3. හංසඝාතකභික්ඛුවත්ථු අට්ඨකථා
3. හංසඝාතකභික්ඛුවත්ථු
3. හංස ඝාතක භික්ෂුවගේ කථා පුවත
හත්ථසංයතොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං හංසඝාතකං භික්ඛුං ආරබ්භ කථෙසි.
“හත්ථ සඤ්ඤතොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී හංස ඝාතක එක් භික්ෂු නමක් පිළිබඳව දේශනා කරන ලදී.
සාවත්ථිවාසිනො කිර ද්වෙ සහායකා භික්ඛූසු පබ්බජිත්වා ලද්ධූපසම්පදා යෙභුය්යෙන එකතො විචරන්ති. තෙ එකදිවසං අචිරවතිං ගන්ත්වා න්හත්වා ආතපෙ තප්පමානා සාරණීයකථං කථෙන්තා අට්ඨංසු. තස්මිං ඛණෙ ද්වෙ හංසා ආකාසෙන ගච්ඡන්ති. අථෙකො දහරභික්ඛු සක්ඛරං ගහෙත්වා “එකස්ස හංසපොතකස්ස අක්ඛිං පහරිස්සාමී”ති ආහ, ඉතරො “න සක්ඛිස්සාමී”ති ආහ. තිට්ඨතු ඉමස්මිං පස්සෙ අක්ඛි, පරපස්සෙ අක්ඛිං පහරිස්සාමීති. ඉදම්පි න සක්ඛිස්සසියෙවාති. “තෙන හි උපධාරෙහී”ති දුතියං සක්ඛරං ගහෙත්වා හංසස්ස පච්ඡාභාගෙ ඛිපි, හංසො සක්ඛරසද්දං සුත්වා නිවත්තිත්වා ඔලොකෙසි. අථ නං ඉතරං වට්ටසක්ඛරං ගහෙත්වා පරපස්සෙ අක්ඛිම්හි පහරිත්වා ඔරිමක්ඛිනා නික්ඛාමෙසි. හංසො විරවන්තො පරිවත්තිත්වා තෙසං පාදමූලෙයෙව පති. තත්ථ තත්ථ ඨිතා භික්ඛූ දිස්වා, “ආවුසො, බුද්ධසාසනෙ පබ්බජිත්වා අනනුච්ඡවිකං වො කතං පාණාතිපාතං කරොන්තෙහී”ති වත්වා තෙ ආදාය ගන්ත්වා තථාගතස්ස දස්සෙසුං.
සැවැත් නුවරවාසී වූ මිත්රශීලීව සිටි භික්ෂු දෙනමක් පැවිදිවී උපසම්පදාවද ලබා බෙහෙවින්ම එකළාව හැසිරෙති. ඔවුන් දෙනම එක් දිනක් අචිරවතී ගඟට ගොස් නා අව්ව තපිමින් සිහි කටයුතු කථාවක් කරමින් සිටියාහුය. මේ අවස්ථාවේදී අහසින් යන හංස යුවලක් දැක තරුණ භික්ෂුව ගල් කැටයක් ගෙන එක් හංසයෙකුගේ ඇහැට පහරමියි කිවේය. දෙවැන්නා නොහැක්කේයැයි පැවසුවේය. සිටින්න මේ පැත්තේ ඇසට නොව අනෙක් පැත්තේ ඇසට පහරදෙමියි පැවසුවේය. එයද නොහැක්කේ යයි පැවසුවේ. එසේනම් බලන්නැයි දෙවැන්නා තව ගලක් ගෙන හංසයාගේ පසුපස පැත්තට විද්දේය. ගල්කැටය යන හඩ අසා පියැඹීම නවතා හංසයා බැලුවේය. එවිට ඔහු අනෙක් රවුම් ගල් කැටයක් ගෙන යට ඇස පැත්තට විද අනෙක් ඇසෙන් නික්ම යන ලෙස විද්දේය. හංසයා විලාප නගමින් ඔවුන් පාමුල වැටුනි. එහි සිටි භික්ෂූන් වහන්සේලා එය දැක ඇත්තේ බුදුසසුනේ පැවිදි වී අනුචිත දෙයක් තොප කරන ලදී. ප්‍රාණඝාතය කරන්නේ යයි කියා ඔවුන් රැගෙන තථාගතයන් වහන්සේ වෙතට ගෙන ගියහ.
සත්ථා “සච්චං කිර තයා භික්ඛු පාණාතිපාතො කතො”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “භික්ඛු කස්මා එවරූපෙ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා එවමකාසි, පොරාණකපණ්ඩිතා අනුප්පන්නෙ බුද්ධෙ අගාරමජ්ඣෙ වසමානා අප්පමත්තකෙසුපි ඨානෙසු කුක්කුච්චං කරිංසු, ත්වං පන එවරූපෙ බුද්ධසාසනෙ පබ්බජිත්වා කුක්කුච්චමත්තම්පි න අකාසී”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
මහණෙනි සැබෑද තොප ප්‍රාණඝාතය කළෝද? යනුවෙන් විමසා සැබෑ බව පැවසූවිට මහණ මෙබඳු නෛර්යානික සසුනක පැවිදි වී මෙලෙස කළේද? පැරණි පඩිවරු බුදුවරුන් නොසිටි සමයක ගිහිගෙයි වසමින් කරුණුවලදී ද සැක ඇතිකළහ. නුඹ වනාහි මෙබඳු සසුනක පැවිදිවී කුකුස් පමණ නොමැතිවී යයි පවසා ඔවුන්ගේ ඉල්ලීම පරිදි අතීතය ගෙන හැර දැක්වුහ.
අතීතෙ කුරුරට්ඨෙ ඉන්දපත්තනගරෙ ධනඤ්චයෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා අනුපුබ්බෙන විඤ්ඤුතං පත්තො තක්කසිලායං සිප්පානි උග්ගහෙත්වා පිතරා උපරජ්ජෙ පතිට්ඨාපිතො අපරභාගෙ පිතු අච්චයෙන රජ්ජං පත්වා දස රාජධම්මෙ අකොපෙන්තො කුරුධම්මෙ වත්තිත්ථ. කුරුධම්මො නාම පඤ්චසීලානි, තානි බොධිසත්තො පරිසුද්ධානි කත්වා රක්ඛි. යථා ච බොධිසත්තො, එවමස්ස මාතා අග්ගමහෙසී කනිට්ඨභාතා උපරාජා පුරොහිතො බ්රාහ්මණො රජ්ජුගාහකො අමච්චො සාරථි සෙට්ඨි දොණමාපකො මහාමත්තො දොවාරිකො නගරසොභිනී වණ්ණදාසීති එවමෙතෙසු එකාදසසු ජනෙසු කුරුධම්මං රක්ඛන්තෙසු කලිඞ්ගරට්ඨෙ දන්තපුරනගරෙ කලිඞ්ගෙ රජ්ජං කාරෙන්තෙ තස්මිං රට්ඨෙ දෙවො න වස්සි. මහාසත්තස්ස පන අඤ්ජනසන්නිභො නාම මඞ්ගලහත්ථී මහාපුඤ්ඤො හොති. රට්ඨවාසිනො “තස්මිං ආනීතෙ දෙවො වස්සිස්සතී”ති සඤ්ඤාය රඤ්ඤො ආරොචයිංසු. රාජා තස්ස හත්ථිස්ස ආනයනත්ථාය බ්රාහ්මණෙ පහිණි. තෙ ගන්ත්වා මහාසත්තං හත්ථිං යාචිංසු. සත්ථා තෙසං යාචනකාරණං දස්සෙතුං ආහ –
අතීතයේ කුරු රට ඉන්ද්‍රප්‍රස්ථ නගරයේ (ඉදිපත් නුවර) ධනංජය රජු රාජ්‍ය කරන අතර බෝසත් තෙම ඔහුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගත්තේය. පසුව ඉපදී පිළිවෙළින් ප්‍රසිද්ධ වී තක්ෂිලාවේ ශිල්ප හදාරා පියා විසින් යුවරජ තනතුරේ පිහිටවුයේ පියාගේ අභාවයෙන් පසු රාජ්‍යයට පත්ව දසරාජ ධර්ම වෙනස් නොකරමින් කුරු ධර්මය ආරක්ෂා කළේය. කුරු ධම්ම නම් පඤ්ච ශීලයයි. මෙම පංචශීලය බෝධි සත්ත්වයෝ පිරිසිදු ලෙසට ආරක්ෂා කරයි. බෝසත් මව අගමෙහෙසිය බාල සොහොයුරු යුවරජ පුරෝහිත බමුණා රැහැන් ගන්නා ඇමති, රියදුරා, සිටුවරයා ගණන් සාදන්නා (වහින්නා) මහ ඇමති, දොරටු පාලයා, නගර සෝභනිය, වර්ණ දාසිය මෙලෙසට එකොළොස් දෙනෙක් කුරු ධර්මය ආරක්ෂා කරත් මෙකල කාලිංග රට දන්ත පුරයේ කලිඟු රජ රාජ්‍යය කරද්දී එම රටට වර්ෂාව නොවැටුනි. බෝසතාණන් වහන්සේගේ අඤ්ජන වසභ නම් මංගල හස්තියා මහා පුණ්‍යවන්තයෙක් වීය. රටවැසියා මේ ඇතා ගෙන ආ විට වැස්ස වසීයයි හැගිමෙන් රජුට දැනුම් දුන්නාහුය. රජතුමා එම ඇතු ගෙනයාම සඳහා බ්‍රාහ්මණයින් යැව්වේය. ඔවුන් ගොස් බෝසතුන් ගෙන් ඇතා ඉල්ලා සිටියහ බුදුහු ඔවුන්ගේ ආයාචනයට හේතු දක්වමින්
“තව සද්ධඤ්ච සීලඤ්ච, විදිත්වාන ජනාධිප; වණ්ණං අඤ්ජනවණ්ණෙන, කලිඞ්ගස්මිං නිමිම්හසෙ”ති. (ජා· 1.3.76) –
මහරජුනි. ඔබ වහන්සේගේ ශ්‍රද්ධාව ද ශීලය ද දැන අඳුන් වන් වූ මගුලැතු, ගෙන එම්හයි කලිඟු රජු සමීපයෙන් ස්වර්ණ රජතාදිය ගෙන ආවෙමු.
ඉමං තිකනිපාතෙ ජාතකං කථෙසි. හත්ථිම්හි පන ආනීතෙපි දෙවෙ අවස්සන්තෙ “සො රාජා කුරුධම්මං රක්ඛති, තෙනස්ස රට්ඨෙ දෙවො වස්සතී”ති සඤ්ඤාය “යං සො කුරුධම්මං රක්ඛති, තං සුවණ්ණපට්ටෙ ලිඛිත්වා ආනෙථා”ති පුන කාලිඞ්ගො බ්රාහ්මණෙ ච අමච්චෙ ච පෙසෙසි. තෙසු ගන්ත්වා යාචන්තෙසු රාජානං ආදිං කත්වා සබ්බෙපි තෙ අත්තනො අත්තනො සීලෙසු කිඤ්චි කුක්කුච්චමත්තං කත්වා “අපරිසුද්ධං නො සීල”න්ති පටික්ඛිපිත්වාපි “න එත්තාවතා සීලභෙදො හොතී”ති තෙහි පුනප්පුනං යාචිතා අත්තනො අත්තනො සීලානි කථයිංසු. කාලිඞ්ගො සුවණ්ණපට්ටෙ ලිඛාපෙත්වා ආභතං කුරුධම්මං දිස්වාව සමාදාය සාධුකං පූරෙසි. තස්ස රට්ඨෙ දෙවො පාවස්සි, රට්ඨං ඛෙමං සුභික්ඛං අහොසි. සත්ථා ඉමං අතීතං ආහරිත්වා –
(තික නිපාතයේ ජාතක කථාව) ඇතා ගෙන ආවද වැසි නොවසින නිසා එම රජු කුරු ධර්ම ආරක්ෂා කරන්නේ යයි එය රන් පටක (තහඩුවක ලියා ගෙන එන්නැයි නැවත කාලිඞ්ගවාසී බ්‍රාහ්මණයෝද ඇමතිවරු ද යැවීය. ඔවුන් ගොස් ඉල්ලා සිටිවිට රජු මුල්කොට සියල්ලෝම අභ්‍යන්තර සීලයේ කිසියම් කුකුස් මාත්‍රයක් කොට අපේ සීලය අපිරිසිදු යයි ප්‍රතික්ෂේප කරත් මෙපමණකින් ශීල භේදය වේයයි ඔවුන් විසින් නැවත නැවත ඉල්ලා තම තමන්ගේ ශීලය කීවාහුය. කලිඟු රජා රන් තහඩුවේ ලියවා ගෙන ආවා වූ කුරුධර්මය දැක සමාදන්වී මනාව සම්පුර්ණ කළේය. එවිට වැස්ස වැටුණි රට ආරක්ෂා සහිත සුභික්ෂය ඇතිවිය බුදුහු මේ අතීතය ගෙන හැර දැක්වුහ.
“ගණිකා උප්පලවණ්ණා, පුණ්ණො දොවාරිකො තදා; රජ්ජුගාහො ච කච්චානො, දොණමාපකො ච කොලිතො.
එකල ගණිකාව උත්පල වණ්ණාය, දොරටු පාලයා පුණ්ණය. රැහැන් ඇමිතියා කච්චායන ය. කෘෂිකර්ම ඇමති කෝලිත වීය,
“සාරිපුත්තො තදා සෙට්ඨී, අනුරුද්ධො ච සාරථී; බ්රාහ්මණො කස්සපො ථෙරො, උපරාජානන්දපණ්ඩිතො.
සැරියුත් තෙරුන් සිටුවරයා විය. රියැදුරා අනුරුද්ධය. බ්‍රාහ්මණයා කස්සපය. යුව රජු නන්ද පණ්ඩිතයා ය.
“මහෙසී රාහුලමාතා, මායාදෙවී ජනෙත්තිකා; කුරුරාජා බොධිසත්තො, එවං ධාරෙථ ජාතක”න්ති. –
රජ බිසව රාහුල මාතාවය. මව මහා මායා දේවීය. කුරු රජ මහා බෝධි සත්වයෝය.
ජාතකං සමොධානෙත්වා “භික්ඛු එවං පුබ්බෙපි පණ්ඩිතා අප්පමත්තකෙපි කුක්කුච්චෙ උප්පන්නෙ අත්තනො සීලභෙදෙ ආසඞ්කං කරිංසු, ත්වං පන මාදිසස්ස බුද්ධස්ස සාසනෙ පබ්බජිත්වා පාණාතිපාතං කරොන්තො අතිභාරියං කම්මමකාසි, භික්ඛුනා නාම හත්ථෙහි පාදෙහි වාචාය ච සංයතෙන භවිතබ්බ”න්ති වත්වා ඉමං ගාථමාහ –
ජාතක දේශනාව නිමවා - මහණෙනි මෙලෙස පෙර පඩිවරු ස්වල්ප මාත්රයකුඳු කුකුසක් ඇතිවුවිට තම ශීලභේදය සැක කළහ. නුඹලා මාගේ බුද්ධ ශාසනයේ පැවිදිව ප්‍රාණඝාතය කරමින් බැරෑරුම් කර්මයක් කළාහුය. භික්ෂුවක් නම් අතින් දෙපයින් වචනයෙන් සංවර වියයුතු යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
“හත්ථසංයතො පාදසංයතො, වාචාසංයතො සංයතුත්තමො; අජ්ඣත්තරතො සමාහිතො, එකො සන්තුසිතො තමාහු භික්ඛු”න්ති.
අත පය දෙකම සංවර කර මනාලෙස සංවර ලෙසින් කළ යුතුමය කතා බස වඩමින් කමටහන් සිතකින් සමාහිත මහණුන් සිටිය යුතුමය බුදු පුතා ලෙස
අතින් සංවර වේ පාදයෙන් සංවර වේ වචනයෙන් සංවර වේ. උතුම් සංයමයට ආධ්‍යාත්මයට ඇලුනේ සංයත වූයේ එකලාව සංගත වූයේ භික්ෂුව නම් වේ.
තත්ථ හත්ථසංයතොති හත්ථකීළාපනාදීනං වා හත්ථෙන පරෙසං පහරණාදීනං වා අභාවෙන හත්ථසංයතො. දුතියපදෙපි එසෙව නයො. වාචාය පන මුසාවාදාදීනං අකරණතො වාචාය සංයතො. සංයතුත්තමොති සංයතත්තභාවො, කායචලනසීසුක්ඛිපනභමුකවිකාරාදීනං අකාරකොති අත්ථො. අජ්ඣත්තරතොති ගොචරජ්ඣත්තසඞ්ඛාතාය කම්මට්ඨානභාවනාය රතො. සමාහිතොති සුට්ඨු ඨපිතො. එකො සන්තුසිතොති එකවිහාරී හුත්වා සුට්ඨු තුසිතො විපස්සනාචාරතො පට්ඨාය අත්තනො අධිගමෙන තුට්ඨමානසො. පුථුජ්ජනකල්යාණකඤ්හි ආදිං කත්වා සබ්බෙපි සෙඛා අත්තනො අධිගමෙන සන්තුස්සන්තීති සන්තුසිතා, අරහා පන එකන්තසන්තුසිතොව. තං සන්ධායෙතං වුත්තං.
එහි හත්ථ සඤ්ඤතො අතින් ක්‍රීඩා කිරීම, අනුන්ට පහර දීම ආදිය නො කොට සන්සුන් කර ගැනීම හත්ථසඤ්ඤනම් වේ. දෙවන පදයෙහිද මෙම න්‍යායමයි. වාචාය සඤ්ඤතො වචනයෙන් මුසාවාදාදිය නොකීම වචනයේ සංවරයයි. සඤ්ඤතුත්තමො -කයෙහි සංවරභාවය, අඟ පසගයන ගෙන කෙරෙන කාය විකාරාදියෙන් හා සතුන් මැරීම ආදියෙන් වෙන්වීම යන අර්ථයි. අජඣත්තරතො අධ්‍යාත්ම විෂය පුළුල් කරමින් කමටහන් වැඩීමෙහි ඇලීම. සමාහිතො මනාකොට සිත එකග කරගත් පුද්ගලයා - එකො සන්තුසිතො - යනු ඒක විහාරීම හුදෙකලාව. විපස්සනාචාරයෙහි පටන්, අධිගම්යයට පත්වීම තෙක් සතුටු සිතින් කමටහන් වඩා සතුටු වීම, අරහත්වය ඒකාන්ත සතුට කීම සඳහා කියන ලදී.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවගේ කෙළවර බොහෝ දෙනා සෝවාන් පෙළෙහි පිහිටියේය.
හංසඝාතකභික්ඛුවත්ථු දුතියං.