යෙදුමෙන් කියවන්න

14. ඛෙමාථෙරීවත්‍ථු අට‍්ඨකථා

14. ඛෙමාථෙරීවත්‍ථු

14. ඛේමා තෙරණියගේ කථා පුවත

යෙ රාගරත‍්තාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො ඛෙමං නාම රඤ‍්ඤො බිම‍්බිසාරස‍්ස අග‍්ගමහෙසිං ආරබ‍්භ කථෙසි.

“යෙ රාග රත්තා ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටියදී ඛේමා නම් බිම්බිසාර රජුගේ අගමෙහෙසිය නිමිති කරගෙන දේශනා කළහ.

සා කිර පදුමුත‍්තරපාදමූලෙ පත්‍ථිතපත්‍ථනා අතිවිය අභිරූපා පාසාදිකා අහොසි. “සත්‍ථා කිර රූපස‍්ස දොසං කථෙතී”ති සුත්‍වා පන සත්‍ථු සන‍්තිකං ගන‍්තුං න ඉච‍්ඡි. රාජා තස‍්සා රූපමදමත‍්තභාවං ඤත්‍වා වෙළුවනවණ‍්ණනාපටිසංයුත‍්තානි ගීතානි කාරෙත්‍වා නටාදීනං දාපෙසි. තෙසං තානි ගායන‍්තානං සද‍්දං සුත්‍වා තස‍්සා වෙළුවනං අදිට‍්ඨපුබ‍්බං විය අසුතපුබ‍්බං විය ච අහොසි. සා “කතරං උය්‍යානං සන්‍ධාය ගායථා”ති පුච‍්ඡිත්‍වා, “දෙවී, තුම‍්හාකං වෙළුවනුය්‍යානමෙවා”ති වුත‍්තෙ උය්‍යානං ගන‍්තුකාමා අහොසි. සත්‍ථා තස‍්සා ආගමනං ඤත්‍වා පරිසමජ‍්ඣෙ නිසීදිත්‍වා ධම‍්මං දෙසෙන‍්තොව තාලවණ‍්ටං ආදාය අත‍්තනො පස‍්සෙ ඨත්‍වා බීජමානං අභිරූපං ඉත්‍ථිං නිම‍්මිනි. ඛෙමා, දෙවීපි පවිසමානාව තං ඉත්‍ථිං දිස‍්වා චින‍්තෙසි – “සම‍්මාසම‍්බුද‍්ධො රූපස‍්ස දොසං කථෙතීති වදන‍්ති, අයඤ‍්චස‍්ස සන‍්තිකෙ ඉත්‍ථී බීජයමානා ඨිතා, නාහං ඉමිස‍්සා කලභාගම‍්පි උපෙමි, න මයා ඊදිසං ඉත්‍ථිරූපං දිට‍්ඨපුබ‍්බං, සත්‍ථාරං අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති මඤ‍්ඤෙ”ති චින‍්තෙත්‍වා තථාගතස‍්ස කථාසද‍්දම‍්පි අනිසාමෙත්‍වා තමෙව ඉත්‍ථිං ඔලොකයමානා අට‍්ඨාසි. සත්‍ථා තස‍්සා තස‍්මිං රූපෙ උප‍්පන‍්නබහුමානතං ඤත්‍වා තං රූපං පඨමවයාදිවසෙන දස‍්සෙත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව පරියොසානෙ අට‍්ඨිමත‍්තාවසානං කත්‍වා දස‍්සෙසි. ඛෙමා තං දිස‍්වා “එවරූපම‍්පි නාමෙතං රූපං මුහුත‍්තෙනෙව ඛයවයං සම‍්පත‍්තං, නත්‍ථි වත ඉමස‍්මිං රූපෙ සාරො”ති චින‍්තෙසි. සත්‍ථා තස‍්සා චිත‍්තාචාරං ඔලොකෙත්‍වා, “ඛෙමෙ, ත්‍වං ‘ඉමස‍්මිං රූපෙ සාරො අත්‍ථී’ති චින‍්තෙසි, පස‍්ස දානිස‍්ස අසාරභාව”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

ඇය වනාහි පදුමුත්තර බුද්ධපාද මූලයේ පතන ලද ප්‍රාර්ථනය නිසා ඉතාම අභිරූපී ප්‍රාසාදික ස්ත්‍රියක් වුවාය. බුදුහු රූපයේ දොස් කියතියි අසා බුදුන් හමුවට යාමට නොකැමති වුවාය. රජු ඇගේ රූප මදභාවය දැනගෙන වේවනාරාමය වර්ණනා කරන ගීත රචනා කර කාව්‍යකරුවන් ආදීන්ට දෙවීය. ඔවුන් ගේ ඒ ගී ගායනා අසා තමන් නොදුටුවිරූ නොඇසු විරූ වේළුවනය පිළිබඳව ආශාවක් ඇයට ඇතිවිය. ඇය කවර උයනක් පිළිබඳව ගයන්නේදැයි අසා දේවිය ඔබගේ වේළුවන උයන පිළිබඳ වයයි පැවසුවිට උයනට යනු කැමැති විය. බුදුරජාණන් වහන්සේ ඇගේ පැමිණිම දැන ගෙන පිරිස මැද සිට ධර්මය දේශනා කරමින්ම - තල් වටක් ගෙන තමා පසුපස සිට පවන් සලන ඉතා අභිරූපී කාන්තාවක් මැවීය. ඛේමා දේවිය ඇතුළුවන විටම එම ස්ත්‍රී රූපය දැක සිතුවාය. තථාගතයන් වහන්සේ රුපයේ දොස් කියතියි පවසති මේ ස්ත්‍රිය උන්වහන්සේ අසල සිට පවන් සලයි. මම ඇගේ රුවෙන් අඩකටවත් නොගැළපේ. මෙතරම් අභිරූපී කාන්තාවක් මම කිසිදා දැක නැත. බුදුරජාණන් වහන්සේට අභූත අසත්‍ය චෝදනා නගතියි සිතමි. මෙසේ සිතා බුදුන්ගේ කටහඩවත් නො අසා එම ස්ත්‍රිය දෙසම බලමින්ම සිටියාය. බුදුහු ඇගේ සිත්හසර බලා ඛේමාවනි ! ඔබ රූපයේ සාරයක් ඇතැයි සිතන්නීය. බලන්න ඇගේ නිසරුබව කියා මේ ගාථාව දෙසුහ -

“ආතුරං අසුචිං පූතිං, පස‍්ස ඛෙමෙ සමුස‍්සයං; උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං, බාලානං අභිපත්‍ථිත”න‍්ති. (අප· ථෙරී 2.2.354);

ඛේමාවනි! ඉතා අපිරිසිදු වූ ලෙඩ බහුල වූ. කුණු සැරව වැගිරෙන්නා වූ මේ සිරුර බලන්න. බාලයෝ මේ නිසරු වූ සිරුර ප්‍රාර්ථනා කරති.

සා ගාථාපරියොසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. අථ නං සත්‍ථා, “ඛෙමෙ, ඉමෙ සත‍්තා රාගරත‍්තා දොසපදුට‍්ඨා මොහමූළ‍්හා අත‍්තනො තණ‍්හාසොතං සමතික‍්කමිතුං න සක‍්කොන‍්ති, තත්‍ථෙව ලග‍්ගන‍්තී”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඇය ගාථාව කෙළවර සෝවාන් ඵලයෙහි පිහිටියායි අනතුරුව තථාගතයන් වහන්සේ ඛේමාවනි ! මේ සත්ත්වයෝ රාගයෙන් රත්වූවෝ ද්වේශයෙන් දුෂිත වූවෝ මෝහයෙන් මුලාවුවෝ තමන්ගේ තෘෂ්ණා ගඟ ඉක්මවීමට නොහැකි වෙති. එහිම ඇලෙති පවසා මේ ගාථාව දේශනා කළහ.

“යෙ රාගරත‍්තානුපතන‍්ති සොතං, සයං කතං මක‍්කටකොව ජාලං; එතම‍්පි ඡෙත්‍වාන වජන‍්ති ධීරා, අනපෙක‍්ඛිනො සබ‍්බදුක‍්ඛං පහායා”ති.

මකුළුවකු තමන් කළ දැල තුළම පටලැවී සිටින මෙන් රාගයෙන් රන්ව දන මේ ලොවේ දුක් විඳින අතර තුර නුවණ ඇති තැනැත්තේ සියලු දුක් බිදැර දා නිවන්සුර සැපත් වේ.

තත්‍ථ මක‍්කටකොව ජාලන‍්ති යථා නාම මක‍්කටකො සුත‍්තජාලං කත්‍වා මජ‍්ඣෙ ඨානෙ නාභිමණ‍්ඩලෙ නිපන‍්නො පරියන‍්තෙ පතිතං පටඞ‍්ගං වා මක‍්ඛිකං වා වෙගෙන ගන‍්ත්‍වා විජ‍්ඣිත්‍වා තස‍්ස රසං පිවිත්‍වා පුන ගන‍්ත්‍වා තස‍්මිංයෙව ඨානෙ නිපජ‍්ජති, එවමෙව යෙ සත‍්තා රාගරත‍්තා දොසපදුට‍්ඨා මොහමූළ‍්හා සයංකතං තණ‍්හාසොතං අනුපතන‍්ති, තෙ තං සමතික‍්කමිතුං න සක‍්කොන‍්ති, එවං දුරතික‍්කමං. එතම‍්පි ඡෙත්‍වාන වජන‍්ති ධීරාති පණ‍්ඩිතා එතං බන්‍ධනං ඡෙත්‍වා අනපෙක‍්ඛිනො නිරාලයා හුත්‍වා අරහත‍්තමග‍්ගෙන සබ‍්බදුක‍්ඛං පහාය වජන‍්ති, ගච‍්ඡන‍්තීති අත්‍ථො.

එහි මක්කටකොව ජාලන්ති යම් සේ මකුළුවෙක් නුල් දැල එලා ඒ දැල මැද නාභි මණ්ඩලයේ සිටින්නේ, දැලට වැටෙන්නා වූ මැස්සෙක් හෝ මඳුරුවෙක් හෝ වේගයෙන් අවුත් දැලේ රැඳුනු විට මකුළුවා වේගයෙන් අවුත් ඌ විද ඒ සතාගේ රසඕව බී නැවත ගොස් එතැනම නොවී. මෙසේම රාගයෙන් රත් වූ ද්වේෂයෙන් දුෂිතවූ. මෝහයෙන් මුළා වූ, සයංකතං තෘෂ්ණාව සොතං අනුපතං ඔහුට එය සමනය කරන්නට නොහැකිවේ. මෙසේ මුදාගන්නට නොහැකිවේ. එතමපි ඡෙත්වාන වදනතධීරා පණ්ඩිතයෝ, එතං මෙසේ දැඩිව ගත් බන්ධන සිඳ, අනපෙකඛිතො ආශාවන්ගෙන් ඈත් වී. අරහත් මගින් සියලු දුක් අවසන් කොට දුරුර නිවනට පැමිණෙත් යන අර්ථයි.

දෙසනාවසානෙ ඛෙමා අරහත‍්තෙ පතිට‍්ඨහි, මහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසි. සත්‍ථා රාජානං ආහ – “මහාරාජ, ඛෙමාය පබ‍්බජිතුං වා පරිනිබ‍්බායිතුං වා වට‍්ටතී”ති. භන‍්තෙ, පබ‍්බාජෙථ නං, අලං පරිනිබ‍්බානෙනාති. සා පබ‍්බජිත්‍වා අග‍්ගසාවිකා අහොසීති.

මේ දෙසුම අවසන බේමා බිසව රහත්බවට පත්වුනි. මහජනයාටද දේශනය සාර්ථක විය. බුදුරදුන්ද මහරජුට මෙසේ පැවසුහ. ඛේමා පැවිදි වීමට හෝ පිරිනිවන් පෑම සුදුසු වේ. ඇය පැවිදිවි අග්‍රශ්‍රාවිකා වුවාය.

ඛෙමාථෙරීවත්‍ථු පඤ‍්චමං.