8. පඤ්චග්ගදායකබ්රාහ්මණවත්ථු අට්ඨකථා
8. පඤ්චග්ගදායකබ්රාහ්මණවත්ථු
8. පඤ්චවග්ග දායක බ්‍රාහ්මණයා පිළිබඳ වූ කතා පුවත
සබ්බසොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්චග්ගදායකං නාම බ්රාහ්මණං ආරබ්භ කථෙසි.
“සබ්බසොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පඤ්චවග්ග දායක නම් බමුණා නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර සස්සෙ ඛෙත්තෙ ඨිතකාලෙයෙව ඛෙත්තග්ගං නාම දෙති, ඛලකාලෙ ඛලග්ගං නාම දෙති, ඛලභණ්ඩකාලෙ ඛලභණ්ඩග්ගං නාම දෙති, උක්ඛලිකකාලෙ කුම්භග්ගං නාම දෙති, පාතියං වඩ්ඪිතකාලෙ පාතග්ගං නාම දෙතීති ඉමානි පඤ්ච අග්ගදානානි දෙති, සම්පත්තස්ස අදත්වා නාම න භුඤ්ජති. තෙනස්ස පඤ්චග්ගදායකොත්වෙව නාමං අහොසි. සත්ථා තස්ස ච බ්රාහ්මණියා චස්ස තිණ්ණං ඵලානං උපනිස්සයං දිස්වා බ්රාහ්මණස්ස භොජනවෙලායං ගන්ත්වා ද්වාරෙ අට්ඨාසි. සොපි ද්වාරපමුඛෙ අන්තොගෙහාභිමුඛො නිසීදිත්වා භුඤ්ජති, සත්ථාරං ද්වාරෙ ඨිතං න පස්සති. බ්රාහ්මණී පන තං පරිවිසමානා සත්ථාරං දිස්වා චින්තෙසි – “අයං බ්රාහ්මණො පඤ්චසු ඨානෙසු අග්ගං දත්වා භුඤ්ජති, ඉදානි ච සමණො ගොතමො ආගන්ත්වා ද්වාරෙ ඨිතො. සචෙ බ්රාහ්මණො එතං දිස්වා අත්තනො භත්තං හරිත්වා දස්සති, පුනපාහං පචිතුං න සක්ඛිස්සාමී”ති. සා “එවං අයං සමණං ගොතමං න පස්සිස්සතී”ති සත්ථු පිට්ඨිං දත්වා තස්ස පච්ඡතො තං පටිච්ඡාදෙන්තී ඔනමිත්වා පුණ්ණචන්දං පාණිනා පටිච්ඡාදෙන්තී විය අට්ඨාසි. තථා ඨිතා එව ච පන “ගතො නු ඛො නො”ති සත්ථාරං අඩ්ඪක්ඛිකෙන ඔලොකෙසි. සත්ථා තත්ථෙව අට්ඨාසි. බ්රාහ්මණස්ස පන සවනභයෙන “අතිච්ඡථා”ති න වදෙති, ඔසක්කිත්වා පන සණිකමෙව “අතිච්ඡථා”ති ආහ. සත්ථා “න ගමිස්සාමී”ති සීසං චාලෙසි. ලොකගරුනා බුද්ධෙන “න ගමිස්සාමී”ති සීසෙ චාලිතෙ සා සන්ධාරෙතුං අසක්කොන්තී මහාහසිතං හසි. තස්මිං ඛණෙ සත්ථා ගෙහාභිමුඛං ඔභාසං මුඤ්චි. බ්රාහ්මණොපි පිට්ඨිං දත්වා නිසින්නොයෙව බ්රාහ්මණියා හසිතසද්දං සුත්වා ඡබ්බණ්ණානඤ්ච රස්මීනං ඔභාසං ඔලොකෙත්වා සත්ථාරං අද්දස. බුද්ධා හි නාම ගාමෙ වා අරඤ්ඤෙ වා හෙතුසම්පන්නානං අත්තානං අදස්සෙත්වා න පක්කමන්ති. බ්රාහ්මණොපි සත්ථාරං දිස්වා, “භොති නාසිතොම්හි තයා, රාජපුත්තං ආගන්ත්වා ද්වාරෙ ඨිතං මය්හං අනාචික්ඛන්තියා භාරියං තෙ කම්මං කත”න්ති වත්වා අඩ්ඪභුත්තං භොජනපාතිං ආදාය සත්ථු සන්තිකං ගන්ත්වා, “භො ගොතම, අහං පඤ්චසු ඨානෙසු අග්ගං දත්වාව භුඤ්ජාමි, ඉතො ච මෙ මජ්ඣෙ භින්දිත්වා එකොව භත්තකොට්ඨාසො භුත්තො, එකො කොට්ඨාසො අවසිට්ඨො, පටිග්ගණ්හිස්සසි මෙ ඉදං භත්ත”න්ති. සත්ථා “න මෙ තව උච්ඡිට්ඨභත්තෙන අත්ථො”ති අවත්වා, “බ්‍රාහ්මණ, අග්ගම්පි මය්හමෙව අනුච්ඡවිකං, මජ්ඣෙ භින්දිත්වා අඩ්ඪභුත්තභත්තම්පි, චරිමකභත්තපිණ්ඩොපි මය්හමෙව අනුච්ඡවිකො. මයඤ්හි, බ්‍රාහ්මණ, පරදත්තූපජීවිපෙතසදිසා”ති වත්වා ඉමං ගාථමාහ –
මේ තැනැත්තා නම් කෙත ශුද්ධ කළවිට ම “බෙත්තග්ග” දානය දෙයි. කමතට ගෙනෙන කල “බලග්ග” දානය දෙයි. කමතේ කොළ මඩින විට බලග්ග භණ්ඩග්ග නම් දානය දෙයි. සැළිවලට දමන කාලයේ දී “කුම්භග්ග” දානය දෙයි. තලිය වඩන කාලයේ දී පාතග්ග නම් දානය දෙයි. මේ පඤ්චවග්ග දානයම දෙයි. ගෙදරට පැමිණි කෙනෙකුට ආහාර නොදී නො වළඳ යි. මේ නිසාම ඔහුට පඤ්ච දායක යන නම ඇතිවුණි. බුදුරදුන් ඔහුගේ ද බැමිණියගේ ද තුන් මාර්ග ඵලයක් ලබාගැනීමට හේතු සම්පත් දැක බ්‍රාහ්මණයා ආහාර ගන්නා වේලාවේ ගොස් දොර අසල වැඩ සිටියහ. බමුණාද දොර ළඟ ගෙය තුළට මුහුණලා වාඩිවී ආහාර අනුභව කරයි. දොර අසල වැඩසිටි බුදුරදුන් නො දකී. බැමිනිය ඔහුට බෙදමින් සිටියදී බුදුන් දැක මෙසේ සිතුවාය. මේ බ්‍රාහ්මණයා පස්වතාවක් අග්‍රදානය දී අනුභව කරයි. දැනුදු භවත් ගෞතමයන් පැමිණ දොර ළග වැඩි සිටියේය. ඉදින් බ්‍රාහ්මණයා ඔහු තම බත බැහැර කර දෙන්නේනම් මට නැවත ඉවීමට නොහැකිවෙමි. ඇය ගෞතමයන් වහන්සේ මුවාවන ලෙසට බුදුන් දෙසට පිට හරවා බමුණාගේ පිටුපසින් ඔහුව මුවාකරමින්. පුන්සඳ අත්ලෙන් වසාලන්නා සේ සිටියේය. එසේ සිට බුදුන් ආපසු ගියේද නැත්දැයි බුදුන් නොපෙනෙන ලෙසට බැලුවාය. බුදුහු එලෙසම සිටගෙන සිටියහ. බ්‍රාහ්මණයාට ඇගේය යන බියෙන් ඉක්ම යන්නැයි ද නොකියයි පසුබිමින් ඉක්මනින් ඉවත්වන්නැයි පැවසුවාය. බුදුහු නොයමියි හිස සෙලවුහ. (හිස සලමින් නොයනබව ඇගවුහ) ලෝක ගුරුවු බුදුන් නොයමියි හිස සැලීම නිසා ඇයට එය දරා ගැනීමට නොහැකිව මහ හඩින් සිනාසුනාහ. එම අවස්ථාවේ බුදුහු ගෙය දෙසට ආලෝක ප්‍රජාවක් පිටකළහ. පිටුපස බැමිණිය දෙන සිනා හඩ ඇසු බමුණා ෂවර්ණ රශ්මියේ ප්‍රභාව ද බලා බුදුන් සිටින තැන් දුටුවේය. බුදුවරයින් නම් ගමට හෝ ආරණ්‍යයට හෝ හේතු සම්පත් ඇති අයට තමන් නොදන්වා නොයති. බ්‍රාහ්මණයා බුදුන් දැක එම්බල තී නැසුනෙමි රාජ පුත්‍රයෙක් පැමිණ දොර ළග සිටින විට මට නොදන්වා බැරැරුම් දෙයක් කරන ලදී. පවසා අඩක් අනුභව කරන ලද ආහාර බඳුන ගෙන තථාගතයන් වෙත ගොස් - පින්වත් ගෞතමයාණනි මම අවස්ථා පහක් - මුල් කොටස දන්දීම අනුභව කරන කෙනෙක්මි. මෙය මැදින් බෙදා එකම කොට කොටසක් අනුභව කළෙමි. එක් කොටසක් ඉතිරි විය. මේ මගේ බත් දානය පිළිගනු මැනව. නැත මට ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියා බ්‍රාහ්මණය මට අග්‍ර වූ දෙයම, මුල් කොටසම මට සුදුසුය. බ්‍රාහ්මණය අපි පරදත්තූපජීවිහු ජීවිහු වෙමු. අන්අය දෙන දෙයින් යැපෙන ප්‍රේතයන් වැන්නැයි කියා මෙම ගාථාව පැවසුහ.
“යදග්ගතො මජ්ඣතො සෙසතො වා, පිණ්ඩං ලභෙථ පරදත්තූපජීවී; නාලං ථුතුං නොපි නිපච්චවාදී, තං වාපි ධීරා මුනි වෙදයන්තී”ති. (සු· නි· 219);
මුලින් හෝ මැදින් හෝ අවශේෂ වශයෙන් අන් අයගෙන් යැපෙන්නට පිණ්ඩපාතය ලැබෙන්නේද ලැබුනේය හෝ නොලැබුනේයයි ධීර මුණිවරයෝ වෙනස්කම් නොදන්වති.
බ්රාහ්මණො තං සුත්වාව පසන්නචිත්තො හුත්වා “අහො අච්ඡරියං, දීපසාමිකො නාම රාජපුත්තො ‘න මෙ තව උච්ඡිට්ඨභත්තෙන අත්ථො’ති අවත්වා එවං වක්ඛතී”ති ද්වාරෙ ඨිතකොව සත්ථාරං පඤ්හං පුච්ඡි – “භො ගොතම, තුම්හෙ අත්තනො සාවකෙ භික්ඛූති වදථ, කිත්තාවතා භික්ඛු නාම හොතී”ති. සත්ථා “කථංරූපා නු ඛො ඉමස්ස ධම්මදෙසනා සප්පායා”ති උපධාරෙන්තො “ඉමෙ ද්වෙපි ජනා කස්සපබුද්ධකාලෙ ‘නාමරූප’න්ති වදන්තානං කථං සුණිංසු, නාමරූපං අවිස්සජ්ජිත්වාව නෙසං ධම්මං දෙසෙතුං වට්ටතී”ති, “බ්‍රාහ්මණ, නාමෙ ච රූපෙ ච අරජ්ජන්තො අසජ්ජන්තො අසොචන්තො භික්ඛු නාම හොතී”ති වත්වා ඉමං ගාථමාහ –
බමුණ මෙය අසා ප්‍රසන්න සිත් ඇතිව අහෝ ආශ්චර්යකි දීපසාමී වූ රාජ පුත්‍රයා ඔබේ ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියයි. දොර ළඟම සිට බුදුන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. පින්වත් ගෞතමයන් වහන්ස ! ඔබ වහන්සේගේ ශ්රාවකයින්ට භික්ඛු යනුවෙන් පවසති කොපමණකින් නම් භික්ෂුවක් වේද ප්‍රශ්න කළේය. බුදුහු මොවුන්ට කවර ස්වරූප ධර්මයක් දෙසන්නේ දැයි බලන්නේ මේ දෙදෙනා කාෂ්‍යප බුද්ධ කාලයේදී නාමරූප කියමින් කතාකළහ. ඒ නාමරූප දක්වමින්ම මොවුන්ට ධර්ම දේශනා කිරිම වටී යයි සිතා බමුණ නාමයෙහි ද රූපයෙහි ද නොඇලී නොගැටී ශෝක නොකරමින් සිටින්නා භික්ෂුව නමින් හැදින්වේ යයි මේ ගාථාව පැවසුහ.
“සබ්බසො නාමරූපස්මිං, යස්ස නත්ථි මමායිතං; අසතා ච න සොචති, ස වෙ භික්ඛූති වුච්චතී”ති.
නාම රූප දෙක පිළිබඳ නැති ඇල්ම මම මය මගේය යන බැමි බිඳදැම්ම පුද්ගලයා පැවිද්දට රුචිකර බැල්ම “බික්සුම” නම ලබයි පුරනා සිව් සිල්ම
යමෙකුට නාම රූප දෙකෙහි හැම ලෙසින්ම මමය මගේය යන හැඟීමක්, නැත්ද නාම රූප දෙක නැසුණු කල්හිත් සෝක නොකරයිද ඒ තැනැත්තා ඒකාන්තයෙන් භික්ෂුව වේ.
තත්ථ සබ්බසොති සබ්බස්මිම්පි වෙදනාදීනං චතුන්නං, රූපක්ඛන්ධස්ස චාති පඤ්චන්නං ඛන්ධානං වසෙන පවත්තෙ නාමරූපෙ. මමායිතන්ති යස්ස අහන්ති වා මමන්ති වා ගාහො නත්ථි. අසතා ච න සොචතීති තස්මිඤ්ච නාමරූපෙ ඛයවයං පත්තෙ “මම රූපං ඛීණං…පෙ… මම විඤ්ඤාණං ඛීණ”න්ති න සොචති න විහඤ්ඤති, “ඛයවයධම්මං මෙ ඛීණ”න්ති පස්සති. ස වෙති සො එවරූපො විජ්ජමානෙපි නාමරූපෙ මමායිතරහිතොපි අසතාපි තෙන අසොචන්තො භික්ඛූති වුච්චතීති අත්ථො.
එහි සබ්බසො යනු සියළු වේදනා ආදි සතර රූපස්ඛන්ධ වශයෙන් ද, පඤ්චස්ඛන්ධ වශයෙන් ද පවත්නා නාම රූපෙ මමායිතං = නාම රූපයන්හි මමය මාගේය යන හැගීමක් නැති සේ මමත්වයක් නොමැතිද අසතාවන සෝචතී යනු එම නාම රූප දෙකේ ක්ෂය වීමට වැයවීමට පත්වූයේ මගේ රූපය ක්ෂය විය මගේ විඤ්ඤාණය ක්ෂයවිය. යනුවෙන් ශෝක නොකරයිද දුකට පත් නොවේ ද බයවය ධර්මය ක්ෂයවී යයි බලයි. ද සචේති ඔහු මෙබඳු ස්වරූප පවතිද්දී නාම රූප දෙකේ මමායනය නැතිද එනිසා ශෝක නොකරන්නේ භික්ඛුනි වුච්චති භික්ෂුව යයි යන අර්ථයි.
දෙසනාවසානෙ උභොපි ජයම්පතිකා අනාගාමිඵලෙ පතිට්ඨහිංසු, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාව අවසානයේ අඹුසැමි දෙපලම අනාගාමී ඵලයේ පිහිටියාහුය. පැමිණි පිරිසටද දෙසුම සාර්ථක වුයේය.
පඤ්චග්ගදායකබ්රාහ්මණවත්ථු ඡට්ඨං.