14. එකබ්රාහ්මණවත්ථු අට්ඨකථා
14. එකබ්රාහ්මණවත්ථු
14. එක් බ්රාහ්මණයෙක් පිළිබඳ කථා පුවත
න චාහන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං බ්රාහ්මණං ආරබ්භ කථෙසි.
“න චා හං” යන මේ ධර්ම දේශනය ගාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිය දී එක් බ්රාහ්මණයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර “සමණො ගොතමො අත්තනො සාවකෙ බ්රාහ්මණාති වදති අහඤ්චම්හි බ්රාහ්මණයොනියං නිබ්බත්තො, මම්පි නු ඛො එවං වත්තුං වට්ටතී”ති සත්ථාරං උපසඞ්කමිත්වා තමත්ථං පුච්ඡි. අථ නං සත්ථා “නාහං, බ්රාහ්මණ, බ්රාහ්මණයොනියං නිබ්බත්තමත්තෙනෙවං වදාමි, යො පන අකිඤ්චනො අගහණො, තමහං බ්රාහ්මණං වදාමී”ති වත්වා ඉමං ගාථමාහ –
ඔහු වනාහි ගෞතමයෝ තම ශ්රාවකයන් බ්රාහ්මණ යනුවෙන් හඳුන්වති. මම ද බ්රාහ්මණ යෝනියේ උපන් කෙනෙකි. මට ද එලෙස ඇමතීම සුදුසුය. මෙසේ කියා බුදුන් වෙත එළඹ මේ පිළිබඳව විමසුහ. අනතුරුව බුදුරදුන් බමුණු කුලයේ උපන් පමණින් මම බ්රාහ්මණ යයි නොකියමි. යම් කෙනෙක් රා - දොස් පළිබෝධ නැති. දූ දරු කෙත්වත් ආදී ග්රහණයක් නැති කෙලෙස් නැති තැනැත්තා බ්රාහ්මණ නමින් හඳුන්වෙමියි වදාර මේ ගාථාව දේශනා කළහ.
“න චාහං බ්රාහ්මණං බ්රූමි, යොනිජං මත්තිසම්භවං; භොවාදි නාම සො හොති, සචෙ හොති සකිඤ්චනො; අකිඤ්චනං අනාදානං, තමහං බ්රූමි බ්රාහ්මණ”න්ති.
බමුණු කුලයක උපත ලදුවත්, බමුණු මව්කුස උපත ලදුවත් ඔහුට බමුණෙක් නොකිය යුතුමයි කෙලෙස් බර හෝ වාදියෙකි හේ කෙලෙස් බිදකුදු සිතේ නැත්නම් මාන ලෝහාදිය නොවේනම් ඔහුම බමුණෙකු වීය පිරිසිදු ඔහුම රහතුන් වේය නිකෙලෙස්
මම බමුණු යෝනියෙන් උපන් බැමිණියකගේ කුසේ උපන් තැනැත්තා බමුණෙකුයයි නොකියමි. ඉදින් බමුණා රාගාදි පළිබෝධ සහිත කරදර ඇත්තේ ද හෙතෙම බ්රාහ්මණ නොවේ. පළිබෝධ නැති තෘෂ්ණා වශයෙන් ගැනීම නැති තැනැත්තා බ්රාහ්මණ නමින් හදුන්වමි.
තත්ථ යොනිජන්ති යොනියං ජාතං. මත්තිසම්භවන්ති බ්රාහ්මණියා මාතු සන්තකෙ උදරස්මිං සම්භූතං. භොවාදීති සො පන ආමන්තනාදීසු “භො, භො”ති වත්වා විචරන්තො භොවාදි නාම හොති, සචෙ රාගාදීහි කිඤ්චනෙහි සකිඤ්චනො. අහං පන රාගාදීහි අකිඤ්චනං චතූහි උපාදානෙහි අනාදානං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි යොනිජං - ස්ත්රී යෝනියකින් උපන් මත්තිසම්භවං බ්රාහ්මණ මවකගේ කුසින් උපන් - හොවාදිනි - යමෙක් හෝ හෝ යනුවෙන් ආමන්ත්රණය ආදිය කියමින් හැසිරෙන්නේද හෙතෙම භෝවාදී නම්, සචෙ රාගාදී කරදරවලින් සකිඤ්චනො - මම වනාහි රාගාදියෙන්, අකිඤචනං සතර උපාදානයන් විසින් අනාදානං නොගන්නා, අයම උතුම්ය බ්රාහ්මණං වදාමි - බ්රාහ්මණ යයි කියමි.
දෙසනාවසානෙ සො බ්රාහ්මණො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාවසානයේ එම බ්රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයට ද දෙසුම සාර්ථක විය.
එකබ්රාහ්මණවත්ථු තෙරසමං.