යෙදුමෙන් කියවන්න

9-11. සම‍්බහුලභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

9-11. සම‍්බහුලභික‍්ඛුවත්‍ථු

9-11. ප්‍රදේශවාසී පන්සියයක් භික්ෂූන්ගේ කථා පුවත

සචෙ ලභෙථාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා පාලිලෙය්‍යකං නිස‍්සාය රක‍්ඛිතවනසණ‍්ඩෙ විහරන‍්තො සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“සචෙ ලභෙථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පාරිලෙය්‍යක ඇතාගෙන් උවැටන් ලබමින් ආරක්ෂිත වනයෙහි වැඩ සිටියදී බොහෝ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කරන ලදී.

වත්‍ථු යමකවග‍්ගෙ “පරෙ ච න විජානන‍්තී”ති ගාථාවණ‍්ණනාය ආගතමෙව. වුත‍්තඤ‍්හෙතං (ධ· ප· අට‍්ඨ· 1.5 කොසම‍්බකවත්‍ථු) –

කථා පුවත, යමක වර්ගයේ “පරෙචන විජානන්ති” යන ගාථාවර්ණනාවේ සඳහන් වන පරිදිය.

තථාගතස‍්ස තත්‍ථ හත්‍ථිනාගෙන උපට‍්ඨියමානස‍්ස වසනභාවො සකලජම‍්බුදීපෙ පාකටො අහොසි. සාවත්‍ථිනගරතො “අනාථපිණ‍්ඩිකො විසාඛා මහාඋපාසිකා”ති එවමාදීනි මහාකුලානි ආනන්‍දත්‍ථෙරස‍්ස සාසනං පහිණිංසු “සත්‍ථාරං නො, භන‍්තෙ, දස‍්සෙථා”ති. දිසාවාසිනොපි පඤ‍්චසතා භික‍්ඛූ වුට‍්ඨවස‍්සා ආනන්‍දත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා “චිරස‍්සුතා නො, ආවුසො ආනන්‍ද, භගවතො සම‍්මුඛා ධම‍්මී කථා, සාධු මයං, ආවුසො ආනන්‍ද, ලභෙය්‍යාම භගවතො සම‍්මුඛා ධම‍්මිං කථං සවනායා”ති යාචිංසු. ථෙරො තෙ භික‍්ඛූ ආදාය තත්‍ථ ගන‍්ත්‍වා “තෙමාසං එකවිහාරිනො තථාගතස‍්ස සන‍්තිකං එත‍්තකෙහි භික‍්ඛූහි සද‍්ධිං උපසඞ‍්කමනං අයුත‍්ත”න‍්ති චින‍්තෙත්‍වා තෙ භික‍්ඛූ බහි ඨපෙත්‍වා එකකොව සත්‍ථාරං උපසඞ‍්කමි. පාලිලෙය්‍යකො තං දිස‍්වා දණ‍්ඩමාදාය පක‍්ඛන්‍දි. තං සත්‍ථා ඔලොකෙත්‍වා “අපෙහි, අපෙහි, පාලිලෙය්‍යක, මා වාරයි, බුද‍්ධුපට‍්ඨාකො එසො”ති ආහ. සො තත්‍ථෙව දණ‍්ඩං ඡඩ‍්ඩෙත්‍වා පත‍්තචීවරපටිග‍්ගහණං ආපුච‍්ඡි. ථෙරො නාදාසි. නාගො “සචෙ උග‍්ගහිතවත‍්තො භවිස‍්සති, සත්‍ථු නිසීදනපාසාණඵලකෙ අත‍්තනො පරික‍්ඛාරං න ඨපෙස‍්සතී”ති චින‍්තෙසි. ථෙරො පත‍්තචීවරං භූමියං ඨපෙසි. වත‍්තසම‍්පන‍්නා හි ගරූනං ආසනෙ වා සයනෙ වා අත‍්තනො පරික‍්ඛාරං න ඨපෙන‍්ති.

බුදුරජාණන් වහන්සේ ඇත් රජුගෙන් උවටැන් ලබා වසන ආකාරය මුළු දඹදිවම ප්‍රකට විය. සැවැත් නුවරින් අන්නේපිඩු විසාඛා මහා උපාසිකාව මේ ආදී මහ කුලයන් විසින් ආනන්ද තෙරුන්ට පණිවිඩයක් යැවුහ. ස්වාමීනි තථාගතයන් වහන්සේ අපට මුණගස්වන්න යනු වෙනි. දිසාවාසී පන්සියයක් භික්ෂූන් වස්වසා, ආනන්ද තෙරුන් වෙත එළඹ ආයුෂ්මත් ආනන්ද අපි බොහෝකාලයකින් බුදුන්ගෙන් බණ නොඇසුවෙමු. අපට ධර්මයක් අසන්න සලසා දෙන්නැයි ඉල්ලා සිටියහ. තෙරුන් වහන්සේ එම තෙරවරු ගෙන තුන්මසක් ඒකවිහාරීවු බුදුන් වෙත යාම සුදුසු නොවේ. යයි සිතා තනියම ආනන්ද තෙරුන් වැඩියහ. පාරිලෙය්‍ය ඇතා ඒ දැක දණ්ඩක් ගෙන පැන්නේය. එය තථාගතයන් දැක පාරිලෙය්‍ය අයින් වෙන්න ඉවත්වෙන්න එන්න. මේ බුද්ධ උපස්ථායකයයි පැවසුහ. හෙතෙම එකෙණෙහිම ලීදණ්ඩ විසිකොට ඉවතලා පා සිවුරු ගැනීමට ඉල්වීය. ස්ථවිරයෝ නුදු. ඇතා ද වත පිළිවෙත මැනවින් දැන ගත්තෙක් වන්නේය. ශාස්තෲන් වහන්සේ වැඩ සිටින ගල් තළාවේ තමන්ගේ පිරිකර නොතබන්නේ යයි සිතීය. ස්ථවිර තෙමේ පා සිවුරු බිම තැබීය. වත් සිරිත් දන්නා අය ගරු අසුන්හි හෝ ඇදෙහි හෝ තමන්ගේ පිරිකර නොතබති.

ථෙරො සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථා “එකකොව ආගතොසී”ති පුච‍්ඡිත්‍වා පඤ‍්චහි භික‍්ඛුසතෙහි ආගතභාවං සුත්‍වා “කහං පන තෙ”ති පුච‍්ඡිත්‍වා “තුම‍්හාකං චිත‍්තං අජානන‍්තො බහි ඨපෙත්‍වා ආගතොම‍්හී”ති වුත‍්තෙ “පක‍්කොසාහි නෙ”ති ආහ. ථෙරො තථා අකාසි. සත්‍ථා තෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා තෙහි භික‍්ඛූහි, “භන‍්තෙ, භගවා බුද‍්ධසුඛුමාලො චෙව ඛත‍්තියසුඛුමාලො ච, තුම‍්හෙහි තෙමාසං එකකෙහි තිට‍්ඨන‍්තෙහි නිසීදන‍්තෙහි ච දුක‍්කරං කතං, වත‍්තපටිවත‍්තකාරකොපි මුඛොදකාදිදායකොපි නාහොසි මඤ‍්ඤෙ”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, පාලිලෙය්‍යකහත්‍ථිනා මම සබ‍්බකිච‍්චානි කතානි. එවරූපඤ‍්හි සහායං ලභන‍්තෙන එකකොව වසිතුං යුත‍්තං, අලභන‍්තස‍්ස එකචාරිකභාවොව සෙය්‍යො”ති වත්‍වා නාගවග‍්ගෙ ඉමා ගාථා අභාසි –

තෙරණුවෝ ශාස්තෲන් වැඳ එකත්පසෙක සිටියහ. ශාස්තෲන් වහන්සේ හුදෙකලාව තනිවම ආවේදැයි විචාළහ. භික්ෂූන් පන්සියයක් සමග ආවෙමි යයි කියා, දැන් ඒ අය කොහිදැයි විමසා, ඔබ වහන්සේ ගේ අදහස් නොදන්නා බැවින් පිටත නතර කර ආවෙමියි කීහ. ඒ පිරිස කැඳවාගෙන එන්නැයි කී විට ඔහු කැඳවුහ. ශාස්තෲන් වහන්සේ ඔවුන් සමඟ පිළිසදර කථාකොට ඒ මහණුන්, වහන්ස බුද්ධ සුකුමාල වු ද ක්ෂත්‍රිය සුඛුමාල වූ - ඔබ වහන්සේ විසින්, තෙමසක් එකම තැන සිටිමින්, නිදියමින් දුෂ්කර කාර්යයක්ම කරන ලද්දේ යයි කීහ. වත් පිළිවෙත් කරන්නෙක් ද නො සිටි බව හඟිමියි කී කල්හි, මහණෙනි පාරිලෙය්‍ය ඇතු ඒ සියළු කාර්යයන් කළේ යයි, ද මෙවැනි සහයක් ලබන්නෙකු සමග සිටීම, වසන්නට ලැබීම යහපත්ය. සුදුසුය එසේ නොලබන්නේ නම ඒකචාරීව තනිව හැසිරීම ශ්‍රේෂ්ටයයි පවසා මේ ගාථා වදාළහ -

“සචෙ ලභෙථ නිපකං සහායං, සද‍්ධිංචරං සාධුවිහාරි ධීරං; අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානි, චරෙය්‍ය තෙනත‍්තමනො සතීමා.

නුවණ සහ වීරිය - ඇති කලණ මිතුරෙකු හා විසුම යහපත් වේ - සියලු උවඳුරු මැඩගෙන

“නො චෙ ලභෙථ නිපකං සහායං, සද‍්ධිංචරං සාධුවිහාරි ධීරං; රාජාව රට‍්ඨං විජිතං පහාය, එකො චරෙ මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගො.

ගුණ නුවණ ඇතියෙක් - නොලදොත් තමන් ඇසුරට මහ ජනක රජුමෙන් - හුදෙකලාවම විසිය යුතුවේ.

“එකස‍්ස චරිතං සෙය්‍යො, නත්‍ථි බාලෙ සහායතා; එකො චරෙ න ච පාපානි කයිරා, අප‍්පොස‍්සුක‍්කො මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගො”ති.

නැණමද බාලයන් - සමග විසුමට වැඩියෙන් පව් සිරිත් දුරලා - තනිව විසුමම අග හැමවිට.

මනා පැවතුම් ඇති - නුවණ ඇති සමග හැසිරෙන අයෙක් ලදොත් සියලු විපත් මග හැර තුටු සිතින් ඔහු හා විසිය යුතු

මනා පැවතුම් ඇති යහළුවෙකු නොලදොත්, මහා ජනක රජු මෙන්ද පාරිලෙය්‍යක ඇතා මෙන් ද තනිව විසිය යුතු

හුදෙකලා වාසය උතුම්ය. අනුවණය හා සහාය බවක් නැත. ඔහු ඇසුරෙන් යහපතක් සිදු නොවන බැවිනි. එනිසා පිරිස් පරිහරණයෙහි උත්සාහ නැතිව වනයෙහි තනිව වසන පාරිලෙය්‍යක ඇතා මෙන් තනිව විසිය යුතුය.

තත්‍ථ නිපකන‍්ති නෙපක‍්කපඤ‍්ඤාය සමන‍්නාගතං. සාධුවිහාරි ධීරන‍්ති භද‍්දකවිහාරිං පණ‍්ඩිතං. පරිස‍්සයානීති තාදිසං මෙත‍්තාවිහාරිං සහායං ලභන‍්තො සීහබ්‍යග‍්ඝාදයො පාකටපරිස‍්සයෙ ච රාගභයදොසභයමොහභයාදයො පටිච‍්ඡන‍්නපරිස‍්සයෙ චාති සබ‍්බෙව පරිස‍්සයෙ අභිභවිත්‍වා තෙන සද‍්ධිං අත‍්තමනො උපට‍්ඨිතසතී හුත්‍වා චරෙය්‍ය, විහරෙය්‍යාති අත්‍ථො.

එහි නිපකං අර්ථ අනරිය දන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වූ, සාධු විහාරි ධීරං - කල්‍යාණ වූ පැවතුම් ඇති, ධෛර්යමත් වූ, ප්‍රාඥ වූ, පරිස්සයානී එබඳු වූ මෛත්‍රී විහාර සහිත වුවකුන්ගේ සහාය ලබන්නේ නම් සිංහ ව්‍යාඝ්‍ර ආදීන්ගෙන් වන සියලු උවදුරු මැඩ රාග භය වේශ භය ආදී උවදුරු ද නසා, සියලු උවදුරුවලින් දුරු වී, සියලු උවදුරු මැඩ පවත්වා එළඹ සිටි සිහියෙන් යුක්තව හැසිරෙන්නේය. කල්ගත කරන්නේය යන අර්ථයි.

රාජාව රට‍්ඨන‍්ති රට‍්ඨං හිත්‍වා ගතො මහාජනකරාජා විය. ඉදං වුත‍්තං හොති – යථා විජිතභූමිපදෙසො රාජා “ඉදං රජ‍්ජං නාම මහන‍්තං පමාදට‍්ඨානං, කිං මෙ රජ‍්ජෙන කාරිතෙනා”ති විජිතං රට‍්ඨං පහාය එකකොව මහාරඤ‍්ඤං පවිසිත්‍වා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා චතූසු ඉරියාපථෙසු එකකොව චරති, එවං එකකොව චරෙය්‍යාති. මාතඞ‍්ගරඤ‍්ඤෙව නාගොති යථා ච “අහං ඛො ආකිණ‍්ණො විහරාමි හත්‍ථීහි හත්‍ථිනීහි හත්‍ථිකළභෙහි හත්‍ථිච‍්ඡාපෙහි, ඡින‍්නග‍්ගානි චෙව තිණානි ඛාදාමි, ඔභග‍්ගොභග‍්ගඤ‍්ච මෙ සාඛාභඞ‍්ගං ඛාදන‍්ති, ආවිලානි ච පානීයානි පිවාමි, ඔගාහා ච මෙ උත‍්තිණ‍්ණස‍්ස හත්‍ථිනියො කායං උපනිඝංසන‍්තියො ගච‍්ඡන‍්ති, යංනූනාහං එකකොව ගණම‍්හා වූපකට‍්ඨො විහරෙය්‍ය”න‍්ති (මහාව· 467; උදා· 35) එවං පටිසඤ‍්චික‍්ඛිත්‍වා ගමනතො මාතඞ‍්ගොති ලද‍්ධනාමො ඉමස‍්මිං අරඤ‍්ඤෙ අයං හත්‍ථිනාගො යූථං පහාය සබ‍්බිරියාපථෙසු එකකොව සුඛං චරති, එවම‍්පි එකොව චරෙය්‍යාති අත්‍ථො.

රාජාව රට්ඨන්ති රට හැර ගිය මහා ජනක රජු මෙන් දිනාගත් හෝ අතටපත් හෝ මහරටක් අත්හළ රජු. මේ රාජ්‍යය නම් මහත්සේ ප්‍රමාදයට කරුණුය. මේ රාජ්‍යයෙන් මට කවර වැඩක්ද, යනුවෙන් සිතා යටත් රට හැර හුදෙකලාවම මහා අරණ්‍යයට පිවිස, තවුස් පැවිද්දෙන් පැවිදිව, සිව් ඉරියව්හි හුදෙකලාව හැසිරෙයි. මෙසේ තනිව හැසිරිම දැක්වීම සඳහා මෙය කියන ලදී. මාතඞ්ග රඤ්ඤොව නාගො මම වනාහි ඇතුන් ඇතින්නියන් ඇත් නාම්බන්, ඇත් පැටවුන් විසින් කා ඉතිරිකරන ලද, මේරු කොල කම් ඔවුන් විසින් කඩා දමා ඉතිරිකරන ලද අතු හා අතුවල මේරු කොලකමි ඇත් රැළ දියට බැස නා ගියායින් පසු, ඔවුන් විසින් බොර කරන ලද දිය මට බොන්න ලැබේ. බොර වතුර නාන්නට ලැබේ. මා ජලයට බසින විට ජලයෙන් ගොඩ එන ඇතින්නියෝ මගේ ඇගේ හැපෙති. මම මේ අලිරැළෙන් වෙන් වී වාසය කරන්නේ නම් ඉතා යෙහෙකි. මෙසේ සිතා, මාතඞ්ග යයි නම් ලද, මේ වනයේ වෙසෙන ඇති පිරිස අත්හැර, සියලු ඉරියහි තනිව හැසිරෙයි. යන අර්ථයි.

එකස‍්සාති පබ‍්බජිතස‍්ස හි පබ‍්බජිතකාලතො පට‍්ඨාය එකීභාවාභිරතස‍්ස එකකස‍්සෙව චරිතං සෙය්‍යො. නත්‍ථි බාලෙ සහායතාති චූළසීලං මජ‍්ඣිමසීලං මහාසීලං දස කථාවත්‍ථූනි තෙරස ධුතඞ‍්ගගුණානි විපස‍්සනාඤාණං චත‍්තාරො මග‍්ගා චත‍්තාරි ඵලානි තිස‍්සො විජ‍්ජා ඡ අභිඤ‍්ඤා අමතමහානිබ‍්බානන‍්ති අයඤ‍්හි සහායතා නාම. සා බාලෙ නිස‍්සාය අධිගන‍්තුං න සක‍්කාති නත්‍ථි බාලෙ සහායතා. එකොති ඉමිනා කාරණෙන සබ‍්බිරියාපථෙසු එකකොව චරෙය්‍ය, අප‍්පමත‍්තකානිපි න ච පාපානි කයිරා. යථා සො අප‍්පොස‍්සුක‍්කො නිරාලයො ඉමස‍්මිං අරඤ‍්ඤෙ මාතඞ‍්ගනාගො ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානෙ සුඛං චරති, එවං එකකොව හුත්‍වා චරෙය්‍ය, අප‍්පමත‍්තකානිපි න ච පාපානි කරෙය්‍යාති අත්‍ථො. තස‍්මා තුම‍්හෙහි පතිරූපං සහායං අලභන‍්තෙහි එකචාරීහෙව භවිතබ‍්බන‍්ති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො සත්‍ථා තෙසං භික‍්ඛූනං ඉමං ධම‍්මදෙසනං දෙසෙසි.

එකස්සා පැවිද්දාගේ පැවිදි වූ තැන් පටන්, තනිව හැසිරීමේ කැමැත්ත, තනිව හැසිරීමේ ඇල්ම තනිව හැසිරීම, චරිතං සෙය්‍යා නත්ථිබාලෙ සභායත චූළසීල, මධ්‍යම සීල, දස කථා වස්තු කෙලෙස් ධුතාංග විදර්ශනා නුවණ සතර මග, සතර ඵල, ත්‍රිවිද්‍යාෂට් අභිඥා, අමාමහ නිවන, මේවා සහාය වීම යනුයි. යම් කිසි බාලයකු නිසා ඒ ධර්මයන්ට පැමිණීමට නොහැක්කෙක්ද එවැනි බාලයන් සමග සහ වාසය අත්හළ යුතුය. එකො මේ කාරණයෙන් සියලු ඉරියව්හි අප්‍රමාද නොවි හුදෙකලාව හැසිරෙන්න. නචපාපානි පව්කම් නොකළ යුතුය. අප්පොස්සුකෙකා ආශාව ආලය දුරුකළ යුතුය. අරඤ්ඤොමාතඬග නාගො මේ අරණෙහි කැමති කැමති තැනක සුවසේ හැසිරෙයි. මෙසේ තනිව හැසිරෙන්නේ ස්වල්ප වූ පාපයක් නො කරයි. යන අර්ථයි. එහෙයින් තොපගේ සුදුසු සහාය නොලත් බැවින් ඒකචාරීව විසීම කළ යුතු වන්නේය. යන මෙම අර්ථය දක්වමින් ශාස්තෲන් වහන්සේ එම භික්ෂූන්ට ධර්ම දේශනා කළ සේක.

දෙසනාවසානෙ පඤ‍්චසතාපි තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසූති.

දේශනාවසානයේ පන්සියයක් භික්ෂුහු රහත් බවෙහි පිහිවුහ.

සම‍්බහුලභික‍්ඛුවත්‍ථු සත‍්තමං.