9. මහාපජාපතිගොතමීවත්ථු අට්ඨකථා
9. මහාපජාපතිගොතමීවත්ථු
9. මහා ප්‍රජාපතී ගෞතමිය පිළිබඳ වූ කථා පුවත
යස්ස කායෙන වාචායාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො මහාපජාපතිං ගොතමිං ආරබ්භ කථෙසි.
“යස්ස කායෙ නාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී මහා ප්‍රජාපතී ගෞතමිය නිමිති කරගෙන දේශනා කළහ.
භගවතා හි අනුප්පන්නෙ වත්ථුස්මිං පඤ්ඤත්තෙ අට්ඨ ගරුධම්මෙ මණ්ඩනකජාතියො පුරිසො සුරභිපුප්ඵදාමං විය සිරසා සම්පටිච්ඡිත්වා සපරිවාරා මහාපජාපති ගොතමී උපසම්පදං ලභි, අඤ්ඤො තස්සා උපජ්ඣායො වා ආචරියො වා නත්ථි. එවං ලද්ධූපසම්පදං ථෙරිං ආරබ්භ අපරෙන සමයෙන කථං සමුට්ඨාපෙසුං “මහාපජාපතියා ගොතමියා ආචරියුපජ්ඣායා න පඤ්ඤායන්ති, සහත්ථෙනෙව කාසායානි ගණ්හී”ති. එවඤ්ච පන වත්වා භික්ඛුනියො කුක්කුච්චායන්තියො තාය සද්ධිං නෙව උපොසථං න පවාරණං කරොන්ති, තා ගන්ත්වා තථාගතස්සපි තමත්ථං ආරොචෙසුං. සත්ථා තාසං කථං සුත්වා “මයා මහාපජාපතියා ගොතමියා අට්ඨ ගරුධම්මා දින්නා, අහමෙවස්සාචරියො, අහමෙව උපජ්ඣායො. කායදුච්චරිතාදිවිරහිතෙසු ඛීණාසවෙසු කුක්කුච්චං නාම න කාතබ්බ”න්ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
බුදුවරුන් විසින් නම් හේතුවක් නොමැතිව පනවන ලද වස්තුවක් නැත. මෙසේ තිබීය දී පනවන ලද අට්ඨ ගරු ධර්ම නොයෙක් විධියෙන් අලංකාර වූ මිනිසෙක් දිව්‍ය මල්දමක් සිරසිත් දරාගන්නා ලෙසට පිළිගෙන පිරිවර සහිත මහාප්‍රජාපතී ගෞතමිය උපසම්පදාව ලැබුවාය. අනෙක් උපාධ්‍යාය කෙනෙක් හෝ ආචාර්ය කෙනෙක් ඇයට නැත. මෙසේ ලබන ලද උපසම්පදාව ඇති තෙරණියන් පිළිබඳව පසු කාලයේ දී කථාවක් ඇති කළහ. මහාප්‍රජාපතී ගෞතමියට ආචාර්ය උපාධ්‍යාය කෙනෙක් නැත. සියතින් කසාවත් හැඳ ගත්තාය. මෙසේ ද කියා භික්ෂුණීන් කුකුස් ඇති කරගෙන ඇය සමග උපෝසථ නොකළහ. පවාරණය නොකළහ. ඒ භික්ෂූන් ගොස් තථාගතයන් වහන්සේටද මේ කරුණ ප්‍රකාශ කළහ. බුදුහු ඔවුන්ගේ කථාව අසා මවිසින් විසින් මහාප්‍රජාපතී ගෞතමියට අෂ්ට ගරු ධර්ම දෙන ලදී ඇගේ ගුරුවරයාත් උපාධ්යාවරයාත් මමයි කාය දුශ්චරිත ආදියෙන් වෙන්වූ රහතුන්ට සැක නොකළ යුතුය.
“යස්ස කායෙන වාචාය, මනසා නත්ථි දුක්කටං; සංවුතං තීහි ඨානෙහි, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
කය වදන මනසින් දුරාචාරය නැති අය සකස් වුනු තුන් දොර අයම බමුණෝ වෙතී නි තැනින්
යමෙකු ගේ කයින් වචනයෙන් මනසින් දුෂ්කෘතයක් අකුසලයක් නැත්ද සිත කය වචනය යන තිදොරින් සංවර වේද ඔහු බ්‍රාහ්මණ යනුවෙන් හැදින්වේ.
තත්ථ දුක්කටන්ති සාවජ්ජං දුක්ඛුද්රයං අපායසංවත්තනිකං කම්මං. තීහි ඨානෙහීති එතෙහි කායාදීහි තීහි කාරණෙහි කායදුච්චරිතාදිපවෙසනිවාරණත්ථාය ද්වාරං පිහිතං, තං අහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
තත්ථ දුක්කතන්ති එහි වරද සහිත දුක් ඇතිකරන අපායගාමීකම තීහිඨානෙහි කාය ආදී තිදොරින් කරන කාය දුශ්චරිතාදිය වැළැක්වීම පිණිස තිදොර වසන ලද, තැනැත්තා තංබ්රොභමණං ඔහු බ්‍රාහ්මණයෙකැයි කියමි. යන අර්ථයි
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ දී බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණුනහ.
මහාපජාපතිගොතමීවත්ථු අට්ඨමං.