යෙදුමෙන් කියවන්න

9-17. සම‍්බහුලභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

9-17. සම‍්බහුලභික‍්ඛුවත්‍ථු

9-17. බොහෝ භික්ෂූන්ගේ කථා පුවත

මෙත‍්තාවිහාරීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“මෙත්තා විහාරි” යන මේ ධර්මදේශනය බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩසිටියදී බොහෝ භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ ආයස‍්මන‍්තෙ මහාකච‍්චානෙ අවන‍්තිජනපදෙ කුරරඝරං නිස‍්සාය පවත‍්තපබ‍්බතෙ විහරන‍්තෙ සොණො නාම කොටිකණ‍්ණො උපාසකො ථෙරස‍්ස ධම‍්මකථාය පසීදිත්‍වා ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිතුකාමො ථෙරෙන “දුක‍්කරං ඛො, සොණ, යාවජීවං එකභත‍්තං එකසෙය්‍යං බ්‍රහ‍්මචරිය”න‍්ති වත්‍වා ද‍්වෙ වාරෙ පටික‍්ඛිත‍්තොපි පබ‍්බජ‍්ජාය අතිවිය උස‍්සාහජාතො තතියවාරෙ ථෙරං යාචිත්‍වා පබ‍්බජිත්‍වා අප‍්පභික‍්ඛුකත‍්තා දක‍්ඛිණාපථෙ තිණ‍්ණං වස‍්සානං අච‍්චයෙන ලද‍්ධූපසම‍්පදො සත්‍ථාරං සම‍්මුඛා දට‍්ඨුකාමො හුත්‍වා උපජ‍්ඣායං ආපුච‍්ඡිත්‍වා තෙන දින‍්නං සාසනං ගහෙත්‍වා අනුපුබ‍්බෙන ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා කතපටිසන්‍ථාරො සත්‍ථාරා එකගන්‍ධකුටියංයෙව අනුඤ‍්ඤාතසෙනාසනො බහුදෙව රත‍්තිං අජ‍්ඣොකාසෙ වීථිනාමෙත්‍වා රත‍්තිභාගෙ ගන්‍ධකුටිං පවිසිත්‍වා අත‍්තනො පත‍්තසෙනාසනෙ තං රත‍්තිභාගං වීතිනාමෙත්‍වා පච‍්චූසසමයෙ සත්‍ථාරා අජ‍්ඣිට‍්ඨො සොළස අට‍්ඨකවග‍්ගිකානි (සු· නි· 772 ආදයො) සබ‍්බානෙව සරභඤ‍්ඤෙන අභණි. අථස‍්ස භගවා සරභඤ‍්ඤපරියොසානෙ අබ‍්භානුමොදෙන‍්තො – “සාධු සාධු, භික‍්ඛූ”ති සාධුකාරං අදාසි. සත්‍ථාරා දින‍්නසාධුකාරං සුත්‍වා භූමට‍්ඨකදෙවා නාගා සුපණ‍්ණාති එවං යාව බ්‍රහ‍්මලොකා එකසාධුකාරමෙව අහොසි.

එක් සමයක ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් අවන්ති ජනපදයේ “කුරර ඝර” ඇසුරු කොට ගෙන පවතින පර්වත විහාරයේ වාසය කරන්නේ, සෝණ නම් කුටිකණ්ණ උපාසකයා තෙරුන්ගේ ධර්ම කථාවට පැහැදී තෙරුන් වෙත පැවිදි වීමට කැමැත්තේය. තෙරුන් විසින් සෝණට සෝණ මෙය දුෂ්කරය. එක බතින්, එක ඉරියව්වෙන්, බ්‍රහ්මචරියාම රැකිමට සිදුවේ. මෙලෙස පවසා දෙවරක් ප්‍රතික්ෂේප කරන ලදී. පැවිද්ද සඳහා දැඩිලෙස පැවිදිවීමට අතිශයින් ඇති කැමැත්ත නිසා තෙවැනි වර තෙරුන් කැමතිකර පැවිදි වී භික්ෂූන් අඩු නිසා දක්‍ෂිණපථයේ වස් තුනකට පසුව ලබන ලද උපසම්පදාව ඇත්තේ බුදුන් දකිනු කැමතිව උපාධ්‍යාන්ගෙන් විමසා උන්වහන්සේ විසින් දෙන ලද අණ ගෙන අනුපිළිවෙළින් දෙව්රමට වැඩමකර බුදුන් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ බුදුන් හා එකම ගඳකිළියේ අනුමත කරන ලද සෙනසුනේ බොහෝ රාත්‍රි ඉඩ ඇති තැන කල් යවා රාත්‍රි භාගයේදී කල් යවා අළුයම බුදුන් විසින් ආරාධනා කරන ලද්දේ සුත්‍ර නිපාතයේ සොළොස් අට්ඨයක වර්ගයන් සියල්ලම මිහිරි සරින් සජ්‍ඣායනා කළහ. අනතුරුව තථාගතයන් වහන්සේ සජ්‍ඣායනය අවසානයේ අනුමෝදනා කරමින් සාධු සාධු යයි සාධුකාර දුන්හ. බුදුන් විසින් දෙන ලද සාධු නාදය අසා බුමාටු දෙවියෝ නාග සුපර්ණයෝ ද මෙසේ බඹලොව දක්වා එකම සාධුකාරයක් වීය.

තස‍්මිං ඛණෙ ජෙතවනතො වීසයොජනසතමත්‍ථකෙ කුරරඝරනගරෙ ථෙරස‍්ස මාතු මහාඋපාසිකාය ගෙහෙ අධිවත්‍ථා දෙවතාපි මහන‍්තෙන සද‍්දෙන සාධුකාරමදාසි. අථ නං උපාසිකා ආහ – “කො එස සාධුකාරං දෙතී”ති? අහං, භගිනීති. කොසි ත්‍වන‍්ති? තව ගෙහෙ අධිවත්‍ථා, දෙවතාති. ත්‍වං ඉතො පුබ‍්බෙ මය‍්හං සාධුකාරං අදත්‍වා අජ‍්ජ කස‍්මා දෙසීති? නාහං තුය‍්හං සාධුකාරං දම‍්මීති. අථ කස‍්ස තෙ සාධුකාරො දින‍්නොති? තව පුත‍්තස‍්ස කොටිකණ‍්ණස‍්ස සොණත්‍ථෙරස‍්සාති. කිං මෙ පුත‍්තෙන කතන‍්ති? පුත‍්තො තෙ අජ‍්ජ සත්‍ථාරා සද‍්ධිං එකගන්‍ධකුටියං වසිත්‍වා ධම‍්මං දෙසෙසි, සත්‍ථා තව පුත‍්තස‍්ස ධම‍්මං සුත්‍වා පසන‍්නො සාධුකාරමදාසි. තෙනස‍්ස මයාපි සාධුකාරො දින‍්නො. සම‍්මාසම‍්බුද‍්ධස‍්ස හි සාධුකාරං සම‍්පටිච‍්ඡිත්‍වා භූමට‍්ඨකදෙවෙ ආදිං කත්‍වා යාව බ්‍රහ‍්මලොකා එකසාධුකාරමෙව ජාතන‍්ති. කිං පන, සාමි, මම පුත‍්තෙන සත්‍ථු ධම‍්මො කථිතො, සත්‍ථාරා මම පුත‍්තස‍්ස කථිතොති? තව පුත‍්තෙන සත්‍ථු කථිතොති. එවං දෙවතාය කථෙන‍්තියාව උපාසිකාය පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජිත්‍වා සකලසරීරං ඵරි.

මේ අවස්ථාවේදී දෙව්රමින් යොදුන් එකසිය විස්සක් දුර කුරර ඝර නගරයේ තෙරුන්ගේ මව වූ උවැසියගේ නිවසේ අධිගෘහිත දෙවියා ද මහත් හඩින් සාධුකාර දුන්නේය. අනතුරුව උපාසිකාව කවුද මේ සාධුකාර දෙන්නේ - යනුවෙන් විමසුවාය. සහෝදරිය මමයි ඔබ කවුරුන්ද ඔබේ භවනයේ වසන දේවතාවා වෙමි. ඔබ මෙයට පෙර සාධුකාර නොදී අද දෙන්නේ කුමක් නිසාදැයි විමසුහ. මම ඔබට සාධුකාර නොදුන්නෙමි. එනම් ඔබ කාට සාධුකාර දුන්නේද? ඔබගේ පුත් සෝණ කුටිකණ්ණ තෙරුන්ට සාධුකාර දුනිමි. ඇයි මගේ පුතු කුමක් කළේද? ඔබේ පුතු අද තථාගතයන් සමඟ එක ගඳකිළියේ වසමින් බුදුන්ට ධර්ම දේශනා කළේය. බුදුහු ඔබ පුතුගේ ශබ්දය අසා පැහැදී සාධුකාර දුන්හ. එනිසා මවිසින්ද සාධුකරය දෙන ලද්දේය. සම්මා සම්බුදුන් ගේ සාධුකාරය කියා භූම්‍යසථ දෙවියෝද අනතුරුව බඹලොව දක්වාම සාධු නාදයට පැවතුනි. දෙවියනි! කිම. මගේ පුතා බුදුන්ට ධර්මය දේශනා කළේද නැතහොත් බුදුහු මගේ පුතුට ධර්මය දේශනා කළේද? ඔබේ පුතු විසින් බුදුන්ට ධර්මය දේශනා කරන ලදී. මෙලෙස දෙවියන් සමග කථා කරද්දී උපාසිකාව පස්වණක් ප්‍රීතියෙන් පිනා ගොස් මුළු සිරුර පුරා ප්‍රීතිය පැතිරුනි.

අථස‍්සා එතදහොසි – “සචෙ මෙ පුත‍්තො සත්‍ථාරා සද‍්ධිං එකගන්‍ධකුටියං වසිත්‍වා සත්‍ථු ධම‍්මං කථෙතුං සක‍්ඛි, මය‍්හම‍්පි කථෙතුං සක‍්ඛිස‍්සතියෙව. පුත‍්තස‍්ස ආගතකාලෙ ධම‍්මස‍්සවනං කාරෙත්‍වා ධම‍්මකථං සුණිස‍්සාමී”ති. සොණත්‍ථෙරොපි ඛො සත්‍ථාරා සාධුකාරෙ දින‍්නෙ “අයං මෙ උපජ‍්ඣායෙන දින‍්නසාසනං ආරොචෙතුං කාලො”ති භගවන‍්තං පච‍්චන‍්තිමෙසු ජනපදෙසු විනයධරපඤ‍්චමෙන ගණෙන උපසම‍්පදං ආදිං කත්‍වා (මහාව· 259) පඤ‍්ච වරෙ යාචිත්‍වා කතිපාහං සත්‍ථු සන‍්තිකෙයෙව වසිත්‍වා “උපජ‍්ඣායං පස‍්සිස‍්සාමී”ති සත්‍ථාරං ආපුච‍්ඡිත්‍වා ජෙතවනා නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන උපජ‍්ඣායස‍්ස සන‍්තිකං අගමාසි.

අනතුරුව ඇයට මෙබඳු අදහසක් ඇතිවුනි. ඉදින් මගේ පුතුට බුදුන් හා එක ගඳකිළියක සිට ධර්මය දේශනා කරන්නට හැකිනම් මටද දේශනා කළහැකිය පුතු පැමිණි දිනයක මමද ධර්මය අසන්නෙමියි සිතුවාය. සෝණ තෙරුන්ද බුදුන් විසින් සාධුකාර මා ලැබුවේ මේ මගේ උපධ්‍යයන් වහන්සේ කියා එවා වදාළ මෙහෙවර දැනුම් දීමට කාලය යයි බුදුන් විසින් ප්‍රත්‍යන්ත ජනපදවල පස්නමක් ආදී කොට උපසම්පදාව ලබා දීම ආදී වර පහක් බුදුන්ගෙන් ලබා ගෙන කීප දවසක් ශාස්තෲන් වහන්සේ වෙත වැස උපාධ්‍යායන් බලන්නෙමියි බුදුන් විමසා දෙමින් නික්මී පිළිවෙලින් උපාධ්‍යායන් වහන්සේ වෙතට පැමිණියේය.

ථෙරො පුනදිවසෙ තං ආදාය පිණ‍්ඩාය චරන‍්තො මාතු උපාසිකාය ගෙහද‍්වාරං අගමාසි. සාපි පුත‍්තං දිස‍්වා තුට‍්ඨමානසා වන්‍දිත්‍වා සක‍්කච‍්චං පරිවිසිත්‍වා පුච‍්ඡි – “සච‍්චං කිර ත්‍වං, තාත, සත්‍ථාරා සද‍්ධිං එකගන්‍ධකුටියං වසිත්‍වා සත්‍ථු ධම‍්මකථං කථෙසී”ති. “උපාසිකෙ, තුය‍්හං කෙන ඉදං කථිත”න‍්ති? “තාත, ඉමස‍්මිං ගෙහෙ අධිවත්‍ථා දෙවතා මහන‍්තෙන සද‍්දෙන සාධුකාරං දත්‍වා මයා ‘කො එසො’ති වුත‍්තෙ ‘අහ’න‍්ති වත්‍වා එවඤ‍්ච එවඤ‍්ච කථෙසි. තං සුත්‍වා මය‍්හං එතදහොසි – ‘සචෙ මෙ පුත‍්තො සත්‍ථු ධම‍්මකථං කථෙසි, මය‍්හම‍්පි කථෙතුං සක‍්ඛිස‍්සතී’ති. අථ නං ආහ – ‘තාත, යතො තයා සත්‍ථු සම‍්මුඛා ධම‍්මො කථිතො, මය‍්හම‍්පි කථෙතුං සක‍්ඛිස‍්සසි එව. අසුකදිවසෙ නාම ධම‍්මස‍්සවනං කාරෙත්‍වා තව ධම‍්මං සුණිස‍්සාමි, තාතා’”ති. සො අධිවාසෙසි. උපාසිකා භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දත්‍වා පූජං කත්‍වා “පුත‍්තස‍්ස මෙ ධම‍්මකථං සුණිස‍්සාමී”ති එකමෙව දාසිං ගෙහරක‍්ඛිකං ඨපෙත්‍වා සබ‍්බං පරිජනං ආදාය අන‍්තොනගරෙ ධම‍්මස‍්සවනත්‍ථාය කාරිතෙ මණ‍්ඩපෙ අලඞ‍්කතධම‍්මාසනං අභිරුය‍්හ ධම‍්මං දෙසෙන‍්තස‍්ස පුත‍්තස‍්ස ධම‍්මකථං සොතුං අගමාසි.

තෙරුන් වහන්සේ දෙවැනි දිනයේදී ඔහු රැගෙන පිඬුසිඟා යන්නේ මෑණියන් වූ උපාසිකාවගේ ගෙදරට ගොස් සිටියහ. ඇය පුතු දැක සතුටුව වැඳ හොඳින් වළදවා මෙසේ ඇසුවේය. ඔබ බුදුන් හා එක ගඳකිළියේ සිට බුදුන්ට ධර්ම කථා කීවේද? උපාසිකා මාතාවනි ඔබට මෙය කවුරුන් කීවේද, දරුව, මේ ගෙයි අධිගෘහිත දෙවියා මහ හඩින් සාධුකාර දී ම විසින් විමසන ලදුව මේ තොරතුරු ඔහු විසින් කියන ලදී. එය අසා මම ද මෙසේ සිතුවෙමි. මගේ පුතු බුදුන්ට ධර්මය දේශනා කළේ නම් මට ද දේශනා කරනු ඇත කියා අසවල් දින දේශනය පිළියෙළ කරමි. ඔබ වහන්සේ දේශනා කරන්න. උන් වහන්සේ පිළිගන්න. උවැසිය භික්ෂු සංඝයාට දන් දී පුජාකර පුතුගේ ධර්මය අසමියි එකම දාසිය ගෙය ආරක්ෂා කිරීමට තබා සියළු පරිවාර ජනයා රැගෙන නගරය තුළ ධර්ම දේශනය සඳහා පිළියෙළ කළ සරසන ලද මණ්ඩපයට නැගී ධර්මය දේශනා කරන පුතුගේ ධර්මය ඇසීම සඳහා පිටත්ව ගියාය.

තස‍්මිං පන කාලෙ නවසතා චොරා තස‍්සා උපාසිකාය ගෙහෙ ඔතාරං ඔලොකෙන‍්තා විචරන‍්ති. තස‍්සා පන ගෙහං සත‍්තහි පාකාරෙහි පරික‍්ඛිත‍්තං සත‍්තද‍්වාරකොට‍්ඨකයුත‍්තං, තත්‍ථ තෙසු තෙසු ඨානෙසු චණ‍්ඩසුනඛෙ බන්‍ධිත්‍වා ඨපයිංසු. අන‍්තොගෙහෙ ඡදනස‍්ස උදකපාතට‍්ඨානෙ පන පරිඛං ඛණිත්‍වා තිපුනා පූරයිංසු. තං දිවා ආතපෙන විලීනං පක‍්කුථිතං විය තිට‍්ඨති, රත‍්තිං කඨිනං කක‍්ඛළං හුත්‍වා තිට‍්ඨති. තස‍්සානන‍්තරා මහන‍්තානි අයසඞ‍්ඝාටකානි නිරන‍්තරං භූමියං ඔදහිංසු. ඉති ඉමඤ‍්චාරක‍්ඛං උපාසිකාය ච අන‍්තොගෙහෙ ඨිතභාවං පටිච‍්ච තෙ චොරා ඔකාසං අලභන‍්තා තං දිවසං තස‍්සා ගතභාවං ඤත්‍වා උමඞ‍්ගං භින්‍දිත්‍වා තිපුපරිඛාය ච අයසඞ‍්ඝාටකානඤ‍්ච හෙට‍්ඨාභාගෙනෙව ගෙහං පවිසිත්‍වා චොරජෙට‍්ඨකං තස‍්සා සන‍්තිකං පහිණිංසු “සචෙ සා අම‍්හාකං ඉධ පවිට‍්ඨභාවං සුත්‍වා නිවත‍්තිත්‍වා ගෙහාභිමුඛී ආගච‍්ඡති, අසිනා නං පහරිත්‍වා මාරෙථා”ති. සො ගන‍්ත්‍වා තස‍්සා සන‍්තිකෙ අට‍්ඨාසි.

මෙකල නවසියයක් සොරු එම උවැසියගේ ගෙයි අවකාශයක් සොයන්නේ එහි හැසිරුනාහ. ඇගේ ගෙය ප්‍රාකාර හතකින් වට කරන ලදී. දොරටු හතකි. ඒ ඒ දොරටුවෙහි දරුණු බල්ලන් බඳින ලදී. ඇතුළු ගෙයි වහලයේ ජලය වැටෙන තැන අගලකි එහි ඊයම් වලින් පුරවන ලදී. දවල් කාලයේ අව්වෙන් දැඩි සේ පැසී තිබේ. රාත්‍රියේ දී තද වේ. රළු ලෙසට තිබේ. මේ අතර මඩවලින් පිරි අගලකි. එය අතර මහත් යකඩ දාම නිතර භූමියට වැටේ මෙබදු රැකවරණ හා උවැසිය ගේ තුළ සිටින බව නිමිති කරගෙන එම සොරුන් අවකාශයක් නොලැබ මෙම ධර්ම දේශනය පැවති දින ඇය එහි ගිය බව දැන උමගක් සාදා ඊයම් හා යකඩ සංඝටක යට කොටසින් ගෙතුළට පිවිසියේය. යම් කිසි හෙයකින් සොරු ගෙට ඇතුල් වූ බව අසා හෝ දැන ධර්මය ඇසීම නවතා ගෙය දෙසට එන්නේ නම් පහර දී ඇය ඝාතනය කිරිම සදහා තව සොරෙකු එහි යැවීය. ඔහු ගොස් ඇය සමීපයේ සිටියේය.

චොරාපි අන‍්තොගෙහෙ දීපං ජාලෙත්‍වා කහාපණගබ‍්භද‍්වාරං විවරිංසු. සා දාසී චොරෙ දිස‍්වා උපාසිකාය සන‍්තිකං ගන‍්ත්‍වා, “අය්‍යෙ, බහූ චොරා ගෙහං පවිසිත්‍වා කහාපණගබ‍්භද‍්වාරං විවරිංසූ”ති ආරොචෙසි. “චොරා අත‍්තනා දිට‍්ඨකහාපණෙ හරන‍්තු, අහං මම පුත‍්තස‍්ස ධම‍්මකථං සුණාමි, මා මෙ ධම‍්මස‍්ස අන‍්තරායං කරි, ගෙහං ගච‍්ඡා”ති තං පහිණි. චොරාපි කහාපණගබ‍්භං තුච‍්ඡං කත්‍වා රජතගබ‍්භං විවරිංසු. සා පුනපි ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙසි. උපාසිකාපි “චොරා අත‍්තනා ඉච‍්ඡිතං හරන‍්තු, මා මෙ අන‍්තරායං කරී”ති පුන තං පහිණි. චොරා රජතගබ‍්භම‍්පි තුච‍්ඡං කත්‍වා සුවණ‍්ණගබ‍්භං විවරිංසු. සා පුනපි ගන‍්ත්‍වා උපාසිකාය තමත්‍ථං ආරොචෙසි. අථ නං උපාසිකා ආමන‍්තෙත්‍වා, “භොති ජෙ ත්‍වං අනෙකවාරං මම සන‍්තිකං ආගතා, ‘චොරා යථාරුචිතං හරන‍්තු, අහං මම පුත‍්තස‍්ස ධම‍්මකථං සුණාමි, මා මෙ අන‍්තරායං කරී’ති මයා වුත‍්තාපි මම කථං අනාදියිත්‍වා පුනප‍්පුනං ආගච‍්ඡසියෙව. සචෙ ඉදානි ත්‍වං ආගච‍්ඡිස‍්සසි, ජානිස‍්සාමි තෙ කත‍්තබ‍්බං, ගෙහමෙව ගච‍්ඡා”ති පහිණි.

සොරුන් ද ඇතුළත ගෙයි පහන් දල්වා කහවණු ගබඩාවේ දොර විවර කළහ. එම දාසිය සොරුන් දැක උපාසිකාව බණ අසන තැනට ගොස් ආර්යාවනි බොහෝ සොරු පැමිණ කහවණු ගබඩාව අරින ලදී. යයි දැනුම් දුන්නාය. සොරු තමන් දුටු කහවණු ගනීවා මම මගේ පුතුගේ ධර්මය අසමි. මෙලෙස රිදී ගබඩාව විවරකළ විට ද රන් ගබඩාව විවරකළ විට ද දාසිය දැනුම් දුන්නේද තුන් වැනි වාරයේ ඇය පැමිණ දැනුම් දෙනවිට උපාසිකාව මගේ ගෙට ආ සොරු කැමති දෙයක් පැහැර ගනිත්වා අනතුරක් නොකරන්න. ඉදින් නැවත ආවොත් කළ යුතු දේ දනිමි. ගෙදරටම යනුයි දාසිය ගෙදර යැවුවාය.

චොරජෙට‍්ඨකො තස‍්සා කථං සුත්‍වා “එවරූපාය ඉත්‍ථියා සන‍්තකං හරන‍්තානං අසනි පතිත්‍වා මත්‍ථකං භින්‍දෙය්‍යා”ති චොරානං සන‍්තිකං ගන‍්ත්‍වා “සීඝං උපාසිකාය සන‍්තකං පටිපාකතිකං කරොථා”ති ආහ. තෙ කහාපණෙහි කහාපණගබ‍්භං, රජතසුවණ‍්ණෙහි රජතසුවණ‍්ණගබ‍්භෙ පුන පූරයිංසු. ධම‍්මතා කිරෙසා, යං ධම‍්මො ධම‍්මචාරිනං රක‍්ඛති. තෙනෙවාහ –

සොර දෙටුවා මේ කථාව අසා මෙබඳු කාන්තාවක් සතු වස්තුව ගැනීම අකුණු ගසා හිස සැලීමට සිදු වේයයි. සොරුන් වෙතට ගොස් උවැසියන්ගේ සියළු දේ තිබූ ලෙස ආපසු තබන්නැයි කිවේය. ඔවුන් කහවණු රිදී රන් ගබඩාවල ඒවා එලෙසම තැබුහ. මේ ධර්මතාවයි. ධර්මයේ ආනුභාවයයි ධර්මය ධර්මචාරින් ආරක්ෂා කරති.

“ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං, ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාති; එසානිසංසො ධම‍්මෙ සුචිණ‍්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී”ති. (ථෙරගා· 303; ජා· 1.10.102);

දහම් හිම හැසිරෙන දහමට අනුව නියැලෙන අය රකිති දහමම ඔව්හු අවුරති රුදු අවාමග

දැහැමියා දහමින් රැකේ. ධර්මය හැසිරුනේ සැප ඇති කරයි. මෙම අනුහසින් මැනවින් හැසිරුනේ ධම්මචාරියා දුගතියට නොමයන්නේය.

චොරාපි ගන‍්ත්‍වා ධම‍්මස‍්සවනට‍්ඨානෙ අට‍්ඨංසු. ථෙරොපි ධම‍්මං කථෙත්‍වා විභාතාය රත‍්තියා ආසනා ඔතරි. තස‍්මිං ඛණෙ චොරජෙට‍්ඨකො උපාසිකාය පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “ඛමාහි මෙ, අය්‍යෙ”ති ආහ. “කිං ඉදං, තාතා”ති? “අහඤ‍්හි තුම‍්හෙසු ආඝාතං කත්‍වා තුම‍්හෙ මාරෙතුකාමො අට‍්ඨාසි”න‍්ති. “තෙන හි තෙ, තාත, ඛමාමී”ති. සෙසචොරාපි තථෙව වත්‍වා, “තාතා, ඛමාමී”ති වුත‍්තෙ ආහංසු – “අය්‍යෙ, සචෙ නො ඛමථ, පුත‍්තස‍්ස වො සන‍්තිකෙ අම‍්හාකං පබ‍්බජ‍්ජං දාපෙථා”ති. සා පුත‍්තං වන්‍දිත්‍වා ආහ – “තාත, ඉමෙ චොරා මම ගුණෙසු තුම‍්හාකඤ‍්ච ධම‍්මකථාය පසන‍්නා පබ‍්බජ‍්ජං යාචන‍්ති, පබ‍්බාජෙථ නෙ”ති. ථෙරො “සාධූ”ති වත්‍වා තෙහි නිවත්‍ථවත්‍ථානං දසානි ඡින්‍දාපෙත්‍වා තම‍්බමත‍්තිකාය රජාපෙත්‍වා තෙ පබ‍්බාජෙත්‍වා සීලෙසු පතිට‍්ඨාපෙසි. උපසම‍්පන‍්නකාලෙ ච නෙසං එකෙකස‍්ස විසුං විසුං කම‍්මට‍්ඨානමදාසි. තෙ නවසතා භික‍්ඛූ විසුං විසුං නවසතකම‍්මට‍්ඨානානි ගහෙත්‍වා එකං පබ‍්බතං අභිරුය‍්හ තස‍්ස තස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදිත්‍වා සමණධම‍්මං කරිංසු.

සොරුන් ද ගොස් ධර්මය දෙසන තැන සිටියහ. තෙරුන් ධර්මය දේශනාකර අළුයම ධර්මාසනයෙන් බැස්සාහ. එකෙනෙහි සොර දෙටුවා උවැසියගේ පාමුල වැටී ආර්යාවෙනි මට සමාවන්න ඇයි මේ දරුව, මම ඔබට ආඝාත බැඳ ඔබ ඝාතනය කිරීමට සිටියෙමි. එසේනම් දරුව මම සමාව දෙමි. අනෙක් සොරුන්ද එලෙසම පවසා දරුවන් සමාව දෙමියි ඔවුන් කීවාහුය. ආර්යාවනි ඉදින් අපට සමාව දෙන්නේනම් ඔබේ පුතු ළඟ අපට පැවිදි වීමට අවසර දෙන්න - ඇය පුතුට වැඳ මෙසේ කීවාය. දරුව මේ සොරු මගේ ගුණයෙන් ඔබගේ ධර්ම කථාවේත් පැහැදී පැවිද්ද ඉල්ලති මොවුන් පැවිදි කරන්නැයි පැවසුවාය. තෙරුන් යෙහෙකැයි පවසා ඔවුන් විසින් අදින ලද වස්ත්‍ර දහයක් කපවා තඹවන් මැටිවලින් පාටකර ඔවුන් පැවිදි කරවා සීලයෙහි පිහිටුවුහ. උපසම්පන්න කාලයේදී ඔවුන් වෙන් වෙන් කරවා කර්මස්ථාන සියයක් ගෙන එක් පර්වතයකට නැගී ඒ ඒ ගසක සෙවනේ වාඩි වී ශ්‍රමණ ධර්ම කළාහුය

සත්‍ථා වීසයොජනසතමත්‍ථකෙ ජෙතවනමහාවිහාරෙ නිසින‍්නොව තෙ භික‍්ඛූ ඔලොකෙත්‍වා තෙසං චරියවසෙන ධම‍්මදෙසනං වවත්‍ථාපෙත්‍වා ඔභාසං ඵරිත්‍වා සම‍්මුඛෙ නිසීදිත්‍වා කථෙන‍්තො විය ඉමා ගාථා අභාසි –

යොදුන් එකසිය විස්සකට ඈත දෙව්රම වැඩ සිටියදීම එම භික්ෂූන් දෙස බලා ඔවුන්ගේ චරිත වශයෙන් ධර්ම දේශනා කොට ආලෝකයක් පතුරුවා ඉදිරියේ සිට කියන්නා සේ මෙම ගාථා පැවසුහ.

“මෙත‍්තාවිහාරී යො භික‍්ඛු, පසන‍්නො බුද‍්ධසාසනෙ; අධිගච‍්ඡෙ පදං සන‍්තං, සඞ‍්ඛාරූපසමං සුඛං.

1. යම් භික්ෂුවක් මෛත්‍රී විහරණ ඇත්තේද, බුදු සසුනේ පැහැදුනේ ද, ඒ භික්ෂුව සංස්කාර ධර්ම සංසිඳුවන්නා වු නිවන ලබන්නේ ය.

“සිඤ‍්ච භික‍්ඛු ඉමං නාවං, සිත‍්තා තෙ ලහුමෙස‍්සති; ඡෙත්‍වා රාගඤ‍්ච දොසඤ‍්ච, තතො නිබ‍්බානමෙහිසි.

2. ශ්‍රමණය ! මේ ආත්මභාවය නමැති නැවේ මිථ්‍යා විතර්ක ආදී දිය ඉස දමන්න. ඔබ විසින් සිතා එසේ ඉස දමන ලද නැව (ආත්ම භාවය) සැහැල්ලු වී එන්නේ ය. රාග දෝස ආදී බැදුම් ද සිද දමා නිවනට පැමිණෙන්න.

“පඤ‍්ච ඡින්‍දෙ පඤ‍්ච ජහෙ, පඤ‍්ච චුත‍්තරි භාවයෙ; පඤ‍්චසඞ‍්ගාතිගො භික‍්ඛු, ඔඝතිණ‍්ණොති වුච‍්චති.

3. බැඳුම් පස සිද දමන්න, උද්ධංභාගිය සංයෝජන පස සිඳ දමන්න. පස් ඉඳුරන් මතු මත්තෙහි වඩන්න. පස් වැදෑරුම් බිඳුම් ඉක්ම වූ භික්ෂුව සැඩ වතුර පහරින් එතෙර වූවෝ වෙති.

“ඣාය භික‍්ඛු මා පමාදො, මා තෙ කාමගුණෙ රමෙස‍්සු චිත‍්තං; මා ලොහගුළං ගිලී පමත‍්තො, මා කන්‍දී දුක‍්ඛමිදන‍්ති දය‍්හමානො.

4. ශ්‍රමණය, ධ්‍යාන වඩන්න. පමා නො වන්න. ඔබේ සිත කම්සැප විසයෙහි නො දුවවන්න. පමා වී ලෝහ ගුලි නො ගිලින්න. නිරය ගින්නෙහි දැවෙමින් මේ දුකකැයි නො අඩන්න.

“නත්‍ථි ඣානං අපඤ‍්ඤස‍්ස, පඤ‍්ඤා නත්‍ථි අඣායතො; යම‍්හි ඣානඤ‍්ච පඤ‍්ඤා ච, ස වෙ නිබ‍්බානසන‍්තිකෙ.

5. නුවණ නැත්තාට ධ්‍යානයක් නැත. ධ්‍යාන නොවඩන්නාට ප්‍රඥාවක් නැත. යමෙකුට ප්‍රඥාව ද ධ්‍යනය ද ඇත්ද ඔහු ඒකාන්තයෙන් නිවන සමීපයේය

“සුඤ‍්ඤාගාරං පවිට‍්ඨස‍්ස, සන‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො; අමානුසී රතී හොති, සම‍්මා ධම‍්මං විපස‍්සතො.

6. විවේක ඇති තැනකට පිවිසියාවු, නිවුනු සිත් ඇත්තාවු. ධර්මය, මනාකොට විමසා බලන්නාවූ මහණ හට පෘථග්ජන පුද්ගලයන්ට නැති ප්‍රීතියක් ඇති වේ.

“යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතං තං විජානතං.

7. යම් කලෙක පඤචස්ඛන්ධ හටගැනීම හා නැතිව යාම නුවණින් මෙනෙහි කරයි ද එසේ සිහිකරන හැම කල්හිම ඔහු ප්‍රීතිය හා සතුට ලබයි.

“තත්‍රායමාදි භවති, ඉධ පඤ‍්ඤස‍්ස භික‍්ඛුනො; ඉන්‍ද්‍රියගුත‍්ති සන‍්තුට‍්ඨි, පාතිමොක‍්ඛෙ ච සංවරො.

8. මේ සසුනෙහි නුවණැති භික්ෂුවට එහි මෙය මුල් වේ. ඉන්ද්‍රියන්ගේ සංවර යද, සතුටු වීම ද. ප්‍රාතිමෝක්ෂ සීල සංවරයද පිරිසිදු දිවි පැවැත්ම ද ඇති කුසීත නොවු කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න.

“මිත‍්තෙ භජස‍්සු කල්‍යාණෙ, සුද‍්ධාජීවෙ අතන්‍දිතෙ; පටිසන්‍ථාරවුත්‍යස‍්ස, ආචාරකුසලො සියා; තතො පාමොජ‍්ජබහුලො, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතී”ති.

9. පිළිසඳර පැවැතුම් ඇත්තෙක් විය යුතුය. යහපත් හැසිරීමෙහි සූරයෙක් විය යුතුය. ඒ හේතුවෙන් සතුට බහුල කොට ඇති ඔබ දුක් කෙළවර කරන්නේ කරන්නේය.

තත්‍ථ මෙත‍්තාවිහාරීති මෙත‍්තාකම‍්මට‍්ඨානෙ කම‍්මං කරොන‍්තොපි මෙත‍්තාවසෙන තිකචතුක‍්කජ‍්ඣානෙ නිබ‍්බත‍්තෙත්‍වා ඨිතොපි මෙත‍්තාවිහාරීයෙව නාම. පසන‍්නොති යො පන බුද‍්ධසාසනෙ පසන‍්නො හොති, පසාදං රොචෙතියෙවාති අත්‍ථො. පදං සන‍්තන‍්ති නිබ‍්බානස‍්සෙතං නාමං. එවරූපො හි භික‍්ඛු සන‍්තං කොට‍්ඨාසං සබ‍්බසඞ‍්ඛාරානං උපසන‍්තතාය සඞ‍්ඛාරූපසමං, පරමසුඛතාය සුඛන‍්ති ලද‍්ධනාමං නිබ‍්බානං අධිගච‍්ඡති, වින්‍දතියෙවාති අත්‍ථො.

එහි මෛත්‍රී කර්මස්ථානයෙන් මෛත්‍රී කරන්නේ, මෛත්‍රී වසයෙන් තුන්වැනි සතරවැනි ධ්‍යාන උපදවා සිටින්නේ මෙත්තා විහාරි නම් වේ. පසන්නෙ - යනු යම් කිසිවෙක් බුද්ධ ශාසනයේ ප්‍රසන්න වේද, ප්‍රසාදයට පත් වේද යන අර්ථයි. පදං සත්තං - යනු මෙය නිර්වාණයට නමකි. මෙබඳු වු භික්ෂුව සන්නං සියලු සංස්කාරයන්ගෙන් සන්සිඳීම පිණිස සඞ්ඛාරුප සමං උතුම් සුවය පිණිස සුව ලැබුවාවූ නිවන් සුවය විදින්නේමය යන අර්ථයි.

සිඤ‍්ච භික‍්ඛු ඉමං නාවන‍්ති භික‍්ඛු ඉමං අත‍්තභාවසඞ‍්ඛාතං නාවං මිච‍්ඡාවිතක‍්කොදකං ඡඩ‍්ඩෙන‍්තො සිඤ‍්ච. සිත‍්තා තෙ ලහුමෙස‍්සතීති යථා හි මහාසමුද‍්දෙ උදකස‍්සෙව භරිතා නාවා ඡිද‍්දානි පිදහිත්‍වා උදකස‍්ස සිත‍්තතාය සිත‍්තා සල‍්ලහුකා හුත්‍වා මහාසමුද‍්දෙ අනොසීදිත්‍වා සීඝං සුපට‍්ටනං ගච‍්ඡති, එවං තවාපි අයං මිච‍්ඡාවිතක‍්කොදකභරිතා අත‍්තභාවනාවා චක‍්ඛුද‍්වාරාදිඡිද‍්දානි සංවරෙන පිදහිත්‍වා උප‍්පන‍්නස‍්ස මිච‍්ඡාවිතක‍්කොදකස‍්ස සිත‍්තතාය සිත‍්තා සල‍්ලහුකා සංසාරවට‍්ටෙ අනොසීදිත්‍වා සීඝං නිබ‍්බානං ගමිස‍්සති. ඡෙත්‍වාති රාගදොසබන්‍ධනානි ඡින්‍ද. එතානි හි ඡින්‍දිත්‍වා අරහත‍්තප‍්පත‍්තො තතො අපරභාගෙ අනුපාදිසෙසනිබ‍්බානමෙව එහිසි, ගමිස‍්සසීති අත්‍ථො.

සිඤ්ච භික්ඛු ඉමං නාවං යනු ආත්මභාව සංඛ්‍යාත මිථ්‍යාවිතර්ක ජලය විසිකර දමා අනුපාදිසේස. නිබ්බාණමෙසී - නිවණට පැමිණියේ යන අර්ථයි. මතු දෙලොව සැපත් දෙන්නාවූ උද්ධමහාගියා සංයෝජන පස පුරුෂයකුගේ ගෙළෙහි බැදි රැහැනක් කපා හරින්නාක් මෙන් රහත් මගින් විනාශ කළ යුතුය. දුරුකළ යුතුය යන අර්ථයි. ඉසින්න - සිත්තා තෙ ලහුමෙස්සති - යම්සේ මහසමුදුරේ නැව සිදුරු වු විට සිදුරු වසා දිය ඉස හිස්වුවිට සැහැල්ලුවෙන් මුහුදේ නොගිලි වේගයෙන් යහපත්සේ පටුනට ගමන් කරයි. එලෙසට මිථ්‍යා විතර්ක නැමති ජලය හැර ආත්මභාව නමැති නැව චක්ෂුර ආදී ඉන්ද්‍රීය සිදුරු සංවරය කරමින් වසාතබා උපන්නා වූ මිථ්‍යා විතරක් නමැති ජලය ඉස සැහැල්ලු ලෙස සංසාර වෘන්තය බිඳ දමා වහා නිවසට පැමිණෙන්නේය. ඡෙත්වා රාග දෝස ආදී බැදුම් සිඳ රහත් බවට පැමිණෙන්නේය, තතො අපරභාගයේ

පඤ‍්ච ඡින්‍දෙති හෙට‍්ඨාඅපායසම‍්පාපකානි පඤ‍්චොරම‍්භාගියසංයොජනානි පාදෙ බද‍්ධරජ‍්ජුං පුරිසො සත්‍ථෙන විය හෙට‍්ඨාමග‍්ගත‍්තයෙන ඡින්‍දෙය්‍ය. පඤ‍්ච ජහෙති උපරිදෙවලොකසම‍්පාපකානි පඤ‍්චුද‍්ධම‍්භාගියසංයොජනානි පුරිසො ගීවාය බද‍්ධරජ‍්ජුකං විය අරහත‍්තමග‍්ගෙන ජහෙය්‍ය පජහෙය්‍ය, ඡින්‍දෙය්‍යාති අත්‍ථො.

පඤ්ච ඡින්දෙ - යට අපායට පමුණුවන ඕරම්භාගිය සංයෝජනයන් පාදයේ බැදී රැහැනක් සැතකින් කපාහරින පුරුසයකු මෙන් මාර්ගත්‍රයෙන් සිඳ දැමිය යුතුය. පඤ්ච ජහෙ දෙලෝ සැපත් ආදිය දෙන පස්උද්ධම්භාගිය සංයෝජන ගෙල වැදි රැහැනක් මෙන් සිතා, අරහත් මගින් දුරු කරව යනු අර්ථය.

පඤ‍්ච චුත‍්තරි භාවයෙති උද‍්ධම‍්භාගියසංයොජනානං පහානත්‍ථාය සද‍්ධාදීනි පඤ‍්චින්‍ද්‍රියානි උත‍්තරි භාවෙය්‍ය. පඤ‍්චසඞ‍්ගාතිගොති එවං සන‍්තෙ පඤ‍්චන‍්නං රාගදොසමොහමානදිට‍්ඨිසඞ‍්ගානං අතික‍්කමනෙන පඤ‍්චසඞ‍්ගාතිගො භික‍්ඛු ඔඝතිණ‍්ණොති වුච‍්චති, චත‍්තාරො ඔඝෙ තිණ‍්ණොයෙවාති වුච‍්චතීති අත්‍ථො.

පඤ්ච චුත්තරි භාවයෙ - යනු උද්ධම්භාගිය සංයෝජන ප්‍රහාණය පිණිස සද්ධාදී පඤ්ච ඉන්ද්‍රියන් මතු මඩන්නේ ය. පඤ්ච සඞ්ගාති ගො - මෙසේ ඇති කල්හි රාග - ද්වේශ, මෝහ මාන - දිට්ඨි ආදී වූ පස ඉක්මවු තැනැත්තා යි - භික්ඛු ඔසතිණෙණ - කාම භව, දිට්ඨි, අවිජ්‍ජා - යන සැඩ වතුර පහරින් එතෙර වූ තැනැත්තායි.

ඣාය භික‍්ඛූති භික‍්ඛු ත්‍වං ද‍්වින‍්නං ඣානානං වසෙන ඣාය චෙව, කායකම‍්මාදීසු ච අප‍්පමත‍්තවිහාරිතාය මා පමජ‍්ජි. රමෙස‍්සූති පඤ‍්චවිධෙ ච කාමගුණෙ තෙ චිත‍්තං මා රමෙස‍්සු. මා ලොහගුළන‍්ති සතිවොස‍්සග‍්ගලක‍්ඛණෙන හි පමාදෙන පමත‍්තා නිරයෙ තත‍්තං ලොහගුළං ගිලන‍්ති, තෙන තං වදාමි “මා පමත‍්තො හුත්‍වා ලොහගුළං ගිලි, මා නිරයෙ ඩය‍්හමානො ‘දුක‍්ඛමිද’න‍්ති කන්‍දී”ති අත්‍ථො.

ඣාය භික්ඛු ශ්‍රමණය ඔබ ධ්‍යාන දෙකෙහිම ධ්‍යාන කරන්න. කාය කර්මාදියෙහි අප්‍රමත්තවිය යුතුය ප්‍රමාද නොවන්න. භමස්සු - පඤ්චවිධ කාම ගුණයන් ඔබගේ සිත මැඩ නොපවත්වා, මා ලොහගුලන්ති - සිහි මුලාවෙන් යුත් ප්‍රමාදයට පත්වන තැනැත්තා නිරයේ මැටී ලෝහ ගුලි ගිලිත්. එනිසා මෙය කියමි. මා ප්‍රමාද වී නිරයේ ලෝහ ගුලි නොගිලීවා ඩයහමානො දුක්ඛමිදන්ති කන්දිති - දවනු ලබමින් දුක්විදිමින් හඩති යන අර්ථයි.

නත්‍ථි ඣානන‍්ති ඣානුප‍්පාදිකාය වායාමපඤ‍්ඤාය අපඤ‍්ඤස‍්ස ඣානං නාම නත්‍ථි. පඤ‍්ඤා නත්‍ථීති අඣායන‍්තස‍්ස “සමාහිතො භික‍්ඛු යථාභූතං ජානාති පස‍්සතී”ති වුත‍්තලක‍්ඛණා පඤ‍්ඤා නත්‍ථි. යම‍්හි ඣානඤ‍්ච පඤ‍්ඤා චාති යම‍්හි පුග‍්ගලෙ ඉදං උභයම‍්පි අත්‍ථි, සො නිබ‍්බානස‍්ස සන‍්තිකෙ ඨිතොයෙවාති අත්‍ථො.

නත්ථිඣානන්ති - ධ්‍යාන උපැදවීමට ප්‍රඥාවෙන් උත්සාහ කිරිම, අපඤ්ඤස්ස - දුෂ්ප්‍රාඥයාට ධ්‍යාන නොලැබේ. පඤ්ඤා නත්ථි අධ්‍යයනය කරන්නහුට “සමාහිතො භික්ඛු යථාභූතං ජානාති” සමාහිත වූ සිත් ඇති භික්ෂුව යථාරූපය අවබෝධ කරයි. යන ස්වභාවය ඇත්තේ ප්‍රඥාව නැත්තැයි යමහි ඣානං පඤ්ඤාචාති යම් පුද්ගලයෙකු කෙරෙහි මේ දෙකරුණම ඇත්තේ ද හෙතෙම නිබ්බාණස්ස සන්තිකෙ - නිවණ සමීපයේ සිටියේය යන අර්ථයි.

සුඤ‍්ඤාගාරං පවිට‍්ඨස‍්සාති කිස‍්මිඤ‍්චිදෙව විවිත‍්තොකාසෙ කම‍්මට‍්ඨානං අවිජහිත්‍වා කම‍්මට‍්ඨානමනසිකාරෙන නිසින‍්නස‍්ස. සන‍්තචිත‍්තස‍්සාති නිබ‍්බුතචිත‍්තස‍්ස. සම‍්මාති හෙතුනා කාරණෙන ධම‍්මං විපස‍්සන‍්තස‍්ස විපස‍්සනාසඞ‍්ඛාතා අමානුසී රති අට‍්ඨසමාපත‍්තිසඞ‍්ඛාතා දිබ‍්බාපි රති හොති උප‍්පජ‍්ජතීති අත්‍ථො.

සුඤ්ඤගාරං පවිට්ඨ සසාති යනු කිසියම් විධියකින් විවෘත වූ අවකාශයේ කර්මස්ථාන ගෙන කර්මස්ථාන වැඩීම සඳහා හිඳින්නා වූ අයං සන්ත චිත්තස්ස යනු නිවුන සිත, ඇත්තහුව සම්මා - හේතු කාරණ සහිතව ධර්මය බලන්නෙකුට අමානුසී රතී - අෂ්ට සමාපත්ති සංඛ්‍යාත වූ ධර්මයන් උපදින්නේ ය යන අර්ථයි.

යතො යතො සම‍්මසතීති අට‍්ඨතිංසාය ආරම‍්මණෙසු කම‍්මං කරොන‍්තො යෙන යෙනාකාරෙන, පුරෙභත‍්තාදීසු වා කාලෙසු යස‍්මිං යස‍්මිං අත‍්තනා අභිරුචිතෙ කාලෙ, අභිරුචිතෙ වා කම‍්මට‍්ඨානෙ කම‍්මං කරොන‍්තො සම‍්මසති. උදයබ‍්බයන‍්ති පඤ‍්චන‍්නං ඛන්‍ධානං පඤ‍්චවීසතියා ලක‍්ඛණෙහි උදයං, පඤ‍්චවීසතියා එව ච ලක‍්ඛණෙහි වයං. පීතිපාමොජ‍්ජන‍්ති එවං ඛන්‍ධානං උදයබ‍්බයං සම‍්මසන‍්තො ධම‍්මපීතිං ධම‍්මපාමොජ‍්ජඤ‍්ච ලභති. අමතන‍්ති තං සප‍්පච‍්චයෙ නාමරූපෙ පාකටෙ හුත්‍වා උපට‍්ඨහන‍්තෙ උප‍්පන‍්නං පීතිපාමොජ‍්ජං අමතනිබ‍්බානසම‍්පාපකත‍්තා විජානතං පණ‍්ඩිතානං අමතමෙවාති අත්‍ථො.

යතො යතො සම්මසති - යනු අටතිස් අරමුණවල යෙදී සිටින්නේ ක්‍රියා කරන්නේ යම් යම් ආකාරයකින් පෙර බත පසු බත ආදී කාලයන්හි තම තමන්ට රුචිකර වූ කර්මස්ථානයන්හි කර්මස්ථාන සිහි කරන්නේ ද, උදයබ්බයන්ති පඤ්චස්ඛන්ධය පිළිබඳව ඇතිවීම හා නැතිවීම පිළිබඳ විසිපස් ලක්ෂණයන්, පීති පාමොජ්ජං - මෙසේ ස්බන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම සම්මර්ශනය කරන්නේ, ධර්ම ප්‍රීතිය ධර්ම ප්‍රමෝදය ලබත්. අමතං යනු ප්‍රත්‍යය සහිත වූ නාම රූපයන් ප්‍රකට වීමෙන් උපදින්නා වූ ප්‍රීතිය අමෘත මහා නිර්වාණ සම්ප්‍රප්තිය පණ්ඩිතයන් විසින් අමත යන අර්ථයෙන් දැක්වේ.

තත්‍රායමාදි භවතීති තත්‍ර අයං ආදි, ඉදං පුබ‍්බට‍්ඨානං හොති. ඉධ පඤ‍්ඤස‍්සාති ඉමස‍්මිං සාසනෙ පණ‍්ඩිතභික‍්ඛුනො. ඉදානි “තං ආදී”ති වුත‍්තං පුබ‍්බට‍්ඨානං දස‍්සෙන‍්තො ඉන්‍ද්‍රියගුත‍්තීතිආදිමාහ. චතුපාරිසුද‍්ධිසීලඤ‍්හි පුබ‍්බට‍්ඨානං නාම. තත්‍ථ ඉන්‍ද්‍රියගුත‍්තීති ඉන්‍ද්‍රියසංවරො. සන‍්තුට‍්ඨීති චතුපච‍්චයසන‍්තොසො. තෙන ආජීවපාරිසුද‍්ධි චෙව පච‍්චයසන‍්නිස‍්සිතඤ‍්ච සීලං කථිතං. පාතිමොක‍්ඛෙති පාතිමොක‍්ඛසඞ‍්ඛාතෙ ජෙට‍්ඨකසීලෙ පරිපූරකාරිතා කථිතා.

තත්‍රයාමාදී එහි මුල් පුර්ව පියවර වේ. ඉධ පඤ්ඤස්ස මේ සාසනයේ නුවණැති භික්ෂූන් දැන් මේ කියන ලද දේ පුර්වාමස්ථයේ දක්වමින් ඉන්ද්‍රියගුතති ආදිය කීහ. සිව් පිරිසිදු ශීලයෙහි පූර්ව අවස්ථාව ඉන්ද්‍රිය සංවරය වේ. සන්තුට්ඨි සිව් පසයෙහි සන්තෝසය ඒ මගින් ආජීව පාරි ශුද්ධ ශීලය හා ප්‍රත්‍ය සංනිශ්‍රිත සීලය කියන ලදී. පාතිමොකෙඛ ප්‍රාතිමෝක්ෂය සංඛ්‍යාත වූ ජ්‍යෙෂ්ඨ ශීලය පරිපුර්ණ කළයුතු බව කියන ලදී.

මිත‍්තෙ භජස‍්සු කල්‍යාණෙති විස‍්සට‍්ඨකම‍්මන‍්තෙ අපතිරූපසහායෙ වජ‍්ජෙත්‍වා සාධුජීවිතාය සුද‍්ධාජීවෙ ජඞ‍්ඝබලං නිස‍්සාය ජීවිකකප‍්පනාය අකුසීතෙ අතන්‍දිතෙ කල්‍යාණමිත‍්තෙ භජස‍්සු, සෙවස‍්සූති අත්‍ථො. පටිසන්‍ථාරවුත්‍යස‍්සාති ආමිසපටිසන්‍ථාරෙන ච ධම‍්මපටිසන්‍ථාරෙන ච සම‍්පන‍්නවුත‍්තිතාය පටිසන්‍ථාරවුත‍්ති අස‍්ස, පටිසන්‍ථාරස‍්ස කාරකා භවෙය්‍යාති අත්‍ථො. ආචාරකුසලොති සීලම‍්පි ආචාරො, වත‍්තපටිවත‍්තම‍්පි ආචාරො. තත්‍ථ කුසලො සියා, ඡෙකො භවෙය්‍යාති අත්‍ථො. තතො පාමොජ‍්ජබහුලොති තතො පටිසන්‍ථාරවුත‍්තිතො ච ආචාරකොසල‍්ලතො ච උප‍්පන‍්නෙන ධම‍්මපාමොජ‍්ජෙන පාමොජ‍්ජබහුලො හුත්‍වා තං සකලස‍්සාපි වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තං කරිස‍්සතීති අත්‍ථො.

මිත්තෙ භජස්සු කල්‍යාණෙ - විෂම ක්‍රියාකාරිකම්වල යෙදෙන නුසුදුසු සහායකයන් හැර දමා, යහපත් ජීවිතය සඳහා - සුද්ධාජීවෙ - පුරුෂ ධෛර්යයෙන් යුක්තව කුසීත රහිත ජීවත්වීම සඳහා, අතන්දීතෙ - කලණ මිතුරන් සේවනය කළ යුතුය යන අර්ථයි. පටිසත්ථාරා චුත්තස්සන්ති - ආමිස පටිසත්ථාර ධම්ම පටිසත්ථාර යන පටිසන්ථාරා කාර්යයන් වැඩිය යුතුයි යන අර්ථයි. ආචාර කුසලො - සීල ආචාර වත් පිළිවෙත් පිරීමේ ආචාර ආදී කුසල් රැස් කිරීමෙහි දක්ෂයෙකු විය යුතුය. තතො පාමොජ්ජ බහුලො - පටිසන්ථාරයන්හි යෙදුනේද, ආචාර කුසල තාවයන්හි වඩන්නවුන් විසින් ද, ධර්මප්‍රමෝද්‍යයෙන් ප්‍රමෝදයට පත්වී සියළු වට්ට දුක්ඛ සස අනතං කරිස්සති සියලු සංසාර වෘතයගෙන් වෙන් වූ නිවන් දකි යන අර්ථයි.

එවං සත්‍ථාරා දෙසිතාසු ඉමාසු ගාථාසු එකමෙකිස‍්සාය ගාථාය පරියොසානෙ එකමෙකං භික‍්ඛුසතං නිසින‍්නනිසින‍්නට‍්ඨානෙයෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා සබ‍්බෙපි තෙ භික‍්ඛූ ආකාසෙනෙව වීසයොජනසතිකං කන‍්තාරං අතික‍්කමිත්‍වා තථාගතස‍්ස සුවණ‍්ණවණ‍්ණං සරීරං වණ‍්ණෙන‍්තා ථොමෙන‍්තා පාදෙ වන්‍දිංසූති.

මෙලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම ගාථාවල එක් එක් ගාථා වෙන් සිව්පිළිසිඹියා පත් රහත් බවට පැමිණ අහසට නැගී ඒ සියළුම භික්ෂූන් අහසෙන් එකසිය විසි යොදුන් කාන්තාරය ඉක්මවා බුදුරදුන්ගේ රන්වන් සිරුර වර්ණනා කරමින් ස්තුතිකරමින් වැන්දාහුය.

සම‍්බහුලභික‍්ඛුවත්‍ථු සත‍්තමං.