4. කොකාලිකවත්ථු අට්ඨකථා
4. කොකාලිකවත්ථු
4. කෝකාලික පිළිබඳ කථා පුවත
යො මුඛසංයතොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො කොකාලිකං ආරබ්භ කථෙසි.
“යො මුඛ සඤ්ඤතොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී කෝකාලික භික්ෂුව නිමිති කරගෙන දේශනා කළහ.
වත්ථු “අථ ඛො කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමී”ති සුත්තෙ (සං· නි· 1.181; සු· නි· කොකාලිකසුත්ත; අ· නි· 10.89) ආගතමෙව. අත්ථොපිස්ස අට්ඨකථාය වුත්තනයෙනෙව වෙදිතබ්බො.
කතා පුවත - ඉක්බිති කෝකාලික භික්ෂුව බුදුන් යම්තැනක ද එතැනට එළඹුනි. සුත්‍රයේ සඳහන් ලෙසට අර්ථය ද අටුවාවේ කියන ලද පරිදි දැනගත යුතුය.
කොකාලිකෙ පන පදුමනිරයෙ උප්පන්නෙ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “අහො කොකාලිකො භික්ඛු අත්තනො මුඛං නිස්සාය විනාසං පත්තො, ද්වෙ අග්ගසාවකෙ අක්කොසන්තස්සෙව හිස්ස පථවී විවරං අදාසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි කොකාලිකො භික්ඛු අත්තනො මුඛමෙව නිස්සාය නට්ඨො”ති වත්වා තමත්ථං සොතුකාමෙහි භික්ඛූහි යාචිතො තස්ස පකාසනත්ථං අතීතං ආහරි.
කෝකාලික භික්ෂුව පදුම නිරයේ උපන් විට ධර්ම සභාවේ කථාවක් උපන. අහෝ කෝකාලික භික්ෂුව තමන්ගේ කට නිසා විනාශයට පත්වූයේ දෑගසව්වන්ට ආක්‍රෝෂ කරද්දිම පොළොව විවර වුයේය. ශාස්තෲන් වහන්සේ පැමිණ. මහණෙනි කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා කෝකාලික ගැන බව සඳහන් කළවිට මහණෙනි දැන් පමණක් නොව කෝකාලික පෙරද තම කට නිසා විනාශ වූයේ යයි පවසා එම කථාව අසනු කැමති භික්ෂුගේ ඉල්ලීම අනුව එය පැවසීමට අතීත කථාව දැක්වූහ.
අතීතෙ හිමවන්තපදෙසෙ එකස්මිං සරෙ කච්ඡපො වසති. ද්වෙ හංසපොතකා ගොචරාය චරන්තා තෙන සද්ධිං විස්සාසං කත්වා දළ්හවිස්සාසිකා හුත්වා එකදිවසං කච්ඡපං පුච්ඡිංසු – “සම්ම, අම්හාකං හිමවන්තෙ චිත්තකූටපබ්බතතලෙ කඤ්චනගුහාය වසනට්ඨානං, රමණියො පදෙසො, ගච්ඡිස්සසි අම්හෙහි සද්ධි”න්ති. “සම්ම, අහං කථං ගමිස්සාමී”ති? “මයං තං නෙස්සාම, සචෙ මුඛං රක්ඛිතුං සක්ඛිස්සසී”ති. “රක්ඛිස්සාමි, සම්මා ගහෙත්වා මං ගච්ඡථා”ති. තෙ “සාධූ”ති වත්වා එකං දණ්ඩකං කච්ඡපෙන ඩංසාපෙත්වා සයං තස්ස උභො කොටියො ඩංසිත්වා ආකාසං පක්ඛන්දිංසු. තං තථා හංසෙහි නීයමානං ගාමදාරකා දිස්වා “ද්වෙ හංසා කච්ඡපං දණ්ඩෙන හරන්තී”ති ආහංසු. කච්ඡපො “යදි මං සහායකා නෙන්ති, තුම්හාකං එත්ථ කිං හොති දුට්ඨචෙටකා”ති වත්තුකාමො හංසානං සීඝවෙගතාය බාරාණසිනගරෙ රාජනිවෙසනස්ස උපරිභාගං සම්පත්තකාලෙ දට්ඨට්ඨානතො දණ්ඩකං විස්සජ්ජෙත්වා ආකාසඞ්ගණෙ පතිත්වා ද්වෙධා භිජ්ජි. සත්ථා ඉමං අතීතං ආහරිත්වා –
යටගිය දවස හිමවත් පෙදෙසේ එක් විලක ඉදිබුවෙක් වාසය කරයි. හංස පෝතකයින් දෙදෙනෙක් ගොඳුරු සඳහා හැසිරෙන්නේ ඔහු හා විශ්වාසවන්ත බවට පත්විය. දැඩිලෙස විශ්වාසවන්ත වු ඔහු එක් දිනක් ඉදිබුවාගෙන් මෙසේ විමසුහ. යහළුව! අප වසන හිමාලයේ චිත්‍රකූට පර්වත තළාවේ රන් ගුහාවේ වසන තැන රමණීය වේ. එතැනට අප හා යන්නේද? මම කෙසේ යන්නද? අපි ඔබට ගෙනයන්නෙමු. එහෙත් කට රැකගන්නේ නම් පමණි. යාළුවනි කට රැක ගන්නෙමි රැගෙන යන්නැයි කීවේය. ඔවුන් දෙදෙනා යහපතැයි කියා එක දණ්ඩක් කටට දී ඉදිබුවාලවා එය සපාගන්නට කියා හංසයින් දෙදෙනා කෝටුවේ දෙකෙළවර හොටවලින් ඩැහැගෙන අහසට නැගුනාහුය. ගම් දරුවෝ හංසයන් විසින් මෙලෙස ගෙනයනු ලබන ඉදිබුවා අතර මගදී දැක හංසයන් දෙදෙනෙක් ඉදිබුවෙක් දණ්ඩකින් උසුලා යතියි කිවාහුය. ඉදිබුවා ඉදින් මගේ යාළුවෝ මා ගෙනයති දුෂ්ට කොල්ලනි තොපට මොකදැයි විමසීමට කියනු කැමතිව කට ඇරියේය. හංසයන්ගේ ශීඝ්රවේගය නිසා බරණැස නගරයේ රජ මැදුරේ උඩට පැමිණි අවස්ථාවේදී කටින් අල්ලාගෙන සිටි තැනින් දන්ඩෙන් ගැලවී රජ මිදුලේ වැටී දෙකට බිඳුනි. තථාගතයන් වහන්සේ මේ අතීත කථාව ගෙන හැර දැක්වීය -
“අවධී වත අත්තානං, කච්ඡපො බ්යාහරං ගිරං; සුග්ගහීතස්මිං කට්ඨස්මිං, වාචාය සකියාවධී.
1. ඉබ්බා කතා කිරීමට යාමෙන් ඒකාන්තයෙන් තමන් විසින් නැසිනි. මුවින් මනාකොට ගත දඩු කැබැල්ල අතහැරීම නිසා තමාගේ තෙපුලම තමා නැසීය.
“එතම්පි දිස්වා නරවීරියසෙට්ඨ, වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං; පස්සසි බහුභාණෙන, කච්ඡපං බ්යසනං ගත”න්ති. (ජා· 1.2.129-130);
2. ශ්‍රේෂ්ඨ වු මහරජ, මේ කාරණය දැක කුසල සහගත වු ඇත්ත කතාවම සුදුසු තන්හිම කිවයුතුය. නුසුදුසු තැන බොහෝ කොට බිනීමෙන් ඉබ්බා නැසුනු බව දන්නෙහිය.
ඉමං දුකනිපාතෙ බහුභාණිජාතකං විත්ථාරෙත්වා, “භික්ඛවෙ, භික්ඛුනා නාම මුඛසංයතෙන සමචාරිනා අනුද්ධතෙන නිබ්බුතචිත්තෙන භවිතබ්බ”න්ති වත්වා ඉමං ගාථමාහ –
මෙය දුක නිපාතයේ බහු භාණී (කච්ඡප) ජාතකය විස්තර කර මහණෙනි භික්ෂුවක් නම් කය සංවර කර උඩඟුනොවී නිවුන සිතින් සිටිය යුතුය යි කියා මේ ගාථාව පැවසුවේය.
“යො මුඛසංයතො භික්ඛු, මන්තභාණී අනුද්ධතො; අත්ථං ධම්මඤ්ච දීපෙති, මධුරං තස්ස භාසිත”න්ති.
කට ප්‍රවේශම් කරගත්, පමණ දැන කථාකරන සුළු සන්සුන් සිතැති යම් මහණෙක් අර්ථයද ධර්මයද කියන්නේද ඔහුගේ වචන මිහිරිය.
තත්ථ මුඛසංයතොති දාසචණ්ඩාලාදයොපි “ත්වං දුජ්ජාතො, ත්වං දුස්සීලො”තිආදීනං අවචනතාය මුඛෙන සංයතො. මන්තභාණීති මන්තා වුච්චති පඤ්ඤා, තාය භණනසීලො. අනුද්ධතොති නිබ්බුතචිත්තො. අත්ථං ධම්මඤ්ච දීපෙතීති භාසිතත්ථඤ්චෙව දෙසනාධම්මඤ්ච කථෙති. මධුරන්ති එවරූපස්ස භික්ඛුනො භාසිතං මධුරං නාම. යො පන අත්ථමෙව සම්පාදෙති, න පාළිං, පාළිංයෙව සම්පාදෙති, න අත්ථං, උභයං වා පන න සම්පාදෙති, තස්ස භාසිතං මධුරං නාම න හොතීති.
එහි මුඛසඤ්ඤතොති - දාස සැඩොල් ආදී දුදනෝ දුර්ජනයෙකි නුඹ දුශ්ශීලයෙකි ආදීය නොකීමට මුවින් සංවර විය යුතුය. මත්තභාණි මත්තා යනු ප්රඥාවයි. ප්‍රඥාවෙන් කථා කරනුයේ මන්තභාණී අනුද්ධතොති - නිවුන සිතයි. අත්ථං ධම්මංච දීපනති - කියන ලද දේශනාව ධර්මය විය යුතු මධුරනති - මෙබඳු භික්ෂුවකගේ කියන වචනය මිහිරි වේ. යමෙක් වනාහි අර්ථයම සම්පාදනය කරයි ද පෙළ අරුත පෙළ දහම අරුතට ගැළපෙන සේ මනාව පැවසීම මිහිරි නම් වේ.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
කොකාලිකවත්ථු තතියං.