22. අපුත්තකසෙට්ඨිවත්ථු අට්ඨකථා
22. අපුත්තකසෙට්ඨිවත්ථු
22. අපුත්තක සිටුවරයා පිළිබඳ කථා පුවත
හනන්ති භොගාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අපුත්තකසෙට්ඨිං නාම ආරබ්භ කථෙසි.
“හනන්ති භෝගා” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී අපුත්තක සිටුවරයා නිමිති කරගෙන දේශනා කළහ.
තස්ස කිර කාලකිරියං සුත්වා රාජා පසෙනදි කොසලො “අපුත්තකං සාපතෙය්යං කස්ස පාපුණාතී”ති පුච්ඡිත්වා “රඤ්ඤො”ති සුත්වා සත්තහි දිවසෙහි තස්ස ගෙහතො ධනං රාජකුලං අභිහරාපෙත්වා සත්ථු සන්තිකං උපසඞ්කමිත්වා “හන්ද කුතො නු ත්වං, මහාරාජ, ආගච්ඡසි දිවාදිවස්සා”ති වුත්තෙ “ඉධ, භන්තෙ, සාවත්ථියං සෙට්ඨි, ගහපති, කාලකතො, තමහං අපුත්තකං සාපතෙය්යං රාජන්තෙපුරං අභිහරිත්වා ආගච්ඡාමී”ති ආහ. සබ්බං සුත්තෙ (සං· නි· 1.130) ආගතනයෙනෙව වෙදිතබ්බං.
සැවැත් නුවර සිටි දූ දරුවන් නැති සිටුවරයා කළුරිය කළ බව අසා පසේනදී කොසොල් රජු අපුත්තකගේ ධනය කොටස ලැබේදැයි විමසා රජුට බව දැනගෙන දින හතකින් ඔහුගේ නිවසින් ධනය රාජමන්දිරයට ගෙන්වා ගෙන බුදුවෙත එළඹ සිටිවිට, බුදුහු ඇයි මහරජ මේ මහදවල් කොහි සිට ආවේදැයි විමසුවිට ස්වාමීනි සැවැත් නුවර සිටුගෘහපතියා කළුරිය කළේය. දරුවන් නොමැති ඔහුගේ වස්තුව රාජ මන්දිරයට ගෙනවුත් මම මෙහි ආවෙමියි පැවසීය. සියල්ල සුත්‍රයේ සඳහන් පරිදි දැනගත යුතුය.
සො කිර සුවණ්ණපාතියා නානග්ගරසභොජනෙ උපනීතෙ “එවරූපං නාම මනුස්සා භුඤ්ජන්ති, කිං තුම්හෙ මයා සද්ධිං ඉමස්මිං ගෙහෙ කෙළිං කරොථා”ති භොජනෙ උපට්ඨිතෙ ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරිත්වා පලාපෙත්වා “ඉදං මනුස්සානං භොජන”න්ති කණාජකං භුඤ්ජති බිළඞ්ගදුතියං. වත්ථයානඡත්තෙසුපි මනාපෙසු උපට්ඨාපිතෙසු තෙ මනුස්සෙ ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරන්තො පලාපෙත්වා සාණානි ධාරෙති, ජජ්ජරරථකෙන යාති පණ්ණඡත්තකෙන ධාරියමානෙනාති එවං රඤ්ඤා ආරොචිතෙ සත්ථා තස්ස පුබ්බකම්මං කථෙසි.
මේ සිටුවරයා වනාහි රන් තැටියක ඉතා රස ආහාර භෝජන ගෙනදුන්විට, මේවා මිනිසුන් අනුභව කරන්නේ? ඇයි ඔබ මා සමග මේ ගෙයි ක්‍රීඩා කරන්නේ භෝජන දුන් විට ගල්කටු දඩු ආදියෙන් පහරදී පළවාහැර මේ මිනිසුන්ගේ ආහාරයයි සුන්සහල් බත් අනුභව කරයි. ඒ ඇඹුල් කාඩි හොදි සමගය. වත්ර - යාන - කුඩ ආදිය ද වටිනා මනවඩන ද දුන්විට දී එම මිනිසුන්ට ගල්කැට - දඩුමුගුරුවලින් පහර දී පළවාහැර හණවැහැරි දරයි. දිරාගිය යානයක ගමන් කරයි. කොළවලින් තැනු කුඩයක් දරයි. මෙලෙස රජු දන්වා සිටියාට පසු බුදුහු ඔහුගේ පූර්ව කර්මය දේශනා කළහ.
භූතපුබ්බං සො, මහාරාජ, සෙට්ඨි, ගහපති, තගරසිඛිං නාම පච්චෙකබුද්ධං පිණ්ඩපාතෙන පටිපාදෙසි. “දෙථ සමණස්ස පිණ්ඩ”න්ති වත්වා සො උට්ඨායාසනා පක්කාමි. තස්මිං කිර අස්සද්ධෙ බාලෙ එවං වත්වා පක්කන්තෙ තස්ස භරියා සද්ධා පසන්නා “චිරස්සං වත මෙ ඉමස්ස මුඛතො ‘දෙහී’ති වචනං සුතං, අජ්ජ මම මනොරථං පූරෙන්තී පිණ්ඩපාතං දස්සාමී”ති පච්චෙකබුද්ධස්ස පත්තං ගහෙත්වා පණීතභොජනස්ස පූරෙත්වා අදාසි. සොපි නිවත්තමානො තං දිස්වා “කිං, සමණ, කිඤ්චි තෙ ලද්ධ”න්ති පත්තං ගහෙත්වා පණීතපිණ්ඩපාතං දිස්වා විප්පටිසාරී හුත්වා එවං චින්තෙසි – “වරමෙතං පිණ්ඩපාතං දාසා වා කම්මකරා වා භුඤ්ජෙය්යුං. තෙ හි ඉමං භුඤ්ජිත්වා මය්හං කම්මං කරිස්සන්ති, අයං පන ගන්ත්වා භුඤ්ජිත්වා නිද්දායිස්සති, නට්ඨො මෙ සො පිණ්ඩපාතො”ති. සො භාතු ච පන එකපුත්තකං සාපතෙය්යස්ස කාරණා ජීවිතා වොරොපෙසි. සො කිරස්ස අඞ්ගුලිං ගහෙත්වා විචරන්තො “ඉදං මය්හං පිතුසන්තකං යානකං, අයං තස්ස ගොණො”තිආදීනි ආහ. අථ නං සො සෙට්ඨි “ඉදානි තාවෙස එවං වදෙති, ඉමස්ස පන වුඩ්ඪිප්පත්තකාලෙ ඉමස්මිං ගෙහෙ භොගෙ කො රක්ඛිස්සතී”ති තං අරඤ්ඤං නෙත්වා එකස්මිං ගච්ඡමූලෙ ගීවාය ගහෙත්වා මූලකන්දං විය ගීවං ඵාලෙත්වා මාරෙත්වා තත්ථෙව ඡඩ්ඩෙසි. ඉදමස්ස පුබ්බකම්මං. තෙන වුත්තං –
මහරජ ඔහු පෙරදී තගරසිබී පසේ බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩි වේලේ මේ ශ්‍රමණයාට. පිණ්ඩපාතය දෙන්නැයි බිරිඳට කියා, වාඩිවී සිටි අසුනෙන් නැගිට ගියේය. ශ්‍රද්ධා නැති බාලයා මෙසේ කියා ගියවිට ඔහුගේ බිරිය ශ්රද්ධාවත් වූයේ බොහෝ කලකින් ඔහුගේ මුවෙන් දෙන්න යයි වචනය ඇසු නිසා අද මගේ මනදොළ පිරෙන සේ පිණ්ඩපාතය දෙමියි පස්සේ බුදුන්ගේ පාත්‍රය ගෙන ප්රණිත භෝජන පුරවා දුනි. සිටුවරයා නැවත ගෙදර එනවිට පසේ බුදුන් දැක, ශ්‍රමණය ඔබ කිසිවක් ලැබුවේදැයි විමසුවේය. ඔහු පාත්‍රය ගෙන ප්‍රණීත ආහාර දැක විපිලිසර මෙලෙසට සිතුවේය. මේ පිණ්ඩපාතය උතුම්ය. මේ ආහාර මගේ දාසයන් හෝ කම්කරුවන් කෑවේ නම්. ඔහු මගේ කර්මාන්ත කරන්නාහුය. මේ තැනැත්තා ගොස් මේවා අනුභව කර නිදාගන්නේය. මගේ ආහාරය නිර්ථක ලෙස නැතිවුණි. තව ද ඔහු අපුත්තක වීමට හේතුව මෙසේ වදාළහ. ඔහුගේ සහෝදරයාගේ පුතෙකු ඔහු සමීපයේ වැඩුනි. එම සහෝදරයාගේ පුතා මොහුගේ ඇගිල්ල අල්ලාගෙන ඇවිදින කාලයේ, එසේ ඇවිදිමින් හැසිරෙමින් මෙය මගේ පියා සතු රථයයි. මේ ඔහුගේ ගොණායි. මේ ආදිය කීවේය. අනතුරුව මේ සිටුවරයා දැන්මම මොහු මේවා කියයි නම් මොහු වැඩුන පසු ගෙදර සම්පත් කවුරු හෝ දකින්නේය මේ පුතා අතර ද වස්තුව ඉඩකඩම් බෙදෙන්නේ යයි සිතා. ඔහු කැලයට ගෙනගොස් එක් ගසක් මුලදී බොටුව අඹරා මුල්කඳ සේ පලා මරා ගෙල සොලවා එහිම වළට විසි කළේය. මේ ඔහුගේ පුර්ව අකුශල කර්මයයි. ඒ පවින් ඔහු අපුත්තක විය.
“යං ඛො සො, මහාරාජ, සෙට්ඨි, ගහපති, තගරසිඛිං පච්චෙකබුද්ධං පිණ්ඩපාතෙන පටිපාදෙසි, තස්ස කම්මස්ස විපාකෙන සත්තක්ඛත්තුං සුගතිං සග්ගං ලොකං උපපජ්ජි, තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඉමිස්සායෙව සාවත්ථියා සත්තක්ඛත්තුං සෙට්ඨිත්තං කාරෙසි. යං ඛො සො, මහාරාජ, සෙට්ඨි, ගහපති, දත්වා පච්ඡා විප්පටිසාරී අහොසි ‘වරමෙතං පිණ්ඩපාතං දාසා වා කම්මකරා වා භුඤ්ජෙය්යු’න්ති, තස්ස කම්මස්ස විපාකෙන නාස්සුළාරාය භත්තභොගාය චිත්තං නමති, නාස්සුළාරාය වත්ථභොගාය, නාස්සුළාරාය යානභොගාය, නාස්සුළාරානං පඤ්චන්නං කාමගුණානං භොගාය චිත්තං නමති. යං ඛො සො, මහාරාජ, සෙට්ඨි, ගහපති, භාතු ච පන එකපුත්තං සාපතෙය්යස්ස කාරණා ජීවිතා වොරොපෙසි, තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්ථ, තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඉදං සත්තමං අපුත්තකං සාපතෙය්යං රාජකොසං පවෙසෙති. තස්ස ඛො පන, මහාරාජ, සෙට්ඨිස්ස ගහපතිස්ස පුරාණඤ්ච පුඤ්ඤං පරික්ඛීණං, නවඤ්ච පුඤ්ඤං අනුපචිතං. අජ්ජ පන, මහාරාජ, සෙට්ඨි, ගහපති, මහාරොරුවෙ නිරයෙ පච්චතී”ති (සං· නි· 1.131).
මහරජ ගෘහපති සිටුවරයා තගරසී බී පසේ බුදුන් පිණ්ඩපාතයෙන් පිදුවේද එම කුශල කර්මයේ විපාකයෙන් හත්වරක් දිව්‍ය ලෝකයේ ඉපිද එම කර්මයේම විපාක වශයෙන් මේ සැවැත් නුවර හත්වරක් සිටු තනතුර දැරුවේය. මහරජ මේ සිටුවරයා දන් දී පසුව විපිළිසර වී ද, දානයන් මගේ කම්කරුවන්ට දුන්නේ නම් හොඳයයි සිතුවේද? එම විපාකය නිසා ඔහුට ප්රණිත ආහාර ගැනිමට සිත් නොදේ. වස්ත්‍ර - යාන හා පඤ්චකාමගුණ ලැබීමට සිත් ඇති නොවේ. එමෙන්ම වස්තුව නිසා සහෝදරයාගේ එකම පුතා ඝාතනය කළේද එම අකුශල විපාකය නිසා බොහෝ වර්ෂ සිය දහස් ගණනක් නරකයේ පැසී එම කර්මයට විපාක වශයෙන් මේ සත්වැනි ආත්මයේ ද ධනයට හිමි දරුවෙක් නොමැතිව සම්පත් රාජසන්තක විය. මහරජ මේ සිටුවරයාගේ පැරණි පින ද අවසන් විය අළුත් පින් ද රැස් නොකළේය. මහරජ මේ සිටුවරයා අද මහා රෞරව නරකයේ පැසෙන්නේය.
රාජා සත්ථු වචනං සුත්වා “අහො, භන්තෙ, භාරියං කම්මං, එත්තකෙ නාම භොගෙ විජ්ජමානෙ නෙව අත්තනා පරිභුඤ්ජි, න තුම්හාදිසෙ බුද්ධෙ ධුරවිහාරෙ විහරන්තෙ පුඤ්ඤකම්මං අකාසී”ති ආහ. සත්ථා “එවමෙතං, මහාරාජ, දුම්මෙධපුග්ගලා නාම භොගෙ ලභිත්වා නිබ්බානං න ගවෙසන්ති, භොගෙ නිස්සාය උප්පන්නතණ්හා පනෙතෙ දීඝරත්තං හනතී”ති වත්වා ඉමං ගාථමාහ –
රජ බුද්ධ වචනය අසා අහෝ ස්වාමීනි බැරෑරුම් කර්මයෙකි. මෙපමණ සම්පත් ලබා තමන්ද පරිභෝග නොකළේය. ඔබ වහන්සේ වැනි බුදුන් වැඩසිටි විහාරයට ආසන්නයේ සිට පිංකමක්ද නොකළේය. එය එසේය මහරජ, අනුවණ මිනිසුන් නම් බොහෝ භෝග ලැබ නිර්වාණය ගවේෂණය නො කරත් (නො සොයත්). භෝගයන් හේතුවෙන් ඉපදුනු තෘෂ්ණාව වනාහි පුද්ගලයන් බොහෝ කලක් නසයි යැයි පවසා මෙම ගාථාව වදාළ සේක.
“හනන්ති භොගා දුම්මෙධං, නො ච පාරගවෙසිනො; භොගතණ්හාය දුම්මෙධො, හන්ති අඤ්ඤෙව අත්තන”න්ති.
සම්පතකාමි අනුවණයෝ අනුන් නසා තමනුත් නසී වස්තුව ඉඩ කඩම් නිසා සොයනා නිවන්මග උතුමෝ, දහම් අසා සසරින් මිදෙති දස සංයෝජනම නසා
පරතෙර නොසයන අඥානයෝ භෝග වනසති. අනුවණයෝ සම්පත් කෙරෙහි ලෝභකමෙන් තමන්ද අන්අය ද විනාශ කරති.
තත්ථ නො ච පාරගවෙසිනොති යෙ පන නිබ්බානපාරගවෙසිනො පුග්ගලා, න තෙ භොගා හනන්ති. අඤ්ඤෙව අත්තනන්ති භොගෙ නිස්සාය උප්පන්නාය තණ්හාය දුප්පඤ්ඤො පුග්ගලො පරෙ විය අත්තානමෙව හනතීති අත්ථො.
එහි නො චෙ - පාරග ගවෙ සිනො යම් පරතෙර හෝ අවසානය සොයන පුද්ගලයෙක් සම්පත් විනාශ නොකරයි. අඤ්ඤෙව අත්තානන්ති සම්පත් නිසා ඇතිවු තෘෂ්ණාවෙන් අනුවණයෝ අනුන් ද තමන් ද විනාශ කරති - යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
අපුත්තකසෙට්ඨිවත්ථු එකාදසමං.