යෙදුමෙන් කියවන්න

21. සක‍්කපඤ‍්හවත්‍ථු අට‍්ඨකථා

21. සක‍්කපඤ‍්හවත්‍ථු

21. ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ ප්‍රශ්න පිළිබඳ කථා පුවත

සබ‍්බදානන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සක‍්කං දෙවරාජානං ආරබ‍්භ කථෙසි.

“සබ්බ දානං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සක්දෙව් රජ නිමිති කරගෙන දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ තාවතිංසදෙවලොකෙ දෙවතා සන‍්නිපතිත්‍වා චත‍්තාරො පඤ‍්හෙ සමුට‍්ඨාපෙසුං “කතරං දානං නු ඛො දානෙසු, කතරො රසො රසෙසු, කතරා රති රතීසු ජෙට‍්ඨකා, තණ‍්හක‍්ඛයොව කස‍්මා ජෙට‍්ඨකොති වුච‍්චතී”ති? තෙ පඤ‍්හෙ එකා දෙවතාපි විනිච‍්ඡිතුං නාසක‍්ඛි. එකො පන දෙවො එකං දෙවං, සොපි අපරන‍්ති එවං අඤ‍්ඤමඤ‍්ඤං පුච‍්ඡන‍්තා දසසු චක‍්කවාළසහස‍්සෙසු ද‍්වාදස සංවච‍්ඡරානි විචරිංසු. එත‍්තකෙනාපි කාලෙන පඤ‍්හානං අත්‍ථං අදිස‍්වා දසසහස‍්සචක‍්කවාළදෙවතා සන‍්නිපතිත්‍වා චතුන‍්නං මහාරාජානං සන‍්තිකං ගන‍්ත්‍වා “කිං, තාතා, මහාදෙවතාසන‍්නිපාතො”ති වුත‍්තෙ “චත‍්තාරො පඤ‍්හෙ සමුට‍්ඨාපෙත්‍වා විනිච‍්ඡිතුං අසක‍්කොන‍්තා තුම‍්හාකං සන‍්තිකං ආගතම‍්හා”ති. “කිං පඤ‍්හං නාමෙතං, තාතා”ති. “දානරසරතීසු කතමා දානරසරතී නු ඛො සෙට‍්ඨා, තණ‍්හක‍්ඛයොව කස‍්මා සෙට‍්ඨො”ති ඉමෙ පඤ‍්හෙ විනිච‍්ඡිතුං අසක‍්කොන‍්තා ආගතම‍්හාති. තාතා, මයම‍්පි ඉමෙසං අත්‍ථෙ න ජානාම, අම‍්හාකං පන රාජා ජනසහස‍්සෙන චින‍්තිතෙ අත්‍ථෙ චින‍්තෙත්‍වා තඞ‍්ඛණෙනෙව ජානාති, සො අම‍්හෙහි පඤ‍්ඤාය ච පුඤ‍්ඤෙන ච විසිට‍්ඨො, එථ, තස‍්ස සන‍්තිකං ගච‍්ඡාමාති තමෙව දෙවගණං ආදාය සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා තෙනාපි “කිං, තාතා, මහන‍්තො දෙවසන‍්නිපාතො”ති වුත‍්තෙ තමත්‍ථං ආරොචෙසුං. “තාතා, ඉමෙසං පඤ‍්හානං අත්‍ථං අඤ‍්ඤොපි ජානිතුං න සක‍්කොති, බුද‍්ධවිසයා හෙතෙ. සත්‍ථා පනෙතරහි කහං විහරතී”ති පුච‍්ඡිත්‍වා “ජෙතවනෙ”ති සුත්‍වා “එථ, තස‍්ස සන‍්තිකං ගමිස‍්සාමා”ති දෙවගණෙන සද‍්ධිං රත‍්තිභාගෙ සකලං ජෙතවනං ඔභාසෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො “කිං, මහාරාජ, මහතා දෙවසඞ‍්ඝෙන ආගතොසී”ති වුත‍්තෙ, “භන‍්තෙ, දෙවගණෙන ඉමෙ නාම පඤ‍්හා සමුට‍්ඨාපිතා, අඤ‍්ඤො ඉමෙසං අත්‍ථං ජානිතුං සමත්‍ථො නාම නත්‍ථි, ඉමෙසං නො අත්‍ථං පකාසෙථා”ති ආහ.

එක් අවස්ථාවක තාවතිංස දෙව්ලොව දෙවියෝ රැස්වී ප්‍රශ්න හතරක් ඉපද වුහ. දානයන් අතර වඩා ශ්‍රේෂ්ඨ දානය කුමක්ද? රසයන් අතර කවර රසයක් ශ්‍රේෂ්ඨද, ඇලීම් අතර කවර ඇලීමක් උසස්ද තෘෂ්ණා ක්ෂය කිරිම කුමක් හෙයින් ශ්‍රේෂ්ඨ වන්නේද? මේ ප්‍රශ්නවලට එක දෙවියෙකුටද පිළිතුරු දීමට නොහැකි විය. එක දෙවියෙක් තවත් දෙවියෙකුගෙන් විමසා මේ ලෙසට එකිනෙකා විමසා දසදහසක් සක්වල දොළොස් වසරක් හැසිරුනහ. මෙතෙක් කලක් ප්‍රශ්නයන්ගේ අර්ථය නොදැන දසදහසක් සක්වල දෙවියෝ රැස්වී සතරමහ දෙව්රජවරුන් අසලට ගොස්, ඇයි දරුවනි මහාදේව සන්නිපාතයක් සිදුවූයේ විමසූවිට මේ ප්‍රශ්ණ හතර ඉදිරිපත් කළහ. එම ප්‍රශ්න මොනවද? දරුවනි විමසුහ. දානයන් අතර කවර දානයන් ශ්‍රේෂ්ඨවේද? රසයන් අතර කවර රසයක් ශ්‍රේෂ්ඨ වේද. ඇලීම් අතර කවර ඇලීමක් උසස්ද, තණ්හා ක්ෂය කිරීම කවරහෙයින් ශ්‍රේෂ්ඨ වේද? මේ ප්‍රශ්න විසඳාගැනීමට නොහැකිව පැමිණියෙමුයි කීහ. දරුවනි අපිද මෙම ප්‍රශ්නවල අර්ථ නොදනිමු. අපේ රජතුමා ජනයන් දහසක් සිතනන ලද අර්ථ සිතා ක්‍ෂණයකින් දැනගනී. ඔහු අපේ ප්‍රඥාවෙන්ද පිනෙන් ද විශිෂ්ටය. එන්න ඔහු සමීපයට යමු එම දේව සමූහයා ගෙන සක් දෙව් රජ වෙතට ගොස් ඔහු විසින් ද ඇයි දරුව මහත් දේව සන්නිපාතයක් කුමක් හෙයින් දැයි විමසුවේය. මෙම ප්‍රශ්න ඉදිරිපත් කළේය. දරුවෙනි. මෙම ප්‍රශ්නවලට අහේතුකව අර්ථ දැනගැනීමට නොහැකිය. මේවා බුද්ධ විෂයට හේතු වේ බුදුහු මේ අවස්ථාවේදී කොහේ වැඩ සිටිත්දැයි විමසා දෙව්රම බව දැන ගෙන එන්න උන්වහන්සේ වෙතට යන්නෙමුයි දේවගණයා සමග රාත්‍රි කාලයේ මුළු දෙව්රම බබුළුවා බුදුන්වෙත එළඹ වැඳ එකත් පසෙක සිට ඇයි මහරජ විශාල දේව පිරිසක් සමග පැමිණියේ යනුවෙන් ප්‍රශ්න කළහ. ස්වාමීනි මේ දේව සමුහය මේ ප්‍රශ්න ඇසුහ. මේවාට පිළිතුරු දෙන්න වෙනත් කෙනෙක් නැත. අපට මෙම ප්‍රශ්නවලට අර්ථ පවසනු මැනව. කී විට

සත්‍ථා “සාධු මහාරාජ, මයා හි පාරමියො පූරෙත්‍වා මහාපරිච‍්චාගෙ පරිච‍්චජිත්‍වා තුම‍්හාදිසානං කඞ‍්ඛච‍්ඡෙදනත්‍ථමෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිද‍්ධං, තයා පුච‍්ඡිතපඤ‍්හෙසු හි සබ‍්බදානානං ධම‍්මදානං සෙට‍්ඨං, සබ‍්බරසානං ධම‍්මරසො සෙට‍්ඨො, සබ‍්බරතීනං ධම‍්මරති සෙට‍්ඨා, තණ‍්හක‍්ඛයො පන අරහත‍්තං සම‍්පාපකත‍්තා සෙට‍්ඨොයෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

මහරජ හොඳයි මවිසින් පාරමිතා පුරා මහාපරිත්‍යාග කර තොප වැන්නන්ගේ සැකදුරලනු සඳහා ම සර්වඥතාඥාණය ලබන ලදිමි. ඔබ විසින් නගන ලද ප්‍රශ්නවලට “සියළු දාන අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සියළු රස අතර ධර්ම රසය ශ්‍රේෂ්ඨවේ. සියලුම ඇලීම් අතර ධර්ම රතිය වඩාත් ශ්‍රේෂ්ඨ වේ. තෘෂ්ණය කිරීම නම් රහත් බවට පැමිණෙන හෙයින් ශ්‍රේෂ්ඨයි” පවසා මෙම ගාථාව දේශනා කළහ -

“සබ‍්බදානං ධම‍්මදානං ජිනාති, සබ‍්බරසං ධම‍්මරසො ජිනාති; සබ‍්බරතිං ධම‍්මරති ජිනාති, තණ‍්හක‍්ඛයො සබ‍්බදුක‍්ඛං ජිනාතී”ති.

ධර්ම දානය සියලු මහදන් පරදවා ජයගනු ලබයි සියලු රසයට වඩා වැඩියෙන් දහම් රසයම සිත පිනයි නො ඇලෙමින් කිසිතැනෙක දහමෙහි ඇලීමම නිති හිතකරයි නැසු ආසා රහත් තෙර නම සියලු දුක් පරදා දින යි.

තත්‍ථ සබ‍්බදානං ධම‍්මදානන‍්ති සචෙපි හි චක‍්කවාළගබ‍්භෙ යාව බ්‍රහ‍්මලොකා නිරන‍්තරං කත්‍වා සන‍්නිසින‍්නානං බුද‍්ධපච‍්චෙකබුද‍්ධඛීණාසවානං කදලිගබ‍්භසදිසානි චීවරානි දදෙය්‍ය, තස‍්මිං සමාගමෙ චතුප‍්පදිකාය ගාථාය කතානුමොදනාව සෙට‍්ඨා. තඤ‍්හි දානං තස‍්සා ගාථාය සොළසිං කලං නාග‍්ඝති. එවං ධම‍්මස‍්ස දෙසනාපි වාචනම‍්පි සවනම‍්පි මහන‍්තං. යෙන ච පුග‍්ගලෙන බහූනං තං ධම‍්මස‍්සවනං කාරිතං, තස‍්සෙව ආනිසංසො මහා. තථාරූපාය එව පරිසාය පණීතපිණ‍්ඩපාතස‍්ස පත‍්තෙ පූරෙත්‍වා දින‍්නදානතොපි සප‍්පිතෙලාදීනං පත‍්තෙ පූරෙත්‍වා දින‍්නභෙසජ‍්ජදානතොපි මහාවිහාරසදිසානං විහාරානඤ‍්ච ලොහපාසාදසදිසානඤ‍්ච පාසාදානං අනෙකානි සතසහස‍්සානි කාරෙත්‍වා දින‍්නසෙනාසනදානතොපි අනාථපිණ‍්ඩිකාදීහි විහාරෙ ආරබ‍්භ කතපරිච‍්චාගතොපි අන‍්තමසො චතුප‍්පදිකාය ගාථාය අනුමොදනාවසෙනාපි පවත‍්තිතං ධම‍්මදානමෙව වරං සෙට‍්ඨං. කිං කාරණා? එවරූපානි හි පුඤ‍්ඤානි කරොන‍්තා ධම‍්මං සුත්‍වාව කරොන‍්ති, නො අසුත්‍වා. සචෙ හි ඉමෙ සත‍්තා ධම‍්මං න සුණෙය්‍යුං, උළුඞ‍්කමත‍්තං යාගුම‍්පි කටච‍්ඡුමත‍්තං භත‍්තම‍්පි න දදෙය්‍යුං. ඉමිනා කාරණෙන සබ‍්බදානෙහි ධම‍්මදානමෙව සෙට‍්ඨං. අපිච ඨපෙත්‍වා බුද‍්ධෙ ච පච‍්චෙකබුද‍්ධෙ ච සකලකප‍්පං දෙවෙ වස‍්සන‍්තෙ උදකබින්‍දූනි ගණෙතුං සමත්‍ථාය පඤ‍්ඤාය සමන‍්නාගතා සාරිපුත‍්තාදයොපි අත‍්තනො ධම‍්මතාය සොතාපත‍්තිඵලාදීනි අධිගන‍්තුං නාසක‍්ඛිංසු, අස‍්සජිත්‍ථෙරාදීහි කථිතධම‍්මං සුත්‍වා සොතාපත‍්තිඵලං සච‍්ඡිකරිංසු, සත්‍ථු ධම‍්මදෙසනාය සාවකපාරමීඤාණං සච‍්ඡිකරිංසු. ඉමිනාපි කාරණෙන, මහාරාජ, ධම‍්මදානමෙව සෙට‍්ඨං. තෙන වුත‍්තං – “සබ‍්බදානං ධම‍්මදානං ජිනාතී”ති.

එහි සබ්බදානං ධම්ම දානන්ති - ඉදින් සක්වල ගැබ බඹලොව දක්වා නිතර වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් දළු සමාන සිවුරු දෙන්නේද එම සමාගමයේ දී සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනයම ශ්‍රේෂ්ඨ වේ. එම දානය එම ගාථාවේ දහසයෙන් කොටසක් හෝ නොවටී. මෙලෙස ධර්ම දේශනයම වචනයෙන්ද ඇසීමෙන්ද මහත් වේ. යම් පුද්ගලයෙක් බොහෝ අයට ඒ ධර්ම ශ්‍රවණය කරන ලද්දේ නම් එහිම අනුසස් මහත්ය. මෙබඳු පිරිසකට ප්‍රණීත පිණ්ඩපාත පාත්‍රයේ පුරවා දෙන ලද දානයට වඩා ගිතෙල් පාත්‍රය පුරවා දෙන ලද දානයටද වඩා මහාවිහාරය වැනි මහවෙහෙරවල් ලෝහ මහා ප්‍රාසාද වැනි ප්‍රාසාද සියදහස් ගණනක් කරවා දුන්නේද අනේපිඬු සිටුවරයා ආදීන් විසින් විහාර වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ද වඩා පිරිසයෙන් සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනය වශයෙන් කරන ලද ධර්ම දානයම අගනේය. ශ්‍රේෂ්ඨ වන්නේය. කුමක් නිසාද එබඳු පිං කරන්නේ මෙබඳු ධර්ම දේශනා ඇසීම නිසාය. නො අසා එසේ නොකරති. ඉදින් මේ සත්ත්වයෝ ධර්මය නොඅසන්නේ නම් සැන්දක් පමණ බත් හෝ එපමණ කැඳවත් දන් නො දෙති. මේ කරුණ නිසා සියළු දානවලට වඩා ධර්මදානයම ශ්‍රේෂ්ඨ වේ. බුද්ධ - පච්චෙක බුද්ධවරයන් තබා මුළු කල්පයකට වසින වැසි බිඳු ගණන් කිරීමට සමත් ප්‍රඥාවෙන් යුත් සාරිපුත්ත මහතෙරුන් ආදීන් ද තම ධර්මතාව නිසා සෝවාන් ආදී ඵලයන් අවබෝධ කර ගැනීමට නොහැකිවුහ. අස්සජි ආදී තෙරවරුන් දේශනා කරන ලද ධර්මය අසාම සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ. මෙසේ අස්සජි තෙරුන් වැන්නෝ ද, බණ අසාම සෝවාන් වූහ. ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රාවක පාරමී ඤාණයම සාක්ෂත් කරන්නාහ. මේ කරුණින් ද මහරජ සියලු දානයන්ට වඩා ධර්ම දානයම ශ්‍රේෂ්ඨ වන්නේය.

සබ‍්බෙ පන ගන්‍ධරසාදයොපි රසා උක‍්කංසතො දෙවතානං සුධාභොජනරසොපි සංසාරවට‍්ටෙ පාතෙත්‍වා දුක‍්ඛානුභවනස‍්සෙව පච‍්චයො. යො පනෙස සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මසඞ‍්ඛාතො ච නවලොකුත‍්තරධම‍්මසඞ‍්ඛාතො ච ධම‍්මරසො, අයමෙව සබ‍්බරසානං සෙට‍්ඨො. තෙන වුත‍්තං – “සබ‍්බරසං ධම‍්මරසො ජිනාතී”ති.

සබ්බං රසං ධම්ම රසො ජිනාති සියළු ස්ඛන්ධ රස ආදී රසයන් අතුරෙන් උසස් ලෙස දෙවියන් ගේ සුධාභෝජන රසය ද සසර වෘතයට වැටී දුක් අනුභාවයටම හේතු වේ. යම් බදු වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සංඛ්‍යාත නවලොකොත්තර ධර්ම රසයම සියළු රසයන්ට වඩා ශ්‍රේෂ්ඨය. යන්න එයින් කියවේ.

යාපෙසා පුත‍්තරතිධීතුරතිධනරතිඉත්‍ථිරතිනච‍්චගීතවාදිතාදිරතිපභෙදා ච අනෙකප‍්පභෙදා රතී, සාපි සංසාරවට‍්ටෙ පාතෙත්‍වා දුක‍්ඛානුභවනස‍්සෙව පච‍්චයො. යා පනෙසා ධම‍්මං කථෙන‍්තස‍්ස වා සුණන‍්තස‍්ස වා වාචෙන‍්තස‍්ස වා අන‍්තො උප‍්පජ‍්ජමානා පීති උදග‍්ගභාවං ජනෙති, අස‍්සූනි පවත‍්තෙති, ලොමහංසං ජනෙති, සායං සංසාරවට‍්ටස‍්ස අන‍්තං කත්‍වා අරහත‍්තපරියොසානා හොති. තස‍්මා සබ‍්බරතීනං එවරූපා ධම‍්මරතියෙව සෙට‍්ඨා. තෙන වුත‍්තං – “සබ‍්බරතිං ධම‍්මරති ජිනාතී”ති තණ‍්හක‍්ඛයො පන තණ‍්හාය ඛයන‍්තෙ උප‍්පන‍්නං අරහත‍්තං සකලස‍්සපි වට‍්ටදුක‍්ඛස‍්ස අභිභවනතො සබ‍්බසෙට‍්ඨමෙව. තෙන වුත‍්තං – “තණ‍්හක‍්ඛයො සබ‍්බදුක‍්ඛං ජිනාතී”ති.

යම් පුත්‍ර රතිය. ධීතු රතිය, ධාන්‍ය රතිය, ස්ත්‍රී රතිය. ධන රතිය. නැටුම් ගැයුම්, වාදන ආදී අනේක රති තිබේ. මේ සියලු රතී සංසාර වට්ටයේ වැටී දුක් ඇති කිරීමට හේතුවේ. යම් කෙනෙක් ධර්මය අසයි නම් හෝ කියයි නම් හෝ කියවයි නම් ඇතුළත ඇතිවන ප්‍රීතිය උදග්ගභාවය ඇති කරයි. කඳුළු ඇති වේ. ලොමු ඩැහැ ගැනීම කෙරෙයි. සංසාර වට්ටය අවසන් කර අර්හත්වයට පත්කරවයි. එනිසා ධර්ම රතිය ශ්‍රේෂ්ඨ වේ. සබ්බං රතිං ධම්ම රති ජිනාති යනුවෙන් කීහ. තෘෂ්ණාව නැති කිරීම වනාහී. තෘෂ්ණාව නැති කිරීමෙන් උපදින්නා වූ අර්හත් බව සියලු සංසාර වෘත්ත දුඃඛයන් මැඩ පවත්වන බැවින් සියල්ලටම ශ්‍රේෂ්ඨ වේ “තණ්හක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති” යන්න එහෙයින් කියන ලදී.

එවං සත්‍ථරි ඉමිස‍්සා ගාථාය අත්‍ථං කථෙන‍්තෙයෙව චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. සක‍්කොපි සත්‍ථු ධම‍්මකථං සුත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එවමාහ – “භන‍්තෙ, එවංජෙට‍්ඨකෙ නාම ධම‍්මදානෙ කිමත්‍ථං අම‍්හාකං පත‍්තිං න දාපෙථ, ඉතො පට‍්ඨාය නො භික‍්ඛුසඞ‍්ඝස‍්ස කථෙත්‍වා පත‍්තිං දාපෙථ, භන‍්තෙ”ති. සත්‍ථා තස‍්ස වචනං සුත්‍වා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා, “භික‍්ඛවෙ, අජ‍්ජාදිං කත්‍වා මහාධම‍්මස‍්සවනං වා පාකතිකධම‍්මස‍්සවනං වා උපනිසින‍්නකථං වා අන‍්තමසො අනුමොදනම‍්පි කථෙත්‍වා සබ‍්බසත‍්තානං පත‍්තිං දදෙය්‍යාථා”ති ආහ.

මෙසේ ශාස්තෲන් වහන්සේ මෙම ගාථාවේ අර්ථය පැහැදිලි කරනවිට අසුහාර දාහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය. සක් දෙවිඳු ද ධර්මය අසා බුදුන් වැඳ මෙලෙස පැවසුවේය. ස්වාමීනි මෙතරම් උතුම් ධර්ම දානයෙන් අපට ප්‍රාප්තිය නො දෙත්ද? ඉන්පසු භික්ෂු සංඝයාට කථා කොට ප්‍රාප්තිය දෙනු මැනව. බුදුහු ඔහුගේ වචනය අසා භික්ෂු සංඝයා රැස් කරවා මහණෙනි අද පටන් මහා ධර්මයකින් හෝ ප්‍රකෘති ධර්ම ශ්‍රවණයක් හෝ උපනිශ්‍රිත කථාවක් හෝ යටත් පිරිසයෙන් අනුමෝදනයක් හෝ කියා සියලු සත්ත්වයන්ට පින් අනුමෝදන් කරන්නැයි වදාළහ.

සක‍්කපඤ‍්හවත්‍ථු දසමං.