යෙදුමෙන් කියවන්න

1-4. කපිලමච‍්ඡවත්‍ථු අට‍්ඨකථා

1-4. කපිලමච‍්ඡවත්‍ථු

1-4. කපිල මත්ස්‍යයාගේ කථා පුවත

මනුජස‍්සාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කපිලමච‍්ඡං ආරබ‍්භ කථෙසි.

“මනුජස්සාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කපිල ඇමති නිමිති කරගෙන දේශනා කළහ.

අතීතෙ කිර කස‍්සපභගවතො පරිනිබ‍්බුතකාලෙ ද‍්වෙ කුලභාතරො නික‍්ඛමිත්‍වා සාවකානං සන‍්තිකෙ පබ‍්බජිංසු. තෙසු ජෙට‍්ඨො සාගතො නාම අහොසි, කනිට‍්ඨො කපිලො නාම. මාතා පන නෙසං සාධිනී නාම, කනිට‍්ඨභගිනී තාපනා නාම. තාපි භික‍්ඛුනීසු පබ‍්බජිංසු. එවං තෙසු පබ‍්බජිතෙසු උභො භාතරො ආචරියුපජ‍්ඣායානං වත‍්තපටිවත‍්තං කත්‍වා විහරන‍්තා එකදිවසං, “භන‍්තෙ, ඉමස‍්මිං සාසනෙ කති ධුරානී”ති පුච‍්ඡිත්‍වා “ගන්‍ථධුරං විපස‍්සනාධුරඤ‍්චාති ද‍්වෙ ධුරානී”ති සුත්‍වා ජෙට‍්ඨො “විපස‍්සනාධුරං පූරෙස‍්සාමී”ති පඤ‍්ච වස‍්සානි ආචරියුපජ‍්ඣායානං සන‍්තිකෙ වසිත්‍වා යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා වායමන‍්තො අරහත‍්තං පාපුණි. කනිට‍්ඨො “අහං තාව තරුණො, වුඩ‍්ඪකාලෙ විපස‍්සනාධුරං පූරෙස‍්සාමී”ති ගන්‍ථධුරං පට‍්ඨපෙත්‍වා තීණි පිටකානි උග‍්ගණ‍්හි. තස‍්ස පරියත‍්තිං නිස‍්සාය මහාපරිවාරො, පරිවාරං නිස‍්සාය ලාභො උදපාදි. සො බාහුසච‍්චමදෙන මත‍්තො ලාභතණ‍්හාය අභිභූතො අතිපණ‍්ඩිතමානිතාය පරෙහි වුත‍්තං කප‍්පියම‍්පි “අකප‍්පිය”න‍්ති වදෙති, අකප‍්පියම‍්පි “කප‍්පිය”න‍්ති වදෙති, සාවජ‍්ජම‍්පි “අනවජ‍්ජ”න‍්ති, අනවජ‍්ජම‍්පි “සාවජ‍්ජ”න‍්ති. සො පෙසලෙහි භික‍්ඛූහි “මා, ආවුසො කපිල, එවං අවචා”ති වත්‍වා ධම‍්මඤ‍්ච විනයඤ‍්ච දස‍්සෙත්‍වා ඔවදියමානොපි “තුම‍්හෙ කිං ජානාථ, රිත‍්තමුට‍්ඨිසදිසා”තිආදීනි වත්‍වා ඛුංසෙන‍්තො වම‍්භෙන‍්තො චරති. අථස‍්ස භාතු සාගතත්‍ථෙරස‍්සාපි භික‍්ඛූ තමත්‍ථං ආරොචෙසුං. සොපි නං උපසඞ‍්කමිත්‍වා, “ආවුසො කපිල, තුම‍්හාදිසානඤ‍්හි සම‍්මාපටිපත‍්ති සාසනස‍්ස ආයු නාම, තස‍්මා පටිපත‍්තිං පහාය කප‍්පියාදීනි පටිබාහන‍්තො මා එවං අවචා”ති ඔවදි. සො තස‍්සපි වචනං නාදියි. එවං සන‍්තෙපි ථෙරො ද‍්වත‍්තික‍්ඛත‍්තුං ඔවදිත්‍වා ඔවාදං අගණ‍්හන‍්තං “නායං මම වචනං කරොතී”ති ඤත්‍වා “තෙන, ආවුසො, පඤ‍්ඤායිස‍්සසි සකෙන කම‍්මෙනා”ති වත්‍වා පක‍්කාමි. තතො පට‍්ඨාය නං අඤ‍්ඤෙ පෙසලා භික‍්ඛූ ඡඩ‍්ඩයිංසු.

පෙර අතීතයේදී කාශ්‍යප භාග්‍යවතුන් පිරිනිවන් පෑ කාලයේදී කුලදෙකක සහෝදරයෝ දෙදෙනෙක් ගිහිගෙන් නික්ම ශ්‍රාවකයින් අසල පැවිදි වූහ. මේ දෙදෙනා අතර වැඩිමලා සොධන - නම් වීය. බාලයා කපිල නම් විය. මොවුන්ගේ මව සාධීනී නම් වුවාය. කණිටු සහෝදරිය තාපනා නම් වුවාය. ඇය ද භික්ෂුණින් අතර පැවිදි වුවාය. මේ ලෙසට ඔවුන් පැවිදි වු පසුව සොහොයුරන් දෙදෙනා ආචාර්ය උපාධ්‍යයට වතාවත් කර වාසය කරන අතර ස්වාමීනි ! මේ සසුනේ ධුර කීයක්දැයි විමසුහ. එසේ විමසා ග්‍රන්ථධූරය හා විදස්සනා ධුරය යනුවෙන් ධුර දෙකක් බව අසා වැඩිමලා විපස්සනා ධුරය පුරමියි වසර පහක් ආචාර්ය උපාධ්‍යයන් ලග වාසය කර අර්හත්වය දක්වා කමටහන් ගෙන කැලයට පිවිස උත්සාහ කරමින් රහත්බවට පත්විය. බාලයා මම තවමත් තරුණය. මහළු කල විදර්ශනාධූරය ලබා පුරමියි ග්‍රන්ථධූරය පිහිටා ත්‍රිපිටකය උගත්තේය. ඔහුගේ පරියාප්තිය නිසා පිරිවරද පිරිවර නිසා ලාභයද ඇතිවිය. ඔහු බහුශ්‍රැත මදයෙන් මත්වූයේ ලාභ තෘෂ්ණාවෙන් මැඩගත්තේ බොහෝ පණ්ඩිතමානි බැවින් අන්අය විසින් කියන ලද කැපදේ අකැපදේ ලෙසත් අකැප කැප දේ ලෙසටත් කියති. නිවැරදිදේ වැරදි ලෙසටද වැරදිදේ නිවැරදි ලෙසට ද කියයි. මේ නිසා සුපේසල භික්ෂූන් පැමිණ ඇවැත්නි කපිල, මෙලෙස නොකියවු කියා ධර්මයද විනය ද දක්වා අවවාද කරන්නේ, තෙපි කුමක් දන්නේද? හිස් කළයක් වගේ මේ ආදී දේ කියමින් ගරහමින් අවමකරමින් හැසිරෙයි. අනතුරුව සහෝදර සෝධන තෙරුන්ට මේ පිළිබඳව කරුණු කීවාහුය. උන්වහන්සේද මෙම තෙරුන් වෙත එළඹ ඇවැත්ති කපිල ඔබ වහන්සේලාගේ මනාපැවැත්ම සසුනට ආයුෂ වේ. මේ නිසා සම්‍යයක් ප්‍රතිපත්ති දුරුකර කැපදේ ආදිය වලකමින් අවවාද නොකරන්න. ඔහු උන්වහන්සේගේ අවවාදයද බැහැර කලේය. මෙසේ ඇතිකලද එම තෙරුන් දෙතුන් වරක් අවවාද කර එය පිළි නොගන්නේ, මගේ වචන නොකරතියි දැන ඇවැත්නි එසේ නම් තමන්ට වුවමනා ලෙස කරන්නැයි කියා පිටත්ව ගියහ. එතැන්සිට යහපත් භික්ෂූන් ඔහු අත් හලහ.

සො දුරාචාරො හුත්‍වා දුරාචාරපරිවුතො විහරන‍්තො එකදිවසං උපොසථග‍්ගෙ “පාතිමොක‍්ඛං උද‍්දිසිස‍්සාමී”ති බීජනිං ආදාය ධම‍්මාසනෙ නිසීදිත්‍වා “වත‍්තති, ආවුසො, එත්‍ථ සන‍්නිපතිතානං භික‍්ඛූනං පාතිමොක‍්ඛ”න‍්ති පුච‍්ඡිත්‍වා “කො අත්‍ථො ඉමස‍්ස පටිවචනෙන දින‍්නෙනා”ති තුණ‍්හීභූතෙ භික‍්ඛූ දිස‍්වා, “ආවුසො, ධම‍්මො වා විනයො වා නත්‍ථි, පාතිමොක‍්ඛෙන සුතෙන වා අසුතෙන වා කො අත්‍ථො”ති වත්‍වා ආසනා වුට‍්ඨහි. එවං සො කස‍්සපස‍්ස භගවතො පරියත‍්තිසාසනං ඔසක‍්කාපෙසි. සාගතත්‍ථෙරොපි තදහෙව පරිනිබ‍්බායි. කපිලො ආයුපරියොසානෙ අවීචිම‍්හි මහානිරයෙ නිබ‍්බත‍්ති. සාපිස‍්ස මාතා ච භගිනී ච තස‍්සෙව දිට‍්ඨානුගතිං ආපජ‍්ජිත්‍වා පෙසලෙ භික‍්ඛූ අක‍්කොසිත්‍වා පරිභාසිත්‍වා තත්‍ථෙව නිබ‍්බත‍්තිංසු.

ඔහු දුරාවාර වී දුරාචාරීන් පිරිවරා වාසය කරන්නේ, එක් දිනක් පොහොය ගෙයි ප්‍රාතිමෝක්‍ෂය දෙසමියි තල්පත ගෙන ධර්මාසනයේ සිට, ඇවැත්නි මෙතැන රැස්වූ භික්ෂූන්ට ප්‍රාතිමොක්‍ෂ දේශනය සුදුසුද? විමසා පිළිතුරු දීමෙන් කවර අර්ථයක්දැයි භික්ෂූන් පිළිතුරු නොදී නිශ්ශබ්දව සිටින විට භික්ෂූන්ට - ප්‍රවචන නැතැයි ඇවැත්නි ධර්මයද විනයද නැත. ප්‍රාතිමෝක්‍ෂයෙන් ඇසීමෙන් හෝ නොඇසීමෙන් කවර ප්‍රයෝජනයක්ද කවර අරුතක්ද කියා අසුනින් නැගීසිටියේය මෙලෙස ඔහු කාශ්‍යප බුදුන්ගේ සසුන පර්යාප්ති ශාසනය පසු බැස්සවීය. මෙසේ කපිල තෙරුන් ආයු කෙළවර කළුරිය කොට අවීචි නරකයේ උපන්හ. සෝධන තෙරුන්ද එදිනම පිරිනිවන් පෑහ. කපිල තෙරුන්ගේ මවද සහෝදරියද විපාක අනුව සුපේසල භික්ෂූන්ට ආක්‍රෝෂ කොට බැනවැදී අවීචි නිරයේ උපන්නාහුය.

තස‍්මිං පන කාලෙ පඤ‍්චසතා පුරිසා ගාමඝාතකාදීනි කත්‍වා චොරිකාය ජීවන‍්තා ජනපදමනුස‍්සෙහි අනුබද‍්ධා පලායමානා අරඤ‍්ඤං පවිසිත්‍වා තත්‍ථ කිඤ‍්චි පටිසරණං අපස‍්සන‍්තා අඤ‍්ඤතරං ආරඤ‍්ඤිකං භික‍්ඛුං දිස‍්වා වන්‍දිත්‍වා “පටිසරණං නො, භන‍්තෙ, හොථා”ති වදිංසු. ථෙරො “තුම‍්හාකං සීලසදිසං පටිසරණං නාම නත්‍ථි, සබ‍්බෙපි පඤ‍්චසීලානි සමාදියථා”ති ආහ. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා සීලානි සමාදියිංසු. අථ නෙ ථෙරො ඔවදි – “ඉදානි තුම‍්හෙ සීලවන‍්තා, ජීවිතහෙතුපි වො නෙව සීලං අතික‍්කමිතබ‍්බං, න මනොපදොසො කාතබ‍්බො”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිංසු. අථ නෙ ජනපදමනුස‍්සා තං ඨානං පත්‍වා ඉතො චිතො ච පරියෙසමානා තෙ චොරෙ දිස‍්වා සබ‍්බෙ තෙ ජීවිතා වොරොපෙසුං. තෙ කාලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු, චොරජෙට‍්ඨකො ජෙට‍්ඨකදෙවපුත‍්තො අහොසි.

මෙකල පන්සියයක් පුරුෂයෝ ගවඝාතන - ගම් පැහැරීම් ආදිය කර සොරකමින් ජීවත් වෙමින් සිටියදී ජනපද වාසී මිනිසුන් ඔවුන් ලුහුබඳින්නාහු පළායන අතර වන සෙනසුනට පිවිසී එහි කිසි පිළිසරණක් නෙලැබ. එක්තරා ආරණ්‍යක භික්ෂුවක් දැක වැඳ අපට පිළිසරණ වේවායි කීවාහුය. තොපට සීලය හැර වෙනත් පිළිසරණක් නැත. සියල්ලෝම පන්සිල් සමාදන් වෙවු. මෙසේ පැවසුවාට යහපතැයි සියළු දෙන පන්සිල් සමාදන්වුහ. අනතුරුව තෙරණුවෝ අවවාද කළෝය. දැන් තොප සිල් වත්හුය. ජීවිත හේතුවෙන් හෝ සිල් නොකඩවා සිත් දුෂණයන්ද නොකළ යුතුය. ඔවුහු යහපතැයි පිළිගන්නාහුය. අනතුරුව ඒ ජනපදිකයෝ එම තැනට පැමිණ ඔබ නොබ සොයන්නේ එම සොරුන් දැක සියලු සොරුන් ඝාතනය කළහ. ඔවුන් මියගොස් දෙලොව පහළවුනි. නායක සොරා ජ්‍යෙෂ්ට දේවපුත්‍රයා විය.

තෙ අනුලොමපටිලොමවසෙන එකං බුද‍්ධන‍්තරං දෙවලොකෙ සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථිනගරද‍්වාරෙ පඤ‍්චසතකුලිකෙ කෙවට‍්ටගාමෙ නිබ‍්බත‍්තිංසු. ජෙට‍්ඨකදෙවපුත‍්තො කෙවට‍්ටජෙට‍්ඨකස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, ඉතරෙ ඉතරෙසු. එවං තෙසං එකදිවසෙයෙව පටිසන්‍ධිගහණඤ‍්ච මාතුකුච‍්ඡිතො නික‍්ඛමනඤ‍්ච අහොසි. කෙවට‍්ටජෙට‍්ඨකො “අත්‍ථි නු ඛො ඉමස‍්මිං ගාමෙ අඤ‍්ඤෙපි දාරකා අජ‍්ජ ජාතා”ති පරියෙසාපෙත්‍වා තෙසං ජාතභාවං ඤත්‍වා “එතෙ මම පුත‍්තස‍්ස සහායකා භවිස‍්සන‍්තී”ති සබ‍්බෙසං පොසාවනිකං දාපෙසි. තෙ සබ‍්බෙපි සහපංසුකීළකා සහායකා හුත්‍වා අනුපුබ‍්බෙන වයප‍්පත‍්තා අහෙසුං. තෙසං කෙවට‍්ටජෙට‍්ඨකපුත‍්තොව යසතො ච තෙජතො ච අග‍්ගපුරිසො අහොසි.

ඔවුහු අනුලෝම පටිලෝම වශයෙන් එක් බුද්ධාන්තරයක් දෙලොව සැරිසරා මේ බුදෙධෝත්පාද කාලයේදී සැවැත්නුවර කුල පන්සියක් ඇති. ධීවර ගමක උපන්නාහුය. ජ්‍යෙෂ්ඨ දේව පුත්‍රයා ධීවර නායකයාගේ ගෘහයෙහි පිළිසඳ ගත්තේය. අනෙක් අය අනෙක් අය අතර මෙලෙස ඔවුන් එක දවසකම උපන්හ. ප්‍රතිසන්ධියද බිහි වීමද එකම දිනයේ සිදුවිය. ධීවර නායකයා මේගමේ අද උපන් වෙනත් දරුවන් ඇත්දැයි සොයා බලා ඔවුන්ගේ උපත ගැන අසා දැනගෙන මොවුන් මගේ පුතාට සහායකයින් වන්නේයයි සියල්ලන්ම පෝෂණය කරන්නට මුදල් දෙවීය. මේ සියල්ලෝම වැලි කෙලියේ සිට මිතුරන් වී පිළිවලින් වයසට පත් වූහ. ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාම ප්‍රධානියා විය.

කපිලොපි එකං බුද‍්ධන‍්තරං නිරයෙ පච‍්චිත්‍වා විපාකාවසෙසෙන තස‍්මිං කාලෙ අචිරවතියා සුවණ‍්ණවණ‍්ණො දුග‍්ගන්‍ධමුඛො මච‍්ඡො හුත්‍වා නිබ‍්බත‍්ති. අථෙකදිවසං තෙ සහායකා “මච‍්ඡෙ බන්‍ධිස‍්සාමා”ති ජාලාදීනි ගහෙත්‍වා නදියා ඛිපිංසු. අථ නෙසං අන‍්තොජාලං සො මච‍්ඡො පාවිසි. තං දිස‍්වා සබ‍්බෙ කෙවට‍්ටගාමවාසිනො උච‍්චාසද‍්දමකංසු – “පුත‍්තා නො පඨමං මච‍්ඡෙ බන්‍ධන‍්තා සුවණ‍්ණමච‍්ඡං බන්‍ධිංසු, ඉදානි නො රාජා බහුධනං දස‍්සතී”ති. තෙපි ඛො සහායකා මච‍්ඡං නාවාය පක‍්ඛිපිත්‍වා නාවං උක‍්ඛිපිත්‍වා රඤ‍්ඤො සන‍්තිකං අගමංසු. රඤ‍්ඤාපි තං දිස‍්වාව “කිං එත”න‍්ති වුත‍්තෙ “මච‍්ඡො, දෙවා”ති ආහංසු. රාජා සුවණ‍්ණවණ‍්ණං මච‍්ඡං දිස‍්වා “සත්‍ථා එතස‍්ස සුවණ‍්ණවණ‍්ණකාරණං ජානිස‍්සතී”ති මච‍්ඡං ගාහාපෙත්‍වා භගවතො සන‍්තිකං අගමාසි. මච‍්ඡෙන මුඛෙ විවටමත‍්තෙයෙව සකලජෙතවනං අතිවිය දුග‍්ගන්‍ධං අහොසි. රාජා සත්‍ථාරං පුච‍්ඡි – “කස‍්මා, භන‍්තෙ, මච‍්ඡො සුවණ‍්ණවණ‍්ණො ජාතො, කස‍්මා චස‍්ස මුඛතො දුග‍්ගන්‍ධො වායතී”ති?

කපිල බුද්ධාන්තරයක් නිරයේ පැසී විපාක වශයෙන් එකල අවිරචතී ගගේ රන්වන්වු දුඟද හමන කට ඇති මාළුවෙක් වී උපන්නේය. අනතුරු දිනෙක ඒ යාළුවෝ මාළුවන් අල්ලාගනිමුයි දැල් ආදිය ගෙන ගගට දැමුහ. මේ අතර එම මාළුවා ඔවුන්ගේ දැලට අසුවිය. එය දැක සියළු ධීවරයෝ මහා හඩින් කෑගැසුහ. අපේ පුතුන් පළමුදින මාළු අල්ලද්දී රන් මාළුවෙකු බැන්දාහුය දැන් අපට රජු බොහෝ ධනය දෙනු ඇත. මේ යාළුවෝ මාළුවා ඔරුවක පටවා ඔරුව පිටින්ම රජු වෙතට ගෙන ගියාහුය. රජුද මේ කුමක්දැයි විමසා දේවයනි මාළුවෙකුයි කීවාහුය. රජු රන්වන් මසු දැක ඔවුහු මොහුගේ රන්වන් බවට හේතු දන්නේදැයි මාළුවා ගෙන්වාගෙන බුදුන්වෙත ගියේය. මාළුවගේ කට ඇරිය විගස මුළු දෙව්රම් වෙහෙරම දුඟද හැමීය. එය දැඩි දුගඳයක් විය. රජතුමා තථාගතයන් වහන්සේගෙන් හේතු විමසුවේය. ස්වාමීනි කුමක් නිසා මාළුවා රන්වන් වීද කුමක් නිසා දුඟද හමයිද?

අයං, මහාරාජ, කස‍්සපභගවතො පාවචනෙ කපිලො නාම භික‍්ඛු අහොසි බහුස‍්සුතො මහාපරිවාරො ලාභතණ‍්හාය අභිභූතො අත‍්තනො වචනං අගණ‍්හන‍්තානං අක‍්කොසකපරිභාසකො, තස‍්ස ච භගවතො සාසනං ඔසක‍්කාපෙසි, සො තෙන කම‍්මෙන අවීචිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා විපාකාවසෙසෙන ඉදානි මච‍්ඡො හුත්‍වා ජාතො. යං පන සො දීඝරත‍්තං බුද‍්ධවචනං වාචෙසි, බුද‍්ධස‍්ස ච ගුණං කථෙසි, තස‍්ස නිස‍්සන්‍දෙන ඉමං සුවණ‍්ණවණ‍්ණං පටිලභි. යං භික‍්ඛූනං අක‍්කොසකපරිභාසකො අහොසි, තෙනස‍්ස මුඛතො දුග‍්ගන්‍ධො වායති. “කථාපෙමි නං, මහාරාජා”ති? “කථාපෙථ, භන‍්තෙ”ති. අථ නං සත්‍ථා පුච‍්ඡි – “ත්‍වංසි කපිලො”ති? “ආම, භන‍්තෙ, අහං කපිලො”ති. “කුතො ආගතොසී”ති? “අවීචිමහානිරයතො, භන‍්තෙ”ති. “ජෙට‍්ඨභාතිකො තෙ සාගතො කුහිං ගතො”ති? “පරිනිබ‍්බුතො, භන‍්තෙ”ති. “මාතා පන තෙ සාධිනී කහ”න‍්ති? “මහානිරයෙ නිබ‍්බත‍්තා, භන‍්තෙ”ති. “කනිට‍්ඨභගිනී ච තෙ තාපනා කහ”න‍්ති? “මහානිරයෙ නිබ‍්බත‍්තා, භන‍්තෙ”ති. “ඉදානි ත්‍වං කහං ගමිස‍්සසී”ති? “අවීචිමහානිරයමෙව, භන‍්තෙ”ති වත්‍වා විප‍්පටිසාරාභිභූතො නාවං සීසෙන පහරිත්‍වා තාවදෙව කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්ති. මහාජනො සංවිග‍්ගො අහොසි ලොමහට‍්ඨජාතො.

මහරජ මොහු කාශ්‍යප බුද්ධකාලයේ දී “කපිල” නම් භික්ෂුවක්වීය. බහුශ්‍රැත වුයේ මහපිරිවර වුයේ ලාභ තෘෂ්ණාවෙන් පෙලුන්නේ තම වචනය නො පිළිගත්තන්ට ආක්‍රෝෂ පරිභව කළේ ඒ බුදු සසුනද පරිහානියට පත් කළේය. එම අකුශල කර්මයෙන් ඔහු අවීචීයේ ඉපිද විපාක වශයෙන් දැන් මත්ස්‍යයෙක් විය. ඔහු බොහෝකලක් බුද්ධ ධර්මය නිසා - බුදුගුණය වරණය කළ නිසා රන්වන් පැහැය ලැබුවේය. එකල්හී භික්ෂූන්ට නින්ද පරිභව කෙළේද එනිසා මොහුගේ කටින් දැඩි දුගඳක් හමයි. මහරජ ! මම ඔහු කථා කරවන්න දැයි විමසුහ. රජු ස්වාමීනි කථාකරවන්නැයි පැවසුවේය. අනතුරුව බුදුහු ඔබ කපිලදැයි විමසුහ. එසේය ස්වාමීනි මම කපිලයි. කොහේ සිට ආවේද ස්වාමීනි මම අවීචිමහා නගරයේ සිටය. ඔබේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා සෝධන කොහේද, පිරිනිවන් පෑයේය. ඔබේ මව සාධනී කොහේද? නිරයේ ඉපදුනු ස්වාමීනි, ඔබේ නැගණිය තාපනා කොහේද? මහා නරකයේ ඉපදුනි. ස්වාමීනි, දැන් ඔබ කොහේ යන්නේද දැන් ස්වාමීනි අවීචි නිරයටම යමියි කියා විපිලිසර වුයේ ඔරුවට හිසෙන් ගසා මරණට පත්ව එකෙනෙහිම කළුරිය කොට නරකයේ උපනි. මහජනයා සංවේගයට පත්විය. ලොමුඩැහ ගත්ත.

අථ භගවා තස‍්මිං ඛණෙ සන‍්නිපතිතාය පරිසාය චිත‍්තාචාරං ඔලොකෙත්‍වා තඞ‍්ඛණානුරූපං ධම‍්මං දෙසෙතුං “ධම‍්මචරියං බ්‍රහ‍්මචරියං, එතදාහු වසුත‍්තම”න‍්ති සුත‍්තනිපාතෙ (සු· නි· 276) කපිලසුත‍්තං කථෙත්‍වා ඉමා ගාථා අභාසි –

මේ අවස්ථාවේදී එතැනට පැමිණි පිරිසට ඔවුන්ගේ සිත් හසර බලා එම අවස්ථාවට ගැලපෙනසේ ධර්මය දේශනා කිරීමට ධම්ම චරියං “බ්‍රහ්ම චරියං එතදාහු වසුතතම” යන සුත්‍ර නිපාතයේ කපිල සුත්‍රය කියා මේ ගාථාව දේශනා කලහ -

තන්හා බරිත පුඟුලා දිගු සසර බැදී බවයෙන් බවය පැන පැන දුක් ගැහැට විදී මැනවින් වැඩුණු ගස් අතු අග පලය සැදී “මාලුව වැල” එතී එමගින් නස ලදී

“මනුජස‍්ස පමත‍්තචාරිනො, තණ‍්හා වඩ‍්ඪති මාලුවා විය; සො ප‍්ලවතී හුරා හුරං, ඵලමිච‍්ඡංව වනස‍්මි වානරො.

1. පමා වී හැසිරෙන මිනිසාට තෘෂ්ණාව මාළුවා වැලක් වැනිම වැඩේ. තන්වෙන් වසඟ වු ඒ තැනැත්තා, වනයේ ගසින් ගසට පනින වඳුරෙකු මෙන් භවයෙන් භවයට යයි.

“යං එසා සහතෙ ජම‍්මී, තණ‍්හා ලොකෙ විසත‍්තිකා; සොකා තස‍්ස පවඩ‍්ඪන‍්ති, අභිවට‍්ඨංව බීරණං.

2. ලාමක වූ මේ තණ්හාව ලෝකයේ යමෙකු මැඩලයිද ඔහුට වැස්සෙන් තෙමී වැසෙන තණ මෙන් ශෝකය වැඩෙත්.

“යො චෙතං සහතෙ ජම‍්මිං, තණ‍්හං ලොකෙ දුරච‍්චයං; සොකා තම‍්හා පපතන‍්ති, උදබින්‍දුව පොක‍්ඛරා.

3. ලෝකයෙහි දුකසේ ඉක්මවිය යුතු මේ තව මැඩ පවත්වයිද ඒ තැනැත්තා කෙරෙන් පොකුරු පතින් ගිලිහෙන දිය බින්දු මෙන් ශෝකය ගිලිහෙයි.

“තං වො වදාමි භද‍්දං වො, යාවන‍්තෙත්‍ථ සමාගතා; තණ‍්හාය මූලං ඛණථ, උසීරත්‍ථොව බීරණං; මා වො නළංව සොතොව, මාරො භඤ‍්ජි පුනප‍්පුන”න‍්ති.

4. යම් කිසි පිරිසක් මෙහි රැවුවාහුද, හැම දෙනාටම යහපතක් වේවා. ඔබ හැමට මෙය කියමි. සැවැන්දරා මුල් කැමැතෙක් පොළව හාරා එය ගන්නාක් මෙන්, තණ්හාව විනාශ කරන්න. සැඩ වතුර පහරකින් බට පදුරක් බිඳගෙන යන්නාක් මෙන් මාරයා විසින් ඔබලා මර්දනය නොකෙරේවා

තත්‍ථ පමත‍්තචාරිනොති සතිවොස‍්සග‍්ගලක‍්ඛණෙන පමාදෙන පමත‍්තචාරිස‍්ස පුග‍්ගලස‍්ස නෙව ඣානං න විපස‍්සනා න මග‍්ගඵලානි වඩ‍්ඪන‍්ති. යථා පන රුක‍්ඛං සංසිබ‍්බන‍්තී පරියොනන්‍ධන‍්තී තස‍්ස විනාසාය මාලුවාලතා වඩ‍්ඪති, එවමස‍්ස ඡ ද‍්වාරානි නිස‍්සාය පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො තණ‍්හා වඩ‍්ඪතීති අත්‍ථො. සො ප‍්ලවතී හුරා හුරන‍්ති සො තණ‍්හාවසිකො පුග‍්ගලො භවෙ භවෙ උප‍්ලවති ධාවති. යථා කිං වියාති? ඵලමිච‍්ඡංව වනස‍්මි වානරො, යථා රුක‍්ඛඵලං ඉච‍්ඡන‍්තො වානරො වනස‍්මිං ධාවති, තස‍්ස තස‍්ස රුක‍්ඛස‍්ස සාඛං ගණ‍්හාති, තං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං ගණ‍්හාති, තම‍්පි මුඤ‍්චිත්‍වා අඤ‍්ඤං ගණ‍්හාති, “සාඛං අලභිත්‍වා සන‍්නිසින‍්නො”ති වත‍්තබ‍්බතං නාපජ‍්ජති, එවමෙව තණ‍්හාවසිකො පුග‍්ගලො හුරා හුරං ධාවන‍්තො “ආරම‍්මණං අලභිත්‍වා තණ‍්හාය අපවත‍්තං පත‍්තො”ති වත‍්තබ‍්බතං නාපජ‍්ජති.

එහි පමත්ත වාරිනොති” - සිහිය බැහැරවීම නිසා ප්‍රමාදයෙන් ප්‍රමාදයේ යෙදෙන පුද්ගලයාට ධ්‍යාන නැත. විපස්සනා මාර්ග ඵල නැත. මාර්ග ඵලඤාණ නොවැඩේ. යම්සේ ගසක් වෙලාගත් මාළුවා වැල විසින් ගස විනාශ කරන්නාක් මෙනි. මාලුවා වැල වැඩෙන ලෙසට දොරටු හය නිසා නැවත නැවත ඉපදීමෙන් තෘෂ්ණාව වැඩේ. යන අර්ථයි. සො පලවති හුරාහුරං ඔහු තෘෂ්ණාව නිසා භවයක් පාසා දිවයයි තමන් මෙන්ද? ඵලමිචජංව වනස්මිං යම් සේ ගස්වල ගෙඩි කැමතිවන වඳුරෝ වනයේ සැරි සරමින් ඒ ඒ ගස්වල අතුගනී එකක් අතහැර තවෙකක් ගනී. එයද අත්හැර වෙන එකක් ගනී. අතු නොලැබ සමුහ වසයෙන් පැවතීමට නොපැමිණේ. මෙසේ තණ්හාවාචසික පුද්ගලයා භවයක් භවයක් පාසා දුවන්නේ අරමුණක් නොලැබ තෘෂ්ණාව ක්ෂය නොකළෝ සසර නැවැත්මට නො පත්තෝය.

යන‍්ති යං පුග‍්ගලං එසා ලාමකභාවෙන ජම‍්මී විසාහාරතාය විසපුප‍්ඵතාය විසඵලතාය විසපරිභොගතාය රූපාදීසු විසත‍්තතාය ආසත‍්තතාය විසත‍්තිකාති සඞ‍්ඛ්‍යං ගතා ඡද‍්වාරිකතණ‍්හා අභිභවති. යථා නාම වස‍්සානෙ පුනප‍්පුනං වස‍්සන‍්තෙන දෙවෙන අභිවට‍්ඨං බීරණතිණං වඩ‍්ඪති, එවං තස‍්ස පුග‍්ගලස‍්ස අන‍්තො වට‍්ටමූලකා සොකා අභිවඩ‍්ඪන‍්තීති අත්‍ථො.

යං යනු යම් පුද්ගලයෙක්, එසා ලාමක බැවින්, ජමමී විස ආහාර, විසමල් - විසගෙඩි විස පරිභෝග, නිසා රූපාදීන්හි විශේෂයෙන් ශක්ති බැවින් ශාපලත් විසක්තිකා යයි විසන්තිකා නම් කියන ලද. ෂඩ්වාරික තෘෂ්ණ තොමෝ, තණ්හා වැඩේ. යම්සේ වැසි කාලයේ නැවත නැවත වැස්ස වහින කල්හි අභිවට්ටං බීරණං තෘණ වැඩෙත්ද, මෙසේ ඒ පුද්ගලයාගේ සංසාර වෘතය සෝකයෙන් වැඩේ යන අර්ථයි.

දුරච‍්චයන‍්ති යො පන පුග‍්ගලො එවං වුත‍්තප‍්පකාරං අතික‍්කමිතුං පජහිතුං දුක‍්කරතාය දුරච‍්චයං තණ‍්හං සහති අභිභවති, තම‍්හා පුග‍්ගලා වට‍්ටමූලකා සොකා පපතන‍්ති. යථා නාම පොක‍්ඛරෙ පදුමපත‍්තෙ පතිතං උදකබින්‍දු න පතිට‍්ඨාති, එවං න පතිට‍්ඨහන‍්තීති අත්‍ථො.

දුරවච්චයං කිසියම් පුද්ගලයෙක් මේ කියන ලද ආකාරයට තෘෂ්ණාව ඉක්මයිද දුරුකරයිද මැඩ පවත්වයිද සහතෙ මැඩ පවත්වයි. එබැවින් පුද්ගලයන්ගේ සංසාර ගමන සොකාප පතනති ශෝක යෙහි වැටේ. යම්සේ නෙලුම් පතෙහි වැටෙන. උදබින්දු දියබිදු නොරදාද මෙසේ නො පිහිටයි යන අර්ථයි.

තං වො වදාමීති තෙන කාරණෙන අහං තුම‍්හෙ වදාමි. භද‍්දං වොති භද‍්දං තුම‍්හාකං හොතු, මා අහං කපිලො විය විනාසං පාපුණථාති අත්‍ථො. මූලන‍්ති ඉමිස‍්සා ඡද‍්වාරිකතණ‍්හාය අරහත‍්තමග‍්ගඤාණෙන මූලං ඛණථ. කිං වියාති? උසීරත්‍ථොව බීරණං, යථා උසීරෙන අත්‍ථිකො පුරිසො මහන‍්තෙන කුදාලෙන බීරණං ඛණති, එවමස‍්සා මූලං ඛණථාති අත්‍ථො. මා වො නළංව සොතොව, මාරො භඤ‍්ජි පුනප‍්පුනන‍්ති මා තුම‍්හෙ නදීසොතෙ ජාතං නළං මහාවෙගෙන ආගතො නදීසොතො විය කිලෙසමාරො මරණමාරො දෙවපුත‍්තමාරො ච පුනප‍්පුනං භඤ‍්ජතූති අත්‍ථො.

තං වොවදාමි. මේ කරුණෙන් තොපට කියමි. භදදංවො තොපගේ භද්‍රයෙක් වේවා, මම කපිල වීමි. විනාසයට පැමිණියෙමි. මුලං යනු මේ ද්වාරික තෘෂ්ණාව අරහත් මාර්ග ඤාණයෙන් මුල සිඳීවි. උසීරත්ථෙව බීරණං සැවැන්දරා මුලින් වැඩක් ඇති පුද්ගලයා උදැල්ලකින් බිම සාර සැවැන්දරා මුල් ගන්නේද යන අර්ථයි. මාවො නලංව සොතොව සොතොව මාරො භඤජී පුනප්පුනං ගං ඉවුරක හටගත් බට පඳුරු මහා වේගයෙන් ආ ගංවතුරකින් ගලවා ගෙන යන්නේද එසේ ක්ලේශ මාර, මෘත්‍යුමාර, දේවපුත්‍ර මාර ආදී පස්මරුන් තොපට හානියක් නො කෙරේවා.

දෙසනාවසානෙ පඤ‍්චසතාපි කෙවට‍්ටපුත‍්තා සංවෙගං ආපජ‍්ජිත්‍වා දුක‍්ඛස‍්සන‍්තකිරියං පත්‍ථයමානා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා න චිරස‍්සෙව දුක‍්ඛස‍්සන‍්තං කත්‍වා සත්‍ථාරා සද‍්ධිං ආනෙඤ‍්ජවිහාරසමාපත‍්තිධම‍්මපරිභොගෙන එකපරිභොගා අහෙසුන‍්ති.

දේශනාවසානයේ පන්සියයක් කේවට්ට පුත්‍රයන් සංවේගයට පැමිණ දුක් කෙළවර කිරීම ප්‍රාර්ථනා කරමින් ශාස්තෲන් සමීපයේ පැවිදිවී නොබෝ කලකින්ම දුක් කෙළවර කොට ශාස්තෲන් වහන්සේ සමග, ප්‍රතිපත්ති ධර්ම රකිමින් එක්ව විසුහ.

කපිලමච‍්ඡවත්‍ථු පඨමං.