යෙදුමෙන් කියවන්න

1. පසාදබහුලබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

1. පසාදබහුලබ්‍රාහ‍්මණවත්‍ථු

1. ප්‍රසාද බහුල බ්‍රාහ්මණයාගේ කථා පුවත

ඡින්‍ද සොතන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පසාදබහුලං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි.

“ජීන්ද සොතන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී ප්‍රසාද බහුල බ්‍රාහ්මණයෙක් අරමුණු කරගෙන දේශනා කළහ.

සො කිර බ්‍රාහ‍්මණො භගවතො ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නචිත‍්තො අත‍්තනො ගෙහෙ සොළසමත‍්තානං භික‍්ඛූනං නිච‍්චභත‍්තං පට‍්ඨපෙත්‍වා භික‍්ඛූනං ආගතවෙලාය පත‍්තං ගහෙත්‍වා “ආගච‍්ඡන‍්තු භොන‍්තො අරහන‍්තො, නිසීදන‍්තු භොන‍්තො අරහන‍්තො”ති යංකිඤ‍්චි වදන‍්තො අරහන‍්තවාදපටිසංයුත‍්තමෙව වදති. තෙසු පුථුජ‍්ජනා “අයං අම‍්හෙසු අරහන‍්තසඤ‍්ඤී”ති චින‍්තයිංසු, ඛීණාසවා “අයං නො ඛීණාසවභාවං ජානාතී”ති. එවං තෙ සබ‍්බෙපි කුක‍්කුච‍්චායන‍්තා තස‍්ස ගෙහං නාගමිංසු. සො දුක‍්ඛී දුම‍්මනො “කින‍්නු ඛො, අය්‍යා, නාගච‍්ඡන‍්තී”ති විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා තමත්‍ථං ආරොචෙසි. සත්‍ථා භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “කිං එතං, භික‍්ඛවෙ”ති පුච‍්ඡිත්‍වා තෙහි තස‍්මිං අත්‍ථෙ ආරොචිතෙ “සාදියථ පන තුම‍්හෙ, භික‍්ඛවෙ, අරහන‍්තවාද”න‍්ති ආහ. “න සාදියාම මයං, භන‍්තෙ”ති. “එවං සන‍්තෙ මනුස‍්සානං එතං පසාදභඤ‍්ඤං, අනාපත‍්ති, භික‍්ඛවෙ, පසාදභඤ‍්ඤෙ, අපි ච ඛො පන බ්‍රාහ‍්මණස‍්ස අරහන‍්තෙසු අධිමත‍්තං පෙමං, තස‍්මා තුම‍්හෙහිපි තණ‍්හාසොතං ඡෙත්‍වා අරහත‍්තමෙව පත‍්තුං යුත‍්ත”න‍්ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඔහු වනාහි බුදුන්ගෙන් ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇත්තේ තම නිවසේ දහසක් පමණ භික්ෂූන්ට නිතර බත් තබා භික්ෂූන් පැමිණි වේලාවේ දී පාත්‍රය ගෙන පින්වතුනි පැමිණෙත්වා පින්වතුනි වාඩි වෙන්න හොන්තා අරහන්තො පින්වත් රහතුන් වහන්ස යනුවෙන් නිතර රහත් යන වචනය යොදාම කථා කරයි. මෙම භික්ෂූන් වහන්සේලා අතර පුහුදුන් භික්ෂූන් මෙතෙම අපි රහතුන් වහන්සේලා යයි සිතයි එයින් නොසතුටු වූහ. රහතුන් වහන්සේලා අය මෙතෙම අප රහත් ව සිටින බව දැන දැනම කරන කතාවකැයි මෙලෙස සියල්ලෝම සැක ඇති නිසා ඔහුගේ ගෙදරට නො ගියාහුය ඔහු දුකට පත්ව දොම්නස් වහන්සේලා නො එන්නේ ඇයිදැයි විහාරයට ගොස් බුදුන් වැද මේ කරුණ දැනුම් දුන්හ. බුදුරදුන් භික්ෂූන් අමතා මෙලෙස වන්නේ කෙසේදැයි විමසා ඔවුන් විසින් එම අර්ථය දැනුම් දුන්විට මහණෙනි ඔබට මේ අදණ්ඩවාදය පිළිගත හැකිද? ස්වාමීනි අපට ඉවසිය හැකි නොවේ. මෙසේ ඇති කල්හි, මහණෙනි, මිනිසුන්ගේ ඇති බලවත් ප්‍රසාදය නිසා මෙසේ ආමන්ත්‍රණය කරයි. එය ප්‍රසාදය නිසා ආමන්ත්‍රණයේ වරදක් නැත. එසේම මේ බ්‍රාහ්මණයා රහතන් වහන්සේලාට අධික ප්‍රේමයක් ඇත. මේ නිසා තොපද තෘෂ්ණා ශ්‍රෝතසය සිඳ දමා රහතන් බවට පත්වීම වටී යයි පවසා මෙම ගාථාව දේශනා කළහ.

“ඡින්‍ද සොතං පරක‍්කම‍්ම, කාමෙ පනුද බ්‍රාහ‍්මණ; සඞ‍්ඛාරානං ඛයං ඤත්‍වා, අකතඤ‍්ඤූසි බ්‍රාහ‍්මණා”ති.

තන්හා මහ වතුර වියලනු වෙහෙස ගෙන නන් කාමයන් දුරුකළ මැන සිතට එන සියළුම සකර දම් පිළිබඳ නැසුම දැන බමුණානති නිවන් සුව සෙත විඳිනු මැන

බමුණ පරාක්‍රමය කොට තෘෂ්ණා ශ්‍රෝතය සිඳ දමන්න කාමයන් දුරලන්න. සහකාරයන්ගේ විනාශය දැන නිවණ දකිනෙක් වන්න.

තත්‍ථ පරක‍්කම‍්මාති තණ‍්හාසොතං නාම න අප‍්පමත‍්තකෙන වායාමෙන ඡින්‍දිතුං සක‍්කා, තස‍්මා ඤාණසම‍්පයුත‍්තෙන මහන‍්තෙන පරක‍්කමෙන පරක‍්කමිත්‍වා තං සොතං ඡින්‍ද. උභොපි කාමෙ පනුද නීහර. බ්‍රාහ‍්මණාති ඛීණාසවානං ආලපනමෙතං. සඞ‍්ඛාරානන‍්ති පඤ‍්චන‍්නං ඛන්‍ධානං ඛයං ජානිත්‍වා. අකතඤ‍්ඤූති එවං සන‍්තෙ ත්‍වං සුවණ‍්ණාදීසු කෙනචි අකතස‍්ස නිබ‍්බානස‍්ස ජානනතො අකතඤ‍්ඤූ නාම හොසීති.

එහි පරක්කම නම් තෘෂ්ණා ශ්‍රෝතසය අප්‍රමාදීව උත්සාහයෙන් සිඳීමට නොහැකිය. එහෙයින් ඥාණ යුක්තව මහත් උත්සාහයෙන් වීර්යයෙන් උත්සාහ දරා සොතං එම ශ්‍රෝතසය සිඳින්න. කාමෙපනුද වස්තුකාම ක්ලේශ කාමයන් ඉවත් කරව. බ්‍රාහ්මණයා රහතන් වහන්සේලාට ඇමතීමකි. සංඛාරානං පංචස්ඛන්ධයන්ගේ ක්‍ෂය වීම දැන අකතඤ්ඤුති මෙසේ ඇතිවිට ඔබ, නිර්වාණය දනගැනීම අක නම් වේ.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝදෙන මාර්ගඵලයන්ට පත්වුහ.

පසාදබහුලබ්‍රාහ‍්මණවත්‍ථු පඨමං.