යෙදුමෙන් කියවන්න

23-26. අඞ‍්කුරවත්‍ථු අට‍්ඨකථා

23-26. අඞ‍්කුරවත්‍ථු

23-26. අඞ්කුර දෙවියන් පිළිබඳ කථා පුවත

තිණදොසානීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා පණ‍්ඩුකම‍්බලසිලායං විහරන‍්තො අඞ‍්කුරං ආරබ‍්භ කථෙසි.

“තිණදෝසානි” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ වැඩසිටිය දී අංකුර දෙවියා නිමිති කරගෙන දේශනා කළහ.

වත්‍ථු “යෙ ඣානප‍්පසුතා ධීරා”ති (ධ· ප· 181) ගාථාය විත්‍ථාරිතමෙව. වුත‍්තඤ‍්හෙතං තත්‍ථ ඉන්‍දකං ආරබ‍්භ. සො කිර අනුරුද‍්ධත්‍ථෙරස‍්ස අන‍්තොගාමං පිණ‍්ඩාය පවිට‍්ඨස‍්ස අත‍්තනො ආභතං කටච‍්ඡුමත‍්තකං භික‍්ඛං දාපෙසි. තදස‍්ස පුඤ‍්ඤං අඞ‍්කුරෙන දසවස‍්සසහස‍්සානි ද‍්වාදසයොජනිකං උද‍්ධනපන‍්තිං කත්‍වා දින‍්නදානතො මහප‍්ඵලතරං ජාතං. තස‍්මා එවමාහ. එවං වුත‍්තෙ සත්‍ථා, “අඞ‍්කුර, දානං නාම විචෙය්‍ය දාතුං වට‍්ටති, එවං තං සුඛෙත‍්තෙ සුවුත‍්තබීජං විය මහප‍්ඵලං හොති. ත්‍වං පන තථා නාකාසි, තෙන තෙ දානං න මහප‍්ඵලං ජාත”න‍්ති ඉමමත්‍ථං විභාවෙන‍්තො –

කථා පුවත “යෙ ඣාන පසුතාධීරා” යන ගාථාව විස්තරයේ සඳහන්වෙයි. එහිදී ඉන්ද්‍රක දේව පුත් නිමිති කරගෙන පැවසුහ. ඔහු වනාහි ඇතුළු ගමට පිඩුපිණිස වැඩමකළ අනුරුද්ධ තෙරුන්ට හැන්දක් පමණ පිණ්ඩපාතය දුන්නේය. ඔහුගේ මේ පින නිසා අංකුර දසදහසක් අවුරුදු දොළොස් යොදුනක් උදුන් පෙළ බැඳ දුන් දානයට වඩා මහත්පල මහානිසංශ විය. එනිසා මෙසේ පැවසුහ. මේ නිසා අංකුරගේ දානය මෙන් සිතා විමසා දන්දිය යුතුය එය යහපත් කෙතක වැපිරූ බිජයක් සේ මහත්ඵල මහානිසංශ වේ. ඔබ එලෙස නොකළේය. එනිසා ඔබේ දානය මහත්ඵල නොවීය. මෙය විස්තර කරමින් -

“විචෙය්‍ය දානං දාතබ‍්බං, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං; විචෙය්‍ය දානං සුගතප‍්පසත්‍ථං, යෙ දක‍්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ; එතෙසු දින‍්නානි මහප‍්ඵලානි, බීජානි වුත‍්තානි යථාසුඛෙත‍්තෙ”ති. (පෙ· ව· 329) –

“විචෙය දානං දාතබ්බං - යත්ථ දින්නං මහප්ඵලං” යම් පුද්ගලයෙකු විෂයෙහි දන් දීමෙහි දී දෙන ලද දානය මහත්ඵල මහානිසංශ වේදැයි සොයා බලා දානය දිය යුතුය. නුවණින් සොයා දන් දෙන දායකයෝ වර්ගයට පැමිණෙත්. යම් කෙනෙකුට දන් දීමෙන් මහත්ඵල මහානිසංශ වේද එනිසා බුදුන් විසින් පවසන ලද දානය විමසා දිය යුතුය මෙලොව දක්ෂිණාභ උතුමන්ට දන් දීමෙන් මහත්පල මහානිසංශ වේ. එය යහපත් කුඹුරක වපුරන ලද බීජ මෙනි.

වත්‍වා උත‍්තරිම‍්පි ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

තවදුරටත් ධර්ම දේශනා කරමින් මේ ගාථා පැවසුහ.

“තිණදොසානි ඛෙත‍්තානි, රාගදොසා අයං පජා; තස‍්මා හි වීතරාගෙසු, දින‍්නං හොති මහප‍්ඵලං.

රාග දොෂයෙන් යුත් මේ ප්‍රජාව තෘණ දෝෂයෙන් යුතු කෙතක් වැනි වේ. එනිසා වීතරාගී උතුමන්ට දුන් දානය මහත්ඵල මහානිසංශ වේ.

“තිණදොසානි ඛෙත‍්තානි, දොසදොසා අයං පජා; තස‍්මා හි වීතදොසෙසු, දින‍්නං හොති මහප‍්ඵලං.

ද්වේශයෙන් යුතු මේ ප්‍රජාව තෘණ වැවුන කෙතක් වැන්න. එනිසා ද්වේශයෙන් තොර උතුමන්ට දීම මහත්ඵල වේ.

“තිණදොසානි ඛෙත‍්තානි, මොහදොසා අයං පජා; තස‍්මා හි වීතමොහෙසු, දින‍්නං හොති මහප‍්ඵලං.

මෝහයෙන් යුත් මේ ප්‍රජාව තෘණ වැවුන කෙතක් වැන්න, මෝහය නැති උතුමන්ට දීම මහත්ඵල වේ.

“තිණදොසානි ඛෙත‍්තානි, ඉච‍්ඡාදොසා අයං පජා; තස‍්මා හි විගතිච‍්ඡෙසු, දින‍්නං හොති මහප‍්ඵල”න‍්ති.

ඉච්ඡාදොෂයෙන් යුත් මේ ප්‍රජාව තෘණ වැඩුන කෙතක් බඳුය. ඉච්ඡාදෝෂයෙන් තොර උතුමන්ට දීම මහත් ඵල වේ.

බොරු පන්. ඉලුක් තණ - පැළ වූ පුරන් කුඹුරක වැපුරුව ද බිත්තර වී - අස්වැන්න නොලැබේමයි. ත පෝ ගුණ සිල් ගුණ - නැත්තන්ට දන් දීම ද පුරන් වූ කුඹුරක - වැපුරුවා මෙන් වේ.

තත්‍ථ තිණදොසානීති සාමාකාදීනි තිණානි උට‍්ඨහන‍්තානි පුබ‍්බණ‍්ණාපරණ‍්ණානි ඛෙත‍්තානි දූසෙන‍්ති, තෙන තානි න බහුඵලානි හොන‍්ති. එවං සත‍්තානම‍්පි අන‍්තො රාගො උප‍්පජ‍්ජන‍්තො සත‍්තෙ දූසෙති, තෙන තෙසු දින‍්නං මහප‍්ඵලං න හොති. ඛීණාසවෙසු දින‍්නං පන මහප‍්ඵලං හොති. තෙන වුත‍්තං –

එහි තිණදෝසානි තෘණ දෝෂ නම් ඉලුක් ආදී තෘණ ඇතිවී පුරන් වූ කෙත්වල වැපිරීමෙන් අස්වැන්න ගත නොහැකිය. මෙලෙසට සත්ත්වයන්ගේ සිත් තුළ රාගය ඉපදීමෙන් දුෂණය වේ. එනිසා - රාග - දොස - මෝහයෙන් යුතු පුද්ගලයන්ට දීමෙන් මහත්ඵල ඇති නොවේ. එවැනි දෝෂ රහිත උතුමන්ට දීමෙන් මහත්ඵල ඇතිවේ.

“තිණදොසානි ඛෙත‍්තානි, රාගදොසා අයං පජා; තස‍්මා හි වීතරාගෙසු, දින‍්නං හොති මහප‍්ඵල”න‍්ති. –

සෙසගාථාසුපි එසෙව නයො.

දෙසනාවසානෙ අඞ‍්කුරො ච ඉන්‍දකො ච සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාව අවසානයේ අංකුර ද, ඉන්ද්‍රකද සෝවාන් ඵලයේ පිහිටියහ. රැස්ව සිටි හැම දෙනට දේශනය සාර්ථක විය.

අඞ‍්කුරවත්‍ථු ද‍්වාදසමං.

තණ‍්හාවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

තණ්හා වග්ග වර්ණය නිමියේය.

චතුවීසතිමො වග‍්ගො.

විසි හතරවැනි වර්ගයයි.