16-17. චූළධනුග්ගහපණ්ඩිතවත්ථු අට්ඨකථා
16-17. චූළධනුග්ගහපණ්ඩිතවත්ථු
16-17. දහරක භික්ෂු පිළිබඳව කථා පුවත
විතක්කමථිතස්සාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො චූළධනුග්ගහපණ්ඩිතං ආරබ්භ කථෙසි.
“විතක්ක මථිතස්සා” යන මේ ධර්ම දේශනය බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී එක් කුඩා භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
එකො කිර දහරභික්ඛු සලාකග්ගෙ අත්තනො පත්තසලාකං ගහෙත්වා සලාකයාගුං ආදාය ආසනසාලං ගන්ත්වා පිවි. තත්ථ උදකං අලභිත්වා උදකත්ථාය එකං ඝරං අගමාසි. තත්ථ තං එකා කුමාරිකා දිස්වාව උප්පන්නසිනෙහා, “භන්තෙ, පුන පානීයෙන අත්ථෙ සති ඉධෙව ආගච්ඡෙය්යාථා”ති ආහ. සො තතො පට්ඨාය යදා පානීයං න ලභති, තදා තත්ථෙව ගච්ඡති. සාපිස්ස පත්තං ගහෙත්වා පානීයං දෙති. එවං ගච්ඡන්තෙ කාලෙ යාගුම්පි දත්වා පුනෙකදිවසං තත්ථෙව නිසීදාපෙත්වා භත්තං අදාසි. සන්තිකෙ චස්ස නිසීදිත්වා, “භන්තෙ, ඉමස්මිං ගෙහෙ න කිඤ්චි නත්ථි නාම, කෙවලං මයං විචරණකමනුස්සමෙව න ලභාමා”ති කථං සමුට්ඨාපෙසි. සො කථිපාහෙනෙව තස්සා කථං සුත්වා උක්කණ්ඨි. අථ නං එකදිවසං ආගන්තුකා භික්ඛූ දිස්වා “කස්මා ත්වං, ආවුසො, කිසො උප්පණ්ඩුපණ්ඩුකජාතොසී”ති පුච්ඡිත්වා “උක්කණ්ඨිතොම්හි, ආවුසො”ති වුත්තෙ ආචරියුපජ්ඣායානං සන්තිකං නයිංසු. තෙපි නං සත්ථු සන්තිකං නෙත්වා තමත්ථං ආරොචෙසුං. සත්ථා “සච්චං කිර ත්වං, භික්ඛු, උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්ච”න්ති වුත්තෙ “කස්මා ත්වං මාදිසස්ස ආරද්ධවීරියස්ස බුද්ධස්ස සාසනෙ පබ්බජිත්වා ‘සොතාපන්නො’ති වා ‘සකදාගාමී’ති වා අත්තානං අවදාපෙත්වා ‘උක්කණ්ඨිතො’ති වදාපෙසි, භාරියං තෙ කම්මං කත”න්ති වත්වා “කිං කාරණා උක්කණ්ඨිතොසී”ති පුච්ඡි. “භන්තෙ, එකා මං ඉත්ථී එවමාහා”ති වුත්තෙ, “භික්ඛු, අනච්ඡරියං එතං තස්සා කිරියං. සා හි පුබ්බෙ සකලජම්බුදීපෙ අග්ගධනුග්ගහපණ්ඩිතං පහාය තංමුහුත්තදිට්ඨකෙ එකස්මිං සිනෙහං උප්පාදෙත්වා තං ජීවිතක්ඛයං පාපෙසී”ති වත්වා තස්සත්ථස්ස පකාසනත්ථං භික්ඛූහි යාචිතො –
එක් කුඩා භික්ෂුනමක් සලාක ගෙයින් තම සලාක කැඳ ගෙන ආසන ශාලාවට ගොස් එහි ජලය නොලැබී ජලය සඳහා එක් ගෙයකට ගියේය. එක් කුමාරිකාවක් ඔහු දැක්ක පමණින් උපන් ස්නේහයෙන් ස්වාමීනි නැවත පැන් අවශ්‍ය විටක මෙහාටම එන්නැයි පැවසුවාය. එම භික්ෂුව එතැන් පටන් ජලය නොලැබෙන දිනවලට එම නිවසටම යයි. ඇයද පාත්‍රය ගෙන පැන් දෙයි. මෙලෙස කාලය ගතවනවිට කැඳ දී එක් දිනක් එහි වාඩි කරවා බත් දුන්නාය. ඔහු ළඟින් වාඩි වී ස්වාමීනි මේ ගෙදර නැති දෙයක්නම් නැත. හුදෙක් අපි විමසන මිනිසෙක් නොලබමුයි කථාව ඉපදවීය. ඔහු දින කීපයකින් ඇගේ කථාව අසා කළකිරුණි. ඉක්බිති එක් දිනක් ආගන්තුක භික්ෂුවක් දැක ඇවැත්නි නුඹ කෘෂ වූයේ පඩුවන් පැහැ ඇත්තේ වෙයි. විමසා ඇවැත්නි කළකිරුණෙමි. පැවසු විට ආචාර්ය උපාධ්යාවරුන් වෙත ගෙන ගියහ. ඔවුන් ද දහර භික්ෂුව තථාගතයන් වහන්සේ වෙත ගෙන ගොස් මේ පුවත දැනුම් දුන්හ. බුදුහු භික්ෂුව ඔබ කළකිරුණ බව සැබෑවක් දැයි විමසුහ. සැබෑවක් බව පැවසු විට බුදුහු මහණ මා වැනි පටන් ගත් වීරිය ඇති මේ බුද්ධ ශාසනයේ පැවිදි වී මම සෝවාන් වීමි මම සකෘදාගාමි වීමි ආදි වශයෙන් නොකියා කුමක් නිසා කළකිරුණේද? බැරෑරුම් දෙයක් ඔබ කළෙහිය. කුමක් නිසා කළකිරුණේදැයි විමසුහ. ස්වාමීනි එක් ස්ත්‍රියක් මට මෙසේ කීවාය යනුවෙන් තොරතුරු පැවසුවිට මහණ ආශ්චර්යක් නොවේ. ඇගේ ක්‍රියාව පුදුමයක් නොවේ. ඇය පෙරභවයේදී මුළු දඹදිව ශ්‍රේෂ්ඨ ධනුර්ධර පඩිවරයා අත්හැර එම මොහොතේ දුටු කෙනාට සෙනෙහස උපදවා ඔහු ජීවිතක්ෂයට පත් කළේයයි පවසා භික්ෂුගේ ඉල්ලීම අනුව අතීත කථාව ගෙනහැර දැක්වුහ.
අතීතෙ චූළධනුග්ගහපණ්ඩිතකාලෙ තක්කසිලායං දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ සිප්පං උග්ගහෙත්වා තෙන තුට්ඨෙන දින්නං ධීතරං ආදාය බාරාණසිං ගච්ඡන්තස්ස එකස්මිං අටවිමුඛෙ එකූනපඤ්ඤාසාය කණ්ඩෙහි එකූනපඤ්ඤාසචොරෙ මාරෙත්වා කණ්ඩෙසු ඛීණෙසු චොරජෙට්ඨකං ගහෙත්වා භූමියං පාතෙත්වා, “භද්දෙ, අසිං ආහරා”ති වුත්තෙ තාය තඞ්ඛණං දිට්ඨචොරෙ සිනෙහං කත්වා චොරස්ස හත්ථෙ අසිථරුං ඨපෙත්වා චොරෙන ධනුග්ගහපණ්ඩිතස්ස මාරිතභාවං ආවිකත්වා චොරෙන ච තං ආදාය ගච්ඡන්තෙන “මම්පි එසා අඤ්ඤං දිස්වා අත්තනො සාමිකං විය මාරාපෙස්සති, කිං මෙ ඉමායා”ති එකං නදිං දිස්වා ඔරිමතීරෙ තං ඨපෙත්වා තස්සා භණ්ඩකං ආදාය “ත්වං ඉධෙව හොහි, යාවාහං භණ්ඩිකං උත්තාරෙමී”ති තත්ථෙව තං පහාය ගමනභාවඤ්ච ආවිකත්වා –
පෙර චුල්ල ධනුග්ගහ පණ්ඩිතව සිටි සමයේ තක්ෂිලාවේ දිසාපාමොක් ආචාර්යවරයා සමීපයෙහි ශිල්ප උගෙන ගුරුවරයා සතුටුව දුන් දුවණිය රැගෙන බරණැසට යන අතර එක් කැලෑවට පිවිසෙන තැනක ඊතල පනහකින් සොරුන් පනහක් මරා ඊතල අවසන් වූ විට සොර දෙටුවා ගෙන බිම හෙලා සොඳුරිය කඩුව ගෙන එන්නැයි පැවසුවිට ඇය විසින් එකෙනෙහි දුටු සොරාට සෙනෙහස බැඳ සොරු අත මිට තබා සොරා විසින් ධනුග්ගහ පඩිවරයා මැරූ බව පවසා සොරා විසින් ඇය රැගෙන යන විට, මැය තවත් එකෙක් දැක මා මරණු ඇතැයි කියා මැයගෙන් කවර ප්‍රයෝජනයක්දැයි සිතා එක ගඟක් දැක ඇය මෙතෙර තබා ඇගේ බඩු ගෙන භාණ්ඩ එතෙර තබා ඔබ එතර කර වීමට එමියි කියා ඇය අත්හැර ගිය ස්වරූපය අනාවරණය කර -
“සබ්බං භණ්ඩං සමාදාය, පාරං තිණ්ණොසි බ්‍රාහ්මණ; පච්චාගච්ඡ ලහුං ඛිප්පං, මම්පි තාරෙහි දානිතො.
1. බ්‍රාහ්මණය සියළු භාණ්ඩ රැගෙන එතරට තරණය කළේය ඉක්මනින් වහාම එව මේ නදියෙන් මා ද වහා එතර කරවා
“අසන්ථුතං මං චිරසන්ථුතෙන, නිමීනි භොතී අද්ධුවං ධුවෙන; මයාපි භොතී නිමිනෙය්ය අඤ්ඤං, ඉතො අහං දූරතරං ගමිස්සං.
2. පින්වතිය දිගු කලක් ඇසුරු කළ ස්ථිර සැමියාගෙන් වෙනස් වී, ඇසුරක් නැති අලුතෙන් හමු වූ මා වෙත ඔබ බැඳුනි. තී (යම්කිසි දවසක) මාගෙන් ද වෙනස් වී අනෙකෙකු පාවා ගත්තීය. මම මෙතැනිනුත් ඉතා ඈතට යන්නෙමි.
“කායං එළගලාගුම්බෙ, කරොති අහුහාසියං; නයීධ නච්චං වා ගීතං වා, තාළං වා සුසමාහිතං; අනම්හිකාලෙ සුසොණි, කිං නු ජග්ඝසි සොභනෙ.
3. තුවරලා ලැහැබක කවර තැනැත්තියක් මහ හඬින් සිනාසේද, නැටුමක් ගැයු මක් මෙහි නැත. සුන්දර ඌරු යුග්මයක් ඇති රුසිරු තැනැත්තිය හැඩිය යුතු අවස්ථාවේ කුමක් හෙයින් සිනා සෙත්ද?
“සිඞ්ගාල බාල දුම්මෙධ, අප්පපඤ්ඤොසි ජම්බුක; ජීනො මච්ඡඤ්ච පෙසිඤ්ච, කපණො විය ඣායසි.
4. මෝඩ වු සිඟාලය තෝ නුවණ නැත්තෙහි මාළුවාද මස් වැදැල්ලද දෙකම් නැති කර ගත්තොත්ය. දැන් අසරණයකු සේ කල්පනා කරන්නෙහිය.
“සුදස්සං වජ්ජමඤ්ඤෙසං, අත්තනො පන දුද්දසං; ජීනා පතිඤ්ච ජාරඤ්ච, මඤ්ඤෙ ත්වඤ්ඤෙව ඣායසි.
5. අනුන්ගේ වරද දැකීම පහසුය. තමන්ගේ වරද දැකීම අපහසුය. තී සැමියා ද සොර සැමියා ද දෙදෙනාම නැති කරගෙන පිරිහී මා මෙන් තී ද කල්පනා කරමින් ළත වේ.
“එවමෙතං මිගරාජ, යථා භාසසි ජම්බුක; සා නූනාහං ඉතො ගන්ත්වා, භත්තු හෙස්සං වසානුගා.
6. ජම්බුකය ! ඔබ යමක් කීවේ එය නිවරදිය මම මෙතැනින් ගොස් අනෙක් හිමියකු සොයා ඔහු සමගින් යන්නෙමි.
“යො හරෙ මත්තිකං ථාලං, කංසථාලම්පි සො හරෙ; කතඤ්චෙව තයා පාපං, පුනපෙවං කරිස්සසී”ති. (ජා· 1.5.128-134) –
යමෙක් මැටි තලියක් සොරා ගනීද, හේ ඒ පුරුද්දෙන් රන් තලියක් සොරකම් කරන්නේ ය. ඒ පාපකර්මය කළාය. නැවත නැවත ද තී එයම කරන්නීය.
ඉමං පඤ්චකනිපාතෙ චූළධනුග්ගහජාතකං විත්ථාරෙත්වා “තදා චූළධනුග්ගහපණ්ඩිතො ත්වං අහොසි, සා ඉත්ථී එතරහි අයං කුමාරිකා, සිඞ්ගාලරූපෙන ආගන්ත්වා තස්සා නිග්ගහකාරකො සක්කො දෙවරාජා අහමෙවා”ති වත්වා “එවං සා ඉත්ථී තංමුහුත්තදිට්ඨකෙ එකස්මිං සිනෙහෙන සකලජම්බුදීපෙ අග්ගපණ්ඩිතං ජීවිතා වොරොපෙසි, තං ඉත්ථිං ආරබ්භ උප්පන්නං තව තණ්හං ඡින්දිත්වා විහරාහි භික්ඛූ”ති තං ඔවදිත්වා උත්තරිම්පි ධම්මං දෙසෙන්තො ඉමා ද්වෙ ගාථා අභාසි –
මෙලෙස පඤ්චක නිපාතයේ චුල්ලධනුග්ගහ ජාතකය විස්තර කොට එකල චුල්ලධනුග්ගහ පණ්ඩිත ඔබ වුයේය එම ස්ත්රීමැයයි. සිවලෙකුගේ ස්වරූප යෙන් පැමිණ ඇයට නිග්‍රහ කරන ලද සක් දෙවිඳු වුයේ මම යි. පවසා එම ස්ත්‍රීය දුටු පමනින් සෙනෙහෙ බැඳ මුළු දඹදිවට අග්‍ර පණ්ඩිතවු ධනුග්ගහ විනාශ කළේය. එබඳු එම ස්ත්‍රීය නිමිති කරගෙන ඇතිවු ඔබේ තෘෂ්ණාව සිඳ දමන්නැයි භික්ෂුවට උපදෙස් දී දේශනා කරන්නේ මෙම ගාථාව දේශනා කළහ -
“විතක්කමථිතස්ස ජන්තුනො, තිබ්බරාගස්ස සුභානුපස්සිනො; භිය්යො තණ්හා පවඩ්ඪති, එස ඛො දළ්හං කරොති බන්ධනං.
විසම වු අරමුණු සුව වසයෙන් ගෙන තන්හා වඩනා අනුවණයෝ සංසාරේ බැම් තදකර ගනිමින් ජරා මරණ දුක් විඳ ගන්නේ.
“විතක්කූපසමෙ ච යො රතො, අසුභං භාවයතෙ සදා සතො; එස ඛො බ්‍යන්ති කාහිති, එස ඡෙච්ඡති මාරබන්ධන”න්ති.
යුතු වී හැමදා හොඳ සිහියෙන් අසුබ භාවනා වඩන කෙනා මාර බැඳුම් බිඳ සියලු කෙලෙස් සිඳ නිවන් මගින් සැනසුමම ලබයි.
කාමය පිළිබඳව නො එක් සිතිවිලි වලින් මඩනා ලදුව, තියුණු රාග ඇති විෂම අරමුණු සුභ වසයෙන් දකින, පුද්ගලයාට බොහෝ සෙයින් තණ්හාව වැඩේ ඒ තැනැත්තා තණ්හා බැම්ම දැඩිකරයි.
යමෙක් කාමයන් පිළිබඳ සිතිවිලි සන්සිඳවීමෙහි ඇලුනේද, හැම කල්හි ම සිහියෙන් යුතු වුයේ අසුභ භාවනාව වඩයිද, මේ තැනැත්තා තණ්හාව නසන්නේය. ඔහු මාරයාගේ බැම්ම සිදින්නේය.
තත්ථ විතක්කමථිතස්සාති කාමවිතක්කාදීහි විතක්කෙහි නිම්මථිතස්ස. තිබ්බරාගස්සාති බහලරාගස්ස. සුභානුපස්සිනොති ඉට්ඨාරම්මණෙ සුභනිමිත්තගාහාදිවසෙන විස්සට්ඨමානසතාය සුභන්ති අනුපස්සන්තස්ස. තණ්හාති එවරූපස්ස ඣානාදීසු එකම්පි න වඩ්ඪති, අථ ඛො ඡද්වාරිකා තණ්හායෙව භිය්යො වඩ්ඪති. එස ඛොති එසො පුග්ගලො තණ්හාබන්ධනං දළ්හං සුථිරං කරොති. විතක්කූපසමෙති මිච්ඡාවිතක්කාදීනං වූපසමසඞ්ඛාතෙ දසසු අසුභෙසු පඨමජ්ඣානෙ. සදා සතොති යො එත්ථ අභිරතො හුත්වා නිච්චං උපට්ඨිතසතිතාය සතො තං අසුභඣානං භාවෙති. බ්‍යන්ති කාහිතීති එස භික්ඛු තීසු භවෙසු උප්පජ්ජනකං තණ්හං විගතන්තං කරිස්සති. මාරබන්ධනන්ති එසො තෙභූමකවට්ටසඞ්ඛාතං මාරබන්ධනම්පි ඡින්දිස්සතීති අත්ථො.
මෙහි - විතක්කපමථිතස්ස කාම විතර්කාදී විතර්කයන්හි ගැලුනු. තිබ්බාරාගස්ස රාග බහුල වූ, සුභානුපසසිනෝ - අරමුණු සුභ නිමිති වසයෙන් ගෙන, කරන ලද අසුභ නිමිති සුභවයෙන් ගෙන සිහිකරන්නා හට, තණහාති මෙබඳුවූ එකම ධ්යානයක්වත් නොවැඩේ. ඉක්බිති ෂඩ්වාරික තෘෂ්ණාවම වැඩේ. භීයා වඩඨති බොහෝ සෙයින් වැඩේ. එසඛො මෙවැනි පුද්ගල තෙමේ. තෘෂ්ණා බන්ධනය දළ්හං ස්ථිර කෙරේ. දැඩි කෙරේ. විතක්කුප සමෙති මිථ්‍යා විතර්ක විනාස කිරීම සඳහා දස අසුභ යන්හි ප්‍රථම ධ්‍යානයෙහි, සදා සතො - යමෙක් මෙහි නිම වී එළඹ සිටි සිහියෙන් එහි අසුභ ධ්‍යානය වඩයි ද, ව්යානති කා හීතී මේ භික්ෂුව තුන් භවයන්හි උපදින්නා වූ තෘෂ්ණාව දුරුකිරීම කරන්නේය. මාරබන්ධනං හෙතෙමේ භූමික සංසාර වෘත සඞ්ඛ්‍යාත මාර බන්ධනය සිඳීය යන අර්ථය
දෙසනාවසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාවසානයේ ඒ භික්ෂුව සෝවාන් පෙලෙහි පිහිටියේය. පැමිණ සිටි අයට සාර්ථක වුයේය.
චූළධනුග්ගහපණ්ඩිතවත්ථු සත්තමං.