2. සම්බහුලභික්ඛුවත්ථු අට්ඨකථා
2. සම්බහුලභික්ඛුවත්ථු
2. බොහෝ භික්ෂූන්ගේ කථා පුවත
යදා ද්වයෙසූති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සම්බහුලෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
“යදා දවයෙසු ධම්මෙසු” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී බොහෝ භික්ෂූන් නිමිතිකර ගෙන දේශනා කළහ.
එකදිවසඤ්හි තිංසමත්තා දිසාවාසිකා භික්ඛූ ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා නිසීදිංසු. සාරිපුත්තත්ථෙරො තෙසං අරහත්තස්ස උපනිස්සයං දිස්වා සත්ථාරං උපසඞ්කමිත්වා ඨිතකොව ඉමං පඤ්හං පුච්ඡි – “භන්තෙ, ද්වෙ ධම්මාති වුච්චන්ති, කතමෙ නු ඛො ද්වෙ ධම්මා”ති? අථ නං සත්ථා “ද්වෙ ධම්මාති ඛො, සාරිපුත්ත, සමථවිපස්සනා වුච්චන්තී”ති වත්වා ඉමං ගාථමාහ –
එක් දිනක් තිස්නමක් පමණ වූ දිසාවාසී භික්ෂූහු පැමිණ බුදුන් වැඳ වාඩිවූහ. සැරියුත් තෙරුණුවෝ මේ භික්ෂූන්ගේ රහත්බවට හේතු සම්පත් දැක බුදුන් වෙත එළඹ සිටගෙනම මෙම ප්‍රශ්න විමසුහ. ස්වාමීනි “දෙව ධම්මා” කියනු ලැබේ මේ ධර්ම දෙක කුමක්ද? අනතුරුව බුදුරදුන් “දෙවෙ ධර්ම” නම් සාරිපුත්ත සමථ - විපස්සනාවන්ට කියනු ලැබේ.
“යදා ද්වයෙසු ධම්මෙසු, පාරගූ හොති බ්රාහ්මණො; අථස්ස සබ්බෙ සංයොගා, අත්ථං ගච්ඡන්ති ජානතො”ති.
සමත විදසුන් බවුන්ව වඩමින් සතර සත්තය දැනුම ලබමින් සතර යෝගම නසා දමමින් නිවෙති බමුණෝ නිවන ලබමින්
යම් කලෙක බ්‍රාහ්මණ තෙමේ සමථ විදර්ශනා ධර්මයන්හි පරතෙරට ගියේද එකල චතුරාර්ය සත්‍ය දන්නා වූ ඔහුගේ සියළු සංයෝජන විනාශයට යෙත්.
තත්ථ යදාති යස්මිං කාලෙ ද්විධා ඨිතෙසු සමථවිපස්සනාධම්මෙසු අභිඤ්ඤාපාරගාදිවසෙන අයං ඛීණාසවො පාරගූ හොති, අථස්ස වට්ටස්මිං සංයොජනසමත්ථා සබ්බෙ කාමයොගාදයො සංයොගා එවං ජානන්තස්ස අත්ථං පරික්ඛයං ගච්ඡන්තීති අත්ථො.
මෙහි යදා - යන යම් කලෙකද සෙසු ධර්ම දෙකෙහි ධම්මෙසු - සමථ විදර්ශනා ධර්මයන්හි යෙදෙන ක්ෂීණාශ්රවයා පාරශු පරතෙරට ගියේ වෙයි. අථස්ස සංසාර වෘත්තයෙහි සංයෝජන බිඳදමු සබ්බෙ සියළු කාමාදි සංයෝග, සංයෝගා අත්ථං ගච්ඡන්ති මෙසේ සියළු කාම ඕඝ ආදිය දැන ඒවා ක්ෂය කොට නිවණට යන්නේය. යන අර්ථයි.
දෙසනාවසානෙ සබ්බෙපි තෙ භික්ඛූ අරහත්තෙ පතිට්ඨහිංසූති.
දේශනාව අවසානයේ සියළු භික්ෂූහු රහත් ඵලයට පත්වූහ.
සම්බහුලභික්ඛුවත්ථු දුතියං.