12-13. බන්ධනාගාරවත්ථු අට්ඨකථා
12-13. බන්ධනාගාරවත්ථු
12-13. බන්ධනාගාරය පිළිබඳ කථා පුවත
න තං දළ්හන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො බන්ධනාගාරං ආරබ්භ කථෙසි.
“නතං දළහන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටියදී සිරගෙයක් පිළිබඳව දේශනා කළහ.
එකස්මිං කිර කාලෙ බහූ සන්ධිච්ඡෙදකපන්ථඝාතකමනුස්සඝාතකෙ චොරෙ ආනෙත්වා කොසලරඤ්ඤො දස්සයිංසු. තෙ රාජා අන්දුබන්ධනරජ්ජුබන්ධනසඞ්ඛලිකබන්ධනෙහි බන්ධාපෙසි. තිංසමත්තාපි ඛො ජානපදා භික්ඛූ සත්ථාරං දට්ඨුකාමා ආගන්ත්වා දිස්වා වන්දිත්වා පුනදිවසෙ සාවත්ථිං පිණ්ඩාය චරන්තා බන්ධනාගාරං ගන්ත්වා තෙ චොරෙ දිස්වා පිණ්ඩපාතපටික්කන්තා සායන්හසමයෙ තථාගතං උපසඞ්කමිත්වා, “භන්තෙ, අජ්ජ අම්හෙහි පිණ්ඩාය චරන්තෙහි බන්ධනාගාරෙ බහූ චොරා අන්දුබන්ධනාදීහි බද්ධා මහාදුක්ඛං අනුභවන්තා දිට්ඨා, තෙ තානි බන්ධනානි ඡින්දිත්වා පලායිතුං න සක්කොන්ති, අත්ථි නු ඛො, භන්තෙ, තෙහි බන්ධනෙහි ථිරතරං අඤ්ඤං බන්ධනං නාමා”ති පුච්ඡිංසු. සත්ථා, “භික්ඛවෙ, කිං බන්ධනානි නාමෙතානි, යං පනෙතං ධනධඤ්ඤපුත්තදාරාදීසු තණ්හාසඞ්ඛාතං කිලෙසබන්ධනං, එතං එතෙහි සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන ථිරතරං, එවං මහන්තම්පි පනෙතං දුච්ඡින්දනියං බන්ධනං පොරාණකපණ්ඩිතා ඡින්දිත්වා හිමවන්තං පවිසිත්වා පබ්බජිංසූ”ති වත්වා අතීතං ආහරි –
එක් කලෙක බොහෝ ගෙවල් බිඳින අතර මගදී මිනිසුන් ඝාතනය කරන මිනීමරු සොරුන් ගෙනවුත් කොසොල් රජුට පෙන්වූහ. ඔවුන් රජු විසින් දම්වැල්වලින් බැඳ රැහැන් බන්ධන මාංචු බන්ධන ආදියෙන් බැඳවීය. සියළු ජන පදවලින් භික්ෂූන් වහන්සේලා බුදුන් දකිනු කැමතිව අවුත් වැඳ දෙවන දින සැවැත්නුවර පිඩුපිණිස හැසිරෙන අතර සිරගෙට ගොස් එම සොරුන් දැක පිණ්ඩපාතයෙන් පසු සවස බුදුන්වෙත එළඹ ස්වාමීනි අද අපි පිඩුසිඟා වඩින අතර සිරගෙයි සොරු දම්වැල් ආදියෙන් බැඳ මහදුක් විඳින අයුරු දිටිමු. පළායාමට නොහැකි මේ බැඳුම්වලට වඩා ස්ථිරසාර වෙනත් බැඳුම් ඇත්ද ස්වාමීනියි විමසුහ. මහණෙනි මේ බන්ධන මොනවාද යමෙකුට ධන ධාන්‍ය අඹුදරුවන් පිළිබඳ තණ්හා කෙලෙස් බන්ධන මේ බැඳුම්වලට වඩා සියදහස් ගුණයෙන් ස්ථිරසාර වේ. මේ මහත් බන්ධනවලින් මිදුන පෙර පඩිවරු හිමවතට පිවිස පැවිදි වුනයි පවසා අතීතය ගෙන හැර දැක්වුහ -
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො එකස්මිං දුග්ගතගහපතිකුලෙ නිබ්බත්ති. තස්ස වයප්පත්තස්ස පිතා කාලමකාසි. සො භතිං කත්වා මාතරං පොසෙසි. අථස්ස මාතා අනිච්ඡමානස්සෙව එකං කුලධීතරං ගෙහෙ කත්වා අපරභාගෙ කාලමකාසි. භරියායපිස්ස කුච්ඡියං ගබ්භො පතිට්ඨහි. සො ගබ්භස්ස පතිට්ඨිතභාවං අජානන්තොව, “භද්දෙ, ත්වං භතිං කත්වා ජීව, අහං පබ්බජිස්සාමී”ති ආහ. “සාමි, නනු ගබ්භො මෙ පතිට්ඨිතො, මයි විජාතාය දාරකං දිස්වා පබ්බජිස්සසී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තස්සා විජාතකාලෙ, “භද්දෙ, ත්වං සොත්ථිනා විජාතා, ඉදානි අහං පබ්බජිස්සාමී”ති ආපුච්ඡි. අථ නං සා “පුත්තස්ස තාව ථනපානතො අපගමනකාලං ආගමෙහී”ති වත්වා පුන ගබ්භං ගණ්හි. සො චින්තෙසි – “ඉමං සම්පටිච්ඡාපෙත්වා ගන්තුං න සක්කා, ඉමිස්සා අනාචික්ඛිත්වාව පලායිත්වා පබ්බජිස්සාමී”ති. සො තස්සා අනාචික්ඛිත්වාව රත්තිභාගෙ උට්ඨාය පලායි. අථ නං නගරගුත්තිකා අග්ගහෙසුං. සො “අහං, සාමි, මාතුපොසකො නාම, විස්සජ්ජෙථ ම”න්ති අත්තානං විස්සජ්ජාපෙත්වා එකස්මිං ඨානෙ වසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අභිඤ්ඤාසමාපත්තියො ලභිත්වා ඣානකීළාය කීළන්තො විහාසි. සො තත්ථ වසන්තොයෙව “එවරූපම්පි නාම මෙ දුච්ඡින්දනියං පුත්තදාරබන්ධනං කිලෙසබන්ධනං ඡින්න”න්ති ඉමං උදානං උදානෙසි.
පෙර බරණැස බ්‍රහ්මදත්ත රජු රජ කරන අතර බෝසත්තුමා එක් දුගී නිවසක ඉපදුණි. ඔහු වයසට පැමිණෙන අතර පියා කළුරිය කළේය. ඔහු බැලමෙහෙවරකර මව පෝෂණය කළේය. ඔහුගේ මව අකමැත්තෙන් සිටියදීම එක් කුල දුවක් පාවා දී පසුකලෙක කළුරිය කළාය ඔහුගේ බිරිඳගේ කුස දරුගැබක් පිහිටියේය. ඔහු මේ දරුගැබ පිහිටි බව නොදැන සොදුර ඔබ කුලී වැඩ හෝ වතාවත් කර ජීවත් වෙව මම පැවිදි වන්නෙමි. කිවේය. ඇය එවිට ස්වාමීනි මට ගැබක් පිහිටියේය මා බිහිකරන දරුවා දැක පැවිදිවන්නැයි කිව්වේය. ඔහු යහපතැයි පිළිගෙන දරුවා වැදු පසු සොදුර ඔබ හොදින් බිහිකළ නිසා මව දැන් පැවිදි වෙමි. ඉක්බිති ඇය පුතා කිරි බී අවසන් වන තෙක් පමා වන්නැයි කියා නැවත ද දරු ගැබක් ගත්තේය. (ගැබ්ගති) ඔහු මෙසේ සිතුවේය. මොහු මැය ගිවිස්සාගෙන මැගේ කැමැත්තෙන් යාමට නොලැබෙයි. මැයට නොකියාම පළා ගොස් පැවිදි වන්නෙමියි සිතා ඇයට නොදන්වා රාත්‍රියේ නැගිට පළාගියේය. අනතුරුව නගරාරක්ෂකයෝ අල්ලා ගත්හ. ඔහු ස්වාමීනි මම මව පෝෂණය කරන්නෙකි. මා මුදාහරින්නැයි ගැලවී එක් තැනක සිට හිමවතට පිවිස ඍෂි පැවිද්දෙන් පැවිදිවී අභිඥා සමාපත්ති උපදවා ධ්‍යාන ක්‍රීඩාවේ යෙදෙමින් වාසය කළේය. ඔහු එහි වසන්නේ මෙබඳු වූ මිදීමට අපහසු පුත්‍ර දාර බන්ධනය කෙලෙස් බන්ධනය සිඳ දැමුවේ යයි උදානයක් පැවසීය.
සත්ථා ඉමං අතීතං ආහරිත්වා තෙන උදානිතං උදානං පකාසෙන්තො ඉමා ගාථා අභාසි –
බුදුහු මේ අතීතය දක්වා ඔහු විසින් ප්‍රකාශ කරන ලද උදානය මේ ගාථාවෙන් දැක්වුහ.
“න තං දළ්හං බන්ධනමාහු ධීරා, යදායසං දාරුජපබ්බජඤ්ච; සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා.
යකඩෙන් දැවෙන්, කළුගලකින් කරන ලද සිරගෙය මහා බැඳුමක් යයි සිතන වද දූ දරු රන් රුවන් වතුපිටි කෙරෙහි තද ආසාවම මහා බැඳුමයි සසර බැඳ
“එතං දළ්හං බන්ධනමාහු ධීරා, ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං; එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති, අනපෙක්ඛිනො කාමසුඛං පහායා”ති.
ඒ ආසාව දුරු කරමින් කෙනෙක් ලොවේ පැවිදිව වසන්නේ නම් දුක්වලින් නිවේ.
ලෝහමය වූ ද. දැවමය වූ ද. බුබුස් තණ වලින් වූ ද. බන්ධනයක් වෙයි නම් ප්‍රාඥයෝ එය දැඩි බැම්මක් ලෙසම නොකියති මැණික් හා කුණ්ඩලාභරණ විෂයෙහි අතිශයින් ඇලුනාවු යම් තෘෂ්ණාවක් වේද පුතුන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් අපේක්ෂාවක් වේ. මේ බන්ධනය දැඩි බන්ධනයක් යයි ප්‍රාඥයෝ කීහ. සත්ත්වයා පහත් බවට ගෙන යන්නාවු සිහිල් වූ මුදාහල නොහැකි වු මේ බැම්මද ඤාණය නැමති කඩුවෙන් සිඳ අපේක්ෂා නැතිව කම්සුව අත්හැර පැවිදි වෙති.
තත්ථ ධීරාති බුද්ධාදයො පණ්ඩිතපුරිසා යං සඞ්ඛලිකසඞ්ඛාතං අයසා නිබ්බත්තං ආයසං, අන්දුබන්ධනසඞ්ඛාතං දාරුජං, යඤ්ච පබ්බජතිණෙහි වා අඤ්ඤෙහි වා වාකාදීහි රජ්ජුං කත්වා කතං රජ්ජුබන්ධනං, තං අසිආදීහි ඡින්දිතුං සක්කුණෙය්යභාවෙන ථිරන්ති න වදන්තීති අත්ථො. සාරත්තරත්තාති සාරත්තා හුත්වා රත්තා, බහලතරරාගරත්තාති අත්ථො. මණිකුණ්ඩලෙසූති මණීසු චෙව කුණ්ඩලෙසු ච, මණිවිචිත්තෙසු වා කුණ්ඩලෙසු. එතං දළ්හන්ති යෙ මණිකුණ්ඩලෙසු සාරත්තරත්තා, තෙසං සො රාගො ච යා පුත්තදාරෙසු අපෙක්ඛා තණ්හා, එතං කිලෙසමයං බන්ධනඤ්ච පණ්ඩිතපුරිසා දළ්හන්ති වදන්ති. ඔහාරිනන්ති ආකඩ්ඪිත්වා චතූසු අපායෙසු පාතනතො අවහරති හෙට්ඨා හරතීති ඔහාරිනං. සිථිලන්ති බන්ධනට්ඨානෙ ඡවිචම්මමංසානි න ඡින්දති, ලොහිතං න නීහරති, බන්ධනභාවම්පි අජානාපෙත්වා ථලපථජලපථාදීසු කම්මානි කාතුං දෙතීති සිථිලං. දුප්පමුඤ්චන්ති ලොභවසෙන හි එකවාරම්පි උප්පන්නං කිලෙසබන්ධනං දට්ඨට්ඨානතො කච්ඡපො විය දුම්මොචියං හොතීති දුප්පමුඤ්චං. එතම්පි ඡෙත්වානාති එතං දළ්හම්පි කිලෙසබන්ධනං ඤාණඛග්ගෙන ඡින්දිත්වා අනපෙක්ඛිනො හුත්වා කාමසුඛං පහාය පරිබ්බජන්ති, පක්කමන්ති පබ්බජන්තීති අත්ථො.
එහි ධීරා යනු බුද්ධාදී පණ්ඩිත පුරුෂයෝය යකඩ දම්වැල් ලෝහ කූරු ආදියෙන් කරන ලද බැඳුම ආයසං, ලී දැව ආදියෙන් කරන ලද බන්ධන දාරුජං, බුබුස් තණ ආදියෙන් කරන ලද බබ්බජ. හණවැහැරි ආදී කඩමලින් කරන රජු බන්ධන ආදි කඩු ආදියෙන් සිඳීමට හැකි බැවින් ස්ථිරයයි නො කියති. යන අර්ථය සාරත්තරත්තා - අතිශයින් ඇලුණා වු රාගයෙන් යුක්ත වීම අර්ථයි. මණිකුණ්ඩලෙසු මැණික් කුණ්ඩලාභරණ ආදිය පිළිබඳව ඇලීම ඒ රාගයයි. එතංදළ්හං මෙය දැඩිය. යා පු ත්තදාරෙසු, අපෙබා - අඹුදරුවන් ක්ලේශ වශයෙන් බැදීම දැඩියයි පඩිවරු කියති. ඔහාරිතං යටබලා යන සතර අපායන්හි උපදින තැනැත්තාය. සිථිලං බැඳුනු තැන සම් - මස් ආදිය නොසිදිය. ලේ නොගලයි. බැඳුනුබව නොදැන ගොඩබිම ද ජලයෙහිද කර්මාන්ත කරන්නට දීම. දු පපමුඤචන්ති ලෝභ වසයෙන් එක් වරක් වත් උපන්නාවු දේශ, කැබෑවකුගේ කටින් ඩැහැගත් දෙයක් නොගැළවෙන්නාක් මෙන් දුක්ම පමුණුවයි. බන්ධනයන්ගෙන් මිදුනු එතමපි ඡෙත්වාන යන මෙසේ දැඩිව ගත් ක්ලේශ බන්ධනයන්, නුවණ නමැති කඩුවෙන් සිඳ අනපෙක්ඛිතො බලාපොරොත්තු රහිතවැ කාමසුඛං පහාය පරිබ්බජං කම් සැපය හැර පැවිද්දට ගියේය යන අර්ථයයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝදෙන සෝවාන් ඵලාදියට පැමිණියාහ.
බන්ධනාගාරවත්ථු චතුත්ථං.