යෙදුමෙන් කියවන්න

6. අඤ‍්ඤතරබ්‍රාහ‍්මණපබ‍්බජිතවත්‍ථු අට‍්ඨකථා

6. අඤ‍්ඤතරබ්‍රාහ‍්මණපබ‍්බජිතවත්‍ථු

6. එක්තරා බ්‍රාහ්මණ පැවිද්දකුගේ කථා පුවත

බාහිතපාපොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං බ්‍රාහ‍්මණපබ‍්බජිතං ආරබ‍්භ කථෙසි.

“බාහිත පාපොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී එක්තරා බ්‍රාහ්මණ පැවිද්දෙක් නිමිති කරගෙන දේශනා කළහ.

එකො කිර බ්‍රාහ‍්මණො බාහිරකපබ‍්බජ‍්ජාය පබ‍්බජිත්‍වා “සමණො ගොතමො අත‍්තනො සාවකෙ ‘පබ‍්බජිතා’ති වදති, අහඤ‍්චම‍්හි පබ‍්බජිතො, මම‍්පි ඛො එවං වත‍්තුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡි. සත්‍ථා “නාහං එත‍්තකෙන ‘පබ‍්බජිතො’ති වදාමි, කිලෙසමලානං පන පබ‍්බාජිතත‍්තා පබ‍්බජිතො නාම හොතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එක් බ්‍රාහ්මණයෙක් - බාහිර ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී භවත් ගෞතමයන් තමන්ගේ ශ්‍රාවකයින් පැවිදි කුලේ යයි කියයි. මම ද පැවිද්දෙකි. මම ද එසේ කිම සුදුසුය. යනුවෙන් සිතා බුදුන් වෙත එළඹ මේ කරුණ විමසුවේය. බුදුහු මෙපමණකින් පැවිද්දෙක් නොවේ කෙලෙස් දුරුකළ පැවිද්දාම පැවිද්දා වේ. මේ ගාථාව දේශනා කළහ.

“බාහිතපාපොති බ්‍රාහ‍්මණො, සමචරියා සමණොති වුච‍්චති; පබ‍්බාජයමත‍්තනො මලං, තස‍්මා පබ‍්බජිතොති වුච‍්චතී”ති.

පව්කම් බැහැර කොට “බමුණා” නම ලදව සම චරියා නිසා “සමණා” වෙයි දනුව කෙලෙසුන් නසා “නිකෙලෙස්” වී හිත දිනුව පුගුලා “පැවිද්දා” යනුවෙන් දැනගනුව

තත්‍ථ සමචරියාති සබ‍්බාකුසලානි සමෙත්‍වා චරණෙන. තස‍්මාති යස‍්මා බාහිතපාපතාය බ්‍රාහ‍්මණො, අකුසලානි සමෙත්‍වා චරණෙන සමණොති වුච‍්චති, තස‍්මා යො අත‍්තනො රාගාදිමලං පබ‍්බාජයන‍්තො විනොදෙන‍්තො චරති, සොපි තෙන පබ‍්බාජනෙන පබ‍්බජිතොති වුච‍්චතීති අත්‍ථො.

එහි සමචරියා යනු සියළු අකුසලයන් සමණය කොට හැසිරෙන බැවින් තමා එහෙයින්, බැහැර කරන ලද පව් ඇති, බ්‍රාහ්මණයා අකුසල් දුරුකොට හැසිරීම නිසා යයි කියයි. එහෙයින් යමෙක් තමාගේ රාගාදී කෙලෙස් මල පබ්බාජයං බැහැර කිරීමෙන් හැසිරේද සතුටුවේද. හෙතෙමේ පැවිදි වීම නිසා පැවිද්දා යයි කියයි යන අර්ථයි.

දෙසනාවසානෙ සො බ්‍රාහ‍්මණපබ‍්බජිතො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයේ ඒ බ්‍රාහ්මණ පැවිද්ද ලබා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි සිටියවුන්ට සාර්ථක දේශනාවක් වූයේය.

අඤ‍්ඤතරබ්‍රාහ‍්මණපබ‍්බජිතවත්‍ථු ඡට‍්ඨං.