යෙදුමෙන් කියවන්න

12. කුහකබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

12. කුහකබ්‍රාහ‍්මණවත්‍ථු

12. එකොළොස් වැනි වූ කුහක බ්‍රාහ්මණයා පිළිබඳ කථා පුවත

කිං තෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා කූටාගාරසාලායං විහරන‍්තො එකං වග‍්ගුලිවතං කුහකබ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි.

“කින්තෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කූටාගාර ශාලාවේ වැඩ සිටිය දී එක් වවුල් වත පිරූ කුහක බමුණෙකු නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර වෙසාලිනගරද‍්වාරෙ එකං කකුධරුක‍්ඛං ආරුය‍්හ ද‍්වීහි පාදෙහි රුක‍්ඛසාඛං ගණ‍්හිත්‍වා අධොසිරො ඔලම‍්බන‍්තො “කපිලානං මෙ සතං දෙථ, කහාපණෙ දෙථ, පරිචාරිකං දෙථ, නො චෙ දස‍්සථ, ඉතො පතිත්‍වා මරන‍්තො නගරං අනගරං කරිස‍්සාමී”ති වදති. තථාගතස‍්ස භික‍්ඛුසඞ‍්ඝපරිවුතස‍්ස නගරං පවිසනකාලෙ භික‍්ඛූ තං බ්‍රාහ‍්මණං දිස‍්වා නික‍්ඛමනකාලෙපි නං තථෙව ඔලම‍්බන‍්තං පස‍්සිංසු. නාගරාපි “අයං පාතොව පට‍්ඨාය එවං ඔලම‍්බන‍්තො පතිත්‍වා මරන‍්තො නගරං අනගරං කරෙය්‍යා”ති චින‍්තෙත්‍වා නගරවිනාසභීතා “යං සො යාචති, සබ‍්බං දෙමා”ති පටිස‍්සුණිත්‍වා අදංසු. සො ඔතරිත්‍වා සබ‍්බං ගහෙත්‍වා අගමාසි. භික‍්ඛූ විහාරූපචාරෙ තං ගාවිං විය විරවිත්‍වා ගච‍්ඡන‍්තං දිස‍්වා සඤ‍්ජානිත්‍වා “ලද‍්ධං තෙ, බ්‍රාහ‍්මණ, යථාපත්‍ථිත”න‍්ති පුච‍්ඡිත්‍වා “ආම, ලද‍්ධං මෙ”ති සුත්‍වා අන‍්තොවිහාරං ගන‍්ත්‍වා තථාගතස‍්ස තමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව සො කුහකචොරො, පුබ‍්බෙපි කුහකචොරොයෙව අහොසි. ඉදානි පනෙස බාලජනං වඤ‍්චෙති, තදා පන පණ‍්ඩිතෙ වඤ‍්චෙතුං නාසක‍්ඛී”ති වත්‍වා තෙහි යාචිතො අතීතමාහරි.

මේ බමුණා විශාලාවේ නගර දොරටුවේ එක් කුඹුක් ගසකට නැග දෙපාවලින් අතුවල එල්ලී ගස යටට එබෙන ශරිර ඇතිවැ හිස පහළට තබා ගෙන එල්ලෙමින් කිඹුල්වත් පුර ගම් සියයක් දෙන්න. කහවණු දෙන්න. පිරිවර දෙන්න නොදෙන්නේනම් මෙයින් වැටී මැරි නුවර පාළු කරමියි කියයි. බුදුරදුන් ද භික්ෂු සංඝයා පිරිවරා නුවරට ඇතුළුවන විට භික්ෂූන් එම බමුණා දැක නික්මී යන විටද එසේම එල්ලී සිටිනු දක්නට ලැබුනි. නාගරිකයෝද මොහු අද අළුයම සිට මෙසේ එල්ලී සිටිමින් මේවා නොදෙන්නේ නම් වැටී මැරෙමි කියයි. නුවර විනාශ කරමියි කියයි. එසේ මළ හොත් නගරය විනාශ වේ යයි නගරය බියෙන් ඔහු ඉල්ලන සියළු දේ දෙමුයි සාකච්ඡා කොට දුන්හ. ඔහු ගසෙන් බැස ඒ සියල්ල ගෙන පිටත්ව ගියේය. භික්ෂූන් වහන්සේලා විහාරය අසල ඔහු දෙනක් ලෙසට හැසිරී යනු දැක හඳුනා ගෙන බ්‍රාහ්මණය ඔබ කැමති දේ ලැබුනේදැයි විමසා - එසේය ලැබුනේ යයි පැවසුවේය. මෙය අසා විහාරය තුළට ගොස් භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. මහණෙනි මොහු දැන් පමණක් නොව පෙරද කුහකයෙකි. සොරෙකියි පවසා දැන් අනුවන ජනයන් රවටයි. එදා නුවනැත්තන් වංචා කිරීමට නො හැකි වීයයි පවසා භික්ෂූන් විසින් විමසන ලදුව අතීත කථාව ගෙන හැර දැක්වුහ.

අතීතෙ එකං කාසිකගාමං නිස‍්සාය එකො කුහකතාපසො වාසං කප‍්පෙසි. තං එකං කුලං පටිජග‍්ගි. දිවා උප‍්පන‍්නඛාදනීයභොජනීයතො අත‍්තනො පුත‍්තානං විය තස‍්සපි එකං කොට‍්ඨාසං දෙති, සායං උප‍්පන‍්නකොට‍්ඨාසං ඨපෙත්‍වා දුතියදිවසෙ දෙති. අථෙකදිවසං සායං ගොධමංසං ලභිත්‍වා සාධුකං පචිත්‍වා තතො කොට‍්ඨාසං ඨපෙත්‍වා දුතියදිවසෙ තස‍්ස අදංසු. තාපසො මංසං ඛාදිත්‍වාව රසතණ‍්හාය බද‍්ධො “කිං මංසං නාමෙත”න‍්ති පුච‍්ඡිත්‍වා “ගොධමංස”න‍්ති සුත්‍වා භික‍්ඛාය චරිත්‍වා සප‍්පිදධිකටුකභණ‍්ඩාදීනි ගහෙත්‍වා පණ‍්ණසාලං ගන‍්ත්‍වා එකමන‍්තං ඨපෙසි. පණ‍්ණසාලාය පන අවිදූරෙ එකස‍්මිං වම‍්මිකෙ ගොධරාජා විහරති. සො කාලෙන කාලං තාපසං වන්‍දිතුං ආගච‍්ඡති. තංදිවසං පනෙස “තං වධිස‍්සාමී”ති දණ‍්ඩං පටිච‍්ඡාදෙත්‍වා තස‍්ස වම‍්මිකස‍්ස අවිදූරෙ ඨානෙ නිද‍්දායන‍්තො විය නිසීදි. ගොධරාජා වම‍්මිකතො නික‍්ඛමිත්‍වා තස‍්ස සන‍්තිකං ආගච‍්ඡන‍්තොව ආකාරං සල‍්ලක‍්ඛෙත්‍වා “න මෙ අජ‍්ජ ආචරියස‍්ස ආකාරො රුච‍්චතී”ති තතොව නිවත‍්ති. තාපසො තස‍්ස නිවත‍්තනභාවං ඤත්‍වා තස‍්ස මාරණත්‍ථාය දණ‍්ඩං ඛිපි, දණ‍්ඩො විරජ‍්ඣිත්‍වා ගතො. ගොධරාජාපි ධම‍්මිකං පවිසිත්‍වා තතො සීසං නීහරිත්‍වා ආගතමග‍්ගං ඔලොකෙන‍්තො තාපසං ආහ –

අතීතයේ දී කාසී රට එක් ගමක් ඇසුරුකොට එක් කුහක තාපසයෙක් විසුවේය. ඔහු එක් කුල ගෙයකට යයි. එයින් ඔහු පෝෂණය කරයි. දිවා කාලයේ දී පිළියෙළ කරන කෑ යුතු පිය යුතු ද තමන්ගේ පුතුන්ට මෙන්ම ඔහුට ද කොටසක් වෙන්කර දෙයි. හැන්දෑවේ පිළියෙල කරන කොටස් තබා පසුදින දෙයි. මේ අතර දිනක් සවස ආහාරයට තලගොයි මස් ලැබ වහාම උයා තබා දෙවැනි දවසේදි ඔහුට දුන්නේය. ඔහු මස් සුවඳ නිසා රස තෘෂ්ණාවෙන් බැදී මේ මස් මොනවාදැයි විමසා (ගෝධ) තලගොයි මස් යයි අසා භික්ෂාවේ හැසිරි දුරු මිරිස් ආදී කටුක භාණ්ඩ පිඩුසිඟා ගෙන පන්සලට ගොස් ආරක්ෂිතව තැබීය. පන්සලට නො දුරේ එක් තුඹසක දැවැන්ත තලගොයෙක් වාසය කරයි. ඔහු කලින් කල තාපසයා වැඳීමට එයි. මේ දිනයේ ඌ මරන්නෙමියි දණ්ඩක් ගෙන එම තුඹසට නුදුරේ නිදාගත්තෙක් ලෙසට වැතිරී සිටියේය. තලගොයා තුඹසින් නික්ම ඔහු ළඟට එන්නේ ඔහුගේ ස්වරූපය සලකා මට මේ ආචාර්යවරයාගේ ස්වරූපය රුචි නොවේ යයි එහිම නැවතුණි තවුසා ඌ නැවතුන බව දැන ඌ මැරිම සඳහා දණ්ඩෙන් දමා ගැසීය. එම දණ්ඩ ලිස්සා ගියේය තලගොයි රජු ද තුඹසට පිවිස හිස උඩට තබා ඔහු එන මඟ බලමින් සිටි තාපසයාට මෙසේ කීවේය.

සිත ඇතුළ කෙලෙසුන් - පිරී ඇත්නම් දහසින් අඳුන් දිවි සම් හැද - ජටා බැන්දත් හිස් මත පිට පොත්ත දිලුනත් - ඇතුළත හරය නැත්තේ.

“සමණං තං මඤ‍්ඤමානො, උපගච‍්ඡිමසඤ‍්ඤතං; සො මං දණ‍්ඩෙන පාහාසි, යථා අසමණො තථා.

1. ඔබ යෙහෙකැයි සිතා ඔබ සංයත අයෙකැයි සිතා මම ඔබ වෙත ආවෙමි. ඒ ඔබ අසංයත කෙනෙක් ලෙස අයෙක් ලෙසට මට පහර දුන්නේය.

“කිං තෙ ජටාහි දුම‍්මෙධ, කිං තෙ අජිනසාටියා; අබ‍්භන‍්තරං තෙ ගහනං, බාහිරං පරිමජ‍්ජසී”ති. (ජා· 1.4.97-98);

2. අඥානය ඔබේ ජටාවෙන් කවර ප්‍රයෝජනයක්ද අඳුන් දිවි සමින් කවර ප්‍රයෝජනයක්ද ඔබේ අභ්‍යන්තරය කෙලෙස්වලින් ගහනය පිටතින් සංවරකම පමණක් පවතී.

අථ නං තාපසො අත‍්තනො සන‍්තකෙන පලොභෙතුං එවමාහ –

අනතුරුව තාපසයා නැවතත් තමන් වෙත පහදවා ගැනීමට පොළඹවා ගැනීමට මෙසේ කීවේය.

“එහි ගොධ නිවත‍්තස‍්සු, භුඤ‍්ජ සාලීනමොදනං; තෙලං ලොණඤ‍්ච මෙ අත්‍ථි, පහූතං මය‍්හ පිප‍්ඵලී”ති. (ජා· 1.4.99);

තලගොයානණි ! එන්න ඇල්හාල් මෝදක අනුභව කරන්න. තෙල් ලුණු - බොහෝ ඇත තිප්පිලිඳ ඇත.

තං සුත්‍වා ගොධරාජා “යථා යථා ත්‍වං කථෙසි, තථා තථා මෙ පලායිතුකාමතාව හොතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එය අසා ගෝධ රජු ඔහුට මෙසේ කීය. “ඔබ යම් ලෙසට කියයිද? එසේ වුවත් මට මෙහි බියක්ම පෙනේ. එහෙයින්ම මට පළායාමට සිත් ය”යි කියා මෙම ගාථාව පැවසුවේය.

“එස භිය්‍යො පවෙක‍්ඛාමි, වම‍්මිකං සතපොරිසං; තෙලං ලොණඤ‍්ච කිත‍්තෙසි, අහිතං මය‍්හ පිප‍්ඵලී”ති. (ජා· 1.4.100);

ඔබ කෙසේ පැවසුවත් මට බියක්ම දැනේ. ඔබගේ හාල් තෙල් ලුණු ආදියෙන් මට ප්‍රයෝජන නැත. තිප්පිලි මට අගුණය.

එවඤ‍්ච පන වත්‍වා “අහං එත‍්තකං කාලං තයි සමණසඤ‍්ඤං අකාසිං, ඉදානි පන තෙ මං පහරිතුකාමතාය දණ‍්ඩො ඛිත‍්තො, තස‍්ස ඛිත‍්තකාලෙයෙව අසමණො ජාතො. කිං තාදිසස‍්ස දුප‍්පඤ‍්ඤස‍්ස පුග‍්ගලස‍්ස ජටාහි, කිං සඛුරෙන අජිනචම‍්මෙන. අබ‍්භන‍්තරඤ‍්හි තෙ ගහනං, කෙවලං බාහිරමෙව පරිමජ‍්ජසී”ති ආහ. සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා “තදා එස කුහකො තාපසො අහොසි, ගොධරාජා පන අහමෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙත්‍වා තදා ගොධපණ‍්ඩිතෙන තස‍්ස නිග‍්ගහිතකාරණං දස‍්සෙන‍්තො ඉමං ගාථමාහ –

මෙසේ කියා මෙතුවක් කල් ඔබ කෙරෙහි මා තුළ ඔබ යෙහෙකැයි යන හැගීම විය. දැන් ඔබ මට පහර දෙනු කැමැත්තෙන් දණ්ඩෙන් දමා ගැසීය. එය දමා ගැසු තැන් සිට ඔබ අශ්‍රමණ අයෙක් වූයේය. ඔබ සමාණ දුෂ්ප්‍රාඥ පුද්ගලයකුගේ ජටාවෙන් කවර අර්ථයක් ද? අඳුන් දිවි සමෙන් කවර ගුණයක්ද, අභ්‍යන්තරයෙහි ඔබේ පවත්නා දුර්ගුණ හුදෙක් බාහිර ක්‍රියාකාරකම්වලින් හෙළිදරව් වේ යයි කීවේ. ශාස්තෲන් වහන්සේ මේ අතීත කථාව ගෙන හැර දක්වා - එකල්හි ඒ කුහක තාපසයා අද මේ කුහක බමුණා විය. ගෝධ රජු නම් මම ම වෙමි යි වදාරා ජාතකය පුරවාපර සන්ධි ගළපා ගෝධ පණ්ඩිතයා විසින් ඔහුට නිග්‍රහ කිරීම දක්වන්නේ කරුණු දක්වමින්

“කිං තෙ ජටාහි දුම‍්මෙධ, කිං තෙ අජිනසාටියා; අබ‍්භන‍්තරං තෙ ගහනං, බාහිරං පරිමජ‍්ජසී”ති. (ජා· 1.4.98);

කුමටද ඔබෙ අඳුන් දිවිසම සහිත ජටා ඇතුළත කෙලෙස් මල, සිවුරය සිරුර - වටා බාහිර ඔපය තිබුනත් ගෙන විවිද රටා හිස් නම් ඇතුළ ඔහු බමුණෙකු නොවෙයි

තත්‍ථ කිං තෙ ජටාහීති අම‍්භො දුප‍්පඤ‍්ඤ තව බද‍්ධාහිපි ඉමාහි ජටාහි සඛුරාය නිවත්‍ථායපි ඉමාය අජිනචම‍්මසාටිකාය ච කිමත්‍ථොති. අබ‍්භන‍්තරන‍්ති අබ‍්භන‍්තරඤ‍්හි තෙ රාගාදිකිලෙසගහනං, කෙවලං හත්‍ථිලණ‍්ඩං අස‍්සලණ‍්ඩං විය මට‍්ඨං බාහිරං පරිමජ‍්ජසීති අත්‍ථො.

එහි කිංතෙජටාහි එම්බා දුම්මෙධ අඥානය. ඔබගේ හිස බැඳි මේ ජටාහි ජටාවෙන්, ද මේ අඳුන් දිවිසමින් ද, කිං කවර අර්ථයක්ද අබහන්තරං ඇතුළත, තෙ රාගාදී කෙලෙස්වලින් ගහණ වූ, හුදෙක් ඇත්ලාඩමක්. අස්ලාඩමක් මෙන්, මට්ටම් වී තිබේ. බාහිරං පරිමජ්‍ජසී පිට ඔපය රඳා පවතී.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත්වුහ.

කුහකබ්‍රාහ‍්මණවත්‍ථු එකාදසමං.