13. කිසාගොතමීවත්ථු අට්ඨකථා
13. කිසාගොතමීවත්ථු
13. කිසා ගෝතමියගේ කථා පුවත
පංසුකූලධරන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරන්තො කිසාගොතමිං ආරබ්භ කථෙසි.
“පංසුකූල ධරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩ සිටිය දී කිසා ගෝතමිය නිමිති කරගෙන දේශනා කළහ.
තදා කිර සක්කො පඨමයාමාවසානෙ දෙවපරිසාය සද්ධිං සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තෙ සාරණීයධම්මකථං සුණන්තො නිසීදි. තස්මිං ඛණෙ කිසාගොතමී “සත්ථාරං පස්සිස්සාමී”ති ආකාසෙනාගන්ත්වා සක්කං දිස්වා නිවත්ති. සො තං වන්දිත්වා නිවත්තන්තිං දිස්වා සත්ථාරං පුච්ඡි – “කා නාමෙසා, භන්තෙ, ආගච්ඡමානාව තුම්හෙ දිස්වා නිවත්තතී”ති? සත්ථා “කිසාගොතමී නාමෙසා, මහාරාජ, මම ධීතා පංසුකූලිකත්ථෙරීනං අග්ගා”ති වත්වා ඉමං ගාථමාහ –
එදින සක්දෙවිඳු ප්‍රථම යාමය අවසානයේදී දෙවි පිරිස සමග බුදුන්වෙත එළඹ වැඳ එකත් පසෙක සිහි කටයුතු ධර්ම කථාවක් අසමින් සිටියේය. ඒ අවස්ථාවේ දී කිසා ගෝතමිය බුදුන් දකින්නෙමියි අහසින් අවුත් සක්දෙවිදු දැක නැවතුනි. ඔහු ඇය වැඳ නැවතෙනු දැක බුදුන්ගෙන් විමසුවේය. ස්වාමීනි මෙහි එමින් ඔබවහන්සේ දැක නැවතුන ඇය කවුද? මහ රජ ඇය කියා ගෝතමී නම් ඇත්තීය. මගේ දියණිය පංසුකූලික තෙරණිවරුන් අතර අග්‍රයයි මෙම ගාථාව පැවසුහ.
“පංසුකූලධරං ජන්තුං, කිසං ධමනිසන්ථතං; එකං වනස්මිං ඣායන්තං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
ඉවත හෙළ රෙදි කැබලිවලින් සිවුරක් මසා පොරවමින් දැඩි තපස් රකින නොකරම මුසා දැහැන් වඩමින් වසන වෙනෙහි රුක්මුල් නිසා උතුම් මැ නියම බමුණක්ය හරිමග නිසා
පාංශුකුලිකාංගය ධරණ සිහින් වූ නහරවැලි ඉල්ලුණු සිරුර ඇති, එක් වනයක ධ්‍යාන වඩන ඕ තොමෝ බ්රාහ්මණයකැයි මම කියමි.
තත්ථ කිසන්ති පංසුකූලිකා හි අත්තනො අනුරූපං පටිපදං පූරෙන්තා අප්පමංසලොහිතා චෙව හොන්ති ධමනිසන්ථතගත්තා ච, තස්මා එවමාහ.
තත්ථ කිසනති - පාංශුකූලික සිවුරු පෙරවමින් තමන්ට අනුරූප පටිපදා පුරන නහරවැල් ඉල්ලුණු අඩමස් ලේ ඇති නිසා එහෙයින් කියන ලදී.
එකං වනස්මින්ති විවිත්තට්ඨානෙ එකකං වනස්මිං ඣායන්තං තමහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එකං වනස්මිං යනු විවේකීව එක් වන සෙනසුනක ධ්‍යාන වඩන්නී ය. තමහං බ්‍රාහ්මණ - එනිසා මම බ්‍රාහ්මණයකු යයි කියමි යන අර්ථය
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය.
කිසාගොතමීවත්ථු ද්වාදසමං.