7-8. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු අට්ඨකථා
7-8. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු
7-8. සාරිපුත්ත තෙරුන් පිළිබඳ කථා පුවත
න බ්රාහ්මණස්සාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සාරිපුත්තත්ථෙරං ආරබ්භ කථෙසි.
“න බ්රාහ්මණස්ස” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එකස්මිං කිර ඨානෙ සම්බහුලා මනුස්සා “අහො අම්හාකං, අය්යො, ඛන්තිබලෙන සමන්නාගතො, අඤ්ඤෙසු අක්කොසන්තෙසු වා පහරන්තෙසු වා කොපමත්තම්පි නත්ථී”ති ථෙරස්ස ගුණෙ කථයිංසු. අථෙකො මිච්ඡාදිට්ඨිකො බ්රාහ්මණො “කො එස න කුජ්ඣතී”ති පුච්ඡි. “අම්හාකං ථෙරො”ති. “නං කුජ්ඣාපෙන්තො න භවිස්සතී”ති? “නත්ථෙතං, බ්රාහ්මණා”ති. “තෙන හි අහං නං කුජ්ඣාපෙස්සාමී”ති? “සචෙ සක්කොසි, කුජ්ඣාපෙහී”ති. සො “හොතු, ජානිස්සාමිස්ස කත්තබ්බ”න්ති ථෙරං භික්ඛාය පවිට්ඨං දිස්වා පච්ඡාභාගෙන ගන්ත්වා පිට්ඨිමජ්ඣෙ මහන්තං පාණිප්පහාරමදාසි. ථෙරො “කිං නාමෙත”න්ති අනොලොකෙත්වාව ගතො. බ්රාහ්මණස්ස සකලසරීරෙ ඩාහො උප්පජ්ජි. සො “අහො ගුණසම්පන්නො, අය්යො”ති ථෙරස්ස පාදමූලෙ නිපජ්ජිත්වා “ඛමථ මෙ, භන්තෙ”ති වත්වා “කිං එත”න්ති ච වුත්තෙ “අහං වීමංසනත්ථාය තුම්හෙ පහරි”න්ති ආහ. “හොතු ඛමාමි තෙ”ති. “සචෙ මෙ, භන්තෙ, ඛමථ, මම ගෙහෙයෙව නිසීදිත්වා භික්ඛං ගණ්හථා”ති ථෙරස්ස පත්තං ගණ්හි, ථෙරොපි පත්තං අදාසි. බ්රාහ්මණො ථෙරං ගෙහං නෙත්වා පරිවිසි.
එක් තැනක මිනිස්සු බොහෝ දෙනෙක් අහෝ අපේ ආර්යයන් වහන්සේ ඉවසීමේ බලය නිසා ඉවසීමේ ගුණයෙන් යුතු වූයේ බනින විට හෝ පහර දෙනවිට හෝ කිපීම් පමණකුත් නැත. තෙරුන්ගේ ගුණ කීවාහුය. මේ අතර එක් මිථ්‍යා දෘෂ්ටික බමුණෙක් මෙහි නොකිපෙන තැනැත්තා කවුද? යි විමසුවේය. අපේ තෙරුන් ඔහු කිපීමක් නැති ද? නැත බ්‍රාහ්මණය එසේ නම් මම කෝප කරවන්නෙමියි පැවසුවේය. හොඳයි එසේනම් කෝප කරවන්නැයි කීවේය. හොඳයි වේවා මම කළයුතු දේ දනිමියි තෙරුන් වහන්සේ පිඩු පිණිස පිවිසි විට පසු පසින් ගොස් පිටුපස සිට තදින් අත් පහරක් දුන්නේය. තෙරුන් වහන්සේ මේ කවරෙක්දැයි නොබලාම ගියේය. බමුණාගේ මුළු සිරුරේම දා බිඳු නැගුණි. අහෝ ගුණ සම්පන්න ආර්යයන් වහන්සේ යයි තෙරුන්ගේ පාමුල වැටී ස්වාමීනි මට සමාවන්නැයි කියා මේ කුමක්දැයි විමසුවිට මම ඔබ විමසනු සඳහා ඔබ වහන්සේට පහර දුනිමි යි පැවසුවේය. මම ඔබට සමාව දෙමි. ස්වාමීනි මට සමාව දෙන්නේ නම් මගේ නිවසේ සිට දානය වළදන්නැයි කියා තෙරුන්ගේ පාත්‍රය ගත්තේය. බමුණ ගෙට කැදවාගෙන ගොස් වැළද වුයේය.
මනුස්සා කුජ්ඣිත්වා “ඉමිනා අම්හාකං නිරපරාධො අය්යො පහටො, දණ්ඩෙනපිස්ස මොක්ඛො නත්ථි, එත්ථෙව නං මාරෙස්සාමා”ති ලෙඩ්ඩුදණ්ඩාදිහත්ථා බ්රාහ්මණස්ස ගෙහද්වාරෙ අට්ඨංසු. ථෙරො උට්ඨාය ගච්ඡන්තො බ්රාහ්මණස්ස හත්ථෙ පත්තං අදාසි. මනුස්සා තං ථෙරෙන සද්ධිං ගච්ඡන්තං දිස්වා, “භන්තෙ, තුම්හාකං පත්තං ගහෙත්වා බ්රාහ්මණං නිවත්තෙථා”ති ආහංසු. කිං එතං උපාසකාති? බ්රාහ්මණෙන තුම්හෙ පහටා, මයමස්ස කත්තබ්බං ජානිස්සාමාති. කිං පන තුම්හෙ ඉමිනා පහටා, උදාහු අහන්ති? තුම්හෙ, භන්තෙති. “මං එස පහරිත්වා ඛමාපෙසි, ගච්ඡථ තුම්හෙ”ති මනුස්සෙ උය්යොජෙත්වා බ්රාහ්මණං නිවත්තාපෙත්වා ථෙරො විහාරමෙව ගතො. භික්ඛූ උජ්ඣායිංසු “කිං නාමෙතං සාරිපුත්තත්ථෙරො යෙන බ්රාහ්මණෙන පහටො, තස්සෙව ගෙහෙ නිසීදිත්වා භික්ඛං ගහෙත්වා ආගතො. ථෙරස්ස පහටකාලතො පට්ඨාය ඉදානි සො කස්ස ලජ්ජිස්සති, අවසෙසෙ පොථෙන්තො විචරිස්සතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, බ්රාහ්මණො බ්රාහ්මණං පහරන්තො නාම නත්ථි, ගිහිබ්රාහ්මණෙන පන සමණබ්රාහ්මණො පහටො භවිස්සති, කොධො නාමෙස අනාගාමිමග්ගෙන සමුග්ඝාතං ගච්ඡතී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
මිනිස්සු කිපී මොහු විසින් නිරපරාධ වූ ආර්යයන් වහන්සේ, පහර දුන්නේ ය. මෙහිම ඔහු මරා දමමුයි ගල්කටු දඬු මුගුරු ගත් අත් ඇතිව බමුණාගේ ගෙදොර සිටියාහුය. තෙරුන් නැගිට පිටත්ව යන්නේ බමුණා අතට පාත්‍රය දුන්හ. මිනිස්සු ඔහු තෙරුන් සමග එනු දැක ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රය ගෙන බමුණා නවත්වන්නැයි කිවාහුය. ඇයි උපාසකවරුනි බ්‍රාහ්මණයා විසින් ඔබ වහන්සේට පහර දෙන ලදී, අපි ඔහුට කළ යුතු දේ දනිමු. ඇයි මොහු විසින් ඔබට පහර දෙන ලද්දේද? ඔබ වහන්සේ පහර දුන්නේය. මම ඔහුගෙන් පහර කා සමාව දුන්නෙමි. ඔබලා යන්න. මිනිසුන් විසුරුවා බමුණ නවතා තෙරුන් විහාරයටම ගියේය. භික්ෂූන් උද්ඝෝෂණ කළහ. මෙය කවර දෙයක්ද සැරියුත් තෙරුන්ට යම් බ්‍රාහ්මණයෙක් පහර දුන්නේද ඔහුගේ නිවසේ වැඩ හිඳ භික්ෂාව ගෙන ආවේ වෙයි. තෙරුන්ට පහර දුන් තැන සිට භික්ෂුව ගෙන ආවේ තෙරුන්ට පහර දුන් තැන් සිට දැන් ඔහු හට ලැජ්ජාවක්ද අනෙක් අයට පහරදෙමින් හැසිරෙන්නේය. බුදුරදුන් ගොස් කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා කරුණ පැවසු පසු මහණෙනි, බ්‍රාහ්මණයෙක්ව බ්‍රාහ්මණයකුට පහර දීමක් නැත. ගිහි බ්‍රාහ්මණයෙක් බ්රාහ්මණයෙකුට පහර දුන්නේ වෙයි. මේ ක්‍රෝධය අනාගාමී මාර්ගයෙන් සම්පුර්ණ සිඳ දැම්මේ වේ. යයි පවසා ධර්ම දේශනා කරමින් මේ ගාථා දේශනා කළහ.
“න බ්රාහ්මණස්ස පහරෙය්ය, නාස්ස මුඤ්චෙථ බ්රාහ්මණො; ධී බ්රාහ්මණස්ස හන්තාරං, තතො ධී යස්ස මුඤ්චති.
රහත් බමුණු යන දෙපිරිසට පහර දියයුතු නොවේ කිසි විට පහර දුන්නද යමෙක් නික මට කැපිය යුතු නැත්තේය ඔවු හට
“න බ්‍රාහ්මණස්සෙතදකිඤ්චි සෙය්යො, යදා නිසෙධො මනසො පියෙහි; යතො යතො හිංසමනො නිවත්තති, තතො තතො සම්මතිමෙව දුක්ඛ”න්ති.
එකටෙක නොකොට බමුණා නම් සිටිය යුතු එය රහතුන්ගෙ උගුණයෙහි තිබිය යුතු නැති නම් ඔවුන් තුළ රුදු රොස් පරොස් සිතූ දුක් කරදර ද නිම වේමැයි තමන් සතු
1. ක්ෂීණාශ්රව බ්‍රාහ්මණයාට රහතන් වහන්සේට පහර නොදෙන්නේය. ක්ෂීණාශ්රව බ්‍රාහ්මණ තෙමේ තමන්ට පහර දුන් තැනැත්තාට නො කිපෙන්නේ ය. පහර දුන් තැනැත්තාට නින්දා වේවා ඒ පහර දුන් තැනැත්තාට කිවේද ඊටත් වඩා ඔහුට නින්දා වේවා
2. මේ එකටෙක පහර නොදීම ක්ෂිණාශ්රවයන් වහන්සේගේ ස්වල්ප උතුම් බවක් නොවේ. යම් විටෙක කිපුණු තැනැත්තාගේ සිතට කෝප සිතිවිලිවලින් වැළැක්මක් වේද? යම් විධියකින් යමෙකු තුළ හටගත් හිංසා සිත නවතීද ඒ කාරණයෙන්ම දුක් සන් සිදෙන්නේ ය.
තත්ථ පහරෙය්යාති “ඛීණාසවබ්රාහ්මණොහමස්මී”ති ජානන්තො ඛීණාසවස්ස වා අඤ්ඤතරස්ස වා ජාතිබ්රාහ්මණස්ස න පහරෙය්ය. නාස්ස මුඤ්චෙථාති සොපි පහටො ඛීණාසවබ්රාහ්මණො අස්ස පහරිත්වා ඨිතස්ස වෙරං න මුඤ්චෙථ, තස්මිං කොපං න කරෙය්යාති අත්ථො. ධී බ්රාහ්මණස්සාති ඛීණාසවබ්රාහ්මණස්ස හන්තාරං ගරහාමි. තතො ධීති යො පන තං පහරන්තං පටිපහරන්තො තස්ස උපරි වෙරං මුඤ්චති, තං තතොපි ගරහාමියෙව.
එහි පහරෙය්යාති - මම රහත් වූ බ්‍රාහ්මණයෙක් වෙමියි දන්නේ ක්ෂිණාශ්රව වූ හෝ අනිත් බ්‍රාහ්මණයකුට පහර නො දිය යුතුය. ඔහුට කෝප නොකළ යුතුය ධී බ්රාහමණස්ස - යනු - ක්ෂීණාශ්රව බ්‍රාහ්මණයාට හන්තාරං පහරදෙන්නේද, ගරහන්නේද, තැනැත්තාට ගරහම් තතො ධී - යනු යම් කිසිවෙක් පහර දුන් අයට ප්‍රතිප්‍රහාර දේද, යස්ස යමෙකු ට උපරිම වෛරය, මුඤ්චති මුදන තැනැත්තාට ගැරහිය යුතුය.
එතදකිඤ්චි සෙය්යොති යං ඛීණාසවස්ස අක්කොසන්තං වා අපච්චක්කොසනං, පහරන්තං වා අප්පටිපහරණං, එතං තස්ස ඛීණාසවබ්රාහ්මණස්ස න කිඤ්චි සෙය්යො, අප්පමත්තකං සෙය්යො න හොති, අධිමත්තමෙව සෙය්යොති අත්ථො. යදා නිසෙධො මනසො පියෙහීති කොධනස්ස හි කොධුප්පාදොව මනසො පියො නාම. කොධො හි පනෙස මාතාපිතූසුපි බුද්ධාදීසුපි අපරජ්ඣති. තස්මා යො අස්ස තෙහි මනසො නිසෙධො කොධවසෙන උප්පජ්ජමානස්ස චිත්තස්ස නිග්ගහො, එතං න කිඤ්චි සෙය්යොති අත්ථො. හිංසමනොති කොධමනො. සො තස්ස යතො යතො වත්ථුතො අනාගාමිමග්ගෙන සමුග්ඝාතං ගච්ඡන්තො නිවත්තති. තතො තතොති තතො තතො වත්ථුතො සකලම්පි වට්ටදුක්ඛං නිවත්තතියෙවාති අත්ථො.
ඒතදකිඤ්චි සෙය්යා යම් කිසි ක්ෂිණාශ්රවයකු හට ආක්‍රෝශ කරන්නේද ප්‍රති ආක්‍රෝශ කරන්නේ පහර දෙන්නේද ප්‍රති ප්‍රහාර දෙන්නේ, මේ ඔහුට බ්රාහ්මණස්ස කෙසේවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් නොවන්නේ ය. යදා නිසෙධෝ මනසො පියො- ක්‍රෝධ ඇත්තාට ක්‍රෝධ ඉපදීමක් මනසෙහි ප්රියවීමක් ක්‍රෝධය ඇති මිනිස්සු මව පියා - බුද්ධ ආදීන්ට ද ක්‍රෝධ කරයි. මේ නිසා යම් කෙනෙක් මනසේ නිශේධයන් ක්‍රෝධ වශයෙන් උපදින සිතට නිග්‍රහ කිරීමක් වේ නම් එයම ශ්‍රේෂ්ඨ බවකි. අධිමාත්රයට ශ්‍රේෂ්ඨ වේ. ක්‍රෝධ සිත් ඇත්තා යම් යම් වස්තුවලින් අනාගාමී මාර්ගයේ සියළු සසර දුක් යන්නේ නවතී ඒ ඒ වස්තුවලින් සියලු සසර දුක නවතී. යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසන බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලාදීන්ට පැමිණියහ.
සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු සත්තමං.