20-21. නඞ්ගලකුලත්ථෙරවත්ථු අට්ඨකථා
20-21. නඞ්ගලකුලත්ථෙරවත්ථු
20-21. නඞ්ගුල කුල තෙරුන්ගේ කථා පුවත
අත්තනා චොදයත්තානන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො නඞ්ගලකුලත්ථෙරං ආරබ්භ කථෙසි.
“අන්තනා වොදයන්තානං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී නඞ්ගුලකුල තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එකො කිර දුග්ගතමනුස්සො පරෙසං භතිං කත්වා ජීවති, තං එකො භික්ඛු පිලොතිකඛණ්ඩනිවත්ථං නඞ්ගලං උක්ඛිපිත්වා ගච්ඡන්තං දිස්වා එවමාහ – “කිං පන තෙ එවං ජීවනතො පබ්බජිතුං න වර”න්ති. කො මං, භන්තෙ, එවං ජීවන්තං පබ්බාජෙස්සතීති? සචෙ පබ්බජිස්සසි, අහං තං පබ්බාජෙස්සාමීති. සාධු භන්තෙ, සචෙ මං පබ්බාජෙස්සථ, පබ්බජිස්සාමීති. අථ නං සො ථෙරො ජෙතවනං නෙත්වා සහත්ථෙන, න්හාපෙත්වා මාළකෙ ඨපෙත්වා පබ්බාජෙත්වා නිවත්ථපිලොතිකඛණ්ඩෙන සද්ධිං නඞ්ගලං මාළකසීමායමෙව රුක්ඛසාඛායං ඨපාපෙසි. සො උපසම්පන්නකාලෙපි නඞ්ගලකුලත්ථෙරොත්වෙව පඤ්ඤායි. සො බුද්ධානං උප්පන්නලාභසක්කාරං නිස්සාය ජීවන්තො උක්කණ්ඨිත්වා උක්කණ්ඨිතං විනොදෙතුං අසක්කොන්තො “න දානි සද්ධාදෙය්යානි කාසායානි පරිදහිත්වා ගමිස්සාමී”ති තං රුක්ඛමූලං ගන්ත්වා අත්තනාව අත්තානං ඔවදි – “අහිරික, නිල්ලජ්ජ, ඉදං නිවාසෙත්වා විබ්භමිත්වා භතිං කත්වා ජීවිතුකාමො ජාතො”ති. තස්සෙවං අත්තානං ඔවදන්තස්සෙව චිත්තං තනුකභාවං ගතං. සො නිවත්තිත්වා පුන කතිපාහච්චයෙන උක්කණ්ඨිත්වා තථෙව අත්තානං ඔවදි, පුනස්ස චිත්තං නිවත්ති. සො ඉමිනාව නීහාරෙන උක්කණ්ඨිතඋක්කණ්ඨිතකාලෙ තත්ථ ගන්ත්වා අත්තානං ඔවදි. අථ නං භික්ඛූ තත්ථ අභිණ්හං ගච්ඡන්තං දිස්වා, “ආවුසො, නඞ්ගලත්ථෙර කස්මා එත්ථ ගච්ඡසී”ති පුච්ඡිංසු. සො “ආචරියස්ස සන්තිකං ගච්ඡාමි, භන්තෙ”ති වත්වා කතිපාහෙනෙව අරහත්තං පාපුණි.
එක් දුගී මිනිසෙක් අනුන්ගේ බැල මෙහෙවර කරමින් ජීවත්වේ. රෙදි කැබැල්ලක් ඇඳගෙන නගුල උස්සාගෙන යන ඔහු දැක එක් භික්ෂුවක් මෙලෙස පැවසුවේය. ඔබ ඇයි ලෙසට ජීවත් වන්නේ, කවර ප්‍රයෝජනයක්ද. පැවිදි වන්නේ නම් නොවටීද? මෙලෙස ජීවත්වන මා කවුරු නම් පැවිදිකරන්නේ? ඉදින් ඔබ පැවිදි වන්නේ නම් මම පැවිදි කරවන්නෙමි ඉක්බිති ඔහු දෙව්රමට පමුණුවා සියතින් නහවා මණ්ඩපයේ තබා පැවිදිකර ඇඳසිටි රෙදි කැබැල්ල සමගම නගුල මාලක සීමාවේ ගසක අත්තක තැබ්බවීය ඔහු උපසම්පදා වූ විටද නංගල කුල තෙරුන් ලෙසට ප්‍රසිද්ධ විය. ඔහු බුදුන්ට ලැබෙන ලාභසත්කාර නිසා ජීවත් වෙමින් කළකිරී කළකිරීම දුරුකරලීමට නොහැකිවන්නේ දැන් ශ්‍රද්ධා දෙය්ය කසාවත් අත්හැර දමා යන්නෙමියි. ගස මුලට ගොස් තමන් තමන්ටම අවවාද දුන්නේය. ලජ්ජා නැති තැනැත්ත මේ සිවුර අත්හැර නැවත කඩ රෙද්ද ඇඳගෙන බත් කොට ජීවත් වීමට ලජ්ජා නැත්ද මෙලෙසින් අවවාද දෙමින් සිත තුනී බවට පත්විය. ඔහු පසුව දින කීපයකට පසුව නැවත කළකිරී එලෙසම තමන්ට අවවාද කරගත්තේය. මෙලෙසට අවවාද කර ගැනීමෙන්ම සිත තුනී බවට පත්වූයේය. ඔහු ඒ ආකාරයෙන්ම කළකිරුණ අවස්ථාවේදී එහි ගොස් තමන්ටම අවවාද කරගනී. භික්ෂූන් වහන්සේලා එහි නිතර යනු දැක ඇවැත්නි නඞ්ගුලකුල තෙරුන් වහන්ස කුමක් නිසා මෙහි එන්නැයි විමසුහ. ඔහු අචාර්යයන් වහන්සේ වෙත යමියි පවසා දින කීපයකින් රහත්බවට පත්වූහ.
භික්ඛූ තෙන සද්ධිං කෙළිං කරොන්තා ආහංසු – “ආවුසො නඞ්ගලත්ථෙර, තව විචරණමග්ගො අවළඤ්ජො විය ජාතො, ආචරියස්ස සන්තිකං න ගච්ඡසි මඤ්ඤෙ”ති. ආම, භන්තෙ, මයං සංසග්ගෙ සති අගමිම්හා, ඉදානි පන සො සංසග්ගො ඡින්නො, තෙන න ගච්ඡාමාති. තං සුත්වා භික්ඛූ “එස අභූතං වත්වා අඤ්ඤං බ්යාකරොතී”ති සත්ථු තමත්ථං ආරොචෙසුං. සත්ථා “ආම, භික්ඛවෙ, මම පුත්තො අත්තනාව අත්තානං චොදෙත්වා පබ්බජිතකිච්චස්ස මත්ථකං පත්තො”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
භික්ෂූන් වහන්සේලා ඔහු සමග කවටකම් කරන්නේ මෙලෙස කිවාහුය. ඇවැත්නි නංගල කුල ස්ථවිරතුමනි ඔබ යන මාර්ගය පාවිච්චි නොකරන තැනක් සේ විය. අචාර්යයන් වහන්සේ වෙතට නොයන්නේ යයි සිතමි. එසේය ස්වාමීනි මගේ ඇලීමක් තිබුණ විට ආවෙමි දැන් ඒ ඇලීම සිඳ දමන ලදී. එනිසා එහි නොයමියි පැවසුවේය. මෙය අසා භික්ෂුහු මොහු අමුතු දෙයක් කියා අනෙකුත් විස්තර කරතියි බුදුරදුන්ට දැනුම් දුන්නාහ. එසේය මහණෙහි මගේ පුතු තමන් තමන්ටම අවවාද දී පැවිදි කාර්යයේ මස්තක ප්‍රාප්ත වී යයි කියා මේ ගාථාව පැවසුහ.
“අත්තනා චොදයත්තානං, පටිමංසෙථ අත්තනා; සො අත්තගුත්තො සතිමා, සුඛං භික්ඛු විහාහිසි.
තමන් පිළිබඳවම තමන් විමසිය යුතු වේ. තමන්ගේ වැරදි ගැන ඔවදන්ද දිය යුතු වේ එළඹ සිටි සිහියෙන් විමසන තමන් ගුණදොස් මහණ තෙම සුවසේ යති දම් රකින්නේ වේ.
“අත්තා හි අත්තනො නාථො, කො හි නාථො පරො සියා; අත්තා හි අත්තනො ගති; තස්මා සංයමමත්තානං, අස්සං භද්‍රංව වාණිජො”ති.
තමන් හට තමා මිස අන් පිළිසරණ නැත්තේ එනිසා තමන් සිත වඩා තුන්දොර රැකිය යුතුවේ.
තෙමෙ තමාට චෝදනා කරවා තමා විමසන භික්ෂුව නුඹ තෙම රැකුණේ සිහි ඇතුව සුවසේ වසන්නේය.
තත්ථ චොදයත්තානන්ති අත්තනාව අත්තානං චොදය සාරය. පටිමංසෙථාති අත්තනාව අත්තානං පරිවීමංසථ. සොති සො ත්වං, භික්ඛු, එවං සන්තෙ අත්තනාව ගුත්තතාය අත්තගුත්තො, උපට්ඨිතසතිතාය සතිමා හුත්වා සබ්බිරියාපථෙසු සුඛං විහරිස්සසීති අත්ථො.
චොදයත්තානං - තමන් විසින් කරන ලද වරදට තමාම චෝදනා කර ගැනීම පටිමාසෙථා - අත්තනාව මා විසින් බණ දහම් හදාරණ ලදද, වත් පිළිවෙත් කරන ලද ආදී වශයෙන් තමන් විසින් තමාවම විමසීම සො හෙතෙම භික්ෂුව මෙසේ ඇති කල්හි තමන්ම ගෝපනය කිරීම - අත්ත ගු තතො එළඹි සිහියෙන් යුක්තවීම - සතිමා සියළු ඉරියව්හී සුවසේ වෙසෙන්නෙමි යන අර්ථයි.
නාථොති අවස්සයො පතිට්ඨා. කො හි නාථො පරොති යස්මා පරස්ස අත්තභාවෙ පතිට්ඨාය කුසලං වා කත්වා සග්ගපරායණෙන මග්ගං වා භාවෙත්වා සච්ඡිකතඵලෙන භවිතුං න සක්කා, තස්මා කො හි නාම පරො නාථො භවෙය්‍යාති අත්ථො. තස්මාති යස්මා අත්තාව අත්තනො ගති පතිට්ඨා සරණං, තස්මා යථා භද්‍රං අස්සාජානීයං නිස්සාය ලාභං පත්ථයන්තො වාණිජො තස්ස විසමට්ඨානචාරං පච්ඡින්දිත්වා දිවසස්ස තික්ඛත්තුං නහාපෙන්තො භොජෙන්තො සංයමෙති පටිජග්ගති, එවං ත්වම්පි අනුප්පන්නස්ස අකුසලස්ස උප්පාදං නිවාරෙන්තො සතිසම්මොසෙන උප්පන්නං අකුසලං පජහන්තො අත්තානං සංයම ගොපය, එවං සන්තෙ පඨමජ්ඣානං ආදිං කත්වා ලොකියලොකුත්තරවිසෙසං අධිගමිස්සසීති අත්ථො.
නාථො අවශ්‍යතාවයන්හි පිහිටීම, අත්තාහි අත්තනො ගතී - යම් හෙයකින් අනුන්ගේ ආත්මභාවයෙහි පිහිටා කුසල් කොට ස්වර්ග පරායණ වූ මාර්ගය වඩා සාර්ථක ප්‍රතිඵල ලබන්නට නොහැකි වූවාහු කෙසේ නම් අනුන්ට පිහිට වේද යන අර්ථයි. තමා එහෙයින් තමා මැ තමාටම සරණය වී, භද්‍ර ආජානීය අශ්වයකු නිසා ලාභය පතන්නා වූ වාණිජෝ - වෙළෙන්දකු ඔහුගේ විෂමාචාරය දැක පසුදිනක තුන්වරක් නාවා ආහාර පානවලින් තෙමේම පිළිදැගුම් කරයි. මෙසේ ඔබ ද නුපන් අකුසලයාගේ උපැන්ම නැවැත්වීම සඳහා සිහියෙහි පිහිටා උසස් අකුසල් දුරු කරන්නේ තමන්ගේ සංගමය සංවරය ආරක්ෂ කරව ! මෙසේ පවත්නා කල්හි ප්‍රථම ධ්‍යාන ආදිය උපදවා ලෞකික ලෝකෝත්තර අධිගම්‍ය විශේෂත්වයට පැමිණෙන්නේය. යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාව අවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය.
නඞ්ගලකුලත්ථෙරවත්ථු දසමං.