යෙදුමෙන් කියවන්න

5. ධම‍්මාරාමත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

5. ධම‍්මාරාමත්‍ථෙරවත්‍ථු

5. ධම්මාරාම තෙරුන් පිළිබඳ කථා පුවත

ධම‍්මාරාමොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ධම‍්මාරාමත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“ධම්මාරාමොති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටියදී ධම්මාරාම නම් භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.

සත්‍ථාරා කිර “ඉතො මෙ චතුමාසච‍්චයෙන පරිනිබ‍්බානං භවිස‍්සතී”ති ආරොචිතෙ අනෙකසහස‍්සා භික‍්ඛූ සත්‍ථාරං පරිවාරෙත්‍වා විචරිංසු. තත්‍ථ පුථුජ‍්ජනා භික‍්ඛූ අස‍්සූනි සන්‍ධාරෙතුං නාසක‍්ඛිංසු, ඛීණාසවානං ධම‍්මසංවෙගො උප‍්පජ‍්ජි. සබ‍්බෙපි “කිං නු ඛො කරිස‍්සාමා”ති වග‍්ගබන්‍ධනෙන විචරන‍්ති. එකො පන ධම‍්මාරාමො නාම භික‍්ඛු භික‍්ඛූනං සන‍්තිකං න උපසඞ‍්කමති. භික‍්ඛූහි “කිං, ආවුසො”ති වුච‍්චමානො පටිවචනම‍්පි අදත්‍වා “සත්‍ථා කිර චතුමාසච‍්චයෙන පරිනිබ‍්බායිස‍්සති, අහඤ‍්චම‍්හි අවීතරාගො, සත්‍ථරි ධරමානෙයෙව වායමිත්‍වා අරහත‍්තං පාපුණිස‍්සාමී”ති එකකොව විහරන‍්තො සත්‍ථාරා දෙසිතං ධම‍්මං ආවජ‍්ජෙති චින‍්තෙති අනුස‍්සරති. භික‍්ඛූ තථාගතස‍්ස ආරොචෙසුං –

බුදුරජාණන් වහන්සේ මෙයින් සිව්මසකට පසුව පිරිනිවන් පාන්නෙමියි දැනුම් දුන්විට නොයෙක් දහස්ගණන් භික්ෂූන් බුදුන් පිරිවරා හැසිරුනාහුය. එහි පුහුදුන් අයට කඳුළු ධාරා මැඩ ගැනීමට නොහැකිවුහ. රහතන් වහන්සේලාට ධර්ම සංවේගය ඇතිවිය. සියල්ලෝම කුමක් කරමුදැයි කණ්ඩායම් බෙදෙමින් හැසිරෙති. එක් ධම්මාරාම නම් භික්ෂුනමක් භික්ෂූන් සමඟ හැසිරිමට නොගියේය. භික්ෂූන් ඇවැත්නි කුමක් දැයි විමසන විටද පිළිතුරු ද නොදී - මෙලෙස සිතුවේය. තථාගතයන් වහන්සේ සිව්මසකින් පිරිනිවන් පාන සේක. බුදුන් වැඩසිටියදීම උත්සාහ දරා රහත් බවට පත්වන්නෙමි. මෙලෙස සිතා හුදකළා වී හැසිරෙමින් බුදුන් දෙසූ ධර්මය ආවර්ජනා කරයි. සිතයි. සිහිපත් කරයි. මේ බව භික්ෂූන් වහන්සේලා බුදුන්ට දැනුම් දුන්හ.

“භන‍්තෙ, ධම‍්මාරාමස‍්ස තුම‍්හෙසු සිනෙහමත‍්තම‍්පි නත්‍ථි, ‘සත්‍ථා කිර පරිනිබ‍්බායිස‍්සති, කිං නු ඛො කරිස‍්සාමා’ති අම‍්හෙහි සද‍්ධිං සම‍්මන‍්තනමත‍්තම‍්පි න කරොතී”ති. සත්‍ථා තං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං එවං කරොසී”ති පුච‍්ඡි. “සච‍්චං, භන‍්තෙ”ති. “කිං කාරණා”ති? තුම‍්හෙ කිර චතුමාසච‍්චයෙන පරිනිබ‍්බායිස‍්සථ, අහඤ‍්චම‍්හි අවීතරාගො, තුම‍්හෙසු ධරන‍්තෙසුයෙව වායමිත්‍වා අරහත‍්තං පාපුණිස‍්සාමීති තුම‍්හෙහි දෙසිතං ධම‍්මං ආවජ‍්ජාමි චින‍්තෙමි අනුස‍්සරාමීති.

ස්වාමීනි! ධම්මාරාම භික්ෂුව ඔබවහන්සේ කෙරෙහි ස්නේහ මාත්‍රයක් හෝ නැත්තේය. බුදුහු පිරිනිවන් පාන්නාහ. කුමක් නම් කරන්නවුදැයි අප විසින් සම්මන්ත්‍රණය කරමින් සිටිමු. ඔහු එයට සහභාගි වන්නේ නැත. බුදුහු ඔහු ගෙන්වා සැබෑදැයි විමසුහ. සැබෑය ස්වාමීනි. කුමක් නිසාද? ස්වාමීනි ඔබවහන්සේ සිව්මසකින් පිරිනිවන් පාන්නාහ. මම අවීතරාගී වෙමි. ඔබ වහන්සේ වැඩසිටියදීම අර්හත්වයට පැමිණෙන්නෙමියි ඔබ වහන්සේ දේශනා කළ ධර්ම මෙනෙහි කරමින් සිටිමි. එම ධර්ම සිහිපත්කරමි.

සත්‍ථා “සාධු සාධූ”ති තස‍්ස සාධුකාරං දත්‍වා, “භික‍්ඛවෙ, අඤ‍්ඤෙනාපි මයි සිනෙහවන‍්තෙන භික‍්ඛුනා නාම ධම‍්මාරාමසදිසෙනෙව භවිතබ‍්බං. න හි මය‍්හං මාලාගන්‍ධාදීහි පූජං කරොන‍්තා මම පූජං කරොන‍්ති නාම, ධම‍්මානුධම‍්මං පටිපජ‍්ජන‍්තායෙව පන මං පූජෙන‍්ති නාමා”ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු සාධු සාධු යනුවෙන් සාධුකාර දී මහණෙනි මට ස්නේහ ඇති භික්ෂූන් විසින් ධම්මාරාම මෙන් විය යුතුය. මල් ගඳ විලවුන්වලින් පුජා කිරීම මට කරන පූජාව නොවේ. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියම මට කරන පුජාවයි. පවසා මෙම ගාථාව පැවසුහ.

“ධම‍්මාරාමො ධම‍්මරතො, ධම‍්මං අනුවිචින‍්තයං; ධම‍්මං අනුස‍්සරං භික‍්ඛු, සද‍්ධම‍්මා න පරිහායතී”ති.

දහමෙහිම රිසි ඇතිව - දහමෙහි ඇලෙන මහණහු සමත විදසුන් වඩමින් - දහමින් නො පිරිහේ මැයි.

ධර්මය සොයන ධර්මයේ ඇලුන ධම්මාරාම ධර්මය සිහිකරන භික්ෂුව දහමින් නොපිරිහේ.

තත්‍ථ නිවාසනට‍්ඨෙන සමථවිපස‍්සනාධම‍්මො ආරාමො අස‍්සාති ධම‍්මාරාමො. තස‍්මිංයෙව ධම‍්මෙ රතොති ධම‍්මරතො. තස‍්සෙව ධම‍්මස‍්ස පුනප‍්පුනං විචින‍්තනතාය ධම‍්මං අනුවිචින‍්තයං, තං ධම‍්මං ආවජ‍්ජෙන‍්තො මනසිකරොන‍්තොති අත්‍ථො. අනුස‍්සරන‍්ති තමෙව ධම‍්මං අනුස‍්සරන‍්තො. සද‍්ධම‍්මාති එවරූපො භික‍්ඛු සත‍්තතිංසභෙදා බොධිපක‍්ඛියධම‍්මා නවවිධලොකුත‍්තරධම‍්මා ච න පරිහායතීති අත්‍ථො.

එහි නිවසන තැනින් සමථ විපස්සනා ධර්මය සේවනය නිසා ධම්මා රාම නම් එහිම ධර්මයේ ඇලුනේ ධම්ම රත නම් වේ. ධර්මයට නැවත නැවත සිතන නිසා ආවර්ජනය කරන්නේ සිහිකරන්නේ යන අර්ථයි ධම්මං අනුවිචින්තයං යමෙක් ඒ ධර්මය ආවර්ජනා කරන්නේද, සිහිකරන්නේද යන අර්ථයි. අනුස්සරං ධර්මයම සිහිපත් කරන්නේ, සදධම්මා මෙබඳු භික්ෂුව සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නව විධ ලෝකෝත්තර ධර්මය යන්ගෙන් නොපිරිහේ යන අර්ථයි.

දෙසනාවසානෙ සො භික‍්ඛු අරහත‍්තෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනා කෙළවර එම භික්ෂුව රහත් බවෙහි පිහිටියේය. පැමිණ අයටද සාර්ථක දේශනයක් විය.

ධම‍්මාරාමත්‍ථෙරවත්‍ථු චතුත්‍ථං.