5. ආනන්දත්ථෙරවත්ථු අට්ඨකථා
5. ආනන්දත්ථෙරවත්ථු
5. ආනන්ද තෙරුන් පිළිබඳ කථා පුවත
දිවා තපතීති ඉමං ධම්මදෙසනං සත්ථා මිගාරමාතුපාසාදෙ විහරන්තො ආනන්දත්ථෙරං ආරබ්භ කථෙසි.
“දිවා තපති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ මාතු ප්‍රාසාදයේ වැඩ සිටියදී ආනන්ද තෙරුන්ට දේශනා කළහ.
පසෙනදි කොසලො කිර මහාපවාරණාය සබ්බාභරණපටිමණ්ඩිතො ගන්ධමාලාදීනි ආදාය විහාරං අගමාසි. තස්මිං ඛණෙ කාළුදායිත්ථෙරො ඣානං සමාපජ්ජිත්වා පරිසපරියන්තෙ නිසින්නො හොති, නාමමෙව පනස්සෙතං, සරීරං සුවණ්ණවණ්ණං. තස්මිං පන ඛණෙ චන්දො උග්ගච්ඡති, සූරියො අත්ථමෙති. ආනන්දත්ථෙරො අත්ථමෙන්තස්ස ච සූරියස්ස උග්ගච්ඡන්තස්ස ච චන්දස්ස ඔභාසං ඔලොකෙන්තො රඤ්ඤො සරීරොභාසං ථෙරස්ස සරීරොභාසං තථාගතස්ස ච සරීරොභාසං ඔලොකෙසි. තත්ථ සබ්බොභාසෙ අතික්කමිත්වා සත්ථාව විරොචති. ථෙරො සත්ථාරං වන්දිත්වා, “භන්තෙ, අජ්ජ මම ඉමෙ ඔභාසෙ ඔලොකෙන්තස්ස තුම්හාකමෙව ඔභාසො රුච්චති. තුම්හාකඤ්හි සරීරං සබ්බොභාසෙ අතික්කමිත්වා විරොචතී”ති ආහ. අථ නං සත්ථා, “ආනන්ද, සූරියො නාම දිවා විරොචති, චන්දො රත්තිං, රාජා අලඞ්කතකාලෙයෙව, ඛීණාසවෙ ගණසඞ්ගණිකං පහාය අන්තොසමාපත්තියංයෙව විරොචති, බුද්ධා පන රත්තිම්පි දිවාපි පඤ්චවිධෙන තෙජෙන විරොචන්තී”ති වත්වා ඉමං ගාථමාහ –
පසේ නදී කොසොල් රජු වස් පවාරණය කරන දිනයේදි සියළු අබරණවලින් සැරසී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගියේය. එකෙනෙහි කාළුදායි තෙරුන් ධ්‍යානයට සම වැදී පිරිස කෙළවර වැඩ සිටියේ වෙයි. උන්වහන්සේගේ සිරුර මනවඩන රන්වන් සිරුරක් විය. එකෙණෙහි සඳ උඩට නැගේ. සුර්යයා අවරට යයි. ආනන්ද තෙරණුවෝ - සඳ එළියත් හිරු රැසත් බලා රජුගේ ද- කාළුදායි තෙරුන්ගේ හා තථාගතයන් වහන්සේගේ ද ශරිර ශෝභාව බලා විහිදි සියළු ශෝභාවන් පරදවා බුද්ධ ශරිරය ශෝභාවත් බව දැක තෙරුන් බුදුන් වැද ස්වාමීනි මම අද ආලෝකය බලද්දි ඒ සියළු ආලෝකයන්ට වඩා ඔබ වහන්සේගේ ශෝභාව රුචි වේ. ඔබ වහන්සේගේ ශරිර ශෝභාව සියළු ශෝභාවත් පරදවා බබළයි. යනුවෙන් පැවසුහ. අනතුරුව තථාගතයන් වහන්සේ ආනන්ද හිරු දිවාකල බබළයි. සඳ රාත්‍රියේ බබළයි. රජු ආභරණවලින් හා සන්නද්ධ වූයේම බබළයි. රහතන් වහන්සේ ජන සමුහයෙන් වෙන් වී ඇතුළත සමාපත්තිය තුළින්ම ධ්‍යානයෙන්ම බබළයි බුදුවරු නම් දිවා රෑ දෙකේම පස් තේජසින් බබළයි. යනුවෙන් පවසා මෙම ගාථාව වදාළහ.
“දිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා; සන්නද්ධො ඛත්තියො තපති, ඣායී තපති බ්රාහ්මණො; අථ සබ්බමහොරත්තිං, බුද්ධො තපති තෙජසා”ති.
දහවල් දවස හිරු බබළයි එළිය දෙමින් මුළු රෑ දිලෙයි පුන්සඳ ලොව සිසිල ලමින් බබළයි මහරජු ද මිණි මුතු කිරුළු ලමින් බුදුරජු සිටි නිතරම ලොව බබුළු වමින්
තත්ථ දිවා තපතීති දිවා විරොචති, රත්තිං පනස්ස ගතමග්ගොපි න පඤ්ඤායති. චන්දිමාති චන්දොපි අබ්භාදීහි විමුත්තො රත්තිමෙව විරොචති, නො දිවා. සන්නද්ධොති සුවණ්ණමණිවිචිත්තෙහි සබ්බාභරණෙහි පටිමණ්ඩිතො චතුරඞ්ගිනියා සෙනාය පරික්ඛිත්තොව රාජා විරොචති, න අඤ්ඤාතකවෙසෙන ඨිතො. ඣායීති ඛීණාසවො පන ගණං විනොදෙත්වා ඣායන්තොව විරොචති. තෙජසාති සම්මාසම්බුද්ධො පන සීලතෙජෙන දුස්සීල්යතෙජං, ගුණතෙජෙන නිග්ගුණතෙජං, පඤ්ඤාතෙජෙන දුප්පඤ්ඤතෙජං, පුඤ්ඤතෙජෙන අපුඤ්ඤතෙජං, ධම්මතෙජෙන අධම්මතෙජං පරියාදියිත්වා ඉමිනා පඤ්චවිධෙන තෙජසා නිච්චකාලමෙව විරොචතීති අත්ථො.
එහි දිවාතපතී දවල් කාලයේ බබළයි. රාත්‍රියෙහි ගිය මගඳ නොපෙනේ. චන්දිමා චන්ද්‍රයා ද අහසින් මිදුනේ රත්ති රාත්‍රියේම බබළයි. දවල් නොබබළයි. සන්නාද්ධො රන් රුවන් සියළු ආභරණවලින් සැරසී සිව්රග සෙනග පිරිවරා සිටියදීම රජු බබළයි. අනෙක් වෙසකින් සිටියොත් නො බබළයි. ඣායීති යනු රහතන් වහන්සේ ගණයාගෙන් වෙන් වී ධ්‍යානයෙන්ම බබළයි. තෙජසා - සම්මා සම්බුදුන් දුසිල් බව අත්හැර සිල් තෙදින්, නිර්ගූණ නැතිකොට ගුණ තෙදින්, මෝඩබව නැතිව ප්‍රඥා තේජසින්, යන පස් වැදෑරුම් ප්‍රත්‍ය තේජසින්, අධර්මය දුරැර ධර්ම තේජසින්, යන පස් වැදෑරුම් තේජසින් සදා කල්හිම බබළයි. යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලෙහි පිහිටියා ය.
ආනන්දත්ථෙරවත්ථු පඤ්චමං.