යෙදුමෙන් කියවන්න

23. සුමනසාමණෙරවත්‍ථු අට‍්ඨකථා

23. සුමනසාමණෙරවත්‍ථු

23. සුමණ සාමණේර කථා පුවත

යො හවෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා පුබ‍්බාරාමෙ විහරන‍්තො සුමනසාමණෙරං ආරබ‍්භ කථෙසි. තත්‍රායං අනුපුබ‍්බී කථා –

“යො හවෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටියදී සුමණ සාමණේරයන් නිමිති කරගෙන මෙම දේශනාව කළහ. මේ එහි අනුපිළියෙල කථාවයි.

පදුමුත‍්තරබුද‍්ධකාලස‍්මිඤ‍්හි එකො කුලපුත‍්තො සත්‍ථාරා චතුපරිසමජ‍්ඣෙ එකං භික‍්ඛුං දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා තං සම‍්පත‍්තිං පත්‍ථයමානො සත්‍ථාරං නිමන‍්තෙත්‍වා සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා, “භන‍්තෙ, අහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං ඨපෙසි. සත්‍ථා කප‍්පසතසහස‍්සං ඔලොකෙන‍්තො තස‍්ස පත්‍ථනාය සමිජ‍්ඣනභාවං විදිත්‍වා “ඉතො කප‍්පසතසහස‍්සමත්‍ථකෙ ගොතමබුද‍්ධසාසනෙ දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගො අනුරුද‍්ධො නාම භවිස‍්සසී”ති බ්‍යාකාසි. සො තං බ්‍යාකරණං සුත්‍වා ස‍්වෙ පත‍්තබ‍්බං විය තං සම‍්පත‍්තිං මඤ‍්ඤමානො පරිනිබ‍්බුතෙ සත්‍ථරි භික‍්ඛූ දිබ‍්බචක‍්ඛුපරිකම‍්මං පුච‍්ඡිත්‍වා සත‍්තයොජනිකං කඤ‍්චනථූපං පරික‍්ඛිපිත්‍වා අනෙකානි දීපරුක‍්ඛසහස‍්සානි කාරෙත්‍වා දීපපූජං කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දෙවමනුස‍්සෙසු කප‍්පසතසහස‍්සානි සංසරිත්‍වා ඉමස‍්මිං කප‍්පෙ බාරාණසියං දලිද‍්දකුලෙ නිබ‍්බත‍්තො සුමනසෙට‍්ඨිං නිස‍්සාය තස‍්ස තිණහාරකො හුත්‍වා ජීවිකං කප‍්පෙසි. අන‍්නභාරොතිස‍්ස නාමං අහොසි. සුමනසෙට‍්ඨීපි තස‍්මිං නගරෙ නිච‍්චකාලං මහාදානං දෙති.

පුදුමුත්තර බුද්ධ කාලයේදී එක් කුල පුත්‍රයෙක් ශාස්තෲන් වහන්සේ සිව්පිරිස මැද එක් භික්ෂුවක් දිවැස් ඇත්තවුන් අතර අග්‍රස්ථානයේ තබනු දැක එම සම්පත්තිය තනතුර ප්‍රාර්ථනා කරමින් ආරාධනා කර දින හතක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් දී ස්වාමීනි මම ද මතු එක් බුද්ධ ශාසනයක දිවැස් ඇත්තවුන් අතර අග්‍රවෙමියි ප්‍රාර්ථනා තැබීය. බුදුහු කල්ප ලක්‍ෂයක් බලා ඔහුගේ ප්‍රාර්ථනය සමෘද්ධියට පත්වන අයුරු දැක මෙයින් කල්ප ලක්‍ෂයකට පසුව ගෞතම බුද්ධ ශාසනයෙහි දිවැස් ඇත්තවුන් අතර අග්‍ර වූ අනුරුද්ධ නම් තෙරනම වන්නේ යයි විවරණ දුන්හ. ඔහු එම විවරණය අසා හෙට සිදුවන දෙයක් ලෙස එම සම්පත පතන්නේ බුදුන් පිරිනිවන් පෑ පසු දිබ්බචක්ඛු පරිකර්මය විමසා යොදුන් හතක් රන් ථූපය වටකොට නොයෙක් පහන් ගස් දහසක් කරවා පහන් පුජාකොට ඉන් චුතවූයේ දෙලොව ඉපදී දෙව් මිනිසුන් අතර කල්ප ලක්‍ෂයක් සැරිසරා මේ කල්පයෙහි බරණැස දිළිඳු කුලයක ඉපිද සුමන සිටුවරයා නිසා ඔහුගේ තණ කොළ ගෙනෙනා ලෙසට ජීවිතය ගත කළේය. හේ අන්නහාර තිස්ස නමින් හැදින්වීය. සුමණ සිටුවරයා ද නිතර එම නගරයේ මහදන් දෙයි.

අථෙකදිවසං උපරිට‍්ඨො නාම පච‍්චෙකබුද‍්ධො ගන්‍ධමාදනෙ නිරොධසමාපත‍්තිතො වුට‍්ඨාය “කස‍්ස නු ඛො අජ‍්ජ අනුග‍්ගහං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “අජ‍්ජ මයා අන‍්නභාරස‍්ස අනුග‍්ගහං කාතුං වට‍්ටති, ඉදානි ච සො අටවිතො තිණං ආදාය ගෙහං ආගමිස‍්සතී”ති ඤත්‍වා පත‍්තචීවරමාදාය ඉද‍්ධියා ගන‍්ත්‍වා අන‍්නභාරස‍්ස සම‍්මුඛෙ පච‍්චුට‍්ඨාසි. අන‍්නභාරො තං තුච‍්ඡපත‍්තහත්‍ථං දිස‍්වා “අපි, භන‍්තෙ, භික‍්ඛං ලභිත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “ලභිස‍්සාම මහාපුඤ‍්ඤා”ති වුත‍්තෙ “තෙන හි, භන‍්තෙ, ථොකං ආගමෙථා”ති තිණකාජං ඡඩ‍්ඩෙත්‍වා වෙගෙන ගෙහං ගන‍්ත්‍වා, “භද‍්දෙ, මය‍්හං ඨපිතභාගභත‍්තං අත්‍ථි, නත්‍ථී”ති භරියං පුච‍්ඡිත්‍වා “අත්‍ථි, සාමී”ති වුත‍්තෙ වෙගෙන පච‍්චාගන‍්ත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස පත‍්තං ආදාය “මය‍්හං දාතුකාමතාය සති දෙය්‍යධම‍්මො න හොති, දෙය්‍යධම‍්මෙ සති පටිග‍්ගාහකං න ලභාමි. අජ‍්ජ පන මෙ පටිග‍්ගාහකො ච දිට‍්ඨො, දෙය්‍යධම‍්මො ච අත්‍ථි, ලාභා වත මෙ”ති ගෙහං ගන‍්ත්‍වා භත‍්තං පත‍්තෙ පක‍්ඛිපාපෙත්‍වා පච‍්චාහරිත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ පතිට‍්ඨපෙත්‍වා –

මේ අතර දිනක් උපරිමය නම් පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධමාදන පර්වතයේ නිරෝධ සමාපත්තියෙන් නැගිට - කාට නම් අනුග්‍රහ කරන්නේ දැයි සිතා අද මවිසින් අන්නභාර ට (ආහාර ගෙනෙන්නාට) අනුග්‍රහ කිරීම වටී යයි දැන් ඔහු කැලයෙන් තණ අරගෙන ගෙට යන්නේ යයි දැන පා සිවුරු ගෙන ඍද්ධියෙන් වැඩම කොට අන්නභාරගේ (ආහාර ගෙනෙන්නාගේ) ඉදිරියේ පෙනී සිටියහ. අන්නහාරා ඒ හිස් පාත්‍රය අතේ තිබෙනු දැක ස්වාමීනි ආහාර ලැබුවේදැයි විමසා ලබන්නේය මහපිණැතිය, පැවසූවිට එසේනම් ස්වාමීනි ටික වේලාවක් වැඩ සිටින්න තණ කොළ ද විසිකර වේගයෙන් ගෙට ගොස් සොඳුරිය මට තබන ලද ආහාර භාගය තිබේදැයි විමසා ස්වාමීනි ඇතැයි පැවසූවිට වේගයෙන් ආපසු ගොස් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගෙන මට දෙන්න කැමැත්ත ඇතිවිට දියයුතු දෙයක් නො ලබමි. දියයුතු දේත් ඇති විට ප්‍රතිග්‍රාහකයෙක් නො ලබමි. අද ප්‍රතිග්‍රාහකයෙක් දකින ලදී. දන් දීමටද දෙයක් ඇත. මට ලාභයකි. ගෙට ගොස් බත් පාත්‍රයට දමා ගෙන අවුත් පස්සේ බුදුරදුන්ගේ අත් තබා

“ඉමිනා පන දානෙන, මා මෙ දාලිද‍්දියං අහු; නත්‍ථීති වචනං නාම, මා අහොසි භවාභවෙ. –

මේ දානයේ අනුහසින් මට දිළිදු බව නොවේවා නැත යන වචනය අසන්නට භවයක් පාසා ඇති නොවේවා

භන‍්තෙ එවරූපා දුජ‍්ජීවිතා මුච‍්චෙය්‍යං, නත්‍ථීති පදමෙව න සුණෙය්‍ය”න‍්ති පත්‍ථනං ඨපෙසි. පච‍්චෙකබුද‍්ධො “එවං හොතු මහාපුඤ‍්ඤා”ති වත්‍වා අනුමොදනං කත්‍වා පක‍්කාමි.

ස්වාමීනි මෙබඳු දුක් ජීවිතයෙන් මිදෙන්නේය නැත යන වචනයද අසන්නට නොලැවේවායි ප්‍රාර්ථනා තැබීය. පසේ බුදුන් වහන්සේ එසේම වේවායි මහා පිනැතැයි පවසා අනුමෝදනා කර වැඩම කළහ.

සුමනසෙට‍්ඨිනොපි ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා “අහො දානං පරමදානං, උපරිට‍්ඨෙ සුපතිට‍්ඨිත”න‍්ති වත්‍වා තික‍්ඛත‍්තුං සාධුකාරමදාසි. අථ නං සෙට‍්ඨි “කිං මං එත‍්තකං කාලං දානං දදමානං න පස‍්සසී”ති ආහ. නාහං තව දානං ආරබ‍්භ සාධුකාරං දෙමි, අන‍්නභාරෙන පන උපරිට‍්ඨස‍්ස දින‍්නපිණ‍්ඩපාතෙ පසීදිත්‍වා මයා එස සාධුකාරො පවත‍්තිතොති. සො “අච‍්ඡරියං වත, භො, අහං එත‍්තකං කාලං දානං දදන‍්තො දෙවතං සාධුකාරං දාපෙතුං නාසක‍්ඛිං, අන‍්නභාරො මං නිස‍්සාය ජීවන‍්තො එකපිණ‍්ඩපාතෙනෙව සාධුකාරං දාපෙසි, තස‍්ස දානෙ අනුච‍්ඡවිකං කත්‍වා තං පිණ‍්ඩපාතං මම සන‍්තකං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “අජ‍්ජ තයා කස‍්සචි කිඤ‍්චි දින‍්න”න‍්ති පුච‍්ඡි. “ආම, සාමි, උපරිට‍්ඨපච‍්චෙකබුද‍්ධස‍්ස මෙ අජ‍්ජ භාගභත‍්තං දින‍්න”න‍්ති. “හන්‍ද, භො, කහාපණං ගහෙත්‍වා එතං මය‍්හං පිණ‍්ඩපාතං දෙහී”ති? “න දෙමි, සාමී”ති. සො යාව සහස‍්සං වඩ‍්ඪෙසි, ඉතරො සහස‍්සෙනාපි නාදාසි. අථ නං “හොතු, භො, යදි පිණ‍්ඩපාතං න දෙසි, සහස‍්සං ගහෙත්‍වා පත‍්තිං මෙ දෙහී”ති ආහ. සො “අය්‍යෙන සද‍්ධිං මන‍්තෙත්‍වා ජානිස‍්සාමී”ති වෙගෙන පච‍්චෙකබුද‍්ධං සම‍්පාපුණිත්‍වා, “භන‍්තෙ සුමනසෙට‍්ඨි, සහස‍්සං දත්‍වා තුම‍්හාකං පිණ‍්ඩපාතෙ පත‍්තිං යාචති, කිං කරොමී”ති පුච‍්ඡි.

සුමන සිටුවරයාගේ ඡත්‍රයට අධිපති දෙවියාද උපරිට්ඨ පසේ බුදුන්ට අන්නභාර දුන් දානය ඉතා අගී යයි කියා තෙවරක් සාධුකාර දුන්නේය. ඉක්බිති සිටුවරයා ද. කිම මා මෙතෙක් කල් දන් දුන්නත් එය ඔබ නො දැක්කෙක්ද? මම ඔබගේ දානය සඳහා සාධුකාර නොදුන්නෙමි. අන්නභාර වනාහි උපරිමය පසේබුදුන්ට දුන් පිණ්ඩපාතය පිළිබඳව පැහැදී ම විසින් සාධුකාර පැවැත්වුවෙමි. ඔහු ආශ්චර්යකි මෙපමණ කලක් දන් දෙන්නේ දෙවියන්ගේ සාධුකාර ලබන්නට නොලැබුණි. අන්නභාර - වනාහි ජීවත්වන්නේ එකම පිණ්ඩපාත දානයෙන් සාධුකාර ලැබීය. ඔහුගේ පින්ඩපාත දානයෙහි ඔහු නුසුදුස්සෙක් කොට එම පිඬු දානයේ කුශලය මා සන්තක දෙයක් කරන්නෙමියි සිතා ඔහු කැඳවා අද ඔබ කිසිවෙකුට යමක් දුන්නේදැයි විමසුවේය. එසේය ස්වාමීනි මම අද උපරිමය පසේ බුදුරදුන්ට මගේ බත් කොටස දන් දුන්නෙමි. එම්බල නුඹ මගේ කහවණු ගෙන එම පිණ්ඩපාතය මට දෙන්න ස්වාමීනි නොදෙමි. ඔහු ගණන කහවණු දහස දක්වා වර්ධනය කළේ. අන්නභාර කහවණු දහසකට ද නොදුන්නේය. අනතුරුව පින්වත එසේ වේවා මට පිණ්ඩපාතය නොදෙන්නේ නම් දහසක් ගෙන පින මට දෙන්නැයි පැවසුවේය. ඔහු ආර්යන් සමග කථා කරගෙන දැනගන්නෙමියි. කියන්නේ පසේ බුදුරදුන් වෙත එළඹ ස්වාමීනි සුමන සිටුවරයා දහසක් දී ඔබවහන්සේට දෙන ලද දානයේ පින ඉල්ලා සිටී. කුමක් කරන්නදැයි විමසුවේ.

අථස‍්ස සො උපමං ආහරි “සෙය්‍යථාපි, පණ‍්ඩිත, කුලසතිකෙ ගාමෙ එකස‍්මිං ඝරෙ දීපං ජාලෙය්‍ය, සෙසා අත‍්තනො තෙලෙන වට‍්ටිං තෙමෙත්‍වා ජාලාපෙත්‍වා ගණ‍්හෙය්‍යුං, පුරිමපදීපස‍්ස පභා අත්‍ථීති වත‍්තබ‍්බා නත්‍ථී”ති. අතිරෙකතරා, භන‍්තෙ, පභා හොතීති. එවමෙවං පණ‍්ඩිත උළුඞ‍්කයාගු වා හොතු, කටච‍්ඡුභික‍්ඛා වා, අත‍්තනො පිණ‍්ඩපාතෙ පරෙසං පත‍්තිං දෙන‍්තස‍්ස යත‍්තකානං දෙති, තත‍්තකං වඩ‍්ඪති. ත්‍වඤ‍්හි එකමෙව පිණ‍්ඩපාතං අදාසි, සෙට‍්ඨිස‍්ස පන පත‍්තියා දින‍්නාය ද‍්වෙ පිණ‍්ඩපාතා හොන‍්ති එකො තව, එකො තස‍්සාති.

අනතුරුව ඔහු උපමාවක් ගෙන හැර දැක්වුහ. නුවණැත්ත යම් සේ පිං කැමති කෙනෙක් තමාගේ නිවසක පහනක් දල්වමින් අනෙක් අය මේ පහනින් වැටියක් තෙමා දල්වාගන්නැයි පළමු පහනේ ප්‍රභාව ඇත්ද? ස්වාමීනි අතිරේක ප්‍රභාවක් ඇතිවේ. එමෙන්ම පින්වත බත් හැන්දක් කැඳ හැන්දක් දන් දී තමගේ පිණ්ඩපාත දානයක පිං දීමෙන් තමන්ගේ පින වැඩේමයි. ඔබ තනිවම. පිණ්ඩපාතය දුන්නේය. එහි පිං සිටුවරයාට දීමෙන් පිණ්ඩපාත දාන දෙකක් වේ. එකක් ඔබට අනෙක ඒ සිටුවරයාට

සො “සාධු, භන‍්තෙ”ති තං අභිවාදෙත්‍වා සෙට‍්ඨිස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “ගණ‍්හ, සාමි, පත‍්ති”න‍්ති ආහ. තෙන හි ඉමෙ කහාපණෙ ගණ‍්හාති. නාහං පිණ‍්ඩපාතං වික‍්කිණාමි, සද‍්ධාය තෙ පත‍්තිං දම‍්මීති. “ත්‍වං සද‍්ධාය දෙසි, අහම‍්පි තව ගුණෙ පූජෙමි, ගණ‍්හ, තාත, ඉතො පට‍්ඨාය ච පන මා සහත්‍ථා කම‍්මමකාසි, වීථියං ඝරං මාපෙත්‍වා වස. යෙන ච තෙ අත්‍ථො හොති, සබ‍්බං මම සන‍්තිකා ගණ‍්හාහී”ති ආහ. නිරොධා වුට‍්ඨිතස‍්ස පන දින‍්නපිණ‍්ඩපාතො තදහෙව විපාකං දෙති. තස‍්මා රාජාපි තං පවත‍්තිං සුත්‍වා අන‍්නභාරං පක‍්කොසාපෙත්‍වා පත‍්තිං ගහෙත්‍වා මහන‍්තං භොගං දත්‍වා තස‍්ස සෙට‍්ඨිට‍්ඨානං දාපෙසි.

ඔහු යහපති ස්වාමීනියි කියා වැඳ සිටුවරයා ළඟට ගොස් ස්වාමීනි, පින් ගන්න. යැයි කීවේය. එසේ නම් මම ශ්‍රද්ධාවෙන් ඔබට පිංදෙමි. ඔබ ශ්‍රද්ධාවෙන් දෙයි මම ද ඔබගේ ගුණයට පුජා කරමි. දරුව ගන්න මෙයින් පසුව සියතින් කර්ම නොකරන්න. වීථියේ ගෙයක් තනා වසන්න. ඔබට යම් උවමනාවක් වී නම් සියල්ල මගෙන් ලබාගන්න. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි උතුමෙකුට දෙන ලද පිණ්ඩපාත දානය එදිනම විපාක දෙයි. එනිසා රජු ද මේ පුවත අසා අන්නභාර කැඳවා පිං ලබාගෙන මහත් භෝග සම්පත් දී ඔහුට සිටු තනතුරක් පිරිනැමුවේය.

සො සුමනසෙට‍්ඨිස‍්ස සහායකො හුත්‍වා යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුනගරෙ අමිතොදනස‍්ස සක‍්කස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, අනුරුද‍්ධොතිස‍්ස නාමං අකංසු. සො මහානාමසක‍්කස‍්ස කනිට‍්ඨභාතා, සත්‍ථු චූළපිතු පුත‍්තො පරමසුඛුමාලො මහාපුඤ‍්ඤො අහොසි. එකදිවසං කිර ඡසු ඛත‍්තියෙසු පූවෙ ලක‍්ඛං කත්‍වා ගුළෙහි කීළන‍්තෙසු අනුරුද‍්ධො පරාජිතො පූවානං අත්‍ථාය මාතු සන‍්තිකං පහිණි. සා මහන‍්තං සුවණ‍්ණථාලං පූරෙත්‍වා පූවෙ පෙසෙසි. පූවෙ ඛාදිත්‍වා පුන කීළන‍්තො පරාජිතො තථෙව පහිණි. එවං තික‍්ඛත‍්තුං පූවෙසු ආහටෙසු චතුත්‍ථෙ වාරෙ මාතා “ඉදානි පූවා නත්‍ථී”ති පහිණි. තස‍්සා වචනං සුත්‍වා “නත්‍ථී”ති පදස‍්ස අසුතපුබ‍්බතාය “නත්‍ථිපූවා නාම ඉදානි භවිස‍්සන‍්තී”ති සඤ‍්ඤං කත්‍වා “ගච‍්ඡ නත්‍ථිපූවෙ ආහරා”ති පෙසෙසි. අථස‍්ස මාතා “නත්‍ථිපූවෙ කිර, අය්‍යෙ, දෙථා”ති වුත‍්තෙ “මම පුත‍්තෙන නත්‍ථීති පදං න සුතපුබ‍්බං, කථං නු ඛො නත්‍ථිභාවං ජානාපෙය්‍ය”න‍්ති සුවණ‍්ණපාතිං ධොවිත්‍වා අපරාය සුවණ‍්ණපාතියා පටිකුජ‍්ජිත්‍වා “හන්‍ද, තාත, ඉමං මම පුත‍්තස‍්ස දෙහී”ති පහිණි. තස‍්මිං ඛණෙ නගරපරිග‍්ගාහිකා දෙවතා “අම‍්හාකං සාමිනා අන‍්නභාරකාලෙ උපරිට‍්ඨස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස භාගභත‍්තං දත්‍වා ‘නත්‍ථීති පදමෙව න සුණෙය්‍ය’න‍්ති පත්‍ථනා නාම ඨපිතා. සචෙ මයං තමත්‍ථං ඤත්‍වා අජ‍්ඣුපෙක‍්ඛෙය්‍යාම, මුද‍්ධාපි නො සත‍්තධා ඵලෙය්‍යා”ති චින‍්තෙත්‍වා දිබ‍්බපූවෙහි පාතිං පූරයිංසු. සො පුරිසො පාතිං ආහරිත්‍වා තස‍්ස සන‍්තිකෙ ඨපෙත්‍වා විවරි. තෙසං ගන්‍ධො සකලනගරං ඵරි. පූවො පන මුඛෙ ඨපිතමත‍්තොව සත‍්තරසහරණිසහස‍්සානි ඵරිත්‍වා අට‍්ඨාසි.

ඔහු සුමන සිටුවරයාගේ සහායක වී දිවි ඇති තෙක් පිං කර ඉන් චුතවූයේ දෙලොව පහළ වී දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මෙම බුද්ධොත්පාද කාලයේ කපිලවත්ථු නගරයේ අමිතෝදන ශාක්‍යයාගේ ගෙදර පිළිසිඳගෙන අනුරුද්ධ නමින් ප්‍රසිද්ධ විය. ඔහු මහානාම ශාක්‍යයාගේ කණිටු සොහොයුරා විය. බුදුරදුන්ගේ සුළු පියාගේ පුත් මේ කුමරු ඉතා සිවුමැලි මහා පිංවත් කෙනෙක් වුයේය. එක් දිනක් ක්‍ෂත්‍රියන් හයදෙනා අතර කැවුම් ඉලක්ක කර පන්දු ක්‍රීඩා කරන්නේ අනුරුද්ධ කුමරු පැරදුනි. කැවුම් ගෙන ඒමට මව වෙත යැවුනි. ඇය මහත් රන් තලියක් පුරවා කැවුම් යැවීය. කැවුම් කා නැවත ක්‍රීඩා කරන්නේ පැරදුනේ නැවත යැවීය. මෙ ලෙසට තෙවරක් කැවුම් ගෙන ආපසු හතර වැනි වාරයේදී මව දැන් කැවුම් නැතැයි කියා යැවුවාය. ඇගේ වචනය අසා නැත යන පදය නො ඇසුතිසා - නැති කැවුම් යන නම යොදා යන්න ඇති කැවුම් රැගෙන එන්නැයි යැවීය. අනතුරුව මෑණියෝ නැති කැවුම් දෙන්නැයි ඉල්ලා සිටිවිට මගේ පුතු නැත යන වචනය නොදන්නා නොඇසු නිසා නැත යන්න කෙසේ දැනුවත් කරන්නේ දැයි රන් බදුන සෝදා වෙනත් රන් බදුනකින් වසා දරුව මෙය මගේ පුතුට දෙන්නයි යැව්වාය. එකෙනෙහි නගරයට අධිගෘහිත දෙවිදුවක් අපේ ස්වාමීයා විසින් “අන්නභාර” කාලයේදී උපරිමය පසේ බුදුරදුන්ට බත් ... දන් දී නැත යන පදය අසන්නට නොලැබේවායි ප්‍රාර්ථනයක් තැබුවේය. ඉදින් අපි එම කරුණ දැනගෙනම පමුණුවන්නේ නම් මගේ සිත සත් කඩකඩ පැලෙන්නේ යයි සිතා දිව්‍ය කැවුම්වලින් භාජනය පුරවා ලුහ. ඒ සේවක පුරුෂය භාජනය ගෙන ඔහුගේ ළඟ තබා විවෘත කළේය. එහි සුවඳ නගරය පුරා පැතිරුනි. කැවුම් කටේ තැබු පමණින්ම දහසක් දහසක් රසනහර පැතිරි සිටියේය.

අනුරුද‍්ධොපි චින‍්තෙසි – “න මං මඤ‍්ඤෙ ඉතො පුබ‍්බෙ මාතා පියායති. න හි මෙ අඤ‍්ඤදා තාය නත්‍ථිපූවා නාම පක‍්කපුබ‍්බා”ති. සො ගන‍්ත්‍වා මාතරං එවමාහ – “අම‍්ම, නාහං තව පියො”ති. තාත, කිං වදෙසි, මම අක‍්ඛීහිපි හදයමංසතොපි ත්‍වං පියතරොති. සචාහං, අම‍්ම, තව පියො, කස‍්මා මම පුබ‍්බෙ එවරූපෙ නත්‍ථිපූවෙ නාම න අදාසීති. සා තං පුරිසං පුච‍්ඡි – “තාත, කිඤ‍්චි පාතියං අහොසී”ති. ආම, අය්‍යෙ, පූවානං පාති පරිපුණ‍්ණා අහොසි, න මෙ එවරූපා දිට‍්ඨපුබ‍්බාති. සා චින‍්තෙසි – “පුත‍්තො මෙ කතපුඤ‍්ඤො, දෙවතාහිස‍්ස දිබ‍්බපූවා පහිතා භවිස‍්සන‍්තී”ති. සොපි මාතරං ආහ – “අම‍්ම, න මයා එවරූපා පූවා ඛාදිතපුබ‍්බා, ඉතො පට‍්ඨාය මෙ නත්‍ථිපූවමෙව පචෙය්‍යාසී”ති. සා තතො පට‍්ඨාය තෙන “පූවෙ ඛාදිතුකාමොම‍්හී”ති වුත‍්තකාලෙ සුවණ‍්ණපාතිං ධොවිත්‍වා අඤ‍්ඤාය පාතියා පටිකුජ‍්ජිත්‍වා පහිණති, දෙවතා පාතිං පූරෙන‍්ති. එවං සො අගාරමජ‍්ඣෙ වසන‍්තො නත්‍ථීති පදස‍්ස අත්‍ථං අජානිත්‍වා දිබ‍්බපූවෙයෙව පරිභුඤ‍්ජි.

අනුරුද්ධ කුමරුද සිතුවේය. මම මෙයට පෙර මෑණියන්ට ප්‍රිය වුයේ යයි නොසිතමි. අනෙක් දිනවලදී නැති කැවුම් නොසාදන ලදී. ඔහු ගොස් මවට මෙසේ කීවේය මෑණියනි ඔබ මට ප්‍රිය නොවේ. දරුව කුමක් කියන්නේද මගේ දෑසට වඩා මගේ හදවත් වාසයට වඩා ඔබ මට ප්‍රිය වේ. මෑණියෙනි මට එතරම් ප්‍රියනම් කුමක් හෙයින් මට මෙයට පෙර නැති කැවුම් නොසෑදුවේද? නොදුන්නේද? ඇය සේවක පුරුෂයාගෙන් විමසුවාය. දරුව භාජනයේ කිසිවක් තිබුනේද? ආර්යාවනි එසේය කැවුම් භාජනය පිරිතිබුනි. එබඳු කැවුම් මම මෙයට පෙර දැක නැත ඇය මෙසේ සිතුවාය මගේ පුතු පිංකළ කෙනෙකි. දේවතාවෝ දිව්‍යමය කැවුම් තබන්නට ඇත. දරුවාද මවට කිවේය. මෑණියනි මෙයට පෙර මෙබඳු කැවුම් කා නැත. මෙතැන් පටන් මට නැතිකැවුම එවන්න. ඇය එතැන් පටන් එම කැවුම් කෑමට කැමති බව දැන්වූ විට රන් බඳුන සෝදා අනෙක් බඳුනක් යටිකුරු කර වසා තබයි දෙවියෝ පාත්‍රය පුරවති. මෙලෙසම ඔහු ගිහිගෙයි සිටියදී නැත යන පදයේ අර්ථයද නොදැන දිව්‍ය කැවුම්ම අනුභව කළේය.

සත්‍ථු පන පරිවාරත්‍ථං කුලපටිපාටියා සාකියකුමාරෙසු පබ‍්බජන‍්තෙසු මහානාමෙන සක‍්කෙන, “තාත, අම‍්හාකං කුලා කොචි පබ‍්බජිතො නත්‍ථි, තයා වා පබ‍්බජිතබ‍්බං, මයා වා”ති වුත‍්තෙ සො ආහ – “අහං අතිසුඛුමාලො පබ‍්බජිතුං න සක‍්ඛිස‍්සාමී”ති. තෙන හි කම‍්මන‍්තං උග‍්ගණ‍්හ, අහං පබ‍්බජිස‍්සාමීති. කො එස කම‍්මන‍්තො නාමාති? සො හි භත‍්තස‍්ස උට‍්ඨානට‍්ඨානම‍්පි න ජානාති, කම‍්මන‍්තං කිමෙව ජානිස‍්සති, තස‍්මා එවමාහ. එකදිවසඤ‍්හි අනුරුද‍්ධො භද‍්දියො කිමිලොති තයො ජනා “භත‍්තං නාම කහං උට‍්ඨාතී”ති මන‍්තයිංසු. තෙසු කිමිලො “කොට‍්ඨෙසු උට‍්ඨාතී”ති ආහ. සො කිරෙකදිවසං වීහී කොට‍්ඨම‍්හි පක‍්ඛිපන‍්තෙ අද‍්දස, තස‍්මා “කොට‍්ඨෙ භත‍්තං උප‍්පජ‍්ජතී”ති සඤ‍්ඤාය එවමාහ. අථ නං භද‍්දියො “ත්‍වං න ජානාසී”ති වත්‍වා “භත‍්තං නාම උක‍්ඛලියං උට‍්ඨාතී”ති ආහ. සො කිරෙකදිවසං උක‍්ඛලිතො භත‍්තං වඩ‍්ඪෙන‍්තෙ දිස‍්වා “එත්‍ථෙවෙතං උප‍්පජ‍්ජතී”ති සඤ‍්ඤමකාසි, තස‍්මා එවමාහ. අනුරුද‍්ධො තෙ උභොපි “තුම‍්හෙ න ජානාථා”ති වත්‍වා “භත‍්තං නාම රතනුබ‍්බෙධමකුළාය මහාසුවණ‍්ණපාතියං උට‍්ඨාතී”ති ආහ. තෙන කිර නෙව වීහිං කොට‍්ටෙන‍්තා, න භත‍්තං පචන‍්තා දිට‍්ඨපුබ‍්බා, සුවණ‍්ණපාතියං වඩ‍්ඪෙත්‍වා පුරතො ඨපිතභත‍්තමෙව පස‍්සති, තස‍්මා “පාතියංයෙවෙතං උප‍්පජ‍්ජතී”ති සඤ‍්ඤමකාසි, තස‍්මා එවමාහ. එවං භත‍්තුට‍්ඨානට‍්ඨානම‍්පි අජානන‍්තො මහාපුඤ‍්ඤො කුලපුත‍්තො කම‍්මන‍්තෙ කිං ජානිස‍්සති.

බුදුරුදුන් පිරිවර සඳහා කුල පිළිවෙළින් ශාක්‍ය කුමාරවරුන් පැවිදි කරද්දී මහානාම ශාක්‍යයා දරුව අපේ කුල ගෙයින් කිසිවෙක් පැවිදි නොවීය. ඔබ හෝ පැවිදි විය යුතුය. මෙම විසින් පැවිදි විය යුතුය ඔහු මෙසේ කීවේය. මම සුකුමාලය පැවිදිවීමට නොහැකිය. එසේනම් කර්මාන්තයක් ඉගෙන ගන්න මම පැවිදි වන්නෙමි. මොන කර්මාන්තයක්ද? ඔහු බත් උපදින ස්ථානය ද නොදනී කර්මාන්තයන් නම් කුමක්දැයි නොදනී. එනිසා මෙලෙස කිවේය. එක් දිනක් අනුරුද්ධ - භද්දිය - කිම්බිල - තිදෙනා බත් කොතැනින් ඇතිවේදැයි කථාකළහ. ඔවුන් ආහාර කොටුවෙන් උපදී යයි පැවසුවේය. ඔහු එක් දිනක් කොටුවෙන් වී දමනු දුටුවේය. එනිසා කොටුවෙන් ඇතැයි යයි සිතුවේය. අනතුරුව භද්දිය කුමරු ඔබ නොදන්නේ යයි පවසා බත් - සැළියෙන් ඇතිවේයයි කිවේය. ඔහු දිනක් සැළියෙන් බත් ගන්නවා දැක මෙසේ පැවසුවේ. අනුරුද්ධ කුමරු තොප දෙදෙනාම නොදනී කියා රියනක් උස කැකුළක් ඇති මහා රන් බඳු දෙක බත් උපදී යයි කීවේය. ඔහු වී කෙටීමක් හෝ බත් ඉවීමක් දැක නැත. රන් බඳුනේ පුරවා තබන ලද බත් දුටුවේය. මේ නිසා රන් බඳුනෙන්ම බත් උපදීයයි ඔවුන්ගේ හැගීමක් විය. එනිසා මෙසේ පැවසුවේය. මේ නිසා බත් උපදින ස්ථානය හෝ නොදන්නේ මහ පිනැමැති කුල පුත් කර්මාන්ත කුමක් දනීද

සො “එහි ඛො තෙ, අනුරුද‍්ධ, ඝරාවාසත්‍ථං අනුසාසිස‍්සාමි, පඨමං ඛෙත‍්තං කසාපෙතබ‍්බ”න‍්තිආදිනා නයෙන භාතරා වුත‍්තානං කම‍්මන‍්තානං අපරියන‍්තභාවං සුත්‍වා “න මෙ ඝරාවාසෙන අත්‍ථො”ති මාතරං ආපුච‍්ඡිත්‍වා භද‍්දියපමුඛෙහි පඤ‍්චහි සාකියකුමාරෙහි සද‍්ධිං නික‍්ඛමිත්‍වා අනුපියම‍්බවනෙ සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජි. පබ‍්බජිත්‍වා ච පන සම‍්මාපටිපදං පටිපන‍්නො අනුපුබ‍්බෙන තිස‍්සො විජ‍්ජා සච‍්ඡිකත්‍වා දිබ‍්බෙන චක‍්ඛුනා එකාසනෙ නිසින‍්නොව හත්‍ථතලෙ ඨපිතආමලකානි විය සහස‍්සලොකධාතුයො ඔලොකනසමත්‍ථො හුත්‍වා –

ඔහු මෙහි එන්න අනුරුද්ධ ගිහිගෙය විසීම ඔබට කියාදෙමි. පළමුව කුඹුර බිම් හැනීම් යුතුය ආදී වශයෙන් සහෝදරවරු කරන කර්මාන්තවල කෙළවරක් නොමැති බව අසා මට ගිහිගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. මවගෙන් අසා භද්දිය ප්‍රධාන ශාක්‍ය කුමාරවරුන් සමග නික්මී අනුපිය අඹ වනයේ බුදුන් වෙත එළඹ පැවිදි වුහ. පැවිදිවී මනාලෙස මහා ප්‍රතිපදාවේ නියැලුනේ පිළිවෙලින් ත්‍රිවිද්‍යා ලබා සම්මා පටි පදාවට පිළිපන්නේ දිවැසින් එක අසුනේ සිටියදීම අත්ලයේ තැබු නෙල්ලි ගෙඩියක් සේ දහසක් ලෝක ධාතුව බැලීමේ සමත්කම ඇතිවී.

“පුබ‍්බෙනිවාසං ජානාමි, දිබ‍්බචක‍්ඛු විසොධිතං; තෙවිජ‍්ජො ඉද‍්ධිපත‍්තොම‍්හි, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. (ථෙරගා· 332, 562) –

පෙර විසූ කඳ පිළිවෙළ දනිමි දිවැස පිරිසිදු කරන ලදි. ත්‍රිවිද්‍යා ඍද්ධියට පත්වුවෙමි. (බුද්ධ ශාසනයේ ප්‍රයෝජන ලදිමි)

උදානං උදානෙත්‍වා “කිං නු ඛො මෙ කත්‍වා අයං සම‍්පත‍්ති ලද‍්ධා”ති ඔලොකෙන‍්තො “පදුමුත‍්තරපාදමූලෙ පත්‍ථනං ඨපෙසි”න‍්ති ඤත්‍වා පුන “සංසාරෙ සංසරන‍්තො අසුකස‍්මිං නාම කාලෙ බාරාණසියං සුමනසෙට‍්ඨිං නිස‍්සාය ජීවන‍්තො අන‍්නභාරො නාම අහොසි”න‍්තිපි ඤත්‍වා –

මේ උදානය පවසා කවර නම් කුශලයක් කොට මේ සම්පත ලැබුවේදැයි බලන්නේ පියුමතුරා බුද්ධපාද මුලයේදී ප්‍රාර්ථනයක් තැබුවේ යයි. දැන් නැවත සසර සැරිසරන්නේ අසවල් කාලයේදී බරණැස සුමන සිටුවරයා නිසා ජීවත් වන්නේ “අන්නභාර” නම් වුයේ යයි දැන

“අන‍්නභාරො පුරෙ ආසිං, දලිද‍්දො තිණහාරකො; පිණ‍්ඩපාතො මයා දින‍්නො, උපරිට‍්ඨස‍්ස තාදිනො”ති. –

එක් සමයක මම බරණැස් නුවර කදින් බර ගෙන යන අන්නභාර නම් දිළින්දෙක් වීමි. උපරිමය පසේ බුදුන්ට පිණ්ඩ දානයක් මම දුන්නෙමි.

ආහ. අථස‍්ස එතදහොසි – “යො සො තදා මයා උපරිට‍්ඨස‍්ස දින‍්නපිණ‍්ඩපාතතො කහාපණෙ දත්‍වා පත‍්තිං අග‍්ගහෙසි, මම සහායකො සුමනසෙට‍්ඨි කහං නු ඛො සො එතරහි නිබ‍්බත‍්තො”ති. අථ නං “විඤ‍්ඣාටවියං පබ‍්බතපාදෙ මුණ‍්ඩනිගමො නාම අත්‍ථි, තත්‍ථ මහාමුණ‍්ඩස‍්ස නාම උපාසකස‍්ස මහාසුමනො චූළසුමනොති ද‍්වෙ පුත‍්තා, තෙසු සො චූළසුමනො හුත්‍වා නිබ‍්බත‍්තො”ති අද‍්දස. දිස‍්වා ච පන චින‍්තෙසි – “අත්‍ථි නු ඛො තත්‍ථ මයි ගතෙ උපකාරො, නත්‍ථී”ති. සො උපධාරෙන‍්තො ඉදං අද‍්දස “සො තත්‍ථ මයි ගතෙ සත‍්තවස‍්සිකොව නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සති, ඛුරග‍්ගෙයෙව ච අරහත‍්තං පාපුණිස‍්සතී”ති. දිස‍්වා ච පන උපකට‍්ඨෙ අන‍්තොවස‍්සෙ ආකාසෙන ගන‍්ත්‍වා ගාමද‍්වාරෙ ඔතරි. මහාමුණ‍්ඩො පන උපාසකො ථෙරස‍්ස පුබ‍්බෙපි විස‍්සාසිකො එව. සො ථෙරං පිණ‍්ඩපාතකාලෙ චීවරං පාරුපන‍්තං දිස‍්වා පුත‍්තං මහාසුමනං ආහ – “තාත, අය්‍යො, මෙ අනුරුද‍්ධත්‍ථෙරො ආගතො, යාවස‍්ස අඤ‍්ඤො කොචි පත‍්තං න ගණ‍්හාති, තාවස‍්ස ගන‍්ත්‍වා පත‍්තං ගණ‍්හ, අහං ආසනං පඤ‍්ඤාපෙස‍්සාමී”ති. සො තථා අකාසි. උපාසකො ථෙරං අන‍්තොනිවෙසනෙ සක‍්කච‍්චං පරිවිසිත්‍වා තෙමාසං වසනත්‍ථාය පටිඤ‍්ඤං ගණ‍්හි, ථෙරොපි අධිවාසෙසි.

අනතුරුව ඔහුට මේ අදහස විය. එදින මම උපරිට්ඨ පසේ බුදුන්ට දෙන ලද පිණ්ඩ දානය නිසා කහවණු ගෙන පින් ලබාගත් මගේ මිත්‍ර සුමන සිටුවරයා දැන් කොහේදැයි උපන් තැන විමසා බැලීය. වින්ධ්‍යා කැලයේ පර්වත ප්‍රාන්තයේ මුණ්ඩ නම් නියම් ගමක් ඇත. එහි මහාමුණ්ඩ නම් උපාසක මහා සුමන චුල සුමන නම් පුතුන් දෙදෙනෙකි. සුමන සිටුවරයා චුල්ල සුමන නමින් ඉපදුන බව දුටුවේය. දැනද මෙසේ සිතුවේය. මා එහි ගියවිට උපකාරයක් වේදැයි සොයා බලන්නේ මෙය දුටුවේය. මම එහි ගිය විට අවුරුදු හතක් වූ චුල්ල සුමන නික්මී පැවිදි වන්නේය. හිස කෙස් කපද්දීම රහත් වන්නේය. වස් කාලය එළඹි විට ගොස් ගම් දොරම බැස්සේය. මහා මුණ්ඩ උපාසක පෙරදී තෙරුන්ගේ විශ්වාසවන්තයෙක්ව සිටියේය. ඔහු තෙරුන් පිඩු සිගා යාමට සිවුර පොරවන අතර එය දැක මහා සුමන පුතුට මෙසේ කිවේය. දරුව මගේ අනුරුද්ධ ආර්යයන් වහන්සේ වැඩම කළෝය. වෙනත් කෙනෙක් පාත්‍රය ගැනීමට පෙර පාත්‍රය ගන්න. මම අසුනක් පනවන්නෙමි. ඔහු එලෙස කළේ. උපාසක තෙමේ තෙරුන්ට ඇතුළත අසුනක් පනවා හොදින් දන් වළදවා තුන් මසක් වාසය කිරීම සඳහා ප්‍රතිඥාවක් ගත්තොත්ය. තෙරුන් ඉවසුහ.

අථ නං එකදිවසං පටිජග‍්ගන‍්තො විය තෙමාසං පටිජග‍්ගිත්‍වා මහාපවාරණාය තිචීවරඤ‍්චෙව ගුළතෙලතණ‍්ඩුලාදීනි ච ආහරිත්‍වා ථෙරස‍්ස පාදමූලෙ ඨපෙත්‍වා “ගණ‍්හථ, භන‍්තෙ”ති ආහ. “අලං, උපාසක, න මෙ ඉමිනා අත්‍ථො”ති. “තෙන හි, භන‍්තෙ, වස‍්සාවාසිකලාභො නාමෙස, ගණ‍්හථ න”න‍්ති? “න ගණ‍්හාමි, උපාසකා”ති. “කිමත්‍ථං න ගණ‍්හථ, භන‍්තෙ”ති? “මය‍්හං සන‍්තිකෙ කප‍්පියකාරකො සාමණෙරොපි නත්‍ථී”ති. “තෙන හි, භන‍්තෙ, මම පුත‍්තො මහාසුමනො සාමණෙරො භවිස‍්සතී”ති. “න මෙ, උපාසක, මහාසුමනෙනත්‍ථො”ති. “තෙන හි, භන‍්තෙ, චූළසුමනං පබ‍්බාජෙථා”ති. ථෙරො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා චූළසුමනං පබ‍්බාජෙසි. සො ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණි. ථෙරො තෙන සද‍්ධිං අඩ‍්ඪමාසමත‍්තං තත්‍ථෙව වසිත්‍වා “සත්‍ථාරං පස‍්සිස‍්සාමී”ති තස‍්ස ඤාතකෙ ආපුච‍්ඡිත්‍වා ආකාසෙනෙව ගන‍්ත්‍වා හිමවන‍්තපදෙසෙ අරඤ‍්ඤකුටිකාය ඔතරි.

මෙලෙසට තුන් මසක් පිළිදැගුම් කොට මහා පවාරණය සඳහා තුන් සිවුරු තෙල් පහන් ආදිය ද ගෙනවුත් තෙරුන් පාමුල තබා මේවා පිළිගන්නැයි පැවසුවේය. ප්‍රයෝජනයක් නැත උපාසක මෙයින් මට ප්‍රයෝජනයක් නැත. පිළිගන්නේ නැත්තේ කුමක් නිසාද, උපාසකයා මා ළඟ කැපකරු සාමණේර නමක්ද නැත. එසේ නම් ස්වාමීනි මගේ පුත් මහා සුමන සාමණේර වන්නේය. නැත උපාසක මට මහා සුමනගෙන් වැඩක් නැත. එසේ නම් ස්වාමීනි චුල්ල සුමන පැවිදි කරන්නැයි පැවසීය. තෙරුන් යහපතැයි පිළිගෙන චුල්ල සුමන පැවිදි කළහ. ඔහු කෙස් කපද්දීම රහත් වුහ. තෙරුන් වහන්සේ ඔහු සමග අඩමසක් පමණ එහි වාසය කර බුදුන් දකිනෙමුයි ඔහුගේ ඥාතීන්ගෙන් විමසා අහසින් ගොස් හිමවත් පෙදෙසේ දී ආරණ්‍යයේ කුටියකට බැසත්හ.

ථෙරො පන පකතියාපි ආරද‍්ධවීරියො, තස‍්ස තත්‍ථ පුබ‍්බරත‍්තාපරරත‍්තං චඞ‍්කමන‍්තස‍්ස උදරවාතො සමුට‍්ඨහි. අථ නං කිලන‍්තරූපං දිස‍්වා සාමණෙරො පුච‍්ඡි – “භන‍්තෙ, කිං වො රුජ‍්ජතී”ති? “උදරවාතො මෙ සමුට‍්ඨිතො”ති. “අඤ‍්ඤදාපි සමුට‍්ඨිතපුබ‍්බො, භන‍්තෙ”ති? “ආමාවුසො”ති. “කෙන ඵාසුකං හොති, භන‍්තෙ”ති? “අනොතත‍්තතො පානීයෙ ලද‍්ධෙ ඵාසුකං හොති, ආවුසො”ති. “තෙන හි, භන‍්තෙ, ආහරාමී”ති. “සක‍්ඛිස‍්සසි සාමණෙරා”ති? “ආම, භන‍්තෙ”ති. තෙන හි අනොතත‍්තෙ පන‍්නගො නාම නාගරාජා මං ජානාති, තස‍්ස ආචික‍්ඛිත්‍වා භෙසජ‍්ජත්‍ථාය එකං පානීයවාරකං ආහරාති. සො සාධූති උපජ‍්ඣායං වන්‍දිත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පඤ‍්චයොජනසතං ඨානං අගමාසි. තං දිවසං පන නාගරාජා නාගනාටකපරිවුතො උදකකීළං කීළිතුකාමො හොති. සො සාමණෙරං ආගච‍්ඡන‍්තං දිස‍්වාව කුජ‍්ඣි, “අයං මුණ‍්ඩකසමණො අත‍්තනො පාදපංසුං මම මත්‍ථකෙ ඔකිරන‍්තො විචරති, අනොතත‍්තෙ පානීයත්‍ථාය ආගතො භවිස‍්සති, න දානිස‍්ස පානීයං දස‍්සාමී”ති පණ‍්ණාසයොජනිකං අනොතත‍්තදහං මහාපාතියා උක‍්ඛලිං පිදහන‍්තො විය ඵණෙන පිදහිත්‍වා නිපජ‍්ජි. සාමණෙරො නාගරාජස‍්ස ආකාරං ඔලොකෙත්‍වාව “කුද‍්ධො අය”න‍්ති ඤත්‍වා ඉමං ගාථමාහ –

තෙරුන් වහන්සේ ප්‍රකෘතියෙන් පටන්ගත් වීර්යය ඇත්තෙකි. මෙහිදී රාත්‍රි දෙකක් සක්මන් කරන විට උදර වාතයක් ඇතිවිය. අනතුරුව කලාන්ත රූපයක් දැක සාමණේර නම විමසුහ. ස්වාමීනි කුමක්ද වේදනා සහිතද මට උදරාබාධයක් ඇති විය. වෙනත් දිනවලදී ද මෙය ඇතිවන්නේද ස්වාමීනි. එසේය ඇවැත්නි. කුමක් වැළදීම සදහා සුදුසුද? ස්වාමීනි, අනෝතත්ත විලෙන් ජලය ලබන්නේනම් සුවපත් වේ. එසේ නම් ස්වාමීනි රැගෙන එන්නෙමි. සාමණේරය ඔබට හැකිද එසේ ස්වාමීනි, එසේය ස්වාමීනි, එසේ නම් අනෝතත්ත විලේ පන්නක නම් නාග රාජයෙක් ඇත. ඔහු මා දනී ඔහුට කියා බෙහෙත් සඳහා එක් පැන් කළයක් ගෙන එන්න, ඔහු යහපතැයි උපාධ්‍යාය තෙරුන්ට වැද අහසට පැන නැගී යොදුන් පන්සියයක් දුර ස්ථානයට වැඩම කළේය. මේ දවසේදී නා රජු නාග නාටකයන් පිරිවරා ජල ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටියේය. මෙම සාමණේරයන් එන්නා වූ දැක කිපුනි. මේ මුඩු ශ්‍රමණයා තමන්ගේ පාවල පස් මගේ සිරුර මත දමමින් හැසිරේ අනෝතත්ත විලේ ජලය පානය කිරීමට ආවා විය හැකිය. දැන් මොහුට පැන් නොදෙමි. පනස් යොදුනක් පැතිරුණි අනෝතත්ත විල මහා සැලියකින් වසන්නා සේ පෙනයෙන් වසා පැතිරූය. සාමණේරයන් නාග රාජයාගේ රූපය බලා කිපුණේ යයි දැන මේ ගාථාව පැවසුවේය.

“සුණොහි මෙ නාගරාජ, උග‍්ගතෙජ මහබ‍්බල; දෙහි මෙ පානීයඝටං, භෙසජ‍්ජත්‍ථම‍්හි ආගතො”ති.

නාග රාජය අසන්න ඔබ මහාබල උග්‍ර තේජස් ඇත්තෙකි බෙහෙත් සඳහා පැන් ගෙන යාමට ආවෙමි මට පැන් කළයක් දෙන්න.

තං සුත්‍වා නාගරාජා ඉමං ගාථමාහ –

මෙය අසා නා රජු මේ ගාථාව පැවසුවේය.

“පුරත්‍ථිමස‍්මිං දිසාභාගෙ, ගඞ‍්ගා නාම මහානදී; මහාසමුද‍්දමප‍්පෙති, තතො ත්‍වං පානීයං හරා”ති.

පෙරදිග ගංගා නම් මහ නදියක් ඇත මහ සමුදරට වැටෙන එම නදියෙන් ජලය ගන්න.

තං සුත්‍වා සාමණෙරො “අයං නාගරාජා අත‍්තනො ඉච‍්ඡාය න දස‍්සති, අහං බලක‍්කාරං කත්‍වා ආනුභාවං ජානාපෙත්‍වා ඉමං අභිභවිත්‍වාව පානීයං ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා, “මහාරාජ, උපජ‍්ඣායො මං අනොතත‍්තතොව පානීයං ආහරාපෙති, තෙනාහං ඉදමෙව හරිස‍්සාමි, අපෙහි, මා මං වාරෙහී”ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙය ඇසු සාමණේරයන් වහන්සේ මේ නාගයා කැමැත්තෙන් ජලය නොදෙයි මම බලහත්කාරයෙන් මිනිස් බල පෙන්වා මොහු මැඩ පවත්වා ජලය ගන්නෙමියි සිතා මහරජ මගේ උපාධ්‍යාය තුමා මට අනෝතත්ත විලෙන් ජලය ගෙන එන ලෙසට පැවසුහ. එනිසා මම මෙයින්ම පැන් ගෙන එන්නෙමියි, ඔබට මහා කායික බලයක් ඇත. එහෙයින් අයින් වෙන්න. මාව නොවළක්වන්නැයි කියා මේ ගාථාව පැවසුහ.

“ඉතොව පානීයං හාස‍්සං, ඉමිනාවම‍්හි අත්‍ථිකො; යදි තෙ ථාමබලං අත්‍ථි, නාගරාජ නිවාරයා”ති.

අථ නං නාගරාජා ආහ –

නාගරාජයා මෙසේ පැවසුවේය,

“සාමණෙර සචෙ අත්‍ථි, තව වික‍්කම පොරිසං; අභිනන්‍දාමි තෙ වාචං, හරස‍්සු පානීයං මමා”ති.

සාමණේරය ඔබට පෞරුෂයක් වික්‍රමයක් තිබේනම් ඔබේ වචනයට සතුටු වෙමි. හැකිනම් මා කෝප කරගෙන ජලය ගන්න යයි පැවසුවේය.

අථ නං සාමණෙරො “එවං, මහාරාජ, හරාමී”ති වත්‍වා “යදි සක‍්කොන‍්තො හරාහී”ති වුත‍්තෙ – “තෙන හි සුට‍්ඨු ජානස‍්සූ”ති තික‍්ඛත‍්තුං පටිඤ‍්ඤං ගහෙත්‍වා “බුද‍්ධසාසනස‍්ස ආනුභාවං දස‍්සෙත්‍වා මයා පානීයං හරිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා ආකාසට‍්ඨදෙවතානං තාව සන‍්තිකං අගමාසි. තා ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා “කිං, භන‍්තෙ”ති වත්‍වා අට‍්ඨංසු. “එතස‍්මිං අනොතත‍්තදහපිට‍්ඨෙ පන‍්නගනාගරාජෙන සද‍්ධිං මම සඞ‍්ගාමො භවිස‍්සති, තත්‍ථ ගන‍්ත්‍වා ජයපරාජයං ඔලොකෙථා”ති ආහ. සො එතෙනෙව නීහාරෙන චත‍්තාරො ලොකපාලෙ සක‍්කසුයාමසන‍්තුසිතපරනිම‍්මිතවසවත‍්තී ච උපසඞ‍්කමිත්‍වා තමත්‍ථං ආරොචෙසි. තතො පරං පටිපාටියා යාව බ්‍රහ‍්මලොකං ගන‍්ත්‍වා තත්‍ථ තත්‍ථ බ්‍රහ‍්මෙහි ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා ඨිතෙහි “කිං, භන‍්තෙ”ති පුට‍්ඨො තමත්‍ථං ආරොචෙසි. එවං සො අසඤ‍්ඤෙ ච අරූපිබ්‍රහ‍්මානො ච ඨපෙත්‍වා සබ‍්බත්‍ථ මුහුත‍්තෙනෙව ආහිණ‍්ඩිත්‍වා ආරොචෙසි. තස‍්ස වචනං සුත්‍වා සබ‍්බාපි දෙවතා අනොතත‍්තදහපිට‍්ඨෙ නාළියං පක‍්ඛිත‍්තානි පිට‍්ඨචුණ‍්ණානි විය ආකාසං නිරන‍්තරං පූරෙත්‍වා සන‍්නිපතිංසු. සන‍්නිපතිතෙ දෙවසඞ‍්ඝෙ සාමණෙරො ආකාසෙ ඨත්‍වා නාගරාජං ආහ –

අනතුරුව සාමණේර එසේය මහ නාග රාජය මම ගනිමියි පවසා හොඳයි හොඳින් දැනගන්න තුන් වතාවක් ප්‍රතිඥා ගෙන බුද්ධ ශාසනයේ ආනුභාවය පෙන්වා මවිසින් ජලය ගෙන යා යුතු යයි සිතා ආකාශස්ථ දෙවියන් වෙතට ගියේය. ඔවුන් පැමිණ වැඳ ස්වාමීනි කුමක්ද විමසා සිටියහ. මේ අනෝතත්ත විල පිට පන්නක නාග රාජයා සමග මගේ සටනක් ඇත. එහි ගොස් ජය පරාජය බලන්නැයි පැවසුහ. සාමණේරයන් වහන්සේ මේ අයුරින් සතර වරම් ලෝපාලක දෙවියන් ශක්‍ර දෙවියන් සුයාම සන්තුසිත දෙවියන් පරනිම්මිත දෙවියන් වෙතට ද එළඹ මේ කරුණ දැනුම් දුන්නේය. අනතුරුව පිළිවෙළින් බඹලොව දක්වා ගොස් බඹලොවින් පැමිණ වැඳ සිටි විට ස්වාමීනි කුමක් දැයි විමසා සිටියේ මෙම කාරණය දැනුම් දුන්නේය. මේ ලෙසට අසඤ්ඤා අරූපී බ්‍රහ්මයන් හැර සියළු තැන මොහොතින් ඇවිද දැනුම් දුන්නේය. උන්වහන්සේගේ වචනය අසා සියළුම දෙවියෝ අනෝතත්ත විල් තෙර නළයකට දමන ලද තුඹසුණ මෙන් මුළු අහස පුරා රැස් වුහ. දෙවියන් රැස්වූ විට සාමණේරයන් අහසේ සිට නාරජුට මෙසේ පැවසුහ.

“සුණොහි මෙ නාගරාජ, උග‍්ගතෙජ මහබ‍්බල; දෙහි මෙ පානීයඝටං, භෙසජ‍්ජත්‍ථම‍්හි ආගතො”ති.

“උග්‍ර තේජස් ඇති නා රජුනි, බෙහෙතක් සඳහා පැන් ගෙන යන්නට ආමි. එබැවින් පැන් ගැනීමට ඉඩ දෙව”

අථ නං නාගො ආහ –

අනතුරුව නාගයා මෙසේ කීවේය.

“සාමණෙර සචෙ අත්‍ථි, තව වික‍්කම පොරිසං; අභිනන්‍දාමි තෙ වාචං, හරස‍්සු පානීයං මමා”ති.

“ඔබගේ වචනයට මම සතුටු වෙමි. ඔබට යම්කිසි වික්‍රමයක් ඇත්නම් මා අකමැත්තෙන් පැන් ගෙන යව”

සො තික‍්ඛත‍්තුං නාගරාජස‍්ස පටිඤ‍්ඤං ගහෙත්‍වා ආකාසෙ ඨිතකොව ද‍්වාදසයොජනිකං බ්‍රහ‍්මත‍්තභාවං මාපෙත්‍වා ආකාසතො ඔරුය‍්හ නාගරාජස‍්ස ඵණෙ අක‍්කමිත්‍වා අධොමුඛං නිප‍්පීළෙසි, තාවදෙව බලවතා පුරිසෙන අක‍්කන‍්තඅල‍්ලචම‍්මං විය නාගරාජස‍්ස ඵණෙ අක‍්කන‍්තමත‍්තෙ ඔගලිත්‍වා දබ‍්බිමත‍්තා ඵණපුටකා අහෙසුං. නාගරාජස‍්ස ඵණෙහි මුත‍්තමුත‍්තට‍්ඨානතො තාලක‍්ඛන්‍ධපමාණා උදකවට‍්ටියො උග‍්ගඤ‍්ඡිංසු. සාමණෙරො ආකාසෙයෙව පානීයවාරකං පූරෙසි. දෙවසඞ‍්ඝො සාධුකාරමදාසි. අථ නාගරාජා ලජ‍්ජිත්‍වා සාමණෙරස‍්ස කුජ‍්ඣි, ජයකුසුමවණ‍්ණානිස‍්ස අක‍්ඛීනි අහෙසුං. සො “අයං මං දෙවසඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා පානීයං ගහෙත්‍වා ලජ‍්ජාපෙසි, එතං ගහෙත්‍වා මුඛෙ හත්‍ථං පක‍්ඛිපිත්‍වා හදයමංසං වාස‍්ස මද‍්දාමි, පාදෙ වා නං ගහෙත්‍වා පාරගඞ‍්ගායං ඛිපාමී”ති වෙගෙන අනුබන්‍ධි. අනුබන්‍ධන‍්තොපි නං පාපුණිතුං නාසක‍්ඛියෙව. සාමණෙරො ගන‍්ත්‍වා උපජ‍්ඣායස‍්ස හත්‍ථෙ පානීයං ඨපෙත්‍වා “පිවථ, භන‍්තෙ”ති ආහ. නාගරාජාපි පච‍්ඡතො ආගන‍්ත්‍වා, “භන‍්තෙ අනුරුද‍්ධ, සාමණෙරො මයා අදින‍්නමෙව පානීයං ගහෙත්‍වා ආගතො, මා පිවිත්‍ථා”ති ආහ. එවං කිර සාමණෙරාති. “පිවථ, භන‍්තෙ, ඉමිනා මෙ දින‍්නං පානීයං ආහට”න‍්ති ආහ. ථෙරො “ඛීණාසවසාමණෙරස‍්ස මුසාකථනං නාම නත්‍ථී”ති ඤත්‍වා පානීයං පිවි. තඞ‍්ඛණඤ‍්ඤෙවස‍්ස ආබාධො පටිපස‍්සම‍්භි. පුන නාගො ථෙරං ආහ –

උන්වහන්සේ තෙවරක් නා රජුගෙන් ප්‍රතිඥා ගෙන අහසේ සිටියදීම දොළොස් යොදුන් ක්‍රම ආත්ම භාවයක් මවාගෙන අහසෙන් බැස නා රජුගේ පෙනය පාගා මුහුණ යටට යන සේ පෙළීය. අමු මඩ අස්සේ නා රජුන්ගේ පෙනය ඇකිලී හැන්දක් පමණට පෙණය පත්විය. නා රජුගේ පෙනය ගිලුන ගිලුන තැන්වලින් තල් කඳක් පමණ ජල ධාරා උඩට නැගුනි. සාමණේරයන් වහන්සේ අහසේ සිටම පැන් බඳුන පිරවීය. දේවතා සමූහය සාධුකාර දුන්හ. අනතුරුව නාගයා ලැජ්ජා වී සාමණේරයන්ට කිපුනි. බඳු වදමල සේ ඇස් රතු පැහැ වූහ. මෙතෙම දෙවියන් රැස්කර පෙනය මතුපිට සිට මා ලජ්ජාවට පත් කළේය. මොහු ගෙන කටට අත දමා හෘදය මාංශ පාදයෙන් අල්ලා ගෙන ගඟින් එතරට විසි කරමියි සිතා වේගයෙන් ගොස් ලුහුබඳින්නේ වුවද පැමිණීමට නොහැකිවිය. සාමණේරයන් වහන්සේ ගොස් උපාධ්‍යායන් වහන්සේගේ අත ජල භාජනය තබා ස්වාමීනි පානය කරන්නැයි පැවසුවේය. නා රජුද පසු පසින් පැමිණ ස්වාමීනි අනුරුද්ධ මේ සුමන සාමණේර මම නොදීම ජලය ගෙන ආවේය. නො බොන්නැයි කීවේය. සාමණේර මෙය සැබෑද ස්වාමීනි පානය කරන්න. මොහු විසින් දෙන ලද පැන් ගෙන ආමි තෙරුණුවෝ රහත්වූ සාමණේරයන්ට බොරු කීමක් නැතැයි දැන ජලය පානය කළහ. එකෙනෙහි උදර බාධය සංසිදුනි. නැවත නාග රාජයා මෙසේ පැවසුවේය.

“භන‍්තෙ, සාමණෙරෙනම‍්හි සබ‍්බං දෙවගණං සන‍්නිපාතෙත්‍වා ලජ‍්ජාපිතො, අහමස‍්ස හදයං වා ඵාලෙස‍්සාමි, පාදෙ වා නං ගහෙත්‍වා පාරගඞ‍්ගාය ඛිපිස‍්සාමී”ති. මහාරාජ, සාමණෙරො මහානුභාවො, තුම‍්හෙ සාමණෙරෙන සද‍්ධිං සඞ‍්ගාමෙතුං න සක‍්ඛිස‍්සථ, ඛමාපෙත්‍වා නං ගච‍්ඡථාති. සො සයම‍්පි සාමණෙරස‍්ස ආනුභාවං ජානාතියෙව, ලජ‍්ජාය පන අනුබන්‍ධිත්‍වා ආගතො. අථ නං ථෙරස‍්ස වචනෙන ඛමාපෙත්‍වා තෙන සද‍්ධිං මිත‍්තසන්‍ථවං කත්‍වා “ඉතො පට‍්ඨාය අනොතත‍්තඋදකෙන අත්‍ථෙ සති තුම‍්හාකං ආගමනකිච‍්චං නත්‍ථි, මය‍්හං පහිණෙය්‍යාථ, අහමෙව ආහරිත්‍වා දස‍්සාමී”ති වත්‍වා පක‍්කාමි.

ස්වාමීනි සාමණේරයන් විසින් සියලු දේ සමුහයා රැස්කරවා මා ලජ්ජාවට පත් කළේය. මම ඔහුගේ හදවත හෝ පලමි, පයින් ගෙන ගඟෙන් එතෙර විසිකරන්නෙමි. මහරජ සාමණේර මහත් ආනුභාව ඇත. ඔබට ඔහු හා සටන් කිරීමට නොහැකිය. ඔහුගෙන් සමාව ගන්න. ඔහු තමන් ද සාමණේරයන්ගේ මහත් ආනුභාවය දැන සිටියද ලජ්ජාව නිසා ලුහුබැඳ ආවේය. අනතුරුව තෙරුන්ගේ වචනයෙන් සමාව අයැද ඔහු හා මිත්‍රත්වයක් ඇතිකරගෙන මෙයින් පසු අනෝතප්ත ජලයෙන් ප්‍රයෝජනයක් ඇති විට තොපගේ පැමිණිමක් අවශ්‍ය නොවේ. මට පණිවිඩයක් එවන්න මවිසින්ම ගෙනැවිත් දෙන්නෙමියි කියා පිටත් විය.

ථෙරොපි සාමණෙරං ආදාය පායාසි. සත්‍ථා ථෙරස‍්ස ආගමනභාවං ඤත්‍වා මිගාරමාතුපාසාදෙ ථෙරස‍්ස ආගමනං ඔලොකෙන‍්තො නිසීදි. භික‍්ඛූපි ථෙරං ආගච‍්ඡන‍්තං දිස‍්වා පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙසුං. අථෙකච‍්චෙ සාමණෙරං සීසෙපි කණ‍්ණෙසුපි බාහායම‍්පි ගහෙත්‍වා සඤ‍්චාලෙත්‍වා “කිං, සාමණෙර චූළකනිට‍්ඨ, න උක‍්කණ‍්ඨිතොසී”ති ආහංසු. සත්‍ථා තෙසං කිරියං දිස‍්වා චින‍්තෙසි – “භාරියං වතිමෙසං භික‍්ඛූනං කම‍්මං ආසීවිසං ගීවාය ගණ‍්හන‍්තා විය සාමණෙරං ගණ‍්හන‍්ති, නාස‍්ස ආනුභාවං ජානන‍්ති, අජ‍්ජ මයා සුමනසාමණෙරස‍්ස ගුණං පාකටං කාතුං වට‍්ටතී”ති. ථෙරොපි ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසීදි. සත්‍ථා තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා ආනන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි – “ආනන්‍ද, අනොතත‍්තඋදකෙනම‍්හි පාදෙ ධොවිතුකාමො, සාමණෙරානං ඝටං දත්‍වා පානීයං ආහරාපෙහී”ති. ථෙරො විහාරෙ පඤ‍්චමත‍්තානි සාමණෙරසතානි සන‍්නිපාතෙසි. තෙසු සුමනසාමණෙරො සබ‍්බනවකො අහොසි. ථෙරො සබ‍්බමහල‍්ලකං සාමණෙරං ආහ – “සාමණෙර, සත්‍ථා අනොකත‍්තදහඋදකෙන පාදෙ ධොවිතුකාමො, ඝටං ආදාය ගන‍්ත්‍වා පානීයං ආහරා”ති. සො “න සක‍්කොමි, භන‍්තෙ”ති න ඉච‍්ඡි. ථෙරො සෙසෙපි පටිපාටියා පුච‍්ඡි, තෙපි තථෙව වත්‍වා පටික‍්ඛිපිංසු. “කිං පනෙත්‍ථ ඛීණාසවසාමණෙරා නත්‍ථී”ති? අත්‍ථි, තෙ පන “නායං අම‍්හාකං බද‍්ධො මාලාපුටො, සුමනසාමණෙරස‍්සෙව බද‍්ධො”ති න ඉච‍්ඡිංසු, පුථුජ‍්ජනා පන අත‍්තනො අසමත්‍ථතායෙව න ඉච‍්ඡිංසු. පරියොසානෙ පන සුමනස‍්ස වාරෙ සම‍්පත‍්තෙ, “සාමණෙර, සත්‍ථා අනොතත‍්තදහඋදකෙන පාදෙ ධොවිතුකාමො, කුටං ආදාය කිර උදකං ආහරා”ති ආහ. සො “සත්‍ථරි ආහරාපෙන‍්තෙ ආහරිස‍්සාමී”ති සත්‍ථාරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, අනොතත‍්තතො කිර මං උදකං ආහාරාපෙථා”ති ආහ. “ආම, සුමනා”ති. සො විසාඛාය කාරිතෙසු ඝනසුවණ‍්ණකොට‍්ටිමෙසු සෙනාසනකුටෙසු එකං සට‍්ඨිකුටඋදකගණ‍්හනකං මහාඝටං හත්‍ථෙන ගහෙත්‍වා “ඉමිනා මෙ උක‍්ඛිපිත්‍වා අංසකූටෙ ඨපිතෙන අත්‍ථො නත්‍ථී”ති ඔලම‍්බකං කත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා හිමවන‍්තාභිමුඛො පක‍්ඛන්‍දි.

තෙරුන්ද සාමණේරයන් ගෙන පිටත්වුහ. බුදුහු තෙරුන් පැමිණි බව දැන මිගාර මාතු ප්‍රාසාදයේ තෙරුන්ගේ පැමිණීම බලමින් වාඩිවි සිටියහ. භික්ෂූන්ද තෙරුන් එන බව දැන පෙර ගමන් කර පා සිවුරු පිළිගත්හ. මේ අතර ඇතැම් භික්ෂූන් සාමණේරයන්ගේ හිසෙන් ද කන්වලින් ද අත්වලින් ද ගෙන සොලවමින් ඇයි සාමණේර පැමිණ කළකිරුනේදැයි විමසුහ. බුදුහු ඔවුන්ගේ ක්‍රියාව දැක මෙසේ සිතූහ. මේ භික්ෂූන්ගේ ක්‍රියාව බැරැරුම් දෙයකි. දරුණු විෂ සර්පයෙක් ගෙලෙන් අල්ලා ගැනීමක් ඇත්ත මොහුගේ ආනුභාව නොදනී. අද මම සුමන සාමණේරයන්ගේ ගුණය ප්‍රකට කිරීම වටනේය. තෙරුන් පැමිණ බුදුන් වැඳ වාඩි වුහ. බුදුහු තෙරණුවන් සමග පිළිසඳර කතා කොට ආනන්ද තෙරුන්ට ඇමතූහ. ආනන්ද අනෝතප්ත විල ජලයෙන් පා සේදීමට කැමැත්තෙමි. සාමණේරයන්ට කළ දී ජලය ගෙන්වා ගන්න. තෙරුණුවෝ විහාරයේ සමග පන්සියයක් සාමණේරවරු රැස් කළහ. උන් වහන්සේලා අතර සුමන සාමණේරයෝ සියල්ලන්ට වඩා අළුත පැවිදි වූවෙකි. ආනන්ද තෙරුණුවෝ සියළු වැඩි වයස් සාමණේරයන්ට පැවසුවේ බුදුරජාණන් වහන්සේ අනෝතප්ත විල් ජලයෙන් ස්නානය කැමති නිසා කළයක් රැගෙන ගොස් පැන් ගෙන එන්න යනුවෙනි. ස්වාමීනි කළ නොහැකි යයි කැමති නොවුහ. අන් අයට පැවසූවිට එසේම ප්‍රතික්‍ෂේප කොට කැමති නොවුහ. කිම මෙහි රහත් වූ සාමණේර නමක් නැත්දැයි විමසුහ. ඇත ඔවුහු අප සමග බද්ධ වී නැත මල්ගොටු සුමන සාමණේරයන්ටම බැඳුනේ යයි නොකමැති වූහ. පෘථග්ජන අය තමන්ගේ නොහැකියාව නිසාම අකමැති වූවාහුය අවසානයේ දී සුමන සාමණේරයන්ගේ වාරයේ දී අනෝතත්ත විලෙන් ජලය ගෙන ආ හැකිදැයි විමසූවිට බුදුරජාණන් වහන්සේට නම් ගෙන එන්නෙමියි බුදුන් වැඳ මම ජලය ගෙන එන්න දැයි විමසුවිට එසේ සුමන යයි පැවසුහ. උන් වහන්සේ විශාඛාව විසින් කරවන ලද ඝන රන් කොටුවේ සෙනසුන් කුටියේ කළ හැටක ජලය අල්ලන මහ කළයක් අතින් ගෙන මෙය ඔසවා උරයේ තැබීමෙන් වැඩක් නැත. අතින් එල්ලා ගෙන හිමාලය දෙසට අහසට පැන නැගුනි.

නාගරාජා සාමණෙරං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා පච‍්චුග‍්ගන‍්ත්‍වා කුටං අංසකූටෙන ආදාය, “භන‍්තෙ, තුම‍්හෙ මාදිසෙ දාසෙ විජ‍්ජමානෙ කස‍්මා සයං ආගතා, උදකෙනත්‍ථෙ සති කස‍්මා සාසනමත‍්තම‍්පි න පහිණථා”ති කුටෙන උදකං ආදාය සයං උක‍්ඛිපිත්‍වා “පුරතො හොථ, භන‍්තෙ, අහමෙව ආහරිස‍්සාමී”ති ආහ. “තිට‍්ඨථ තුම‍්හෙ, මහාරාජ, අහමෙව සම‍්මාසම‍්බුද‍්ධෙන ආණත‍්තො”ති නාගරාජානං නිවත‍්තාපෙත්‍වා කුටං මුඛවට‍්ටියං හත්‍ථෙන ගහෙත්‍වා ආකාසෙනාගඤ‍්ඡි. අථ නං සත්‍ථා ආගච‍්ඡන‍්තං ඔලොකෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි – “පස‍්සථ, භික‍්ඛවෙ, සාමණෙරස‍්ස ලීලං, ආකාසෙ හංසරාජා විය සොභතී”ති ආහ. සොපි පානීයඝටං ඨපෙත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථ නං සත්‍ථා ආහ – “කතිවස‍්සොසි ත්‍වං, සුමනා”ති? “සත‍්තවස‍්සොම‍්හි, භන‍්තෙති. “තෙන හි, සුමන, අජ‍්ජ පට‍්ඨාය භික‍්ඛු හොහී”ති වත්‍වා දායජ‍්ජඋපසම‍්පදං අදාසි. ද‍්වෙයෙව කිර සාමණෙරා සත‍්තවස‍්සිකා උපසම‍්පදං ලභිංසු – අයඤ‍්ච සුමනො සොපාකො චාති.

නාග රාජයා දුරදීම සාමණේරයන් එනු දැක පෙර ගමන් කර ඇකයෙන් ගෙන ස්වාමීනි මා සමාන සේවකයින් සිටියදී කුමක් නිසා හුදෙකලාව පැමිණියේද? කළයෙන් ජලය ගෙන තෙමේ ඔසවා ස්වාමීනි පෙරට එන්න මම ගෙන එන්නෙමි. පැවසුවේය. මහරජ ඔබ සිටින මටම බුදුරදුන් විසින් අණ කරන ලද්දේය. අරගෙන එන්නෙමි. පැවසුවේය. කළයේ කට අතින් අල්ලාගෙන අහසින් පැමිණියේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ වඩිනා වූ සුමන සාමණේර දෙස බලා භික්‍ෂූන්ට ඇමතූහ මහණෙනි බලන්න සාමණේරයන්ගේ ලීලාව අහසේ යන හංස රාජයෙක් මෙන් (සොභති) හොබී ඔහු ද පැන් කළය තබා බුදුන්ට වැද සිටියේය. අනතුරුව තථාගතයන් වහන්සේ පැවසූහ සුමන ඔබට වයස කීයද? අවුරුදු හතකි ස්වාමීනි එසේ නම් සුමන අද පටන් ඔබ භික්ෂුවක් වන්නේ යයි පවසා “දායස්ස උපසම්පදාව” පිරිනැමූහ. සාමණේරවරු දෙනමක් පමණක් සත් වයසින් උපසම්පදාව ලැබුවාහුය එනම් සෝපාක හා සුමන සාමණේරයි

එවං තස‍්මිං උපසම‍්පන‍්නෙ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං, “අච‍්ඡරියං ආවුසො, එවරූපො හි නාම දහරසාමණෙරස‍්ස ආනුභාවො හොති, න නො ඉතො පුබ‍්බෙ එවරූපො ආනුභාවො දිට‍්ඨපුබ‍්බො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, මම සාසනෙ දහරොපි සම‍්මා පටිපන‍්නො එවරූපං සම‍්පත‍්තිං ලභතියෙවා”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඔහු උපසම්පදා ලැබු පසු ධර්ම සභාවේ කථාවක් ඉපද වුහ. ඇවැත්නි ආශ්චර්යයි මෙබඳු ළාබාල සාමණේර නමකගේ මෙබඳු ආනුභාව බවක් දැක නැත. බුදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා සාමණේර ගැන බව පැවසූවිට මහණෙනි මගේ ශාසනයේ දහර කෙනෙක් වුවද මෙබඳු සම්පත් ලබන්නේ යයි පවසා මෙම ගාථාව පැවසුහ.

“යො හවෙ දහරො භික‍්ඛු, යුඤ‍්ජති බුද‍්ධසාසනෙ; සොමං ලොකං පභාසෙති, අබ‍්භා මුත‍්තොව චන්‍දිමා”ති.

ළඳරු වුවද ගරු පැවිදි තෙමේ යෙදේ නම් බුදුසාසනේ වළා පටලෙන් මිදුණු පුන්සඳ වගේ මුළු තුන් ලොව දිනේ දමු නාරජ සාමණේර වු සුමන පොඩි හිමියන් මෙනේ වයස අවුරුදු හතවුවත් රහතන් වහන්සේ සුව ගෙනේ

තත්‍ථ යුඤ‍්ජතීති ඝටති වායමති. පභාසෙතීති සො භික‍්ඛු අත‍්තනො අරහත‍්තමග‍්ගඤාණෙන අබ‍්භාදීහි මුත‍්තො චන්‍දිමා විය ලොකං ඛන්‍ධාදිභෙදං ලොකං ඔභාසෙති, එකාලොකං කරොතීති අත්‍ථො.

එහි යුඤ්ජති. උත්සාහ කරයි. දිරි දරයි. පභාසෙතීස ඒ භික්ෂුව තමන්ගේ අරහත් මග නුවණින් අහසෙහි. මුත්තොචන්දිමා රාහුගෙන් මිදුණු සඳ දෙවි පුත් මෙන්, ලෝකං ස්කන්ධාදී ලෝකය බබුළුවයි. ඒකාලෝක කරයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ.

සුමනසාමණෙරවත්‍ථු ද‍්වාදසමං.

භික‍්ඛුවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

භික්ඛු වර්ග නිමි.

පඤ‍්චවීසතිමො වග‍්ගො.

විස්පස්වැනි වර්ගය නිමියේය.