18. පඤ‍්චසතභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා
18. පඤ‍්චසතභික‍්ඛුවත්‍ථු
18. පන්සියයක් භික්ෂූන් පිළිබඳ කථා පුවත
වස‍්සිකා විය පුප‍්ඵානීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පඤ‍්චසතෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.
“වස්සිකා විය ප්‍රප්ථානි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී පන්සියයක් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
තෙ කිර සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤෙ සමණධම‍්මං කරොන‍්තා පාතොව පුප‍්ඵිතානි වස‍්සිකපුප‍්ඵානි සායං වණ‍්ටතො මුච‍්චන‍්තානි දිස‍්වා “පුප‍්ඵානං වණ‍්ටෙහි මුච‍්චනතො මයං පඨමතරං රාගාදීහි මුච‍්චිස‍්සාමා”ති වායමිංසු. සත්‍ථා තෙ භික‍්ඛූ ඔලොකෙත්‍වා, “භික‍්ඛවෙ, භික‍්ඛුනා නාම වණ‍්ටතො මුච‍්චනපුප‍්ඵෙන විය දුක‍්ඛතො මුච‍්චිතුං වායමිතබ‍්බමෙවා”ති වත්‍වා ගන්‍ධකුටියං නිසින‍්නොව ආලොකං ඵරිත්‍වා ඉමං ගාථමාහ –
එම භික්ෂූහු බුදුන් වෙතින් කර්මස්ථාන ගෙන ආරණ්‍යයේ මහණ දම් රකින්නේ උදේම පිපෙන (මහෙසිකා) ඉද්දමල් සවස නටුවෙන් ගිලිහෙනු දැක තෙල මල් නටුවෙන් ගිලිහෙන්න පෙරාතුව අපි රාගාදීයෙන් මිදෙනෙමුයි වීර්යයට පටන් ගත්හ. අධිෂ්ඨාන කළහ. බුදුරදුන් මේ භික්ෂූන් බලා මහණෙනි භික්ෂුවක් නම් නටුවෙන් ගිලිහෙන මලක් සේ සසරින් මිදෙන්නට උත්සහ කළ යුතු යයි පවසා ගඳකිළියේ සිටියදීම එළියක් පතුරුවා මේ ගාථාව පැවසුහ.
“වස‍්සිකා විය පුප‍්ඵානි, මද‍්දවානි පමුඤ‍්චති; එවං රාගඤ‍්ච දොසඤ‍්ච, විප‍්පමුඤ‍්චෙථ භික‍්ඛවො”ති.
සමන් වැළ මැලවුණු - මල් බිම හෙළන අයුරින් මෙම රා දොස දුරැරලා - ගිලිහෙනු සසර වටයෙන්
තත්‍ථ වස‍්සිකාති සුමනා. මද‍්දවානීති මිලාතානි. ඉදං වුත‍්තං හොති – යථා වස‍්සිකා හිය්‍යො පුප‍්ඵිතපුප‍්ඵානි පුනදිවසෙ පුරාණභූතානි මුඤ‍්චති, වණ‍්ටතො විස‍්සජ‍්ජෙති, එවං තුම‍්හෙපි රාගාදයො දොසෙ විප‍්පමුඤ‍්චෙථාති.
මහණ තෙමේ ඉද්දමල් නටුවෙන් ගිලිහෙන අයුරින් රාගයද ද්වේශයද මුදා හළ යුතුය. එහි වස්සිකා යනු මනාව පිපුණු (දැසමන්) මද්දවානි මැළවෙයි. මළානික වෙයි, මෙය කියන ලදී, යම් සේ ඊයේ පිපුණු දෑසමන්, දෙවන දවසේ පරණ වී මැලවී. මිදෙත් නටුවෙන් ගිලිහෙත් එසේ තෙපිද රාගාදියෙන් ද ද්වේශාදීයෙන් ද මිදෙව්.
දෙසනාවසානෙ සබ‍්බෙපි තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසූති.
දේශනාවසානයේ ඒ සියලු භික්ෂුහු අර්හත් ඵලයෙහි පිහිටියාහුය.
පඤ‍්චසතභික‍්ඛුවත්‍ථු අට‍්ඨමං.