යෙදුමෙන් කියවන්න

18-19. මාරවත්‍ථු අට‍්ඨකථා

18-19. මාරවත්‍ථු

18-19. මාරයා පිළිබඳ වූ කථා පුවත

නිට‍්ඨඞ‍්ගතොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මාරං ආරබ‍්භ කථෙසි.

“නිට්ඨං ගතො” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම වැඩ සිටිය දී මාරයා නිමිති කරගෙන දේශනා කළහ.

එකදිවසඤ‍්හි විකාලෙ සම‍්බහුලා ථෙරා ජෙතවනවිහාරං පවිසිත්‍වා රාහුලත්‍ථෙරස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා තං උට‍්ඨාපෙසුං. සො අඤ‍්ඤත්‍ථ වසනට‍්ඨානං අපස‍්සන‍්තො තථාගතස‍්ස ගන්‍ධකුටියා පමුඛෙ නිපජ‍්ජි. තදා සො ආයස‍්මා අරහත‍්තං පත‍්තො අවස‍්සිකොව හොති. මාරො වසවත‍්තිභවනෙ ඨිතොයෙව තං ආයස‍්මන‍්තං ගන්‍ධකුටිපමුඛෙ නිපන‍්නං දිස‍්වා චින‍්තෙසි – “සමණස‍්ස ගොතමස‍්ස රුජනකඅඞ‍්ගුලී බහි නිපන‍්නො, සයං අන‍්තොගන්‍ධකුටියං නිපන‍්නො, අඞ‍්ගුලියා පීළියමානාය සයම‍්පි පීළිතො භවිස‍්සතී”ති. සො මහන‍්තං හත්‍ථිරාජවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා ආගම‍්ම සොණ‍්ඩාය ථෙරස‍්ස මත්‍ථකං පරික‍්ඛිපිත්‍වා මහන‍්තෙන සද‍්දෙන කොඤ‍්චනාදං රවි. සත්‍ථා ගන්‍ධකුටියං නිසින‍්නොව තස‍්ස මාරභාවං ඤත්‍වා, “මාර, තාදිසානං සතසහස‍්සෙනාපි මම පුත‍්තස‍්ස භයං උප‍්පාදෙතුං න සක‍්කා. පුත‍්තො හි මෙ අසන‍්තාසී වීතතණ‍්හො මහාවීරියො මහාපඤ‍්ඤො”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

එක් දිනක් නුසුදුසු කාලයෙහි බොහෝ තෙරවරු දෙව්රම් වෙහෙරට පිවිස (සැතපෙන තැන් නැතිව) එක් නමක් රාහුල තෙරුන් වසන ස්ථානයට ගොස් ඔහු නැගිටුවා තෙමේ එහි සැතපුණහ. උන්වහන්සේ නිදන්නට වෙන තැනක් නොදැක තථාගතයන් වහන්සේගේ ගන්ධ කුටියේ ඉදිරිපස වැතිරුනේය. එදින උන්වහන්සේ රහත්බවට පත්වී අවසන් වුයේය. වසවර්ති මාරයා රාහුල තෙරුන් ගඳකිළියේ ඉදිරිපස නිදා සිටිනු දැක මෙසේ සිතුවේය. තථාගතයන්ගේ ඇගිල්ලක් මෙන් වූ රාහුල තෙරුන්, ගඳකිළි දොරටුවේ නිදා සිටිය දී තමන් ගඳකිළිය තුළ නිදන්නේ ය. ඇගිල්ල රිදෙන කල තම මුළු සිරුරම රිදෙන්නාක් මෙන් වන්නේද? වශයෙන් සිතා ඔහු මහත් ඇත් රජකුගේ ස්වභාවයක් මවාගෙන අවුත් හොඩින් තෙරුන්ගේ සිරුර පරීක්ෂා කොට හොඩය හෙලා වටකොට මහත් හඩින් කුඤ්චනාදය කළේය. බුදුහු ගඳකිළිය තුළ වැඩ සිටියදීම ඒ මාරයා බව දැනගෙන, මාරය ඔබ වැනි සියදහස් ගණනකට වුවද මගේ පුතුට බියක් ඇතිකරලීමට නොහැකිය. මගේ පුතුද තැතිගැනීම් රහිත තෘෂ්ණා දුරුවුයේ මහා වීර්යවත් වුයේ මහා ප්‍රාඥයෙක් වුයේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ -

“නිට‍්ඨඞ‍්ගතො අසන‍්තාසී, වීතතණ‍්හො අනඞ‍්ගණො; අච‍්ඡින්‍දි භවසල‍්ලානි, අන‍්තිමොයං සමුස‍්සයො.

තණ්හාව දුරලා සියලු කෙළෙසුන් සිඳලු රහතන් වහන්සේ උපන් මුල් සිද ඇත්තේ එබැවින් බියක් හෝ සැකයක් ඔහුට නැත්මැයි.

“වීතතණ‍්හො අනාදානො, නිරුත‍්තිපදකොවිදො; අක‍්ඛරානං සන‍්නිපාතං, ජඤ‍්ඤා පුබ‍්බාපරානි ච; ස වෙ අන‍්තිමසාරීරො, මහාපඤ‍්ඤො මහාපුරිසොති වුච‍්චතී”ති.

නැති කොට කෙලෙස් සිව් පිළිසිඹියාව පත්ව වසතිද යම් අයෙක් සසුනෙහි අරහත්ව ඔහු තැති නො ගෙන මරුවාට ද බියපත්ව බැබළෙති හැම දෙනා අතරෙහි ව පැණවත්ව

1. යමෙක් අර්හත්යයි කියන ලද නිට්ටාවට පැමිණියේවේ ද. තැති නොගන්නේද පහවු තෘෂ්ණ අත්තේද රාගාදි අඞගන රහිතද භවයෙහි උපතට හේතු වූ කෙලෙස් මුල් සින්දේ ද මේ ඔහුගේ අන්තිම ආත්ම භාවයයි

2. තෘෂ්ණාව නැතිකල - ආත්ම ආදී වශයෙන් නොගන්නා නිරුක්තියෙහි ත්‍රිපිටකයෙහි - සිව්පිළිසිඹියාවෙන් දක්‍ෂ යමෙක් අක්‍ෂරයන්ගේ සමුදාය පුවපර අක්‍ෂරයද දන්නේ අන්තිම ශරීරයේ පිහිටි හෝ ඒකාන්තයෙන් මහා ප්‍රඥයෙකි. මහා පුරුෂයෙකි.

තත්‍ථ නිට‍්ඨඞ‍්ගතොති ඉමස‍්මිං සාසනෙ පබ‍්බජිතානං අරහත‍්තං නිට‍්ඨං නාම, තං ගතො පත‍්තොති අත්‍ථො. අසන‍්තාසීති අබ‍්භන‍්තරෙ රාගසන‍්තාසාදීනං අභාවෙන අසන‍්තසනකො. අච‍්ඡින්‍දි භවසල‍්ලානීති සබ‍්බානිපි භවගාමීනි සල‍්ලානි අච‍්ඡින්‍දි. සමුස‍්සයොති අයං එතස‍්ස අන‍්තිමො දෙහො.

තත්ථ එහි නිට්ඨං ගතො යනු මේ සසුනෙහි පැවිදි වුවන්ට අර්හත්වය නිෂ්ටාවනම් (ගමනේ අවසානය) එම තත්ත්වයට පත්වුයේ අසන්නාසී යනු ඇතුළත රාගාදී කෙලෙස් නොමැති නිසා තැති ගැනීම් රහිතය අවජින්දී භවස්සලානි භවගාමි සියලු උල් සිදේය සමුස්සයො - මේ මොහුගේ අන්තිම ශරීරයේ

අනාදානොති ඛන්‍ධාදීසු නිග‍්ගහණො. නිරුත‍්තිපදකොවිදොති නිරුත‍්තියඤ‍්ච සෙසපදෙසු චාති චතූසුපි පටිසම‍්භිදාසු ඡෙකොති අත්‍ථො. අක‍්ඛරානං සන‍්නිපාතං, ජඤ‍්ඤා පුබ‍්බාපරානි චාති අක‍්ඛරානං සන‍්නිපාතසඞ‍්ඛාතං අක‍්ඛරපිණ‍්ඩඤ‍්ච ජානාති, පුබ‍්බක‍්ඛරෙන අපරක‍්ඛරං, අපරක‍්ඛරෙන පුබ‍්බක‍්ඛරඤ‍්ච ජානාති. පුබ‍්බක‍්ඛරෙන අපරක‍්ඛරං ජානාති නාම – ආදිම‍්හි පඤ‍්ඤායමානෙ මජ‍්ඣපරියොසානෙසු අපඤ‍්ඤායමානෙසුපි “ඉමෙසං අක‍්ඛරානං ඉදං මජ‍්ඣං, ඉදං පරියොසාන”න‍්ති ජානාති. අපරක‍්ඛරෙන පුබ‍්බක‍්ඛරං ජානාති නාම – අන‍්තෙ පඤ‍්ඤායමානෙ ආදිමජ‍්ඣෙසු අපඤ‍්ඤායමානෙසු “ඉමෙසං අක‍්ඛරානං ඉදං මජ‍්ඣං, අයං ආදී”ති ජානාති. මජ‍්ඣෙ පඤ‍්ඤායමානෙපි “ඉමෙසං අක‍්ඛරානං අයං ආදි, අයං අන‍්තො”ති ජානාති. එවං මහාපඤ‍්ඤො.

අනාදානො- ස්කන්ධ ආදීන්ගේ නිමාවයි. නිරුතතිපද කොවිදො - නිරුත්තීන්හි ද සෙසු පදයන්හි ද අරුත් දනී. සිව්පිළි සිඹියාවන්හි දක්ෂය. - සන්නිපාතං ජඤ්ඤා පුබ්බ පරානි වාති - යනු අකුරු සමුහය. ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ වු අක්ෂරාරාසිය පෙර අකුරුය මුල අකුරුය. මැද අකුර අග අකුරු දැනීම, යම් පදයක මුල අකුරු පෙනේ නම් මේ මුල අකුරට මේවා මැද හා අග අකුරු විය යුතුයයි ද, මැද අකුරු පෙනේ නම්, මේ මැද අකුරට මේවා මුල හා අග අකුරු විය යුතුයයි ද. අග අකුර පෙනේ නම් මේ අකුර මේවා මැද හා මුල අකුරු විය යුතු යයි ද, දන්නේ මේ මහා ප්‍රාඥ වන්නේ ය.

ස වෙ අන‍්තිමසාරීරොති එස කොටියං ඨිතසරීරො, මහන‍්තානං අත්‍ථධම‍්මනිරුත‍්තිපටිභානානං සීලක‍්ඛන්‍ධාදීනඤ‍්ච පරිග‍්ගාහිකාය පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා මහාපඤ‍්ඤො, “විමුත‍්තචිත‍්තත‍්තා ඛ‍්වාහං, සාරිපුත‍්ත, මහාපුරිසොති වදාමී”ති (සං· නි· 5.377) වචනතො විමුත‍්තචිත‍්තතාය ච මහාපුරිසොති වුච‍්චතීති අත්‍ථො.

සවෙ අන්තිමසරීරො මේ අන්තිම ශරීරයයි අර්ථ ධර්ම නිරුක්ති, පටිභාන, යන සිව්පිළි සිඹියාවන්හිද, සීලාදියෙහි ද. හිමිකරු වී ප්‍රඥාවෙන් යුක්ත වුයේය. “මහාපඤඤා විමුතත චිතෙතා චාවාහං සාරි පුත්ත මහා පුරිසො වදාමී” විමුක්තවු සිත් ඇති බැවින් මහාපුරිසො මහා පුරුෂ යයි යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු. මාරොපි පාපිමා “ජානාති මං සමණො ගොතමො”ති තත්‍ථෙවන‍්තරධායීති.

දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණුනහ. මාරයා ගෞතමයන් විසින් මා හඳුනා ගත්තේ යයි පළා ගියහ.

මාරවත්‍ථු අට‍්ඨමං.