුතුන් විනාශ නොකරන්න. මාව පෝෂණය කරන්නේත්යයි පැවසුවේය. අනතුරුව පුතුන්ට මිනිස්සු කීවාහුය. ඉදින් අදපටන් පියාට හොඳින් නො සලකන්නේනම් තොප ඝාතනය කරන්නෙමු. ඔවුහු බියට පත්ව පියා පිටේ තබාගෙන ඉමු නැගිට ගෙට ගෙන ගොස් සිරුර තෙල් ගා තවා සම්බාහනය කොට සුවඳ සුණු ආදියෙන් නාවා බැමිණියන් කැඳවා අදපටන් අපේ පියා මැනවින් පෝෂණය කරමු. ඉදින් තොපි ප්‍රමාද වන්නෝනම් තොප ම නිග්‍රහ කරමු යි කියා ප්‍රණීත භෝජන වැළඳ වූහ.
බ්රාහ්මණො සුභොජනඤ්ච සුඛසෙය්යඤ්ච ආගම්ම කතිපාහච්චයෙන සඤ්ජාතබලො පීණින්ද්රියො අත්තභාවං ඔලොකෙත්වා “අයං මෙ සම්පත්ති සමණං ගොතමං නිස්සාය ලද්ධා”ති පණ්ණාකාරත්ථාය එකං දුස්සයුගං ආදාය භගවතො සන්තිකං ගන්ත්වා කතපටිසන්ථාරො එකමන්තං නිසින්නො තං දුස්සයුගං භගවතො පාදමූලෙ ඨපෙත්වා “මයං, භො ගොතම, බ්රාහ්මණා නාම ආචරියස්ස ආචරියධනං පරියෙසාම, පටිග්ගණ්හාතු මෙ භවං ගොතමො ආචරියො ආචරියධන”න්ති ආහ. භගවා තස්ස අනුකම්පාය තං පටිග්ගහෙත්වා ධම්මං දෙසෙසි. දෙසනාවසානෙ බ්රාහ්මණො සරණෙසු පතිට්ඨාය එවමාහ – “භො ගොතම, මය්හං පුත්තෙහි චත්තාරි ධුවභත්තානි දින්නානි, තතො අහං ද්වෙ තුම්හාකං දම්මී”ති. අථ නං සත්ථා “කල්‍යාණං, බ්‍රාහ්මණ, මයං පන රුච්චනට්ඨානමෙව ගමිස්සාමා”ති වත්වා උය්යොජෙසි. බ්රාහ්මණො ඝරං ගන්ත්වා පුත්තෙ ආහ – “තාතා, සමණො ගොතමො මය්හං සහායො, තස්ස මෙ ද්වෙ ධුවභත්තානි දින්නානි, තුම්හෙ තස්මිං සම්පත්තෙ මා පමජ්ජිත්ථා”ති. තෙ “සාධූ”ති සම්පටිච්ඡිංසු.
බ්‍රාහ්මණයා හොඳ ආහාරද සුව පයද ලැබ දින කීපයකින් හටගත් බලය ඇත්තේ පිනවූ ඉන්ද්රිය ඇත්තේ ආත්මභාවය බලා මම මේ සම්පත් භවත් ගෞතමයන් නිසා ලබන ලද්දේ වෙමි. පඩුරු වෙනුවෙන් එක් සළු යුගලක් ගෙන බුදුන් වෙත ගොස් කරන ලද පිළිසඳර ඇත්තේ එකත්පසෙක සිට එම වස්ත්‍ර යුගලය බුදුන් පාමුල තබා පින්වත් ගෞතමයාණන් වහන්ස. අපි බ්‍රාහ්මණයෝ වෙමු. ඔබ වහන්සේ අපට ගුරුව සිටිහෙයින් ගුරු පුජාවක් කරන්නෙමි. පිළිගනු ලැබේවා, මේ ආචාර්ය ධනයයි (ගරුභාගයයි) බුදුරජාණන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් එය පිළිගෙන ධර්මය දේශනා කළහ. දේශනය අවසන බ්‍රාහ්මණයා සරණයෙහි ද පිහිටා මෙසේ පැවසුවේය. පින්වත් ගෞතමයාණනි මගේ පුතුන්ගෙන් නිතර ලැබෙන බත් කොටස් හතරකි. ඉන් දෙකක් මම ඔබ වහන්සේට දෙනෙමි. අනතුරුව බුදුරජාණන් වහන්සේ යහපති බ්‍රාහ්මණය. මම ඔබ රුචි තැනකට එනෙමි යි පවසා පිටත්කර හැරියේය. බමුණ ගෙට ගොස් පුතුන්ට මෙසේ කීවේය. දරුව භවත් ගෞතමයන් මන්ගේ සහායකයායි. උන්වහන්සේ වැඩම කළවිට පමානොවමු. ඔවුහු හොඳයි පියාණනි.
සත්ථා පුනදිවසෙ පිණ්ඩාය චරන්තො ජෙට්ඨපුත්තස්ස ඝරද්වාරං අගමාසි. සො සත්ථාරං දිස්වා පත්තමාදාය ඝරං පවෙසෙත්වා මහාරහෙ පල්ලඞ්කෙ නිසීදාපෙත්වා පණීතභොජනමදාසි. සත්ථා පුනදිවසෙ ඉතරස්ස ඉතරස්සාති පටිපාටියා සබ්බෙසං ඝරානි අගමාසි. සබ්බෙ තෙ තථෙව සක්කාරං අකංසු. එකදිවසං ජෙට්ඨපුත්තො මඞ්ගලෙ පච්චුපට්ඨිතෙ පිතරං ආහ – “තාත, කස්ස මඞ්ගලං දෙමා”ති? “නාහං අඤ්ඤෙ ජානාමි, සමණො ගොතමො මය්හං සහායො”ති. “තෙන හි තං ස්වාතනාය පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං නිමන්තෙථා”ති. බ්රාහ්මණො තථා අකාසි. සත්ථා පුනදිවසෙ සපරිවාරො තස්ස ගෙහං අගමාසි. සො හරිතුපලිත්තෙ සබ්බාලඞ්කාරපටිමණ්ඩිතෙ ගෙහෙ බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා අප්පොදකමධුපායසෙන චෙව පණීතෙන ඛාදනීයෙන ච පරිවිසි. අන්තරාභත්තස්මිංයෙව බ්රාහ්මණස්ස චත්තාරො පුත්තා සත්ථු සන්තිකෙ නිසීදිත්වා ආහංසු – “භො ගොතම, මයං අම්හාකං පිතරං පටිජග්ගාම න පමජ්ජාම, පස්සථිමස්ස අත්තභාව”න්ති.
බුදුහු දෙවන දවස්හි පිඬු පිණිස හැසිරෙන අතර ජ්‍යෙෂ්ඨ පුතුගේ නිවසට වැඩම කළහ. ඔහු බුදුන් දැක පාත්‍රය ගෙන ගෙට පිවිස වටිනා පීඨයක වාස කරවා ප්‍රණීත භෝජන දුන්නේය. බුදුහු දෙවන දින අනෙක් අනෙක් නිවෙස් වලට පිළිවෙලින් සියළු ගෙවල් වලට ගියේ. ඔවුහු සියල්ලෝම එලෙසටම සත්කාර කළාහුය. අනතුරුව එක් දිනක් ජ්‍යෙෂ්ඨ පුතු මංගල කරුණක් එළඹ විට පියාට කීවේය. පියාණනි කාට නම් මංගල බත දෙන්නේද කියා මම නො දනිමි. භවත් ගෞතමයන් මගේ මිතුරා නොවේද? එසේනම් හෙට උන්වහන්සේ සහිත පන්සියයක් භික්ෂූන්ට ආරාධනා කරන්න. බ්‍රාහ්මණයා එලෙස කළේය. බුදුහු දෙවැනි දිනයෙහි පිරිවර සහිතව ඔහුගේ ගෙට වැඩම කළහ. ඔහු කොළපාට සායම් ගා සියළු අලංකාරයෙන් සරසන ලද ගෙයි බුද්ධ ප්රමුඛ මහා සංඝයා වාඩිකරවා ජලය අඩුවෙන් යෙදු පැනි කිරිබත් ද ප්රණිත බද්ද වැළඳවුහ. දන්වළදා අවසන බමුණාගේ පුතුන් හතරදෙන බුදුන් ලඟ වාඩිවී මෙසේ කීහ. පින්වත් ගෞතමය අපි අපේ පියා පෝෂණය කරමු. ප්‍රමාද නොවෙමු. මොහුගේ භාවය බලන්න
සත්ථා “කල්‍යාණං වො කතං, මාතාපිතුපොසනං නාම පොරාණකපණ්ඩිතානං ආචිණ්ණමෙවා”ති වත්වා “තස්ස නාගස්ස විප්පවාසෙන, විරූළ්හා සල්ලකී ච කුටජා චා”ති ඉමං එකාදසනිපාතෙ මාතුපොසකනාගරාජජාතකං (චරියා· 2.1 ආදයො; ජා· 1.11.1 ආදයො) විත්ථාරෙන කථෙත්වා ඉමං ගාථං අභාසි –
බුදුහු “ඔබලා විසින් යහපතක් කරන ලදී මවුපිය පෝෂණය නම් පෞරාණික පණ්ඩිතයන්ගේ අවීණ සිරිතකි”යි. පවසා “තස්ස නාගස්ස විප්පවාසෙන විරූළහා සල්ලකි කුටජා” ආදී වු මේ එකාදස නිපාතයේ මාතු පොසක නාගරාජ ජාතකය විස්තර වශයෙන් කියා මේ ගාථාව වදාළහ -
“ධනපාලො නාම කුඤ්ජරො, කටුකභෙදනො දුන්නිවාරයො; බද්ධො කබළං න භුඤ්ජති, සුමරති නාගවනස්ස කුඤ්ජරො”ති.
ඇත් හලෙහි දම්වැලින් - බැඳ දැමුව ඇත් රජද තමන්ගේ නිජ බිමම - සිහි කරයි එකසිතින් රජ බොජුන් ඉවතලති - “දනපාල” මව නිසා
ධනපාලක නම් වු ඇතා තියුණු වද ඇත්තේ නොවැලැක්විය හැක්කේ ඇත් හැලේ බඳින ලද්දේ ආහාර නොබුදියි. ඒ ඇතා ඇතුන් සිටින වනයම සිහිකරයි.
තත්ථ ධනපාලො නාමාති තදා කාසිකරඤ්ඤා හත්ථාචරියං පෙසෙත්වා රමණීයෙ නාගවනෙ ගාහාපිතස්ස හත්ථිනො එතං නාමං. කටුකභෙදනොති තිඛිණමදො. හත්ථීනඤ්හි මදකාලෙ කණ්ණචූළිකා පභිජ්ජන්ති, පකතියාපි හත්ථිනො තස්මිං කාලෙ අඞ්කුසෙ වා කුන්තතොමරෙ වා න ගණෙන්ති, චණ්ඩා භවන්ති. සො පන අතිචණ්ඩොයෙව. තෙන වුත්තං – කටුකභෙදනො දුන්නිවාරයොති. බද්ධො කබළං න භුඤ්ජතීති සො බද්ධො හත්ථිසාලං පන නෙත්වා විචිත්රසාණියා පරික්ඛිපාපෙත්වා කතගන්ධපරිභණ්ඩාය උපරි බද්ධවිචිත්රවිතානාය භූමියා ඨපිතො රඤ්ඤා රාජාරහෙන නානග්ගරසෙන භොජනෙන උපට්ඨාපිතොපි කිඤ්චි භුඤ්ජිතුං න ඉච්ඡි, තමත්ථං සන්ධාය “බද්ධො කබළං න භුඤ්ජතී”ති වුත්තං. සුමරති නාගවනස්සාති සො රමණීයං මෙ වසනට්ඨානන්ති නාගවනං සරති. “මාතා පන මෙ අරඤ්ඤෙ පුත්තවියොගෙන දුක්ඛප්පත්තා අහොසි, මාතාපිතුඋපට්ඨානධම්මො න මෙ පූරති, කිං මෙ ඉමිනා භොජනෙනා”ති ධම්මිකං මාතාපිතුඋපට්ඨානධම්මමෙව සරි. තං පන යස්මා තස්මිං නාගවනෙයෙව ඨිතො සක්කා පූරෙතුං, තෙන වුත්තං – සුමරති නාගවනස්ස කුඤ්ජරොති. සත්ථරි ඉමං අත්තනො පුබ්බචරියං ආනෙත්වා කථෙන්තෙ කථෙන්තෙයෙව සබ්බෙපි තෙ අස්සුධාරා පවත්තෙත්වා මුදුහදයා ඔහිතසොතා භවිංසු. අථ නෙසං භගවා සප්පායං විදිත්වා සච්චානි පකාසෙත්වා ධම්මං දෙසෙසි.
එහි ධනපාලකො නාමාති - යනු එදවස කාසි ජනපදයේ රජුන්ගේ ඇතුන් පුහුණු කරන්නා යවා රමණිය නාග වනයෙන් ගෙන්වන ලද ඇතාගේ මේ නම වේ. කටුකප්ප භෙදනොති - තියුණු මද ඇත්තේ මද වැගිරෙන කල කන් කඩා හැළෙයි. ප්‍රකෘතියෙන් ඇත්තේ මේ කාලයේ දී අංකු - (හෙණ්ඩුව) හෝ කුන්තායුධ තෝමර පවා කඩා දමති. චණ්ඩ වෙති. ඔහු ඉතා දරුණුය. “කටුකප්ප භේදනො දුන්තිවාරියො” යනු එහෙයින් කියන ලදී. බද්ධෝ කබලං නභුඤජතී මේ ඇතා ඉතා සැඩය. බඳින ලද ඔහු ඇත් හලට ගෙනගොස් පරික්ෂේප කොට සුවඳ පිරිබඩ කොට උඩුවියන් බැඳ රජුගේ රජ බොජුන් සමාන නොයෙක් රසවත් භෝජන දුන්නත් ඔහු කිසිවක් කෑමට අකමැති විය. එම කරුණ නිසා බද්ධෝ කබලං නභුඤජතී කියන ලදී. ඝුමරති නාගවනඝ්ඝා තමන් වසන නාග වනය ඉතා සිත්කළුය. මේ නාග වනයෙහි වෙසෙන මගේ මව පුත්‍ර වියෝගයෙන් දුකට පත්වූවාය. මාතෘ උපස්ථානය නම් වු ධාර්මික ප්‍රතිපදාව නොපුරා මේ බොජුන් වැළදීමෙන් කවර සුවයක්ද? එහෙයින් නාග වනයෙහිම සිට මාතෘ උපස්ථනය කරන්නට පුළුවන් වේ යයි මෙය කියන ලදී. සුමරති නාගවන කුජරො - ශාස්තෲන් වහන්සේ තමන්ගේ පුර්ව චරිතය ගෙන හැර දක්වා ධර්ම දේශනා කරත්ම ඒ සියල්ලගේ ඇස් කඳුළු වලින් පිරී මෘදු හදවතින් යුතුව කඳුළු ධාරා ගලා ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට සප්පාය වන පරිදි චතුරාර්ය සත්‍යය දේශනා කළහ.
දෙසනාවසානෙ සද්ධිං පුත්තෙහි චෙව සුණිසාහි ච බ්රාහ්මණො සොතාපත්තිඵලෙ පතිට්ඨහීති.
දේශනාවසානයේ පුතුන් සමග බ්‍රාහ්මණයා සෝවාන් ඵලයෙහි පිහිටියාහුය.
පරිජිණ්ණබ්රාහ්මණපුත්තවත්ථු තතියං.