යෙදුමෙන් කියවන්න

19. සන‍්තකායත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

19. සන‍්තකායත්‍ථෙරවත්‍ථු

19. සන්තකාය තෙරුන් පිළිබඳ වූ කථා පුවත

සන‍්තකායොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සන‍්තකායත්‍ථෙරං නාම ආරබ‍්භ කථෙසි.

“සන්ත කායොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සන්තකාය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

තස‍්ස කිර හත්‍ථපාදකුක‍්කුච‍්චං නාම නාහොසි, කායවිජම‍්භනරහිතො සන‍්තඅත‍්තභාවොව අහොසි. සො කිර සීහයොනිතො ආගතො ථෙරො. සීහා කිර එකදිවසං ගොචරං ගහෙත්‍වා රජතසුවණ‍්ණමණිපවාළගුහානං අඤ‍්ඤතරං පවිසිත්‍වා මනොසිලාතලෙ හරිතාලචුණ‍්ණෙසු සත‍්තාහං නිපජ‍්ජිත්‍වා සත‍්තමෙ දිවසෙ උට‍්ඨාය නිපන‍්නට‍්ඨානං ඔලොකෙත්‍වා සචෙ නඞ‍්ගුට‍්ඨස‍්ස වා කණ‍්ණානං වා හත්‍ථපාදානං වා චලිතත‍්තා මනොසිලාහරිතාලචුණ‍්ණානං විප‍්පකිණ‍්ණතං පස‍්සන‍්ති, “න තෙ ඉදං ජාතියා වා ගොත‍්තස‍්ස වා පතිරූප”න‍්ති පුන සත‍්තාහං නිරාහාරා නිපජ‍්ජන‍්ති, චුණ‍්ණානං පන විප‍්පකිණ‍්ණභාවෙ අසති “ඉදං තෙ ජාතිගොත‍්තානං අනුච‍්ඡවික”න‍්ති ආසයා නික‍්ඛමිත්‍වා විජම‍්භිත්‍වා දිසා අනුවිලොකෙත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා ගොචරාය පක‍්කමන‍්ති. එවරූපාය සීහයොනියා ආගතො අයං භික‍්ඛු. තස‍්ස කායසමාචාරං දිස‍්වා භික‍්ඛූ සත්‍ථු ආරොචෙසුං – “න නො, භන‍්තෙ, සන‍්තකායත්‍ථෙරසදිසො භික‍්ඛු දිට‍්ඨපුබ‍්බො. ඉමස‍්ස හි නිසින‍්නට‍්ඨානෙ හත්‍ථචලනං වා පාදචලනං වා කායවිජම‍්භිතා වා නත්‍ථී”ති. තං සුත්‍වා සත්‍ථා, “භික‍්ඛවෙ, භික‍්ඛුනා නාම සන‍්තකායත්‍ථෙරෙන විය කායාදීහි උපසන‍්තෙනෙව භවිතබ‍්බ”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

උන්වහන්සේට අත් පා පිළිබඳව සැකයක් නම් නොවීය. අනුන් නොසිරියෙන අන්දමින් අත් පා එහා මෙහා කිරීමක් නැත. කය ප්‍රාණවත් කිරිම් රහිතය ශාන්ත වූ ආත්ම භාවයක් විය. උන්වහන්සේ සිංහ යෝනියෙන් පැමිණි කෙනෙකි. සිංහයෙක් එක් දිනක් ගොදුරු ගෙන රිදී - රන් - මැණික් - පබලු ආදී ගුහාවලින් එක්තරා ගුහාවකට පිවිස මනෝසිලා තලාවක සිරියෙල් සුණු ගොඩක දින හතක් නිදාගෙන හත්වැනි දිනයේ නැගිට නිදාසිටි තැන බලා ඉදින් නගුට කන් අත්පා වල හෝ සෙලවීමේ වෙනසක් දැක හිරියල් කුඩු විසුරුනේ දැයි බලයි. මෙය සිංහ ජාතියට හෝ ගෝත්‍රයට හෝ සුදුසු නොවේ යයි නැවත දින හතක් නිරාහාරව නිදා ගනී. හිරියල් කුඩු විසිරී නොතිබේ නම් මේ ඔබගේ ජාති ගෝත්‍රයට සුදුසුයයි සිටිතැනින් නික්මී සිරුර සොලවා දිශාවන් බලා තුන්වරක් සිංහනාද කර ගොදුර සඳහා පිටවෙති. මෙබඳු සිංහ කුලයෙන් ආ මේ භික්ෂුවගේ කාය සංවර දැක භික්ෂූහු විසින් බුදුරදුන්ට දැනුම් දුන්හ. ස්වාමීනි සන්තකාය තෙරුන් සමාන වූ භික්ෂුවක් නොදුටු විරූය. මුන්වහන්සේ සිටින තැන අත් පා සෙල වීමක් නැත. කය ඇඟමැලි කැඩීමක් නැත. චලනයක් නැත. මහණෙනි භික්ෂූන් විසින් සන්තකාය තෙරුන් ලෙසට කාය ආදි ඉන්ද්‍රියන්හී උපශාන්ත බවක් පැවතීම යුතුම යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“සන‍්තකායො සන‍්තවාචො, සන‍්තවා සුසමාහිතො; වන‍්තලොකාමිසො භික‍්ඛු, උපසන‍්තොති වුච‍්චතී”ති.

කය වචන සන්සුන් සන්සුන් සිතැති තැන්පත් පස්කම් සැපත් දුරැලු උපසන් මහණ සෙට වේ.

සංවරවූ කය ඇති සංයමයට පත් වචන ඇති සංයමයට පත් සිත් ඇති, මනාකොට තැන්පත් වූ පස්කම් දුරැලු (පංචකාමයේ දැමුන) භික්ෂුව ඉතා සංවරයයි කියනු ලැබේ.

තත්‍ථ සන‍්තකායොති පාණාතිපාතාදීනං අභාවෙන සන‍්තකායො, මුසාවාදාදීනං අභාවෙන සන‍්තවාචො, අභිජ‍්ඣාදීනං අභාවෙන සන‍්තවා, කායාදීනං තිණ‍්ණම‍්පි සුට‍්ඨු සමාහිතත‍්තා සුසමාහිතො, චතූහි මග‍්ගෙහි ලොකාමිසස‍්ස වන‍්තතාය වන‍්තලොකාමිසො භික‍්ඛු අබ‍්භන‍්තරෙ රාගාදීනං උපසන‍්තතාය උපසන‍්තොති වුච‍්චතීති අත්‍ථො.

එහි සන්තකයො - ප්‍රාණඝාත ආදිය නො කරන බැවින් නොමැති හෙයින් සංවරවූ. මුසාවාද ආදිය නැති බැවින් සන්තවා චො අභිධ්‍යා ආදිය නැති බැවින් සන්තවා හිත - කය - වචන යෙන් සංයතවු බැවින් සුසමාහිත සිව් මගින් ලෝකාමිසය දුරුකළ බැවින් වන්ත ලොකොමිසොභික්ඛු රාගාදියෙන් තොර නිසා අභ්‍යන්තරය උපශාන්ත වු උපසනෙතා යනුවෙන් කියයි.

දෙසනාවසානෙ සො ථෙරො අරහත‍්තෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනය අවසානයේ එම තෙරුන් අර්හත්වයෙන් පිහිටියේය. පැමිණ අයට ද දේශනය සාර්ථක විය.

සන‍්තකායත්‍ථෙරවත්‍ථු නවමං.