යෙදුමෙන් කියවන්න

22. වක‍්කලිත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

22. වක‍්කලිත්‍ථෙරවත්‍ථු

22. වක්කලී තෙරුන්ගේ කථා පුවත

පාමොජ‍්ජබහුලොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො වක‍්කලිත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“පාමොජ්ජ බහුලො” යන මේ ධර්ම දේශනය බුදුන් දෙව්රම වැඩ සිටිය දී වක්කලී තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

සො කිරායස‍්මා සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො පිණ‍්ඩාය පවිට‍්ඨං තථාගතං දිස‍්වා සත්‍ථු සරීරසම‍්පත‍්තිං ඔලොකෙත්‍වා සරීරසම‍්පත‍්තිදස‍්සනෙන අතිත‍්තො “එවාහං නිච‍්චකාලං තථාගතං දට‍්ඨුං ලභිස‍්සාමී”ති සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා යත්‍ථ ඨිතෙන සක‍්කා දසබලං පස‍්සිතුං, තත්‍ථ ඨිතො සජ‍්ඣායකම‍්මට‍්ඨානමනසිකාරාදීනි පහාය සත්‍ථාරං ඔලොකෙන‍්තොව විචරති. සත්‍ථා තස‍්ස ඤාණපරිපාකං ආගමෙන‍්තො කිඤ‍්චි අවත්‍වා “ඉදානිස‍්ස ඤාණං පරිපාකං ගත”න‍්ති ඤත්‍වා “කිං තෙ, වක‍්කලි, ඉමිනා පූතිකායෙන දිට‍්ඨෙන, යො ඛො, වක‍්කලි, ධම‍්මං පස‍්සති, සො මං පස‍්සති. යො මං පස‍්සති, සො ධම‍්මං පස‍්සතී”ති (සං· නි· 3.87) වත්‍වා ඔවදි. සො එවං ඔවදිතොපි සත්‍ථු දස‍්සනං පහාය නෙව අඤ‍්ඤත්‍ථ ගන‍්තුං සක‍්කොති. අථ නං සත්‍ථා “නායං භික‍්ඛු සංවෙගං අලභිත්‍වා බුජ‍්ඣිස‍්සතී”ති උපකට‍්ඨාය වස‍්සූපනායිකාය රාජගහං ගන‍්ත්‍වා වස‍්සූපනායිකදිවසෙ “අපෙහි, වක‍්කලි, අපෙහි, වක‍්කලී”ති පණාමෙසි. සො “න මං සත්‍ථා ආලපතී”ති තෙමාසං සත්‍ථු සම‍්මුඛෙ ඨාතුං අසක‍්කොන‍්තො “කිං මය‍්හං ජීවිතෙන, පබ‍්බතා අත‍්තානං පාතෙස‍්සාමී”ති ගිජ‍්ඣකූටං අභිරුහි.

ඔහු සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වයසට ගියේ පිඩුපිණිස පිවිසි තථාගතයන් වහන්සේ දැක බුදුන්ගේ ශරීර සම්පත්තිය බලා ශරීර සම්පත්ති දර්ශනයෙන් සෑහීමට පත්නොවී මට නිතර බුදුන් දකින්නට ලැබෙන්නේ නම් යහපතැයි සිතා බුදුන් වෙත පැවිදි වී යම් තැනක සිට දසබලයන් වහන්සේ බලන්නට හැකිද එතැනට වී සජ්ඣායනය කම්මට්ඨාන මනසිකාර ආදීන් දුරුකොට බුදුන් දෙස බලමින්ම හැසිරුනේය. බුදුහු ඔහුගේ නුවණ මුහුකුරා යනතුරු කිසිවක් නොකියා දැන් ඔහුගේ නුවණ මුහුකුරා ගියේ යයි දැන “වක්කලී ඔබට මේ කුණු සිරුරින් කවර ප්‍රයෝජනයක්ද? වක්කලී යමෙක් ධර්මය දකීද ඔහු මා දකීයයි පවසා අවවාද කළේය. ඔහුට මෙලෙස අවවාද කළ ද බුදුන්ගේ රුව බලාසිටිම හැර වෙනත් තැනකට යාමට නො හැකිවිය. අනතුරුව බුදුරජාණන් වහන්සේ මෙම භික්‍ෂුව සංවේගයට පත් නොවී අවබෝධ කර නොගන්නේයයි වස් එළඹීමට ආසන්නයේ දී රජගහ නුවරට ගොස් වස් සමාදන් වන දිනයේ දී වක්කලී පහව යව වක්කලී ඉවත්ව යන්න යනුවෙන් බැහැර කළේය. බුදුහු මා හා කථා නොකරයි. තෙමසක් බුදුන් හමුවේ සිටීමට නොහැකිව මගේ ජිවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? පර්වතයෙන් පැන දිවිතොර කර ගනිමියි ගිජ්‍ඣකූට පර්වතයට නැංගේය.

සත්‍ථා තස‍්ස කිලමනභාවං ඤත්‍වා “අයං භික‍්ඛු මම සන‍්තිකා අස‍්සාසං අලභන‍්තො මග‍්ගඵලානං උපනිස‍්සයං නාසෙය්‍යා”ති අත‍්තානං දස‍්සෙතුං ඔභාසං මුඤ‍්චි. අථස‍්ස සත්‍ථු දිට‍්ඨකාලතො පට‍්ඨාය තාවමහන‍්තොපි සොකො පහීයි. සත්‍ථා සුක‍්ඛතළාකං ඔඝෙන පූරෙන‍්තො විය ථෙරස‍්ස බලවපීතිපාමොජ‍්ජං උප‍්පාදෙතුං ඉමං ගාථමාහ –

බුදුහු ඔහුගේ සිත් විඩාව දැන මෙම භික්ෂුව මා වෙතින් ආශ්වාසයක් නොලබන්නේ මාර්ගඵලයත් ඉපදවීමට හේතු සම්පත් නසාගන්නේ යයි තමන් දැක්වීමට ආලෝකයක් මුදාහලේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ දුටුතැන් සිට මහත් ශෝකය දුරුකළේය. බුදුහු වියළි වැවක් සැඩ දිය පහරකින් පුරවන්නා සේ තෙරුන්ගේ බලවත් ප්‍රීති ප්‍රමෝදය උපදවනු සඳහා මෙම ගාථාව දේශනා කළහ.

“පාමොජ‍්ජබහුලො භික‍්ඛු, පසන‍්නො බුද‍්ධසාසනෙ; අධිගච‍්ඡෙ පදං සන‍්තං, සඞ‍්ඛාරූපසමං සුඛ”න‍්ති.

පැහැදෙමින් බුදු සසුනේ පැවිදිව සකරදම් සිඳ නිවන පිරිසඳ දැන උතුම් සැපයට මහණ පත් වේ.

බුදුසසුනේ පැහැදුන බුදුරදුන් කෙරෙහි බලවත් සතුට බහුල කොට ඇති භික්ෂුව, සංස්කාර ධර්මයන් සන්සිඳුවන්නාවූ, සැපය වූ

තස‍්සත්‍ථො – පකතියාපි පාමොජ‍්ජබහුලො භික‍්ඛු බුද‍්ධසාසනෙ පසාදං රොචෙති, සො එවං පසන‍්නො බුද‍්ධසාසනෙ සන‍්තං පදං සඞ‍්ඛාරූපසමං සුඛන‍්ති ලද‍්ධනාමං නිබ‍්බානං අධිගච‍්ඡෙය්‍යාති. ඉමඤ‍්ච පන ගාථං වත්‍වා සත්‍ථා වක‍්කලිත්‍ථෙරස‍්ස හත්‍ථං පසාරෙත්‍වා –

එහි අර්ථය. ප්‍රකෘතියෙන්ම ප්‍රමාදය බහුල භික්ෂුව බුදු සසුනේ ප්‍රසාදය වඩයි. හෙතෙම මෙසේ පසනේනා බුද්ධ සාසනෙ සන්තං පදං සංඛාරූපසමං සුඛං නිවන ලබයි. අධිගචෙජයාති මේ ගාථාව වදාරා ශාස්තෲන් වහන්සේ අතදිග හැර

“එහි වක‍්කලි මා භායි, ඔලොකෙහි තථාගතං; අහං තං උද‍්ධරිස‍්සාමි, පඞ‍්කෙ සන‍්නංව කුඤ‍්ජරං.

1. “වක්කලී එන්න බිය නොවන්න තථාගතයන් වහන්සේ ඔබ බලා සිටී. මඩේ එරුණ ඇතෙකු එයින් ගොඩ ගන්නා ලෙස මම ඔබව උඩට ඔසවා තබන්නෙමි.

“එහි වක‍්කලි මා භායි, ඔලොකෙහි තථාගතං; අහං තං මොචයිස‍්සාමි, රාහුග‍්ගහංව සූරියං.

2. එන්න වත්කලී බිය නොවන්න. රාහු විසින් අල්ලාගත් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහුගෙන් ගලවා ගත්තාක් මෙන් මම ඔබව (සසරින්) ගලවාලන්නෙමි.

“එහි වක‍්කලි මා භායි, ඔලොකෙහි තථාගතං; අහං තං මොචයිස‍්සාමි, රාහුග‍්ගහංව චන්‍දිම”න‍්ති. –

3. එන්න වක්කලී බිය නොවන්න රාහු විසින් අල්ලා ගන්නා ලද චන්ද්‍ර දිව්‍යපුත්‍රයා රාහුගෙන් ගලවා ගත්තාක් මෙන් මම ඔබව (සසරින්) ගලවා ගන්නෙමි.

ඉමා ගාථා අභාසි. සො “දසබලො මෙ දිට‍්ඨො, එහීති ච අව‍්හානම‍්පි ලද‍්ධ”න‍්ති බලවපීතිං උප‍්පාදෙත්‍වා “කුතො නු ඛො ගන‍්තබ‍්බ”න‍්ති ගමනමග‍්ගං අපස‍්සන‍්තො දසබලස‍්ස සම‍්මුඛෙ ආකාසෙ උප‍්පතිත්‍වා පඨමපාදෙ පබ‍්බතෙ ඨිතෙයෙව සත්‍ථාරා වුත‍්තගාථා ආවජ‍්ජෙන‍්තො ආකාසෙයෙව පීතිං වික‍්ඛම‍්භෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා තථාගතං වන්‍දමානොව ඔතරිත්‍වා සත්‍ථු සන‍්තිකෙ අට‍්ඨාසි. අථ නං සත්‍ථා අපරභාගෙ සද‍්ධාධිමුත‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසීති.

මෙම ගාථා පැවසුහ. දසබලයන් වහන්සේ මා දන්නා ලදී එන්න යැයි මට ආමන්ත්‍රණය කරයි. මේ ලෙසට බලවත් චිත්ත ප්‍රීතිය උපදවා කොහි යත්දැයි ගමන් මග බලන්නේ නො දැක බුදුන් ඉදිරියේ අහසේ පැන පළමු පාදය පර්වතය මත තිබියදීම බුදුන් පැවසූ ගාථා විමසා බලා අහසේ සිටියදීම ප්‍රීතිය විසුරුවා යටපත්කොට සිව්පිළිසිඹියා රහත්බවට පත්ව බුදුන්ට වැදගෙනම බැස බුදුන් ළග සිටියේය. ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් අතුරෙන් අග්‍රස්ථානයට පත් කරන ලදී.

වක‍්කලිත්‍ථෙරවත්‍ථු එකාදසමං.