යෙදුමෙන් කියවන්න

3. මාරවත්‍ථු අට‍්ඨකථා

3. මාරවත්‍ථු

3. මාරයාගේ කථා පුවත

යස‍්ස පාරන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මාරං ආරබ‍්භ කථෙසි.

“යස්ස පාරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී මාරයා නිමිති කර ගෙන දේශනා කළහ.

සො කිරෙකස‍්මිං දිවසෙ අඤ‍්ඤතරො පුරිසො විය හුත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි – “භන‍්තෙ, පාරං පාරන‍්ති වුච‍්චති, කින‍්නු ඛො එතං පාරං නාමා”ති. සත්‍ථා “මාරො අය”න‍්ති විදිත්‍වා, “පාපිම, කිං තව පාරෙන, තඤ‍්හි වීතරාගෙහි පත‍්තබ‍්බ”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

මාරයා එක් දිනක් එක්තරා පුරුෂයෙක් ලෙසට බුදුන් වෙත එළඹ විමසුවේය. ස්වාමීනි - පාරං - පාරං - යනුවෙන් කියනු ලැබේ. මේ පාර - නම් කුමක්ද? බුදුරදුන් මේ මාරයා යයි දැන පව්කාරය - ඔබට එතෙර වීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එය වීතරාගීන් විසින් ප්‍රාර්ථනා කළයුතු දෙයකි.

“යස‍්ස පාරං අපාරං වා, පාරාපාරං න විජ‍්ජති; වීතද‍්දරං විසංයුත‍්තං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

එගොඩ මෙගොඩ ද දෙගොඩ නැතිකොට කෙලෙස් ගිනිදැල් නිවා අළු කොට කෙලෙස් බැමෙන් මිදුනු දනහට බමුණු යන නම ලැබෙයි වහරට

යමෙකුට එතර ද මෙතරද - මෙතෙරද - එතෙරද නැත්තේද. පහසු කෙලෙස් විඩා ඇති, සියළු කෙළෙසුන්ගෙන් මිදුණු ඒ රහතන් වහන්සේට මම බ්‍රාහ්මණයයි කියමි.

තත්‍ථ පාරන‍්ති අජ‍්ඣත‍්තිකානි ඡ ආයතනානි. අපාරන‍්ති බාහිරානි ඡ ආයතනානි. පාරාපාරන‍්ති තදුභයං. න විජ‍්ජතීති යස‍්ස සබ‍්බම‍්පෙතං “අහ”න‍්ති වා “මම”න‍්ති වා ගහණාභාවෙන නත්‍ථි, තං කිලෙසදරථානං විගමෙන වීතද‍්දරං සබ‍්බකිලෙසෙහි විසංයුත‍්තං අහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි පාරං යනු ආධ්‍යාත්මික ආයතන සයයි. (ඇස- කන - දිව - නහය - කය - සිත) අපාරජං යනු බාහිර ආයතන සයයි. (රූප - ශබ්ද - රස - ගන්ධ - ස්පර්ශ - ධම්ම) පාරා පාරං මේවා නිසා ඇතිවන බියයි, න වීජ්ජති යනු යම් කෙනෙකුට මේ සියල්ල පිළිබඳව මමය මගේය යන ග්‍රහණය නැතිවීම, සංකිලේසයන්ගෙන් වෙන්වීම. වීතදදරං. සියලු ක්ලේශයන්ගෙන් වෙන්වීම විසංයුත්තං තං අහං බ්‍රාහමණං වදාමි. ඔහු බ්‍රාහ්මණයෙකැයි මම කියමි යන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහු

මාරවත්‍ථු තතියං.