1-2. පඤ්චභික්ඛුවත්ථු අට්ඨකථා
1-2. පඤ්චභික්ඛුවත්ථු
1-2. භික්ෂූන් පස් දෙනාගේ කථා පුවත
චක්ඛුනා සංවරොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්ච භික්ඛූ ආරබ්භ කථෙසි.
“වක්ඛුනා සංවරෝ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී භික්ෂූන් පස්නමක් නිමිති කරගෙන දේශනා කළහ.
තෙසු කිර එකෙකො චක්ඛුද්වාරාදීසු පඤ්චසු ද්වාරෙසු එකෙකමෙව රක්ඛි. අථෙකදිවසං සන්නිපතිත්වා “අහං දුරක්ඛං රක්ඛාමි, අහං දුරක්ඛං රක්ඛාමී”ති විවදිත්වා “සත්ථාරං පුච්ඡිත්වා ඉමමත්ථං ජානිස්සාමා”ති සත්ථාරං උපසඞ්කමිත්වා, “භන්තෙ, මයං චක්ඛුද්වාරාදීනි රක්ඛන්තා අත්තනො අත්තනො රක්ඛනද්වාරමෙව දුරක්ඛන්ති මඤ්ඤාම, කො නු ඛො අම්හෙසු දුරක්ඛං රක්ඛතී”ති පුච්ඡිංසු. සත්ථා එකං භික්ඛුම්පි අනොසාදෙත්වා, “භික්ඛවෙ, සබ්බානි පෙතානි දුරක්ඛානෙව, අපි ච ඛො පන තුම්හෙ න ඉදානෙව පඤ්චසු ඨානෙසු අසංවුතා, පුබ්බෙපි අසංවුතා, අසංවුතත්තායෙව ච පණ්ඩිතානං ඔවාදෙ අවත්තිත්වා ජීවිතක්ඛයං පාපුණිත්ථා”ති වත්වා “කදා, භන්තෙ”ති තෙහි යාචිතො අතීතෙ තක්කසිලජාතකස්ස වත්ථුං විත්ථාරෙත්වා රක්ඛසීනං වසෙන රාජකුලෙ ජීවිතක්ඛයං පත්තෙ පත්තාභිසෙකෙන මහාසත්තෙන සෙතච්ඡත්තස්ස හෙට්ඨා රාජාසනෙ නිසින්නෙන අත්තනො සිරිසම්පත්තිං ඔලොකෙත්වා “වීරියං නාමෙතං සත්තෙහි කත්තබ්බමෙවා”ති උදානවසෙන උදානිතං –
මෙම භික්ෂූන් අතර එක් එක් භික්ෂුවක් චක්ඛු ද්වාර ආදී පඤ්ච ද්වාර අතුරින් එක් එක් ද්වාරයක් ආරක්ෂා කළහ. මේ අතර දිනක් රැස්වී මම දුෂ්කර දෙයක් ආරක්ෂා කරමි මම දුෂ්කර ඉන්ද්‍රියන් රකිමියි. විවාද කර බුදුන්ගෙන් විමසා මෙහි අර්ථය දැනගනිමුයි තථාගතයන් වහන්සේ වෙත පැමිණ - ස්වාමීනි අපි චක්ඛු ද්වාර ආදී පඤ්ච ද්වාර ආරක්ෂා කර තම තමන් රක්ෂණය කරන වාරයම වඩාත් දුෂ්කර යයි සිතමු. මේ වාර අතරින් කවර වාරයක් ආරක්ෂාව අපහසු දැයි විමසුහ. බුදුහු එකම භික්ෂුවකට ද අපහාස නොකර - මහණෙනි මේ සියළු ඉන්ද්රිය සංවර කිරීම - දුෂ්කර වේ. මහණෙනි ඔබ දැන් පමණක් නොව පෙරද පස්තැනක අසංවර වූහ. එනිසා පඩිවරුන්ගේ අවවාදයේ නොපිහිටා ජිවිතක්ෂයට පත්වුණි. ස්වාමීනි කවරදාද ඔවුන්ගේ ඉල්ලීම අනුව අතීතය පෙන්වා දුන්හ. අතීතයේ (මා දුන් අවවාද නො පිළිගෙන) රකුසියගේ වසඟයට පත්ව තොප ජීවිතක්ෂයට පත් වු අතර, රකුසිය කෙරෙහි නො ඇලුනු මම තක්සිලාවේ රජකමට පත්ව, ශ්වේතඡත්‍රය යට සිංහාසනයේ හිඳිමින් තමන්ගේ රජසිරි සැපත් බලා වීර්යය නම් සෑම කෙනෙකු විසින්ම කළ යුතුයයි කියා උදාන වශයෙන් මේ ගාථාව පැවසුහ -
“කුසලූපදෙසෙ ධිතියා දළ්හාය ච, අනිවත්තිතත්තාභයභීරුතාය ච; න රක්ඛසීනං වසමාගමිම්හසෙ, ස සොත්ථිභාවො මහතා භයෙන මෙ”ති. (ජා· 1.1.132) –
දැඩි ලෙස ධාරණී ප්‍රඥාවෙන් ද කුශල උපදේශයේ ද සිටිය හෙයින් බියපත් නොවී රාක්ෂියන්ගේ වසඟයට නොගොස් මහත් සම්පත් ලැබීම්.
ඉමං ගාථං දස්සෙත්වා “තදාපි තුම්හෙව පඤ්ච ජනා තක්කසිලායං රජ්ජගහණත්ථාය නික්ඛන්තං මහාසත්තං ආවුධහත්ථා පරිවාරෙත්වා මග්ගං ගච්ඡන්තා අන්තරාමග්ගෙ රක්ඛසීහි චක්ඛුද්වාරාදිවසෙන උපනීතෙසු රූපාරම්මණාදීසු අසංවුතා පණ්ඩිතස්ස ඔවාදෙ අවත්තිත්වා ඔලීයන්තා රක්ඛසීහි ඛාදිතා ජීවිතක්ඛයං පාපුණිත්ථ. තෙසු පන ආරම්මණෙසු සුසංවුතො පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධන්තිං දෙවවණ්ණිං යක්ඛිනිං අනාදියිත්වා සොත්ථිනා තක්කසිලං ගන්ත්වා රජ්ජං පත්තො රාජා අහමෙවා”ති ජාතකං සමොධානෙත්වා, “භික්ඛවෙ, භික්ඛුනා නාම සබ්බානි ද්වාරානි සංවරිතබ්බානි. එතානි හි සංවරන්තො එව සබ්බදුක්ඛා පමුච්චතී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
මේ ගාථාව දක්වා එදාද තෙපි දෙනා තක්ෂිලාවේ රාජ්‍යය ගැනීම සඳහා නික්මී මහා සත්ත්වයන් පිරිවරා ආයුධ ඇතිව මග යන්නේ අතරමග රාක්ෂීන් විසින් චක්ඛු ද්වාරාදී වශයෙන් පැමිණි රූපාදී අරමුණුවල අසංවර වී පඬිවරුන්ගේ අවවාද නොපිහිටා වසග වී රකුසියන් විසින් කන ලද්දේ මරණයට පැමිණියහ. එම අරමුණුවල සංවර වී පසුපස ලුහුබැදී දෙව්දුවක් බඳු රකුසිය නොසලකා හොඳින් තක්ෂිලාවට ගොස් රාජ්‍යයට පත් වූයේ මමම යයි මේ තක්ෂිලා ජාතකය සසඳා මහණෙනි භික්ෂුවක් විසින් සියළු ද්වාර සංවර කළ යුතුය. මෙම ද්වාර සංවර කරන්නේ සියළු දුකින් මිදේ යයි පවසා ධර්ම දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
“චක්ඛුනා සංවරො සාධු, සාධු සොතෙන සංවරො; ඝානෙන සංවරො සාධු, සාධු ජිව්හාය සංවරො.
ඇස, කණ - නහය දිව සංවර කළ යුතුය
“කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො; මනසා සංවරො සාධු, සාධු සබ්බත්ථ සංවරො; සබ්බත්ථ සංවුතො භික්ඛු, සබ්බදුක්ඛා පමුච්චතී”ති.
කය සහ මනස සදොරම රැකගත යුතුය සංවර කරන ලද සිත මහබල ගතුය සදොරම සංවරය මහණෙකු කළ යුතුය
“චක්ඛුනා සංවරො සාධු - සාධු සොතෙන සංවරෝ” ඇසින් සංවර වීම යහපත්ය. කනින් දිවෙන් සංවරවීම යහපත්ය නහයෙන් සංවරවීම යහපත්ය. දිවෙන් සංවරවීම වැදගත්ය. කයින් වචනයින් මනසින් සංවරවීම වැදගත්ය. මේ වාරිත්‍රයෙන් සංවර වූ භික්ෂුව සියළු දුකින් මිදේ.
තත්ථ චක්ඛුනාති යදා හි භික්ඛුනො චක්ඛුද්වාරෙ රූපාරම්මණං ආපාථමාගච්ඡති, තදා ඉට්ඨාරම්මණෙ අරජ්ජන්තස්ස අනිට්ඨාරම්මණෙ අදුස්සන්තස්ස අසමපෙක්ඛනෙන මොහං අනුප්පාදෙන්තස්ස තස්මිං ද්වාරෙ සංවරො ථකනං පිදහනං ගුත්ති කතා නාම හොති. තස්ස සො එවරූපො චක්ඛුනා සංවරො සාධු. එස නයො සොතද්වාරාදීසුපි. චක්ඛුද්වාරාදීසුයෙව පන සංවරො වා අසංවරො වා නුප්පජ්ජති, පරතො පන ජවනවීථියං එස ලබ්භති. තදා හි අසංවරො උප්පජ්ජන්තො අස්සද්ධා අක්ඛන්ති කොසජ්ජං මුට්ඨසච්චං අඤ්ඤාණන්ති අකුසලවීථියං අයං පඤ්චවිධො ලබ්භති. සංවරො උප්පජ්ජන්තො සද්ධා ඛන්ති වීරියං සති ඤාණන්ති කුසලවීථියං අයං පඤ්චවිධො ලබ්භති.
එහි චක්බුනා - යනු යම් දිනක භික්ෂුවක් ඇසට රූපයක් හමු වූ විට එම ඉටු අරමුණේ නොරැදී දුෂ්ට අරමුණක දූෂ්‍ය නොවී, මෝහය නො උපදවන්නාවු අයට එම දොරටුවේ සංවරය ඇතිවේ. වාරය වැසිමයි. එය ගෝපනය නම් චක්ඛුනා සංවරෝ සාධු මෙම න්‍යායයි. සෝත ද්වාරයේද චක්ඛු ද්වාරාදී සදොරෙහි සංවර හෝ අසංවර වේද ජවන වීථියේද එම තත්ත්ව ලබයි. අසංවර වන්නේ නොඉවසීම අශ්රද්ධාව කුසිතකම, සිහිමුලාව අනුවණබව අකුශල වීථියේ මේ පහ ලැබේ. සංවර බව ඇතිවන විට සද්ධා - ඉවසීම - වීර්යය - සතිය ඤාණය කුශල වීථිය මේ පස් ආකාරය ලබයි.
කායෙන සංවරොති එත්ථ පන පසාදකායොපි චොපනකායොපි ලබ්භති. උභයම්පි පනෙතං කායද්වාරමෙව. තත්ථ පසාදද්වාරෙ සංවරාසංවරො කථිතොව. චොපනද්වාරෙපි තංවත්ථුකා පාණාතිපාතඅදින්නාදානකාමෙසුමිච්ඡාචාරා. තෙහි පන සද්ධිං අකුසලවීථියං උප්පජ්ජන්තෙහි තං ද්වාරං අසංවුතං හොති, කුසලවීථියං උප්පජ්ජන්තෙහි පාණාතිපාතාවෙරමණිආදීහි සංවුතං. සාධු වාචායාති එත්ථාපි චොපනවාචාපි වාචා. තාය සද්ධිං උප්පජ්ජන්තෙහි මුසාවාදාදීහි තං ද්වාරං අසංවුතං හොති, මුසාවාදාවෙරමණිආදීහි සංවුතං.
කායෙන සංවරො කයින් සංවර වීම මෙහි වනාහි පසාදකය වෝපන කාය දෙකේම සංවර බව කියයි. එහි ප්‍රසාද ද්වාරයේ සංවරය කියන ලද්දේමය. වොපන ද්වාරයෙහි සංවරය වූ කලී ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, පස්කම් සැපත්හි වැරදි ලෙස හැසිරීමය. වොපනකාය සමග අකුසල් වීථියෙහි උපදිත්. ඒ මෙම වාරයන් අසංවර වීමය. ප්‍රාණඝාතාදියෙන් වෙන් වීම ආදිය සංවර වීමයි. එය කුසල් වීථියෙහි උපදියි. සාධු වාචාය යනු, මෙහි වොපන වචනය ඒ සමගම උපදිත්, මුසාවාද ආදිය මගින් තම වවී ද්වාරය අසංවර වීම මෙහිදී කියන ලදී. මුසාවාදාදියෙන් වැළකීම වචී වාරයේ සංවරයයි.
මනසා සංවරොති එත්ථාපි ජවනමනතො අඤ්ඤෙන මනෙන සද්ධිං අභිජ්ඣාදයො නත්ථි. මනොද්වාරෙ පන ජවනක්ඛණෙ උප්පජ්ජමානෙහි අභිජ්ඣාදීහි තං ද්වාරං අසංවුතං හොති, අනභිජ්ඣාදීහි සංවුතං හොති. සාධු සබ්බත්ථාති තෙසු චක්ඛුද්වාරාදීසු සබ්බෙසුපි සංවරො සාධු. එත්තාවතා හි අට්ඨ සංවරද්වාරානි අට්ඨ ච අසංවරද්වාරානි කථිතානි. තෙසු අට්ඨසු අසංවරද්වාරෙසු ඨිතො භික්ඛු සකලවට්ටමූලකදුක්ඛතො න මුච්චති, සංවරද්වාරෙසු පන ඨිතො සබ්බස්මාපි වට්ටමූලකදුක්ඛා මුච්චති. තෙන වුත්තං – “සබ්බත්ථ සංවුතො භික්ඛු, සබ්බදුක්ඛා පමුච්චතී”ති.
මනසාසංවරෝ යනු මෙහි ද ජවන් සිත් හි අනෙක් ජවනයන් සමග අභිධ්ය - ව්‍යාපාද - මිච්ඡාදිටඨි ආදිය ඇතිවීම මනසේ අසංවරයයි. අභිධ්‍යා ආදිය නැතිවීම සංවර වීමයි. සාධු සබ්බත්ථාති - මේ අන්දමට චක්ෂුරා දී සියළු ද්වාරයන්හි සංවර වීමම මැනවී මීට අමතරව සංවර වාර අටක් ද අසංවර වාර අටක් ද සියලු සංසාර වට්ට මූල දුකට හේතුවන බව දක්වයි. අසංවර වාරයන්ගෙන් යුත් තැනැත්තා සංසාර වෘතයෙන් නො මිදෙන බව ද සංවර වාරයන්ගෙන් යුත් තැනැත්තා සංසාර වෘත්තයෙන් මිදෙන බවද, කියයි. එහෙයින් කියන ලදී - සබ්බත්ථ සංවුතො භික්ඛු සමබ දුක්ඛා පමුච්චතී.
දෙසනාවසානෙ තෙ පඤ්ච භික්ඛූ සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාවගේ කෙළවර භික්ෂූන් පස්දෙන සෝතාපත්ති ඵලයෙහි පිහිටියාහුය.
පඤ්චභික්ඛුවත්ථු පඨමං.