10. සාරිපුත්තත්ථෙරවත්ථු අට්ඨකථා
10. සාරිපුත්තත්ථෙරවත්ථු
10. සාරිපුත්ත තෙරුන් පිළිබඳ වූ කථා පුවත
යම්හාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සාරිපුත්තත්ථෙරං ආරබ්භ කථෙසි.
“යමහා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිරායස්මා අස්සජිත්ථෙරස්ස සන්තිකෙ ධම්මං සුත්වා සොතාපත්තිඵලං පත්තකාලතො පට්ඨාය “යස්සං දිසායං ථෙරො වසතී”ති සුණාති, තතො අඤ්ජලිං පග්ගය්හ තතොව සීසං කත්වා නිපජ්ජති. භික්ඛූ “මිච්ඡාදිට්ඨිකො සාරිපුත්තො, අජ්ජාපි දිසා නමස්සමානො විචරතී”ති තමත්ථං තථාගතස්ස ආරොචෙසුං. සත්ථා ථෙරං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං, සාරිපුත්ත, දිසා නමස්සන්තො විචරසී”ති පුච්ඡිත්වා, “භන්තෙ, මම දිසා නමස්සනභාවං වා අනමස්සනභාවං වා තුම්හෙව ජානාථා”ති වුත්තෙ “න, භික්ඛවෙ, සාරිපුත්තො දිසා නමස්සති, අස්සජිත්ථෙරස්ස පන සන්තිකා ධම්මං සුත්වා සොතාපත්තිඵලං පත්තතාය අත්තනො ආචරියං නමස්සති. යඤ්හි ආචරියං නිස්සාය භික්ඛු ධම්මං විජානාති, තෙන සො බ්රාහ්මණෙන අග්ගි විය සක්කච්චං නමස්සිතබ්බොයෙවා”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
සැරියුත් තෙරුන් වනාහි අස්සජි තෙරුන් ළඟ ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූ කාලයේ සිට යම් දිසාවක තෙරුන් වාසය කරයිද එම දිසාවට ඇඳිලි බැඳ ඒ සිටින දිසාවට වැඳ නිදා ගනිති. භික්ෂූන් සැරියුත් තෙරුන් මිථ්යාදෘෂ්ටිකය. අදත් දිසා නමස්කාර කරමින් සිටිති. මේ කරුණ බුදුන්ට දක්වා සිටියහ. බුදුරදුන් සැරියුත් තෙරුන් කැඳවා සාරිපුත්ත ඔබ දිසා නමදිමින් සිටින්නේ යයි යන කරුණ සැබෑදැයි විමසුහ. සැරියුත් තෙරණුවෝ ස්වාමීනි මම දිසා නමස්කාර කිරීම හෝ නොකිරිම ඔබ වහන්සේම දන්නේය. මෙය පැවසූ විට බුදුරදුන් මහණෙනි සාරිපුත්ත දිසා නමස්කාරය කරයි. අස්සජි තෙරුන්ගේ බණ අසා සෝවාන් වීම සිදුවූ තැන් සිට එම ආචාර්වරයාට නමස්කාර කරයි. යමෙක් ආචාර්යන් නිසා ධර්මය උගනේද එනිසා බ්රාහ්මණයෙක් ගිණි පුජා කරන ලෙසට ආචාර්යවරයා සකසා වැදිය යුතුය. පවසා මේ ගාථාව දේශනා කළහ.
“යම්හා ධම්මං විජානෙය්ය, සම්මාසම්බුද්ධදෙසිතං; සක්කච්චං තං නමස්සෙය්ය, අග්ගිහුත්තංව බ්රාහ්මණො”ති.
බුදුන් දෙසු දම් පද යමෙක් මැනවින් දන්නෙද නැමදිය යුතුය ඔහු හෝම අන්නිය පුදන්නකු සේ.
යම් කෙනෙකුගෙන් බුද්ධ දේශිත ධර්මය දැනගත්තේද? ගිහි පුදන බ්රාහ්මණයෙක් ලෙසට ඒ ආචාර්යවරයාට සකසා වදින්න.
තත්ථ අග්ගිහුත්තංවාති යථා බ්රාහ්මණො අග්ගිහුත්තං සම්මා පරිචරණෙන චෙව අඤ්ජලිකම්මාදීහි ච සක්කච්චං නමස්සති, එවං යම්හා ආචරියා තථාගතපවෙදිතං ධම්මං විජානෙය්ය, තං සක්කච්චං නමස්සෙය්යාති අත්ථො.
තත්ථ අග්ගිහුත්තං වාති - යනු යම් සේ බ්රාහ්මණයෙක් ගිනි පූජාව මැනවින් පිරිවරා කරයි ද බිලි කර්ම කරයි ද එලෙස යම යම් ආචාර්යවරයකුගෙන් සම්බුද්ධ දේශිත ධර්මය දැන ගත්තේද ඒ ධර්මය උගැන් වූ ගුරුවරයාට නමස්කාර කරන්න - යන අර්ථය
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලාදියෙහි පිහිටියාහුය.
සාරිපුත්තත්ථෙරවත්ථු නවමං.