6. පසෙනදිකොසලවත්ථු අට්ඨකථා
6. පසෙනදිකොසලවත්ථු
6. පසේනදී කොසොල් රජුගේ කථා පුවත
මිද්ධී යදා හොතීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො රාජානං පසෙනදිකොසලං ආරබ්භ කථෙසි.
“මිදඨියදා-ති ” මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පසේනදි කොසොල් රජ නිමිතිකරගෙන දේශනා කළහ.
එකස්මිඤ්හි සමයෙ රාජා තණ්ඩුලදොණස්ස ඔදනං තදුපියෙන සූපබ්යඤ්ජනෙන භුඤ්ජති. සො එකදිවසං භුත්තපාතරාසො භත්තසම්මදං අවිනොදෙත්වාව සත්ථු සන්තිකං ගන්ත්වා කිලන්තරූපො ඉතො චිතො ච සම්පරිවත්තති, නිද්දාය අභිභුය්යමානොපි උජුකං නිපජ්ජිතුං අසක්කොන්තො එකමන්තං නිසීදි. අථ නං සත්ථා ආහ – “කිං, මහාරාජ, අවිස්සමිත්වාව ආගතොසී”ති? “ආම, භන්තෙ, භුත්තකාලතො පට්ඨාය මෙ මහාදුක්ඛං හොතී”ති. අථ නං සත්ථා, “මහාරාජ, අතිබහුභොජනං එවං දුක්ඛං හොතී”ති වත්වා ඉමං ගාථමාහ –
එක් සමයෙක රජු සහල් දෝණයක බත් ද, එයට අනුරූප සුප ව්යාඝජනද අනුභව කරයි. ඔහු එක් දිනක් ගන්නාලද උදේ ආහාර ඇත්තේ බත් මතය දුර නොකරම බුදුන් වෙත ගොස් ක්ලාන්ත වුයේ ඔබමොබ පෙරළෙයි. (නිද්දෙන්) නිදිමතින් පෙළුනේ කෙලින් සිටගැනීමට අපහසුවුයේ එකත් පසෙක හොත්ය. ඉක්බිතිවැ ශාස්තෲන් වහන්සේ මෙසේ ඇසීය. ඇයි මහරජ විවේක නොගෙනම ආවේද? එසේය ස්වාමීනි බත් කැ වේලේ පටන් මට මහා දුකක් ඇතිවේ. එහිදී ශාස්තෲන් වහන්සේ මහරජ බොහෝ කොට ආහාර ගැනීමේ දී මේ දුක ඇති වේ කියා මේ ගාථාව වදාළහ -
“මිද්ධී යදා හොති මහග්ඝසො ච, නිද්දායිතා සම්පරිවත්තසායී; මහාවරාහොව නිවාපපුට්ඨො, පුනප්පුනං ගබ්භමුපෙති මන්දො”ති.
උගුර ළඟටම අහර වළඳා කුසීතව ඇති කුසල වළකා නිදන ඌරෙකු වගේ තැවෙනා මෝඩයා නිවනට නොයේ
යමෙක් මැලි ගතියෙන් යුක්ත වුයේද, බොහෝ කොට කයි ද, ඒ මේ අත පෙරලෙමින් නිදයි ද, ඌරු අහරින් තරවු ඌරෙකු වැනි, ඒ මෝඩයා සසරින් එතෙර වන්නේ නැත.
තත්ථ මිද්ධීති ථිනමිද්ධාභිභූතො. මහග්ඝසො චාති මහාභොජනො ආහරහත්ථකඅලංසාටකතත්රවට්ටකකාකමාසකභුත්තවමිතකානං අඤ්ඤතරො විය. නිවාපපුට්ඨොති කුණ්ඩකාදිනා සූකරභත්තෙන පුට්ඨො. ඝරසූකරො හි දහරකාලතො පට්ඨාය පොසියමානො ථූලසරීරකාලෙ ගෙහා බහි නික්ඛමිතුං අලභන්තො හෙට්ඨාමඤ්චාදීසු සම්පරිවත්තිත්වා අස්සසන්තො පස්සසන්තො සයතෙව. ඉදං වුත්තං හොති – යදා පුරිසො මිද්ධී ච හොති මහග්ඝසො ච, නිවාපපුට්ඨො මහාවරාහො විය ච අඤ්ඤෙන ඉරියාපථෙන යාපෙතුං අසක්කොන්තො නිද්දායනසීලො සම්පරිවත්තසායී, තදා සො “අනිච්චං දුක්ඛං අනත්තා”ති තීණි ලක්ඛණානි මනසිකාතුං න සක්කොති. තෙසං අමනසිකාරා මන්දපඤ්ඤො පුනප්පුනං ගබ්භමුපෙති, ගබ්භවාසතො න පරිමුච්චතීති. දෙසනාවසානෙ සත්ථා රඤ්ඤො උපකාරවසෙන –
එහි විද්ඨි ථීන මිද්ධයෙන් පෙළුනේ - මහග්ඝසො මහා භොජනො - ආහාර හත්ථක - නැගිට සිටින්නටත් බැරි වනසේ කෑම කන පුද්ගලයා අලංසාටක - ඉන්නේ වස්ත්‍රය තබා ගැනීමට වත් බැරිවන සේ කෑම කන පුද්ගලයා තත්‍රවට්ටක - සිරුර දරාගත නොහැකිවන තරමට කෑම ගෙන පෙරලී පෙරලී සිටින තැනැත්තා. කාක මාසක - කපුටන්ට හොට දමාගත හැකි සේ උගුර ළඟටම කෑම කන තැනැත්තා භූත්තවමිතක - කෑම කෑ තැනම වැමෑරීමට තරම් කෑම කන අය යන මෙයින් එකකුසේ නිවාත පුට්ඨාති - කුණ්ඩකාදි සූකර බතින් ස්පර්ශ වුයේ, ගෙවල ඌරෝ ළපටි කාලයේ සිට පෝෂණය කළවිට මහත් වූ විට ගෙයින් පිටතට යා නොහැකි වන්නේ ඇදන් යට පෙරලී පෙරළී ආශ්වාස ප්‍රශ්වාස කරමින් නිදයි. මේ කියන ලද පරිද්දෙන්ම පුරුෂයාද බත් මතයෙන් මත් වී අලස වී මහ ඌරෙකුසේ අනෙක් ඉරියවලින් සිටීමට නොහැකේ, නිදන සුළු ම වේ. සමපරිවත්ත සායී එබඳු තැනැත්තාට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රි ලක්ෂණ සිහිකරන්නට නොහැකිවන්නේ ය. ඔවුන්ට යහපත් සිහිය නැත්තේ මෝඩයෙක්ම වෙති. පුනප්පුනං ගබ්හං උපෙති නැවත නැවතත් මව්කූසයක්හිම උපදිත් (සසර කෙළවර නොවේ) දේශනාවසානයේ ශාස්තෲන් වහන්සේ රජුට උපකාර වසයෙන් -
“මනුජස්ස සදා සතීමතො, මත්තං ජානතො ලද්ධභොජනෙ; තනුකස්ස භවන්ති වෙදනා, සණිකං ජීරති ආයු පාලය”න්ති. (සං· නි· 1.124);
“මනුජස සදා සතීමතො මත්තං, ජානතො පද්ධ භොජනෙ තනුතස්ස භවනති වේදනා, සනිකං ජීරති ආයු පාලයනති”
ඉමං ගාථං වත්වා උත්තරමාණවං උග්ගණ්හාපෙත්වා “ඉමං ගාථං රඤ්ඤො භොජනවෙලාය පවෙදෙය්යාසි, ඉමිනා උපායෙන භොජනං පරිහාපෙය්යාසී”ති උපායං ආචික්ඛි, සො තථා අකාසි. රාජා අපරෙන සමයෙන නාළිකොදනපරමතාය සණ්ඨිතො සුසල්ලහුකසරීරො සුඛප්පත්තො සත්ථරි උප්පන්නවිස්සාසො සත්තාහං අසදිසදානං පවත්තෙසි. දානානුමොදනාය මහාජනො මහන්තං විසෙසං පාපුණීති.
මේ ගාථාව වදාරා, එය උත්තර මානවකයාට උගන්වා, මේ ගාථාව රජුන් ආහාර ගන්නා වේලාවේ. කියැයි වදාළහ. මේ උපායෙන් ආහාර අඩු කිරීමේ ක්‍රමය උපායානු කූලව වදාළහ. හෙතෙමේ ද එසේ කළේය. රජු එයින් මතු දිනයෙක නැළියක පමණ බත දක්වා ආහාර වේල අඩුකොට සැහැල්ලු සිරුරින් යුතුව, සුවයට පැමිණ, ශාස්තෲන් වහන්සේ කෙරෙහි උපන් විශ්වාසයෙන් යුතුවැ ශාස්තෲන් වෙත අසදෘස දානය පැවැත්වීය. අනුමෝදනාව ඇසීමට පැමිණි මහාජනයා මහත් විශේෂතාවයන්ට පැමිණියාහුය.
පසෙනදිකොසලවත්ථු චතුත්ථං.