6-7. විපක්ඛසෙවකභික්ඛුවත්ථු අට්ඨකථා
6-7. විපක්ඛසෙවකභික්ඛුවත්ථු
6-7. විපක්ෂ සේවක භික්ෂුවගේ කථා පුවත
සලාභන්ති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො අඤ්ඤතරං විපක්ඛසෙවකං භික්ඛුං ආරබ්භ කථෙසි.
“සලාභන්ති” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනා රාමයේ වැඩසිටිය දී එක්තරා විපක්ෂ සේවක භික්ෂුවක් නිමිති කරගෙන මෙම ගාථාව දේශනා කළහ.
තස්ස කිරෙකො දෙවදත්තපක්ඛිකො භික්ඛු සහායො අහොසි. සො තං භික්ඛූහි සද්ධිං පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චං ආගච්ඡන්තං දිස්වා “කුහිං ගතොසී”ති පුච්ඡි. “අසුකට්ඨානං නාම පිණ්ඩාය චරිතු”න්ති. “ලද්ධො තෙ පිණ්ඩපාතො”ති? “ආම, ලද්ධො”ති. “ඉධ අම්හාකං මහාලාභසක්කාරො, කතිපාහං ඉධෙව හොහී”ති. සො තස්ස වචනෙන කතිපාහං තත්ථ වසිත්වා සකට්ඨානමෙව අගමාසි. අථ නං භික්ඛූ “අයං, භන්තෙ, දෙවදත්තස්ස උප්පන්නලාභසක්කාරං පරිභුඤ්ජති, දෙවදත්තස්ස පක්ඛිකො එසො”ති තථාගතස්ස ආරොචෙසුං. සත්ථා තං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං එවමකාසී”ති පුච්ඡි. “ආම, භන්තෙ, අහං තත්ථ එකං දහරං නිස්සාය කතිපාහං වසිං, න ච පන දෙවදත්තස්ස ලද්ධිං රොචෙමී”ති. අථ නං භගවා “කිඤ්චාපි ත්වං ලද්ධිං න රොචෙසි, දිට්ඨදිට්ඨකානංයෙව පන ලද්ධිං රොචෙන්තො විය විචරසි. න ත්වං ඉදානෙව එවං කරොසි, පුබ්බෙපි එවරූපොයෙවා”ති වත්වා “ඉදානි තාව, භන්තෙ, අම්හෙහි සාමං දිට්ඨො, පුබ්බෙ පනෙස කෙසං ලද්ධිං රොචෙන්තො විය විචරි, ආචික්ඛථ නො”ති භික්ඛූහි යාචිතො අතීතං ආහරිත්වා –
දේවදත්ත පාක්ෂික භික්ෂුවක් සහායක වුයේය. ඔහු එම භික්ෂූන් සමග පිණ්ඩපාතයේ හැසිරි කරන ලද බත්කිස ඇත්තේ එනු දැක කොහි ගියේදැයි විමසුවේය. අසවල් තැන පිණ්ඩපාතයේ හැසිරුණෙමි. ඔබට පිණ්ඩ පාතය ලැබුණේද? එසේය ලැබුණි. මෙහි අපට මහත් ලාභසත්කාර ඇත. දින කීපයක් මෙහිම ඉන්නැයි පැවසුවේය. ඔහු එම භික්ෂුවගේ වචනයෙන් දින කීපයක් එහි වාසය කර තම ස්ථානයටම ගියේය. අනතුරුව භික්ෂූන් ස්වාමීනි මෙම භික්ෂුව දෙව්දත් තෙරුන්ට උපන් ලාභ සත්කාර පරිභෝග කරයි. මොහු දේවදත්ත පාක්ෂිකයෙකියි තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. ඔහු කැඳවා භික්ෂුව ඔබ එසේ කළේදැයි? බුදුරදුහු විමසුහ. එසේය ස්වාමීනි මම එහි ලාබාල භික්ෂුනමක් නිසා දින කීපයක් එහි වාසය කළෙමි. එහෙත් දෙව්දත් තෙරුන්ගෙන් ලත් දෙය රුචි නොකරමි. ඉක්බිති බුදුරදුන් ලැබූ කිසිවක් ඔබ රුචි නොකළේද? දුටු දුටු අයගේ දේ ලබනු රිසිව හැසිරෙන්නේ ඔබ දැන් පමණක් නොව මෙබඳුදේ පෙර භවයේ දීද කරන ලදී. දැන් ස්වාමීනි ඔහුගේ ක්‍රියා දුටුවේ පෙර භවයේදී මෙලෙස අන් අයගේ දේ රුචි කළේ යයි යන්න පැහැදිලි කරන ලෙසට ඉල්ලා සිටිය නිසා අතීත කථාව ගෙන හැර දැක්වුහ -
“පුරාණචොරාන වචො නිසම්ම, මහිළාමුඛො පොථයමන්වචාරී; සුසඤ්ඤතානඤ්හි වචො නිසම්ම, ගජුත්තමො සබ්බගුණෙසු අට්ඨා”ති. (ජා· 1.1.26) –
මහිලා මුඛ නම් ඇතා පළමු සොරුන්ගේ රෞද්‍ර වචන අසා හමුවූවන් මරමින් සොරුන්ගේ වචනය අනුව හැසිරුනේය. සුසංයත වූ සිද්වතුන් ගේ මෘදු මොලොක් වචන අසා. හස්තියා පළමු තමා තුළ තුබු සියලු යහගුණයන්හි පිහිටියේය.
ඉමං මහිළාමුඛජාතකං විත්ථාරෙත්වා, “භික්ඛවෙ, භික්ඛුනා නාම සකලාභෙනෙව සන්තුට්ඨෙන භවිතබ්බං, පරලාභං පත්ථෙතුං න වට්ටති. පරලාභං පත්ථෙන්තස්ස හි ඣානවිපස්සනාමග්ගඵලෙසු එකධම්මොපි නුප්පජ්ජති, සකලාභසන්තුට්ඨස්සෙව පන ඣානාදීනි උප්පජ්ජන්තී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
මේ මහිලාමුඛ ජාතකය විස්තර කර දී මහණෙනි භික්ෂුවක් විසින් නම් ස්වකීය ලාභයෙන්ම සතුටු විය යුතුය. අන් අයගෙන් ලාභය පැතීම නොවටී. ප්රලාභය ප්‍රාර්ථනා කරන්නාට ධ්‍යාන විපස්සනා මාර්ග ඵලයන් අතුරෙන් එකම ධර්මයන් හෝ නො උපදී. සියලාභ සන්තුෂ්ටියම ධ්‍යාන ආදීන් උපදිතියි පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
“සලාභං නාතිමඤ්ඤෙය්ය, නාඤ්ඤෙසං පිහයං චරෙ; අඤ්ඤෙසං පිහයං භික්ඛු, සමාධිං නාධිගච්ඡති.
ලාබය සොය සොයා අනුන් ලාබ ද පතනා ලාබයෙම ගිජු වු මහණ අධිගම නොලබයි.
“අප්පලාභොපි චෙ භික්ඛු, සලාභං නාතිමඤ්ඤති; තං වෙ දෙවා පසංසන්ති, සුද්ධාජීවිං අතන්දිත”න්ති.
සුළු වුව ද ලද දෙය හෙළා නොදකින අපිස් දිවි ඇති පිරිසිදු වු මහණහට දෙවියෝ වඳිති දිව රෑ
තම ලාභය ඉක්මවා නොයන්නේය. අන් අයගේ ලාභය පතමින් නො හැසිරෙන්නේය. අන් අයගේ ලාභය ප්රියකරන්නා සමාධියට පත් නොවේ.
භික්ෂුව සුළු ලාභ ඇත්තේ ද? තමන් ලද ඒ සුළුලාභය හෙලා නොදකී. පිරිසිදු දිවි පෙවෙතක් ඇති අලස නොවු මහණ හට ඒකාන්තයෙන් දෙවියෝ පසසුත්
තත්ථ සලාභන්ති අත්තනො උප්පජ්ජනකලාභං. සපදානචාරඤ්හි පරිවජ්ජෙත්වා අනෙසනාය ජීවිකං කප්පෙන්තො සලාභං අතිමඤ්ඤති හීළෙති ජිගුච්ඡති නාම. තස්මා එවං අකරණෙන සලාභං නාතිමඤ්ඤෙය්ය.
එහි සලාහං යනු - තමන් විසින් උපදවන ලාභයයි. ගෙපිළිවෙලින් පිඬු සිඟා යාම පිළිකෙව් කොට වැරදි ආකාරයෙන් ජීවත් වන්නේ තම ලාභය ඉතා මදයයි අවමන් කරයි. පිළිකුල් කරයි. එසේ නොකරන්නන් විසින් නාතිමඤ්ඤය්ය
අඤ්ඤෙසං පිහයන්ති අඤ්ඤෙසං ලාභං පත්ථෙන්තො න චරෙය්යාති අත්ථො. සමාධිං නාධිගච්ඡතීති අඤ්ඤෙසඤ්හි ලාභං පිහයන්තො තෙසං චීවරාදිකරණෙ උස්සුක්කං ආපන්නො භික්ඛු අප්පනාසමාධිං වා උපචාරසමාධිං වා නාධිගච්ඡති.
අඤ්ඤෙසං පිහ අන්‍යන්ගේ ලාභය ප්‍රාර්තනා කරන්නේ නොහැසිරේ සමාධිං නාධිගච්ඡන්ති අඤඤෙසං අනුන්ගේ සිවුරු කිරීම - ආදියේ උනන්දුව දක්වන අනුන්ගේ ලාභය සොයායන භික්ෂුව අධ්‍යාපන සමාධිය හෝ උපචාර සමාධිය හෝ නො ලබයි.
සලාභං නාතිමඤ්ඤතීති අප්පලාභොපි සමානො උච්චනීචකුලෙ පටිපාටියා සපදානං චරන්තො භික්ඛු සලාභං නාතිමඤ්ඤති නාම. තං වෙති තං එවරූපං භික්ඛුං සාරජීවිතතාය සුද්ධාජීවිං ජඞ්ඝබලං නිස්සාය ජීවිතකප්පනෙන අකුසීතතාය අතන්දිතං දෙවා පසංසන්ති ථොමෙන්තීති අත්ථො.
සලාතං නාතිමඤඤෙති උසස් පහත් නැති බැරි කුලයන්හි ගෙපිළිවෙලින් හැසිරෙන භික්ෂුව ස්වකීය ලාභයක් නොලබන්නේ වෙයි. තංවෙ යනු මෙබඳු වූ භික්ෂුව සාර ජීවිතය සඳහා සුද්ධාජිවිං තම දෙපාවල ශක්තියෙන් ජීවිතයේ දී කුසීත බවින් තොර වේ. අතන්දිතං දෙවා පසංසන්ති - එබඳු භික්ෂුව දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වේ.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
විපක්ඛසෙවකභික්ඛුවත්ථු පඤ්චමං.