යෙදුමෙන් කියවන්න

11. විබ‍්භන‍්තභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

11. විබ‍්භන‍්තභික‍්ඛුවත්‍ථු

11. සිවුරු හළ කෙනෙකු පිළිබඳ කථා පුවත

යො නිබ‍්බනථොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො එකං විබ‍්භන‍්තකං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි.

යො නිබ්බණථොති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී සිවුරු හළ කෙනෙක් නිමිති කරගෙන දේශනා කළහ.

එකො කිර මහාකස‍්සපත්‍ථෙරස‍්ස සද‍්ධිවිහාරිකො හුත්‍වා චත‍්තාරි ඣානානි උප‍්පාදෙත්‍වාපි අත‍්තනො මාතුලස‍්ස සුවණ‍්ණකාරස‍්ස ගෙහෙ විසභාගාරම‍්මණං දිස‍්වා තත්‍ථ පටිබද‍්ධචිත‍්තො විබ‍්භමි. අථ නං මනුස‍්සා අලසභාවෙන කම‍්මං කාතුං අනිච‍්ඡන‍්තං ගෙහා නීහරිංසු. සො පාපමිත‍්තසංසග‍්ගෙන චොරකම‍්මෙන ජීවිකං කප‍්පෙන‍්තො විචරි. අථ නං එකදිවසං ගහෙත්‍වා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා චතුක‍්කෙ චතුක‍්කෙ කසාහි තාළෙන‍්තා ආඝාතනං නයිංසු. ථෙරො පිණ‍්ඩාය චරිතුං පවිසන‍්තො තං දක‍්ඛිණෙන ද‍්වාරෙන නීහරියමානං දිස‍්වා බන්‍ධනං සිථිලං කාරෙත්‍වා “පුබ‍්බෙ තයා පරිචිතකම‍්මට‍්ඨානං පුන ආවජ‍්ජෙහී”ති ආහ. සො තෙන ඔවාදෙන සතුප‍්පාදං ලභිත්‍වා පුන චතුත්‍ථජ‍්ඣානං නිබ‍්බත‍්තෙසි. අථ නං “ආඝාතනං නෙත්‍වා ඝාතෙස‍්සාමා”ති සූලෙ උත‍්තාසෙසුං. සො න භායති න සන‍්තසති. අථස‍්ස තස‍්මිං තස‍්මිං දිසාභාගෙ ඨිතා මනුස‍්සා අසිසත‍්තිතොමරාදීනි ආවුධානි උක‍්ඛිපිත්‍වාපි තං අසන‍්තසන‍්තමෙව දිස‍්වා “පස‍්සථ, භො, ඉමං පුරිසං, අනෙකසතානඤ‍්හි ආවුධහත්‍ථානං පුරිසානං මජ‍්ඣෙ නෙව ඡම‍්භති න වෙධති, අහො අච‍්ඡරිය”න‍්ති අච‍්ඡරියබ‍්භුතජාතා මහානාදං නදිත්‍වා රඤ‍්ඤො තං පවත‍්තිං ආරොචෙසුං. රාජා තං කාරණං සුත්‍වා “විස‍්සජ‍්ජෙථ න”න‍්ති ආහ. සත්‍ථු සන‍්තිකම‍්පි ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචයිංසු. සත්‍ථා ඔභාසං ඵරිත්‍වා තස‍්ස ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

මහා කාශ්‍යප තෙරුන්ගේ එක් සද්ධි විහාරික භික්ෂුවක් වී ධ්‍යාන සතර උපදවා, තමන්ගේ මාමා වූ රන්කරුවෙකුගේ නිවසේ විෂභාග රූපයක් දැක එහි බැඳුන සිත් ඇත්තේ උපැවිදි වුයේය. අනතුරුව මිනිස්සු අලස බැවින් කටයුතු කිරීමට නොකමැතිව ගෙයින් බැහැර කළහ. ඔහු පවිටු මිත්‍ර ඇසුරින් සොරකමින් දිවි ගෙවමින් හැසුරුනි. අනතුරුව ඔහු එක් දිනක් අල්ලාගෙන අත් පසුපසට තබා දැඩිසේ බැඳ කස පහරින් තලමින් ඝාතනය කරන තැනට ගෙන ගියහ. තෙරුන් පිණ්ඩපාතයේ යාමට පිවිසෙන්නේ ඔහු දකුණු දොරටුවෙන් ගෙනයනු බලා බන්ධනය ලිහිල්කර පෙර ඔබ විසින් පුරුදු කළ කර්මස්ථානය යළි සිහි කරන්නැයි පැවසුවේය. ඔහු එම අවවාදයෙන් සිහිය ලබා නැවත චතුර්ථ ධ්‍යානය ඉපිදවීය. අනතුරුව ඝාතනය කරන තැනට ගෙනගොස් ඝාතනය කරමුයි උල (හෙල්ල) එසවුහ ඔහු බියෙන් ත්‍රස්ත නොවීය. අනතුරුව ඔහුගේ සතර පැත්තෙන්ම සිටි මිනිස්සු කඩු. කිණිසි තෝමර ආදී ආයුධ උස්සා සිටියද ඔහු බියට පත් නොවීය. ඉක්බිතිව එහි රැස්ව සිටි මිනිස්සු මොහු බලන්න නොයෙක් සිය ගණන් ආයුධගත් අන්තූති පුරුෂයන් මැද ඇති නොගනී. නො සැලේ කම්පා නොවේ. ආශ්චර්යකි. අද්භූත දෙයකි මෙසේ මහා ශබ්ද කර කෑගසා රජුට මේ පුවත දැනුම් දුන්හ. රජු මේ කරුණ අසා ඔහු මුදවා හරින්නැයි පැවසුවේ. බුදුන් හමුවටද ගොස් එම කරුණ දැනුම් දුන්නේය. බුදුහු ආලෝකයක් පතුරුවා ඔහුට ධර්ම දේශනා කරන්නට මේ ගාථාව පැවසුහ.

“යො නිබ‍්බනථො වනාධිමුත‍්තො, වනමුත‍්තො වනමෙව ධාවති; තං පුග‍්ගලමෙථ පස‍්සථ, මුත‍්තො බන්‍ධනමෙව ධාවතී”ති.

ගිහි සැපත් අතැර දා යමෙක් ඉන් මිදීලා තවුස් දම් රැකියමුත් වනයෙහිම ඇලීලා ඔහු එයින් වෙනස් වී කම් සුවෙහි ගිලීලා යළිත් ගිහිගෙට යයිද ආසාවෙ බැදීලා

තස‍්සත්‍ථො – යො පුග‍්ගලො ගිහිභාවෙ ආලයසඞ‍්ඛාතං වනථං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතතාය නිබ‍්බනථො දිබ‍්බවිහාරසඞ‍්ඛාතෙ තපොවනෙ අධිමුත‍්තො ඝරාවාසබන්‍ධනසඞ‍්ඛාතා තණ‍්හාවනා මුත‍්තො හුත්‍වා පුන ඝරාවාසබන්‍ධනසඞ‍්ඛාතං තණ‍්හාවනමෙව ධාවති, එථ තං පුග‍්ගලං පස‍්සථ, එසො ඝරාවාසබන්‍ධනතො මුත‍්තො ඝරාවාසබන්‍ධනමෙව ධාවතීති.

එහි අර්ථය :- යො යම් පුද්ගලයෙක් ගිහි බවෙහි ආලය සංඛ්‍යාත වු වනය අත්හැර පැවිදී වී, නිබ්බාණථො දිවා විහාර සංඛ්‍යාත තපසෙහි ඇලුණේ, අධිමුතෙතා - ගෘහවාසය සම්බන්ධ වූ තණ්හාවෙන් මුතෙතා මිදී නැවත ඔහු ගෘහවාස බන්ධනයටම ගිහිගෙය නමැති වනයටම ගියේද එථනං පුග්ගලං පස්සථ පැමිණෙව් මේ පුද්ගලයා බලව්.

ඉමං පන දෙසනං සුත්‍වා සො රාජපුරිසානං අන‍්තරෙ සූලග‍්ගෙ නිසින‍්නොව උදයබ‍්බයං පට‍්ඨපෙත්‍වා තිලක‍්ඛණං ආරොපෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො සොතාපත‍්තිඵලං පත්‍වා සමාපත‍්තිසුඛං අනුභවන‍්තො වෙහාසං උප‍්පතිත්‍වා ආකාසෙනෙව සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා සරාජිකාය පරිසාය මජ‍්ඣෙයෙව අරහත‍්තං පාපුණීති.

හෙතෙම මේ ධර්ම දේශනාව අසා ඒ රාජ පුරුෂයන් විසින් ඔහුව උල හිටවුවද ඒ උල අග සිටගෙනම උදයව්‍යය භාවනාවෙහි පිහිටා තිලකුණු මෙනෙහි කොට සංස්කාරයන් සම්මර්ශනය කරන්නේ සෝවාන් පෙලෙහි පිහිටා සමවත් සුව අනුභව කරමින් අහසට නැගී අහසින්ම ශාස්තෲන් සමීපයට ගොස් බුදුන් වැඳ රජුන් සහිත පිරිස් මැද රහත් බවට පැමිණියහ.

විබ‍්භන‍්තභික‍්ඛුවත්‍ථු තතියං.