4. අඤ්ඤතරබ්රාහ්මණවත්ථු අට්ඨකථා
4. අඤ්ඤතරබ්රාහ්මණවත්ථු
4. එක්තරා බ්‍රාහ්මණයකුගේ කථා පුවත
ඣායින්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං බ්රාහ්මණං ආරබ්භ කථෙසි.
“ඣායි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී එක්තරා බ්‍රාහ්මණයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර චින්තෙසි – “සත්ථා අත්තනො සාවකෙ, ‘බ්රාහ්මණා’ති වදති, අහඤ්චම්හි ජාතිගොත්තෙන බ්රාහ්මණො, මම්පි නු ඛො එවං වත්තුං වට්ටතී”ති. සො සත්ථාරං උපසඞ්කමිත්වා තමත්ථං පුච්ඡි. සත්ථා “නාහං ජාතිගොත්තමත්තෙන බ්රාහ්මණං වදාමි, උත්තමත්ථං අරහත්තං අනුප්පත්තමෙව පනෙවං වදාමී”ති වත්වා ඉමං ගාථමාහ –
මෙම බ්‍රාහ්මණයා මෙලෙස සිතුවේය. තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්රාවකයින්ට බ්‍රාහ්මණ නමින් පවසයි. මම ද ජාති ගෝත්‍රයෙන් බ්‍රාහ්මණයෙකි. එනිසා මටද එසේ ඇමතීම සුදුසුය. ඔහු බුදුන්වෙත එළඹ මේ කරුණ විමසුවේය. මම ජාති ගෝත්‍ර මාත්‍රයෙන් බ්‍රාහ්මණ යයි නො කියමි. උතුම් වූ අර්හත්වයට පත්වූ නිසාම මම මෙලෙස කියමියි පැවසු ශාස්තෲන් වහන්සේ මෙම ගාථාව වදාළහ.
“ඣායිං විරජමාසීනං, කතකිච්චමනාසවං; උත්තමත්ථමනුප්පත්තං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
ඇලී දැහැනෙහි කෙලෙස් නැතිකොට කරන කටයුතු දුකින් මිදුම ට පැමිණි අයහට රහත් පලයට බමුණු යයි මම කියමි තිරකොට
ධ්‍යාන වඩන, රාගාදි රජස් නැති, වනයේ එකලාව වාසකරන කතකිච්චං මගින් කරන ලද කටයුතු ඇති, ආශ්‍රම නැත්තාවු උතුම් අර්හත්වයට පත්වු තැනැත්තා බ්‍රාහ්මණ නම්
තත්ථ ඣායින්ති දුවිධෙන ඣානෙන ඣායන්තං කාමරජෙන විරජං වනෙ එකකමාසීනං චතූහි මග්ගෙහි සොළසන්නං කිච්චානං කතත්තා කතකිච්චං ආසවානං අභාවෙන අනාසවං උත්තමත්ථං අරහත්තං අනුප්පත්තං අහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි ඣායි කසිණ වැඩීමෙන් ද ත්රිලක්ෂණ භාවනා වැඩීමෙන් ද ධ්‍යානයන්ට පැමිණි, කාම රජස්වලින් වෙන්ව විරජං මාසීනං වනයෙහි හුදෙකලාව විසීම, කතකිච්චං සිවිමගින් සොළොස් කෘත්‍යයන් පුරා ඇතිබව. අනාසවනං ආසවයගෙන් දුරුවීම, උත්තමත්ථං අර්හත්භාවයට අනුපත්තං අහං බ්‍රාහමණං පැමිණි තැනැත්තාම බ්‍රාහ්මණයයි කියමි.
දෙසනාවසානෙ සො බ්රාහ්මණො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාවසානයේ ඒ බ්‍රාහ්මණයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි සිටි පිරිසට ද දේශනාව සාර්ථක වුයේය.
අඤ්ඤතරබ්රාහ්මණවත්ථු චතුත්ථං.