20. උපකාජීවකවත්ථු අට්ඨකථා
20. උපකාජීවකවත්ථු
20. උපක ආජීවක පිළිබඳ කථා පුවත
සබ්බාභිභූති ඉමං ධම්මදෙසනං සත්ථා අන්තරාමග්ගෙ උපකං ආජීවකං ආරබ්භ කථෙසි.
“සබ්බාභිභූ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අතර මග හමුවූ උපක ආජීවක නිමිති කරගෙන පැවසූහ.
එකස්මිඤ්හි සමයෙ සත්ථා පත්තසබ්බඤ්ඤුතඤ්ඤාණො බොධිමණ්ඩෙ සත්තසත්තාහං වීතිනාමෙත්වා අත්තනො පත්තචීවරමාදාය ධම්මචක්කපවත්තනත්ථං බාරාණසිං සන්ධාය අට්ඨාරසයොජනමග්ගං පටිපන්නො අන්තරාමග්ගෙ උපකං ආජීවකං අද්දස. සොපි සත්ථාරං දිස්වා “විප්පසන්නානි ඛො තෙ, ආවුසො, ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො, කංසි ත්වං, ආවුසො, උද්දිස්ස පබ්බජිතො, කො වා තෙ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රොචෙසී”ති පුච්ඡි. අථස්ස සත්ථා “මය්හං උපජ්ඣායො වා ආචරියො වා නත්ථී”ති වත්වා ඉමං ගාථමාහ –
එක් සමයක බුදුහු බුද්ධත්වයට පත්ව බෝමැඩ සති හතක් ගතකොට තමන් වහන්සේගේ පාසිවුරු ගෙන ධර්මචක්ර දේශනය පැවැත්වීම සඳහා බරණැස බලා යොදුන් දහඅටක් දුර මගට පිළිපන්නේ. අතර මගදී “උපක” ආජීවකයා හමුවුනි. ඔහු ද බුදුන් දැක ඇවැත්නි ඔබේ ඉන්ද්‍රියන් සුපසන්ය සම පැහැපත්ය. පිරිසිදුය කවුරුන් උදෙසා ඔබ පැවිදි වූයේද? ඔබගේ ශාස්තෘවරයා කවුරුන්ද? ඔබ කාගේ ධර්මයක් රුචිකරන්නේ දැයි විමසුහ. අනතුරුව බුදුහු මට උපාධ්‍යවරයෙක් හෝ ආචාර්යවරයෙක් හෝ නැත කියා මේ ගාථාව පැවසුහ -
“සබ්බාභිභූ සබ්බවිදූහමස්මි, සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො; සබ්බඤ්ජහො තණ්හක්ඛයෙ විමුත්තො, සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්ය”න්ති.
තුලොව සියලු දෙය - මැඩ පැවැත්වූ දෙමි මම සකර දමැ නො ඇලී - සියලු දේ දැන ගත්තෙමි සියල්ලම දුරලා - රහත් පලලද මේමට ගුරුවරයෙක් වෙනින් - මා හට කෙසේ වන්නේ ද
සියළු හේතු ධර්ම මැඩ පැවත්වීමි චාතුර්භුමික ධර්ම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකුත්තර සියල්ල දැන ගතිමි. තණ්හා දෘෂ්ටි ආදි සියළු ධර්මයන්හි නො ඇළුනේ සියල්ල අත්හැර තෘෂ්ණා දුරුකර මිදුනේ. ස්වයං අවබෝධය ඇති මට කවර ගුරුවරයෙක්ද? මාගේ ගුරුවරයා වශයෙන් කවරෙක් කියම්ද?
තත්ථ සබ්බාභිභූති සබ්බෙසං තෙභූමකධම්මානං අභිභවනතො සබ්බාභිභූ. සබ්බවිදූති විදිතසබ්බචතුභූමකධම්මො. සබ්බෙසු ධම්මෙසූති සබ්බෙසුපි තෙභූමකධම්මෙසු තණ්හාදිට්ඨීහි අනූපලිත්තො. සබ්බඤ්ජහොති සබ්බෙ තෙභූමකධම්මෙ ජහිත්වා ඨිතො. තණ්හක්ඛයෙ විමුත්තොති තණ්හක්ඛයන්තෙ උප්පාදිතෙ තණ්හක්ඛයසඞ්ඛාතෙ අරහත්තෙ අසෙඛාය විමුත්තියා විමුත්තො. සයං අභිඤ්ඤායාති අභිඤ්ඤෙය්යාදිභෙදෙ ධම්මෙ සයමෙව ජානිත්වා. කමුද්දිසෙය්යන්ති “අයං මෙ උපජ්ඣායො වා ආචරියො වා”ති කං නාම උද්දිසෙය්යන්ති.
එහි සබ්බාභිභූ සියළු ත්‍රෛභූමික ධර්ම මැඩ පැවැත්වූ සබ්බවිදූ - දැනගත් චාතුර් භුමික ධර්ම ධම්මෙසු තණ්හාදී සියළු ත්‍රෙභූමික ධර්මයන්හි තණ්හා දිට්ඨි ආදියෙහි නො ඇලුනේ, සබ්බංජහො සියලු ත්රෙභූමක ධර්මයන් හැර සිටියේ. තණ්හක්ඛය තෘෂ්ණා නැතිකරලීම් විමුනෙතා තණ්හාව නැති කිරීමෙන් උපන් අර්හත්භාවය සසරින් මිදීම ඇති සයං අභිඤ්ඤාය තමා විසින්ම අවබෝධ කරගෙන විශේෂ ඥාණ ලද මට කවර නම් ගුරුවරයෙක්ද කවර නම් උපාධ්යායෙක්ද කවුරුන් කියා දෙසන්නේද?
දෙසනාවසානෙ උපකො ආජීවකො තථාගතස්ස වචනං නෙවාභිනන්දි, න පටික්කොසි. සීසං පන චාලෙත්වා ජිව්හං නිල්ලාළෙත්වා එකපදිකමග්ගං ගහෙත්වා අඤ්ඤතරං ලුද්දකනිවාසනට්ඨානං අගමාසීති.
දේශනාව අවසානයේ උපක තෙම බුදුන්ගේ වචනයට සතුටු නොවීය. ප්‍රතික්ෂේප කළේද නැත. හිස සලා දිව නටවා හුදෙකලා මාර්ගයට පිවිස එක්තරා වැදි නිවාසස්ථානයක් කරා පිටත්ව ගියේය. (වංගකාර ජනපදයට)
උපකාජීවකවත්ථු නවමං.