යෙදුමෙන් කියවන්න

7. සානුසාමණෙරවත්‍ථු අට‍්ඨකථා

7. සානුසාමණෙරවත්‍ථු

7. පස්වනි වු සානුසාමණේරයන් වහන්සේ පිළිබඳ කථා පුවත

ඉදං පුරෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සානුං නාම සාමණෙරං ආරබ‍්භ කථෙසි.

“ඉදං පුරෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සානු” සාමණේර තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර එකිස‍්සා උපාසිකාය එකපුත‍්තකො අහොසි. අථ නං සා දහරකාලෙයෙව පබ‍්බාජෙසි. සො පබ‍්බජිතකාලතො පට‍්ඨාය සීලවා අහොසි වත‍්තසම‍්පන‍්නො, ආචරියුපජ‍්ඣායආගන‍්තුකානං වත‍්තං කතමෙව හොති. මාසස‍්ස අට‍්ඨමෙ දිවසෙ පාතොව උට‍්ඨාය උදකමාළකෙ උදකං උපට‍්ඨාපෙත්‍වා ධම‍්මස‍්සවනග‍්ගං සම‍්මජ‍්ජිත්‍වා ආසනං පඤ‍්ඤාපෙත්‍වා දීපං ජාලෙත්‍වා මධුරස‍්සරෙන ධම‍්මස‍්සවනං ඝොසෙති. භික‍්ඛූ තස‍්ස ථාමං ඤත්‍වා “සරභඤ‍්ඤං භණ සාමණෙරා”ති අජ‍්ඣෙසන‍්ති. සො “මය‍්හං හදයවාතො රුජති, කායො වා බාධතී”ති කිඤ‍්චි පච‍්චාහාරං අකත්‍වා ධම‍්මාසනං අභිරූහිත්‍වා ආකාසගඞ‍්ගං ඔතාරෙන‍්තො විය සරභඤ‍්ඤං වත්‍වා ඔතරන‍්තො “මය‍්හං මාතාපිතූනං ඉමස‍්මිං සරභඤ‍්ඤෙ පත‍්තිං දම‍්මී”ති වදති. තස‍්ස මනුස‍්සා මාතාපිතරො පත‍්තියා දින‍්නභාවං න ජානන‍්ති. අනන‍්තරත‍්තභාවෙ පනස‍්ස මාතා යක‍්ඛිනී හුත්‍වා නිබ‍්බත‍්තා, සා දෙවතාහි සද‍්ධිං ආගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා “සාමණෙරෙන දින‍්නපත‍්තිං අනුමොදාමි, තාතා”ති වදති. “සීලසම‍්පන‍්නො ච නාම භික‍්ඛු සදෙවකස‍්ස ලොකස‍්ස පියො හොතී”ති තස‍්මිං සාමණෙරෙ දෙවතා සලජ‍්ජා සගාරවා මහාබ්‍රහ‍්මානං විය අග‍්ගික‍්ඛන්‍ධං විය ච නං මඤ‍්ඤන‍්ති. සාමණෙරෙ ගාරවෙන තඤ‍්ච යක‍්ඛිනිං ගරුකං කත්‍වා පස‍්සන‍්ති. තා ධම‍්මස‍්සවනයක‍්ඛසමාගමාදීසු “සානුමාතා සානුමාතා”ති යක‍්ඛිනියා අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං දෙන‍්ති. මහෙසක‍්ඛාපි යක‍්ඛා තං දිස‍්වා මග‍්ගා ඔක‍්කමන‍්ති, ආසනා වුට‍්ඨහන‍්ති.

ඔහු එක් උපාසිකාවකගේ එකම පුත්‍රයායි. ඉක්බිති ඇය ඔහු ළමා කාලයේදීම පැවිදිකරවීය. ඔහු පැවිදිකළ තැන් පටන් සිල්වත් වුයේය, වත් සම්පන්න වුයේ. ආචාර්ය උපාධ්‍යාය වත් ද, ආගන්තුක වත් ද හොඳින් ඉටුකළේය. මාසයේ දින අටක් උදේම අවදි වී පැන් මළුවේ ජලය තබා බණ දෙසන මළුව අතුගා පහන් දල්වා මිහිරි ස්වරයෙන් ධර්ම දේශනය සදහා අඩ ගසයි. භික්ෂූන් වහන්සේලා ඔහුගේ උත්සාහය දැන පද භාගය (බණ කියැන්නැයි) සාමනේර හටම දැන් මගේ හද රිදේ. කය පීඩාදේ ආදී කිසියම් ප්‍රතිකාරයක් නොකොට ධර්මාසනයට නැග අහස් ගඟ ගලා බස්නා ලෙස ධර්මය දේශනා කර වඩින්නේ. මගේ දෙමාපියන්ට මේ පිං අනුමෝදන් කරමියි කියයි. ජීවතුන් අතර සිටින ඔහුගේ දෙමාපියෝ මෙසේ පින් දුන් බව නො දනිති. ඔහුගේ දෙවැනි ආත්ම භාවයක මවක් යකිනියක්ව උත්පත්තිය ලබා සිටියාය. ඕතොමෝ දේවතාවන් සමග පැමිණ බණ අසා සාමණේර භික්ෂුව විසින් දෙන ලද පින් අනුමෝදන් වෙමියි. දරුව කියයි. සිල්වත් වු භික්ෂුව දෙවියන් සහිත ලෝකයාට ප්‍රිය වේ. එම සාමණේරයන් කෙරෙහි ලජ්ජා බුහුමන් ගෞරව සහිතව මහා බ්‍රහ්මයන් මෙන් ද ගිනි කඳක් මෙන්ද සිතයි. සාමණේරයන් කෙරෙහි ගෞරවයෙන් එම යක්‍ෂණිය ගරු කොට බලයි ධර්මශ්‍රවණ යක්ෂ සමාගම ආදියේ දි සානු මාතා හෝ යයි කියා ඒ යක්ෂණියට - අග්‍ර ආසනය, අග්‍ර දිය, අග පිණ්ඩය දෙති. මහේක්ෂාඛ්‍ය යක්‍ෂයෝ ඇය දැක මාර්ගයෙන් මැත්වෙති. අසුනෙන් නැගිටිති.

අථ ඛො සාමණෙරො වුඩ‍්ඪිමන්‍වාය පරිපක‍්කින්‍ද්‍රියො අනභිරතියා පීළිතො අනභිරතිං විනොදෙතුං අසක‍්කොන‍්තො පරුළ‍්හකෙසනඛො කිලිට‍්ඨනිවාසනපාරුපනො කස‍්සචි අනාරොචෙත්‍වා පත‍්තචීවරමාදාය එකකොව මාතුඝරං අගමාසි. උපාසිකා පුත‍්තං දිස‍්වා වන්‍දිත්‍වා ආහ – “කිං, තාත, ත්‍වං පුබ‍්බෙ ආචරියුපජ‍්ඣායෙහි වා දහරසාමණෙරෙහි වා සද‍්ධිං ඉධාගච‍්ඡසි, කස‍්මා එකකොව අජ‍්ජ ආගතොසී”ති? සො උක‍්කණ‍්ඨිතභාවං ආරොචෙසි. සා උපාසිකා නානප‍්පකාරෙන ඝරාවාසෙ ආදීනවං දස‍්සෙත්‍වා පුත‍්තං ඔවදමානාපි සඤ‍්ඤාපෙතුං අසක‍්කොන‍්තී “අප‍්පෙව නාම අත‍්තනො ධම‍්මතායපි සල‍්ලක‍්ඛෙය්‍යා”ති අනුය්‍යොජෙත්‍වා “තිට‍්ඨ, තාත, යාව තෙ යාගුභත‍්තං සම‍්පාදෙමි, යාගුං පිවිත්‍වා කතභත‍්තකිච‍්චස‍්ස තෙ මනාපානි වත්‍ථානි නීහරිත්‍වා දස‍්සාමී”ති වත්‍වා ආසනං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. නිසීදි සාමණෙරො. උපාසිකා මුහුත‍්තෙනෙව යාගුඛජ‍්ජකං සම‍්පාදෙත්‍වා අදාසි. අථ “භත‍්තං සම‍්පාදෙස‍්සාමී”ති අවිදූරෙ නිසින‍්නා තණ‍්ඩුලෙ ධොවති. තස‍්මිං සමයෙ සා යක‍්ඛිනී “කහං නු ඛො සාමණෙරො, කච‍්චි භික‍්ඛාහාරං ලභති, නො”ති ආවජ‍්ජමානා තස‍්ස විබ‍්භමිතුකාමතාය නිසින‍්නභාවං ඤත්‍වා “සාමණෙරො මෙ මහෙසක‍්ඛානං දෙවතානං අන‍්තරෙ ලජ‍්ජං උප‍්පාදෙය්‍ය, ගච‍්ඡාමිස‍්ස විබ‍්භමනෙ අන‍්තරායං කරිස‍්සාමී”ති ආගන‍්ත්‍වා තස‍්ස සරීරෙ අධිමුච‍්චිත්‍වා ගීවං පරිවත‍්තෙත්‍වා ඛෙළෙන පග‍්ඝරන‍්තෙන භූමියං නිපති. උපාසිකා පුත‍්තස‍්ස තං විප‍්පකාරං දිස‍්වා වෙගෙන ගන‍්ත්‍වා පුත‍්තං ආලිඞ‍්ගෙත්‍වා ඌරූසු නිපජ‍්ජාපෙසි. සකලගාමවාසිනො ආගන‍්ත්‍වා බලිකම‍්මාදීනි කරිංසු. උපාසිකා පන පරිදෙවමානා ඉමා ගාථා අභාසි –

අනතුරුව ඒ සාමනේර නම වයසට පත්ව මුහුකුරාගිය ඉන්ද්‍රිය ඇත්තේ අනභිරතියෙන් පෙළුන්නේ. අනභිරතිය දුරු කිරීම සඳහා උත්සාහ නොහැකි වන්නේ වැඩුනු කෙස්, නිය ඇතිව කිළිටි අඳන සිවුරු ඇතේ, කිසිවෙකුටත් නොදන්වා පාසිවුරු ගෙන හුදකලාව මවගේ නිවසට ගියේය, උවැසිය පුතු දැක වැඳ මෙසේ කීවාය. දරුව ඔබ පෙර දින ආචාර්ය උපාධ්‍යාය සමග හෝ කුඩා සාමණේර නමක් සමග වැඩියේය. අද එකලාව වැඩම කළේ කුමක් හෙයින්ද? උන්වහන්සේ කළකිරුන බව පැවසුහ. එම උවැසිය නොයෙක් ආකාරයෙන් ගිහිගෙයි වාසයේ ඇති ආදීනව දක්වා පුතාට අවවාද දුන්නේද දැනුමක් ඇතිකරන්නට අපොහොසත්ව තමන්ගේ ධර්මතාවෙන් හෝ තමන්ට හැකි පමණින් සලකනෙමැයි සිතා දරුව සිටින්න. ඔබට කැඳබත් සකස්කරමි. කැඳ බී කරන ලද බත් කිසෙන් පසුව, ඔබට කැමති වස්ත්‍රයක් දෙමි කියා අසුනක් පනවා දුන්නාය. සාමණේර නම වාඩි වුයේය. උවැසිය ඉතා ඉක්මනින් කැඳ හා සෑයුතු ද සපයා දු න්නේය. අනතුරුව බත් සපයා දෙමියි නොදුරේ සිටි සහල් සෝදයි. එකළ එම යක්‍ෂණිය සාමණේර නම කොහේදැයි කිසියම් භික්ෂාවක් ලබත්දැයි ආවර්ජනා කරන්නේ ඔහු සිවුරුහරනට සිටින බව දැන මට දෙවියන් ඉදිරියේ ලජ්ජා උපදවන්නේදැයි, යම් විකෘතියට. වෙනස්වීමට අනතුරක් කරනෙමියි සිතා පැමිණ සිරුරට අවේශ වී ගෙල හරවා කෙල වැගිරෙමින් බිම වැටුනි. උවසිය පුතාට සිදු වූ මේ විකාර දැක වේගයෙන් ගොස් පුතා වැළදගෙන උකුලෙහි නිදිකර වුවාය. මුළු ගම්වැසියන් පැමිණ බලිකම ආදිය කළහ. උවැසිය අඩමින් මේ ගාථාව පැවසුවාය -

“චාතුද‍්දසිං පඤ‍්චදසිං, යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී; පාටිහාරියපක‍්ඛඤ‍්ච, අට‍්ඨඞ‍්ගසුසමාගතං.

යම් කෙනෙක් මසක් පාසා තුදුස්වක, තෙළෙස්වක, පසළොස්වක, හා සතවක, අටවක, නවවකත්, අෂ්ටාංග උපෝසථය රකින්ද, සෙසු පින්කම්වලත් යෙදේද, උන් හා සමග අමනුෂ්‍යයෝ සෙල්ලම් නොකරති. එහෙත් සානු සාමණේරයන් සමග අමනුෂ්‍යයෝ ක්‍රීඩා කරන බව පෙනේ. ඒ බව රහතුන්ගෙන් අසමු.

“උපොසථං උපවසන‍්ති, බ්‍රහ‍්මචරියං චරන‍්ති යෙ; න තෙහි යක‍්ඛා කීළන‍්ති, ඉති මෙ අරහතං සුතං; සා දානි අජ‍්ජ පස‍්සාමි, යක‍්ඛා කීළන‍්ති සානුනා”ති. (සං· නි· 1.239);

උපාසිකාය වචනං සුත්‍වා –

උපාසිකාවගේ ඒ වචනය අසා,

“චාතුද‍්දසිං පඤ‍්චදසිං, යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී; පාටිහාරියපක‍්ඛඤ‍්ච, අට‍්ඨඞ‍්ගසුසමාගතං.

යම් කෙනෙක් පාටිහාරිය පක්ෂ උපෝසථය රකීද. අෂ්ටාංග උපෝසථය රකීද බ්‍රහ්මචරියාව රකීද. ඒ අය සමග අමනුෂ්‍යයෝ සෙල්ලම් නොකරති.

“උපොසථං උපවසන‍්ති, බ්‍රහ‍්මචරියං චරන‍්ති යෙ; න තෙහි යක‍්ඛා කීළන‍්ති, සාහු තෙ අරහතං සුත”න‍්ති. (සං· නි· 1.239) –

වත්‍වා ආහ –

කියා මෙසේද කීය.

“සානුං පබුද‍්ධං වජ‍්ජාසි, යක‍්ඛානං වචනං ඉදං; මාකාසි පාපකං කම‍්මං, ආවි වා යදි වා රහො.

සානු තෙරණුවෝ බුදුන් අත්හරියි. කිසිදු පාප කර්මයක් විවෘතව හෝ රහසින් වත් නොකළ යුතුය.

“සචෙ ච පාපකං කම‍්මං, කරිස‍්සසි කරොසි වා; න තෙ දුක‍්ඛා පමුත්‍යත්‍ථි, උප‍්පච‍්චාපි පලායතො”ති. (සං· නි· 1.239);

යම් කිසිවෙක් පව්කම් කරන්නේ ද කරවන්නේද, ශාසනයෙන් පිරිහී පව්කම් කරන්නට අපි දුක් පමුණුවමු - එසේ නොවන්නේ නම් අපි පලායමු මේ යක්ෂණියගේ වචනයයි.

එවං පාපකං කම‍්මං කත්‍වා සකුණස‍්ස විය උප‍්පතිත්‍වා පලායතොපි තෙ මොක‍්ඛො නත්‍ථීති වත්‍වා සා යක‍්ඛිනී සාමණෙරං මුඤ‍්චි. සො අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා මාතරං කෙසෙ විකිරිය අස‍්සසන‍්තිං පස‍්සසන‍්තිං රොදමානං සකලගාමවාසිනො ච සන‍්නිපතිතෙ දිස‍්වා අත‍්තනො යක‍්ඛෙන ගහිතභාවං අජානන‍්තො “අහං පුබ‍්බෙ පීඨෙ නිසින‍්නො, මාතා මෙ අවිදූරෙ නිසීදිත්‍වා තණ‍්ඩුලෙ ධොවි, ඉදානි පනම‍්හි භූමියං නිපන‍්නො, කිං නු ඛො එත”න‍්ති නිපන‍්නකොව මාතරං ආහ –

මෙසේ පව්කම් කොට පක්ෂියෙකු මෙන් ඉගිල යන්නෙකුට වුවද මෝක්ෂය නම් නැත්තේය. කියා යකින්න සාමණේරයන් මිදුවාය. හෙතෙම ඇහැර බලා හිස කෙස් විසුරුවාගෙන හුස්ම ඉහළ පහළ හෙළමින් හඩන්නා වූ මව ද, රැස්ව සිටින ගමේ මිනිසුන් ද දැක. තමන් යක්ෂණියක විසින් ගත් බව නොදැන. මම කලින් පුටුවේ ඉඳගෙන සිටියෙමි. අම්මා සමීපයේ හාල් ගරමින් සිටියාය. දැන් වනාහී බිම වැතිරී සිටින්නේ මන්දැයි මවගෙන් විමසන්නේ,

“මතං වා අම‍්ම රොදන‍්ති, යො වා ජීවං න දිස‍්සති; ජීවන‍්තං අම‍්ම පස‍්සන‍්තී, කස‍්මා මං අම‍්ම රොදසී”ති. (ථෙරගා· 44; සං· නි· 1.239);

මෑණියනි යමෙක් එකෝ මළ කෙනෙකු වෙනුවෙන් හඩති. නැතිනම් නොදක්නා කෙනෙකු වෙනුවෙන් හඩති. මා මළේ නැත. නො පෙනෙන සේ දුරගියේත් නැත. එසේ හෙයින් කවර හෙයින් අඬන්නේද? ඇසීය.

අථස‍්ස මාතා වත්‍ථුකාමකිලෙසකාමෙ පහාය පබ‍්බජිතස‍්ස පුන විබ‍්භමනත්‍ථං ආගමනෙ ආදීනවං දස‍්සෙන‍්තී ආහ –

ඉක්බිති මව වස්තුකාම ක්ලේශකාම හැර පියා සසුනෙහි පැවිදිවී, නැවත වෙනස් වීමට සිවුරු හැරීමට ආ ගමන්නේ ආදීනව දක්වමින් මෙසේ කීවාය.

“මතං වා පුත‍්ත රොදන‍්ති, යො වා ජීවං න දිස‍්සති; යො ච කාමෙ චජිත්‍වාන, පුනරාගච‍්ඡතෙ ඉධ; තං වාපි පුත‍්ත රොදන‍්ති, පුන ජීවං මතො හි සො”ති. (සං· නි· 1.239);

මළගිය අය වෙනුවෙන් හඬති. නොදක්නා අය වෙනුවෙන් හඬති. යමෙක් ගිහිගෙයි වාසය හැරපියා පැවිදි වුයේ ද ඔහු නැවත සිවුරු හරීද, ඔහු නොමළේත් මළා වේ. ශාසනයෙන් ඔහු මළා වේ. එබැවින් මම හඩමි.

එවඤ‍්ච පන වත්‍වා ඝරාවාසං කුක‍්කුළසදිසඤ‍්චෙව නරකසදිසඤ‍්ච කත්‍වා ඝරාවාසෙ ආදීනවං දස‍්සෙන‍්තී පුන ආහ –

මෙසේද කියා ගෘහවාසය ගිනිගොඩක වාසය මෙන්ද නරකාදියක වාසය මෙන්ද උපමා කොට. ගෘහවාසයෙහි ආදීනව දක්වන්නේ නැවත මෙසේ කිවාය.

“කුක‍්කුළා උබ‍්භතො තාත, කුක‍්කුළං පතිතුමිච‍්ඡසි; නරකා උබ‍්භතො තාත, නරකං පතිතුමිච‍්ඡසී”ති. (සං· නි· 1.239);

දරුව, ගිනි ගොඩකින් නික්මුණු ඔබ නැවත ගිනි ගොඩට පනින්න කැමති වේද නරක දුකින් මිදුණු ඔබ නැවත නරකයට අපායට වැටෙන්නට කැමති වේද?

අථ නං, “පුත‍්ත, භද‍්දං තව හොතු, මයා පන ‘අයං නො පුත‍්තකො ඩය‍්හමානො’ති ගෙහා භණ‍්ඩං විය නීහරිත්‍වා බුද‍්ධසාසනෙ පබ‍්බාජිතො, ඝරාවාසෙ පුන ඩය‍්හිතුං ඉච‍්ඡසි. අභිධාවථ පරිත‍්තායථ නොති ඉමමත්‍ථං කස‍්ස උජ‍්ඣාපයාම කං නිජ‍්ඣාපයාමා”ති දීපෙතුං ඉමං ගාථමාහ –

දරුව ඔබට යහපතක් වේවා. මා විසින් මගේ පුතා ගිනිගෙන දිලියෙන්නා වූ ගෙයකින් වටිනා භාණ්ඩයක් ඉවත් කරන්නාසේ බුදු සසුනෙහි පැවිදි කරවුයෙමි. ඔබ නැවත ඒ ගිනි ගොඩ වූ ගෘහවාසයට බසින්නට කැමති වෙහිද මේ කාර්යයෙන් කාහට අවමන් කරන්නේ කවුරු අවමන් විදින්නේන්ද, මේ අවමන් විදීම දැක්වීමට මේ ගාථාව කීවාය -

“අභිධාවථ භද‍්දන‍්තෙ, කස‍්ස උජ‍්ඣාපයාමසෙ; ආදිත‍්තා නීහතං භණ‍්ඩං, පුන ඩය‍්හිතුමිච‍්ඡසී”ති. (සං· නි· 1.239);

ගිනිගත් ගෙයකින් වටිනා භාණ්ඩ ඉවත්කර ගෙන පලායන්නෙකු මෙන්, බුදු සසුන් පැවිදි වූ ඔබ නැවත ඒ ගිහිගෙට වැදීමට කැමති වන්නේ ද, එසේ කිරිමෙන් කවර හෙයින් අවමන් කරන්නේද අවමන් විදින්නේද

සො මාතරි කථෙන‍්තියා කථෙන‍්තියා සල‍්ලක‍්ඛෙත්‍වා “නත්‍ථි මය‍්හං ගිහිභාවෙන අත්‍ථො”ති ආහ. අථස‍්ස මාතා “සාධු, තාතා”ති තුට‍්ඨා පණීතභොජනං භොජෙත්‍වා “කතිවස‍්සොසි, තාතා”ති පුච‍්ඡිත්‍වා පරිපුණ‍්ණවස‍්සභාවං ඤත්‍වා තිචීවරං පටියාදෙසි. සො පරිපුණ‍්ණපත‍්තචීවරො උපසම‍්පදං ලභි.

හෙතෙම මවගේ මේ කීමෙන් පසුව, එය සලකා මෑණියනි මට ගිහි වීමෙන් අර්ථයක් නැතැයි කීයේය. ඉක්බිති මව, මැනැවි පුතුනියි තුටු පහටුව ප්‍රණීත භෝජන තනා වළඳවා. පුත්‍රය දැන් වයස කීයදයි ඇසීය. එවිට වයස නිසි පරිදි විසිවයස් සම්පුර්ණ බව දැන තුන්සිවුරු සපයා දුන්නාය. හෙතෙම පිරිපුන් පා සිවුරු ඇතිව උපසම්පදාවට පත්වුයේය.

අථස‍්ස අචිරූපසම‍්පන‍්නස‍්ස සත්‍ථා චිත‍්තනිග‍්ගහෙ උස‍්සාහං ජනෙන‍්තො “චිත‍්තං නාමෙතං නානාරම‍්මණෙසු දීඝරත‍්තං චාරිකං චරන‍්තං අනිග‍්ගණ‍්හන‍්තස‍්ස සොත්‍ථිභාවො නාම නත්‍ථි, තස‍්මා අඞ‍්කුසෙන මත‍්තහත්‍ථිනො විය චිත‍්තස‍්ස නිග‍්ගණ‍්හනෙ යොගො කරණීයො”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඉක්බිතිව ඔහුගේ සිත් හසර බලන ශාස්තෲන් වහන්සේ, පළමුව සිතේ පැවැති විපරිත බව උකටලී බව දැන සිත නම් විවිධ අරමුණුවල දීර්ඝ කාලයක් හැසිරෙන්නේය. එසේ වූ සිතට නිග්‍රහ නොකිරීමේ යහපත් බවත් නැත. එහෙයින් අංකුසයකින් (හෙන්ඩුවකින්) මත් ඇතෙකු දමනය කරන්නාක් මෙන් හීලෑ කරන්නාක් මෙන්, සිත දමනය කළ යුතුය. නිග්‍රහ කළ යුතුය. නිවනෙහි යෙදීම කළ යුතුයයි වදාරා මේ ගාථාව වදාළහ -

“ඉදං පුරෙ චිත‍්තමචාරි චාරිකං, යෙනිච‍්ඡකං යත්‍ථකාමං යථාසුඛං; තදජ‍්ජහං නිග‍්ගහෙස‍්සාමි යොනිසො, හත්‍ථිප‍්පභින‍්නං විය අඞ‍්කුසග‍්ගහො”ති.

පෙරදී මගේ සිත සිතු ලෙස හැම තැනෙක වැරදී ගිය අයුරු සිහියට ගෙන යන මතක අංකුසයෙන් මතැතු හීලෑලන ලෙසක විදසුන්නැණින් දමනය කරගමි යෙහෙක

තස‍්සත්‍ථො – ඉදං චිත‍්තං නාම ඉතො පුබ‍්බෙ රූපාදීසු ච ආරම‍්මණෙසු රාගාදීනං යෙන කාරණෙන ඉච‍්ඡති, යත්‍ථෙවස‍්ස කාමො උප‍්පජ‍්ජති, තස‍්ස වසෙන යත්‍ථ කාමං යථාරුචි චරන‍්තස‍්ස සුඛං හොති, තථෙව විචරණතො යථාසුඛං දීඝරත‍්තං චාරිකං චරි, තං අජ‍්ජ අහං පභින‍්නං මත‍්තහත්‍ථිං හත්‍ථාචරියසඞ‍්ඛාතො ඡෙකො අඞ‍්කුසග‍්ගහො අඞ‍්කුසෙන විය යොනිසොමනසිකාරෙන නිග‍්ගහෙස‍්සාමි, නාස‍්ස වීතික‍්කමිතුං දස‍්සාමීති.

එහි අර්ථය. ඉදංචිත්තං මේ සිතනම් මෙයින් පෙර රූපාදී අරමුණු වලද රාගාදී අරමුණු වලද, යෙන කැමති ලෙසින් යමක් කැමතිවන්ද එහි යෙදීම් වසයෙන්, යත්ථකාමං යම් කාම සුවයක් කැමතිවේද එහි හැසිරෙමින්. යථාසුඛං දීර්ඝ කාලයක් චාරිකා කළේය. අජ්‍ජ අහං පභින්නං දක්ෂ ඇත්ගොව්වකු විසින්මත් ඇතෙකු අඞ්කුසග්ගහො අංකුසයෙන් හීලෑ කරන්නාක් මෙන්, විය යහපත් සිහියෙන් නිග්ගහෙස්සාමි අයාලේයාමට නොහැකි කොට දමනය කළෙමි.

දෙසනාවසානෙ සානුනා සද‍්ධිං ධම‍්මස‍්සවනාය උපසඞ‍්කමන‍්තානං බහූනං දෙවතානං ධම‍්මාභිසමයො අහොසි. සොපායස‍්මා තෙපිටකං බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා මහාධම‍්මකථිකො හුත්‍වා වීසවස‍්සසතං ඨත්‍වා සකලජම‍්බුදීපං සඞ‍්ඛොභෙත්‍වා පරිනිබ‍්බායීති.

දේශනය අවසානයේදී සානු තෙරුන් සමග ධර්මශ්‍රවණය තුළ බොහෝ දෙවියන්ට ධර්මාභිසමය විය. ඔහු ත්‍රිපිටක බුද්ධ වචනය ඉගෙන මහාධර්ම කථිකයකු වී වසර එකසිය විස්සක් සිට මුළු දඹදිව කළඹා පිරිනිවන් පෑවාහුය.

සානුසාමණෙරවත්‍ථු පඤ‍්චමං.