යෙදුමෙන් කියවන්න

5-10. සූකරපොතිකාවත්‍ථු අට‍්ඨකථා

5-10. සූකරපොතිකාවත්‍ථු

5-10. සූකර පෝතිකාවගේ කතා පුවත

යථාපි මූලෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො ගූථසූකරපොතිකං ආරබ‍්භ කථෙසි.

“යථාපිමුලෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී එක් අපවිත්‍ර ඌරු පැටියෙකු නිමිති කරගෙන දේශනා කළහ.

එකස‍්මිං කිර සමයෙ සත්‍ථා රාජගහං පිණ‍්ඩාය පවිසන‍්තො එකං සූකරපොතිකං දිස‍්වා සිතං පාත්‍වාකාසි. තස‍්ස සිතං කරොන‍්තස‍්ස මුඛවිවරනිග‍්ගතං දන‍්තොභාසමණ‍්ඩලං දිස‍්වා ආනන්‍දත්‍ථෙරො “කො නු ඛො, භන‍්තෙ, හෙතු සිතස‍්ස පාතුකම‍්මායා”ති සිතකාරණං පුච‍්ඡි. අථ නං සත්‍ථා ආහ – “පස‍්සසෙතං, ආනන්‍ද, සූකරපොතික”න‍්ති? “ආම, භන‍්තෙ”ති. එසා කකුසන්‍ධස‍්ස භගවතො සාසනෙ එකාය ආසනසාලාය සාමන‍්තා කුක‍්කුටී අහොසි. සා එකස‍්ස යොගාවචරස‍්ස විපස‍්සනාකම‍්මට‍්ඨානං සජ‍්ඣායන‍්තස‍්ස ධම‍්මඝොසං සුත්‍වා තතො චුතා රාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා උබ‍්බරී නාම රාජධීතා අහොසි. සා අපරභාගෙ සරීරවලඤ‍්ජට‍්ඨානං පවිට‍්ඨා පුළවකරාසිං දිස‍්වා තත්‍ථ පුළවකසඤ‍්ඤං උප‍්පාදෙත්‍වා පඨමං ඣානං පටිලභි. සා තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චුතා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති. තතො චවිත්‍වා පුන ගතිවසෙන ආලුලමානා ඉදානි සූකරයොනියං නිබ‍්බත‍්ති, ඉදං කාරණං දිස‍්වා මයා සිතං පාතුකතන‍්ති. තං සුත්‍වා ආනන්‍දත්‍ථෙරප‍්පමුඛා භික‍්ඛූ මහන‍්තං සංවෙගං පටිලභිංසු. සත්‍ථා තෙසං සංවෙගං උප‍්පාදෙත්‍වා භවතණ‍්හාය ආදීනවං පකාසෙන‍්තො අන‍්තරවීථියං ඨිතකොව ඉමා ගාථා අභාසි –

එක් දිනක් බුදුහු රජගහ නුවරට පිඩුපිණිස වැඩමවන විට එක් ඊරි පැටවෙක් දැක සිනා පහළ කළහ. උන්වහන්සේ සිනා පහළකරන විට ඇරුණ මුවින් නික්මුන දන්ත රශ්මිය දැක ආනන්ද තෙරුණුවෝ ස්වාමීනි සිනාවන්නේ කුමක් නිසාදැයි විමසුහ. බුදුරජාණන් වහන්සේ ආනන්ද මේ ඊරි පැටවා දෙස බලන්න. ආනන්ද මේ ඊරි පැටවා කකුසඳ බුද්ධකාලයේදී එක් ආසන ශාලාවක කිකිළියක වුවාය. ඇය එක් යෝගාවචර විපස්සනා කර්මස්ථාන සජ්‍ඣායනා කරන භික්ෂුවකගේ ඒ ධර්ම ඝෝෂාව අසා ඉන් චුතවුවා රජ කුලයක ඉපිද උබ්බරි නම් රාජ දුවණියක් වුවාය. ඇය පසු කලෙක වැසිකිළියක පණු රැළක් දැක එහි පණුවන් පිළිබඳ සංඥා උපදවා ප්‍රථම ධ්‍යාන ලැබුවාය. ඇය එහි දිවි ඇතිතාක් සිට එයින් චුතව බඹලොව ඉපදුනි. ඉන් චුතවී භවගති වශයෙන්, කම්පාකරමින් දැන් ඌරුයෝනියේ ඉපදුන මේ කරුණු දැක මම සිනා පහළකලෙමි. එය අසා ආනන්ද තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් මහත් සංවේගයට පත්වූවාහුය. බුදුහු ඔවුගේ සංවේගය උපදවා භවතෘෂ්ණාවේ ආදීනව ප්‍රකාශ කරමින් අතුරු වීථියේ සිටියදීම මේ ගාථාව ප්‍රකාශ කළහ.

හොඳහැටි වැඩී ඇත්නම් යම් ගසෙක මුල කැපුවත් යමෙක් යළි දළු ලා නැගෙති පල නැසුවේ නොමැතිනම් තන්හා ගසේ මුල යළි යළි ඉපිද දුක් ගෙන දෙයි සසර තුල

“යථාපි මූලෙ අනුපද‍්දවෙ දළ‍්හෙ, ඡින‍්නොපි රුක‍්ඛො පුනරෙව රූහති; එවම‍්පි තණ‍්හානුසයෙ අනූහතෙ, නිබ‍්බත‍්තතී දුක‍්ඛමිදං පුනප‍්පුනං.

1. ගසක මුදුනින් හා අතුවලින් සිඳ දැම්මත් මුල නිරුපද්‍රිතව තිබේනම් යළි වැඩෙන්නා සේ තෘණ අනුසය නොනැසු කල යළි වැඩේ.

“යස‍්ස ඡත‍්තිංසති සොතා, මනාපසවනා භුසා; මහාවහන‍්ති දුද‍්දිට‍්ඨිං, සඞ‍්කප‍්පා රාගනිස‍්සිතා.

2. ශ්‍රෝතස් සතියක් ඇති මන වඩන රූපාදියෙහි හටගන්නා වූ තෘෂ්ණාව බලවත් වේද, නුවණ නැති ඔහුගේ රාග නිඃශ්‍රිත සංකල්පයෝ, විතර්කයෝ බලවත්ව අපායට පමුණුවයි.

“සවන‍්ති සබ‍්බධි සොතා, ලතා උප‍්පජ‍්ජ තිට‍්ඨති; තඤ‍්ච දිස‍්වා ලතං ජාතං, මූලං පඤ‍්ඤාය ඡින්‍දථ.

3. තෘණ නමැති සැඩ වතුර හැම තැනම ගලයි. තෘණ නමැති ලතාව සදොරින් මතු වී සිටී. එසේ හටගන්නා වූ තෘණ ලතාව දැක එහි මුල සිඳිය යුතුයි.

“සරිතානි සිනෙහිතානි ච, සොමනස‍්සානි හොන‍්ති ජන‍්තුනො; තෙ සාතසිතා සුඛෙසිනො, තෙ වෙ ජාතිජරූපගා නරා.

4. රූපාදී අරමුණුවල ගලාගිය ආශාවෙන් තෙත් වු, සොම්නස් වේදනා වෙත්. ඔහු සැප සොයන්නෝ වෙති. එබඳු සත්වයෝ ජාතියට හා ජරාවට පැමිණෙන්නෝ වෙති.

“තසිණාය පුරක‍්ඛතා පජා, පරිසප‍්පන‍්ති සසොව බන්‍ධිතො; සංයොජනසඞ‍්ගසත‍්තකා, දුක‍්ඛමුපෙන‍්ති පුනප‍්පුනං චිරාය.

5. තණ්හාවෙන් පිරිවරන ලද සත්ත්වයෝ බඳිනා ලද සාවෙකු මෙන් බිය වෙති. රාගාදී සත් සංයෝගයන්ගෙන් ද, දස සංයෝජනයන්ගෙන්ද බැඳුනු සත්ත්වයෝ නැවත නැවත දුකට පත්වෙති.

“තසිණාය පුරක‍්ඛතා පජා, පරිසප‍්පන‍්ති සසොව බන්‍ධිතො; තස‍්මා තසිණං විනොදයෙ, ආකඞ‍්ඛන‍්ත විරාගමත‍්තනො”ති.

6. එහෙයින් නිවන කැමති වන භික්ෂුව තණ්හාව දුරු කළ යුතුය.

තත්‍ථ මූලෙති යස‍්ස රුක‍්ඛස‍්ස චතූසු දිසාසු චතුධා හෙට‍්ඨා ච උජුකමෙව ගතෙ පඤ‍්චවිධමූලෙ ඡෙදනඵාලනපාචනවිජ‍්ඣනාදීනං කෙනචි උපද‍්දවෙන අනුපද‍්දවෙ ථිරපත‍්තතාය දළ‍්හෙ සො රුක‍්ඛො උපරිච‍්ඡින‍්නොපි සාඛානං වසෙන පුනදෙව රූහති, එවමෙව ඡද‍්වාරිකාය තණ‍්හාය අනුසයෙ අරහත‍්තමග‍්ගඤාණෙන අනුහතෙ අසමුච‍්ඡින‍්නෙ තස‍්මිං තස‍්මිං භවෙ ජාතිආදිභෙදං ඉදං දුක‍්ඛං පුනප‍්පුනං නිබ‍්බත‍්තතියෙවාති අත්‍ථො.

එහි මුලෙ යම්කිසි ගසක සතර දිසාවෙහි සතරක්ද. ඍජුව යටට ගිය මුලක් දැයි පවත්නා පස්වර්ගයේ මුල් කැපීම කෙටීම, ගිනි තැබීම, උදුරා දැමීම, ආදී යම්කිසි උපද්‍රවයකින්, අනුපද්දවෙ, උවදුරක් නොවූ විට, “දළෙහ සොරුකෙබා” - ඒ රුක නැවත දැඩිවශයෙන්, අතු ඉති රිකිලි වශයෙන් පුනදෙව රූහති නැවත වැඩේ. මෙසේ සදොරෙහි උපදින්නා වු තෘෂ්ණාව අනුසයෙ - අර්හත් මාර්ග ඤාණයෙන් අනුහතෙ - මුලින් උදුරා නො දැමුවිට ඒ ඒ භවයන්හි උත්පත්ති ආදියට ගොදුරුවේ. ඉදං දුක්ඛං පුනප්පනං නිබ්බන්ති - මේ ජරා මරණාදී දුක් නැවත නැවත උපදී යන අර්ථයි.

යස‍්සාති යස‍්ස පුග‍්ගලස‍්ස “ඉති අජ‍්ඣත‍්තිකස‍්සූපාදාය අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි බාහිරස‍්සූපාදාය අට‍්ඨාරස තණ‍්හාවිචරිතානී”ති ඉමෙසං තණ‍්හාවිචරිතානං වසෙන ඡත‍්තිංසතියා සොතෙහි සමන‍්නාගතා මනාපෙසු රූපාදීසු ආසවති පවත‍්තතීති මනාපසවනා තණ‍්හා භුසා බලවතී හොති, තං පුග‍්ගලං විපන‍්නඤාණතාය දුද‍්දිට‍්ඨිං පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො මහන‍්තභාවෙන මහා හුත්‍වා ඣානං වා විපස‍්සනං වා අනිස‍්සාය රාගනිස‍්සිතා සඞ‍්කප‍්පා වහන‍්තීති අත්‍ථො.

“යස්සා” යම් පුද්ගලයකුගේ අධ්‍යාත්මයෙහි උපදින්නා වූ අටළොස් තෘෂ්ණ සිතිවිලිවලින් ද සතියක් වූ තණ්හා හැසිරවීම්වලින් සමන්විත වේ. සිත් ඇදගන්නා වූ රූපාදීයෙහි පවතීයි. ගලා බසියි මනාපස්සවණා යනුවේ. තණ්හාව භුසා බලවත් වේ. ඒ පුද්ගලයාගේ විපරීත වු ඤාණය දුද්දිටඨං යනුවේ. නැවත නැවත ඉපදීම් වසයෙන් මහත්බැවින්, වහා ධ්‍යාන හෝ විදර්ශනා හෝ ඇසුරු නොකරමින් රාගනිසසිතා සඞකප්පා වහනතී. රාග නිශ්‍රිත වූ සංකල්පයන් උසුලමින් ජීවත් වේ යන අර්ථයි.

සවන‍්ති සබ‍්බධි සොතාති ඉමෙ තණ‍්හාසොතා චක‍්ඛුද‍්වාරාදීනං වසෙන සබ‍්බෙසු රූපාදීසු ආරම‍්මණෙසු සවනතො, සබ‍්බාපි රූපතණ‍්හා…පෙ… ධම‍්මතණ‍්හාති සබ‍්බභවෙසු වා සවනතො සබ‍්බධි සවන‍්ති නාම. ලතාති පලිවෙඨනට‍්ඨෙන සංසිබ‍්බනට‍්ඨෙන ච ලතා වියාති ලතා. උප‍්පජ‍්ජ තිට‍්ඨතීති ඡහි ද‍්වාරෙහි උප‍්පජ‍්ජිත්‍වා රූපාදීසු ආරම‍්මණෙසු තිට‍්ඨති. තඤ‍්ච දිස‍්වාති තං පන තණ‍්හාලතං “එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජතී”ති ජාතට‍්ඨානවසෙන දිස‍්වා. පඤ‍්ඤායාති සත්‍ථෙන වනෙ ජාතං ලතං විය මග‍්ගපඤ‍්ඤාය මූලෙ ඡින්‍දථාති අත්‍ථො.

සවන්ති සබ්බධී සොතානි. මේ තණ්හා නමැති දිය පහර චක්ද්වාරය ආදී වසයෙන් සියලු රූපාදී ආරම්මණයන්හි යෙදී රූප තණ්හා - පෙ - භවතණ්හා ආදියෙන් සියලු භවයන්හි දුක්විඳින්නේය. ලතා - යනු වෙළෙන අර්ථයෙන්ද එකට එකතු කිරිමේ අර්ථයෙන් ද ලතා (මාළුවා) වැල මෙනි. උහිජ්ජ තිටඨතීති - සදොරින් උපන් රූපාදී අරමුණු කෙරෙහි පවතී. තච දිස්වා - යනු ඒ තෘෂ්ණ නමැති ලතාව “එත්ථසා තණහා උප්පජ්ජමානා උප්පජ්ජතී” ආදී වසයෙන් උපත් ස්ථාන වසයෙන් දැන. පඤ්ඤායා කැලයෙහි උපන්නා වූ වැලක් ආයුධයකින් සිදදමන්නාක් මෙන් මාර්ග ප්‍රඥාවෙන් තෘෂ්ණා මුල ජින්දථ - සිඳිය යුතුය යන අර්ථයි.

සරිතානීති අනුසටානි පයාතානි. සිනෙහිතානීති චීවරාදීසු පවත‍්තසිනෙහවසෙන සිනෙහිතානි ච, තණ‍්හාසිනෙහමක‍්ඛිතානීති අත්‍ථො. සොමනස‍්සානීති තණ‍්හාවසිකස‍්ස ජන‍්තුනො එවරූපානි සොමනස‍්සානි භවන‍්ති. තෙ සාතසිතාති තෙ තණ‍්හාවසිකා පුග‍්ගලා සාතනිස‍්සිතා සුඛනිස‍්සිතා ච හුත්‍වා සුඛෙසිනො සුඛපරියෙසිනො භවන‍්ති. තෙ වෙති යෙ එවරූපා නරා, තෙ ජාතිජරාබ්‍යාධිමරණානි උපගච‍්ඡන‍්තියෙවාති ජාතිජරූපගා නාම හොන‍්ති. පජාති ඉමෙ සත‍්තා තාසකරණෙන තසිණාති සඞ‍්ඛ්‍යං ගතාය තණ‍්හාය පුරක‍්ඛතා පරිවාරිතා හුත්‍වා.

සරිතානි යනු විසුරුවා යවන ලද සිනෙහිතානි. සිවුරු පිරිකර ආදිය පිළිබඳව පවත්නා ස්නේහය, තෘෂ්ණා ඉවත දැමිය යුතුය යන අර්ථයි. සොමනස්සානි - තෘෂ්ණාවෙන් දුරුවු සත්ත්වයන්ට මෙවැනි වූ සොම්නසක් ඇති වේ. තෙ සාතසිතානි - ඒ තෘෂ්ණා වශී වූ පුද්ගලයෝ සැප කැමති වී සුව සොයන්නෝ වෙති. තෙවෙ යනු යම් මෙබඳු වූ මිනිස්සු ජාති ජරා ව්‍යාධි මරණ ආදියට පැමිණෙත්. ජාති ජරූපගා නම් වේ. පජා යනු මේ සත්ත්වයෝ ඌර්ණ සංඛ්‍යාවට ගියාහු තෘෂ්ණාවෙන්, පුරක්ඛතො, අභිමුඛ පිරිවර වී,

බන්‍ධිතොති ලුද‍්දෙන අරඤ‍්ඤෙ බද‍්ධො සසො විය පරිසප‍්පන‍්ති භායන‍්ති. සංයොජනසඞ‍්ගසත‍්තකාති දසවිධෙන සංයොජනසඞ‍්ගෙන චෙව සත‍්තවිධෙන රාගසඞ‍්ගාදිනා ච සත‍්තා බද‍්ධා තස‍්මිං වා ලග‍්ගා හුත්‍වා. චිරායාති චිරං දීඝමද‍්ධානං පුනප‍්පුනං ජාතිආදිකං දුක‍්ඛං උපගච‍්ඡන‍්තීති අත්‍ථො. තස‍්මාති යස‍්මා තසිණාය පුරක‍්ඛතා පලිවෙඨිතා සත‍්තා, තස‍්මා අත‍්තනො විරාගං රාගාදිවිගමං නිබ‍්බානං පත්‍ථෙන‍්තො ආකඞ‍්කමානො භික‍්ඛු අරහත‍්තමග‍්ගෙනෙතං තසිණං විනොදයෙ පනුදිත්‍වා නීහරිත්‍වා ඡඩ‍්ඩෙය්‍යාති අත්‍ථො.

බාධිතො යනු වැද්දෙකු විසින් වනයේ බඳින ලද සසො විය සාවෙකු මෙන්, පරිසප්පනති - බිය වෙත සංයෝජන සඟසත්තා යනු දසවිධ සංයෝජනයන් ගෙන්ද, සප්තවිධ රාගාදී බැඳුම් වලින් ද, සත්ත්වයන් බැඳී එහි ලැගුම් ගෙන, චිරායාති දීර්ඝ කාලයක් නැවත නැවත ජාති ආදී දුක්ඛයන්ට පැමිණෙත් යන අර්ථයි. තමා එහෙයින් තෘෂ්ණාව පෙරදැරි කරගෙන එයින් පෙළෙන සත්ත්වයෝ අත්තනො විරාගං රාගාදියෙන් විතැන් වූ නිවන ප්‍රාර්ථනා කරන්නා වූ නිවන කැමැත්ත වූ භික්ඛු භික්ෂුහු අරහත්මගින් එහි පැමිණීමට කසිණං විනොදයෙ - තෘෂ්ණාව බැහැර කළ යුතුය. ඉවත දැමිය යුතුය - යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු.

දේශනාවසානයේ බොහෝදෙන සෝවාන් ආදී ඵලවල පිහිටියාහුය.

සාපි ඛො සූකරපොතිකා තතො චවිත්‍වා සුවණ‍්ණභූමියං රාජකුලෙ නිබ‍්බත‍්ති, තතො චුතා බාරාණසියං, තතො චුතා සුප‍්පාරකපට‍්ටනෙ අස‍්සවාණිජගෙහෙ නිබ‍්බත‍්ති, තතො චුතා කාවීරපට‍්ටනෙ නාවිකස‍්ස ගෙහෙ නිබ‍්බත‍්ති, තතො චුතා අනුරාධපුරෙ ඉස‍්සරකුලගෙහෙ නිබ‍්බත‍්ති, තතො චුතා තස‍්සෙව දක‍්ඛිණදිසාය භොක‍්කන‍්තගාමෙ සුමනස‍්ස නාම කුටුම‍්බිකස‍්ස ධීතා නාමෙන සුමනා එව හුත්‍වා නිබ‍්බත‍්ති. අථස‍්සා පිතා තස‍්මිං ගාමෙ ඡඩ‍්ඩිතෙ දීඝවාපිරට‍්ඨං ගන‍්ත්‍වා මහාමුනිගාමෙ නාම වසි. තත්‍ථ නං දුට‍්ඨගාමණිරඤ‍්ඤො අමච‍්චො ලකුණ‍්ඩකඅතිම‍්බරො නාම කෙනචිදෙව කරණීයෙන ගතො දිස‍්වා මහන‍්තං මඞ‍්ගලං කත්‍වා ආදාය මහාපුණ‍්ණගාමං ගතො. අථ නං කොටිපබ‍්බතමහාවිහාරවාසී මහාඅනුරුද‍්ධත්‍ථෙරො නාම තත්‍ථ පිණ‍්ඩාය චරිත්‍වා තස‍්සා ගෙහද‍්වාරෙ ඨිතො දිස‍්වා භික‍්ඛූහි සද‍්ධිං කථෙසි, “ආවුසො, සූකරපොතිකා නාම ලකුණ‍්ඩකඅතිම‍්බරමහාමත‍්තස‍්ස භරියභාවං පත‍්තා, අහො අච‍්ඡරිය”න‍්ති. සා තං කථං සුත්‍වා අතීතභවෙ උග‍්ඝාටෙත්‍වා ජාතිස‍්සරඤාණං පටිලභි. තඞ‍්ඛණඤ‍්ඤෙව උප‍්පන‍්නසංවෙගා සාමිකං යාචිත්‍වා මහන‍්තෙන ඉස‍්සරියෙන පඤ‍්චබලකත්‍ථෙරීනං සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තිස‍්සමහාවිහාරෙ මහාසතිපට‍්ඨානසුත‍්තකථං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. පච‍්ඡා දමිළමද‍්දනෙ කතෙ ඤාතීනං වසනට‍්ඨානං භොක‍්කන‍්තගාමමෙව ගන‍්ත්‍වා තත්‍ථ වසන‍්තී කල‍්ලමහාවිහාරෙ ආසීවිසොපමසුත‍්තන‍්තං සුත්‍වා අරහත‍්තං පාපුණි.

එම ඊරි පැටියා එම අත්බැවින් චුත වී ස්වර්ණ භූමියේ රාජකුලයෙහි ඉපදී, එයින් චුතවැ, බරණැස් නුවර ඉපිද, එයින් චුත වී සුප්පාරක පටුනෙහි අස් වෙළෙඳකුගේ ගෙදර ඉපදුනේය. එයින් චුතවී ව කාවීර පටුනෙහි ගම්පතියකුගේ ගෙදර දුවක්ව ඉන් චුතව අනුරාධපුරයේ ධනවත් නිවසකද උපනි. ඉන් චුතවී දක්‍ෂිණ දේශයේ ලක්දිව “භොක්කන්ත” නම් ගම සුමන නම් කෙළඹියාගේ සුමනා නමින් දියණියක්ව ඉපදුනි. අනතුරුව ඇගේ පියා එම ගමින් පිටකළ විට දිසාවාපි ප්‍රදේශයට ගොස් මහාමුනි නම් ගමේ වාසය කළාය. එහිදී දුටුගැමුණු මහරජුගේ ඇමති ලකුණ්ටක අකිම්බරු කිසියම් කාර්යක් සඳහා එහි ගියේ ඇය දැක මහත් මංගල උත්සව කර ඇය කැඳවා මහා පුණ්ණ ගමට ගියේ එහිදී කෝටි පබ්බත මහා විහාරවාසී මහා අනුරුද්ධ තෙරුන් එහි පිඬු පිණිස හැසිරෙමින් ඇගේ ගෙදොර සිටිනු ඇය දැක භික්ෂූන් සමග මෙසේ පැවසුහ. ඇවැත්නි හීරිපැටියා ගෝඨයිම්බර ඇමතිගේ බිරිඳ වී පැමිණ සිටී අහෝ ආශ්චර්යයකි. ඕ තොමෝ මේ කථාව අසා ඒ අතීත භවය ජාති ස්වරණ ඥාණය ලැබුවාය. ඒ අවස්ථාවේ ඇති වූ සංවේගයෙන් ස්වාමියාට කියා මහත් ඉසුරින් පංචබලිත තෙරණියන් වෙත පැවිදිව තිස්ස මහා විහාරයේ මහා සතිපට්ඨාන සුත්‍ර දේශනාව අසා සෝවාන් ඵලයට පත්වූවාය. පසුව දෙමළ මර්දනය කළ පසු මවු පියන්ගේ වසන ගොත්තන්ත ගමට ගොස් එහි වාසය කරන්නී කලලක විහාරයෙ මහා විශෝපම සුත්‍රය අසා අර්හත් බවට පත් වුවාය.

සා පරිනිබ‍්බානදිවසෙ භික‍්ඛුභික‍්ඛුනීහි පුච‍්ඡිතා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස සබ‍්බං ඉමං පවත‍්තිං නිරන‍්තරං කථෙත්‍වා සන‍්නිපතිතස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ මණ‍්ඩලාරාමවාසිනා ධම‍්මපදභාණකමහාතිස‍්සත්‍ථෙරෙන සද‍්ධිං සංසන්‍දිත්‍වා “අහං පුබ‍්බෙ මනුස‍්සයොනියං නිබ‍්බත‍්තිත්‍වා තතො චුතා කුක‍්කුටී හුත්‍වා තත්‍ථ සෙනස‍්ස සන‍්තිකා සීසච‍්ඡෙදං පත්‍වා රාජගහෙ නිබ‍්බත‍්තා, පරිබ‍්බාජිකාසු පබ‍්බජිත්‍වා පඨමජ‍්ඣානභූමියං නිබ‍්බත‍්තිත්‍වා තතො චුතා සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තා නචිරස‍්සෙව චවිත්‍වා සූකරයොනිං ගන‍්ත්‍වා තතො චුතා සුවණ‍්ණභූමිං, තතො චුතා බාරාණසිං, තතො චුතා සුප‍්පාරකපට‍්ටනං, තතො චුතා කාවීරපට‍්ටනං, තතො චුතා අනුරාධපුරං, තතො චුතා භොක‍්කන‍්තගාම”න‍්ති එවං සමවිසමෙ තෙරස අත‍්තභාවෙ පත්‍වා “ඉදානි උක‍්කණ‍්ඨිත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තං පත‍්තා, සබ‍්බෙපි අප‍්පමාදෙන සම‍්පාදෙථා”ති වත්‍වා චතස‍්සො පරිසා සංවෙජෙත්‍වා පරිනිබ‍්බායීති.

ඇය පිරිනිවන් පෑ දින භික්ෂු භික්ෂුනීන් විසින් විමසන ලදුව භික්ෂුණින් වෙත සියළු ප්‍රවෘත්තිය නිතර කියා රැස්වු භික්ෂු සංඝයා මැද මණ්ඩලරාමවාසී ධම්ම පද භාණක මහානිකාය තෙරුන් සමග සංසන්දනය කර මම මුලදී මිනිස් අත්බැවින් චුතව කිකිළියක් වී උකුස්සෙක් සීසරෙජදන කර රජගහ නුවර ඉපිද පරිබ්බ්‍රාජිකාවන් අතර පැවිදිවී පඨමජ්‍ඣාන ඇතිකරගෙන ඉන් චුතව සිටුකුලයේද අනතුරුව ඌර පෝතිකාවත් ඉන් අනතුරුව ස්වර්ණ භූමියේද ඉන්පසු බරණැසද ඉන් අනතුරුව සුප්පාරක පටුනේ ද පසුව කාවීර පටුනේද අනතුරුව අනුරාධ පුරයේද ඉන්පසු ගොකන්නක ගමේද මෙලෙස සම විෂම ආත්මභාව දහතුනක් ඉපදී කලකිරිනු බවත් සියල්ලෝ අප්‍රමාදීව කටයුතු කළ යුතු බව කියා සිව් පිරිස සංවේගයට පත්කර පරිනිවන් පෑවාය.

සූකරපොතිකාවත්‍ථු දුතියං.