යෙදුමෙන් කියවන්න

11. ජටිලබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

11. ජටිලබ්‍රාහ‍්මණවත්‍ථු

11. ජටිල බ්‍රාහ්මණයාගේ කථා පුවත

න ජටාහීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං ජටිලබ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි.

නජටා භීති යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී එක් ජටිල බ්‍රාහ්මණයෙක් නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර “අහං මාතිතො ච පිතිතො ච සුජාතො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො. සචෙ සමණො ගොතමො අත‍්තනො සාවකෙ බ්‍රාහ‍්මණාති වදති, මම‍්පි නු ඛො තථා වත‍්තුං වට‍්ටතී”ති සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං පුච‍්ඡි. අථ නං සත්‍ථා “නාහං, බ්‍රාහ‍්මණ, ජටාමත‍්තෙන, න ජාතිගොත‍්තමත‍්තෙන බ්‍රාහ‍්මණං වදාමි, පටිවිද‍්ධසච‍්චමෙව පනාහං බ්‍රාහ‍්මණොති වදාමී”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

මේ ජටිල බ්‍රාහ්මණයා මව් පාර්ශ්වයෙන් ද පිය පාර්ශ්වයෙන් ද සුජාත වූ බ්‍රාහ්මණ කුලයක උපන් කෙනෙකි. ඉදින් භවත් ගෞතමයන් තම ශ්‍රාවකයින්ට බ්‍රාහ්මණ යනුවෙන් අමතයි. මම ද එලෙස ඇමතීමට සුදුසුයයි සිතා බුදුන් වෙත ගොස් මේ කරුණ පිළිබඳව විමසුවේය. අනතුරුව තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය මම ජටා දැරූ පමණින් හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් බ්‍රාහ්මණයෙක් වේයි නොකියමි. අවබෝධ කරගත් සත්‍ය ධර්මය ඇති නිසා බ්‍රාහ්මණ යයි කියමි.

“න ජටාහි න ගොත‍්තෙන, න ජච‍්චා හොති බ්‍රාහ‍්මණො; යම‍්හි සච‍්චඤ‍්ච ධම‍්මො ච, සො සුචී සො ච බ්‍රාහ‍්මණො”ති.

හිස බැඳි ජටා වෙන් දෑ කුල ගොත් නිසාවෙන් බමුණෙක් නොවන්නේ ඇත්ත හා බුදු දහම නැත්නම්

ජටාවෙන් ගෝත්‍රයෙන් ජාතියෙන් බ්‍රාහ්මණයෙක් නොවේ. යමෙක් කෙරෙහි සත්‍යය ද ධර්මය ද අවබෝධ කරගෙන තිබේනම් ඔහු පිරිසිදුය ඔහු බ්‍රාහ්මණයෙකි.

තත්‍ථ සච‍්චන‍්ති යස‍්මිං පුග‍්ගලෙ චත‍්තාරි සච‍්චානි සොළසහාකාරෙහි පටිවිජ‍්ඣිත්‍වා ඨිතං සච‍්චඤාණඤ‍්චෙව නවවිධො ච ලොකුත‍්තරධම‍්මො අත්‍ථි, සො සුචි, සො බ්‍රාහ‍්මණො චාති අත්‍ථො.

එහි සචචං - යම් පුද්ගලයකු කෙරෙහි චතුරාර්ය සත්‍යය සොළොස් ආකාරයකින් අවබෝධ කරගෙන ඇත්තේද සත්‍ය ඤාණය මෙන්ම නව විධ ලෝකෝත්තර ධර්මය ද අවබෝධ කරගෙන තිබේ නම් ඔහු පිරිසිදුය. ඔහු බ්‍රාහ්මණයෙකි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලාදීන්ට පැමිණියහ.

ජටිලබ්‍රාහ‍්මණවත්‍ථු දසමං.