15. උග‍්ගසෙනසෙට‍්ඨිපුත‍්තවත්‍ථු අට‍්ඨකථා
15. උග‍්ගසෙනසෙට‍්ඨිපුත‍්තවත්‍ථු
15. උග්ගසේන කථා පුවත
සබ‍්බසංයොජනන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො උග‍්ගසෙනං නාම සෙට‍්ඨිපුත‍්තං ආරබ‍්භ කථෙසි.
“සබ්බ සංයොජනං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩ සිටියදී උග්ගසේන නම් සිටුවරයා නිමිති කරගෙන දේශනා කළ සේක.
වත්‍ථු “මුඤ‍්ච පුරෙ මුඤ්ච පච‍්ඡතො”ති (ධ· ප· 348) ගාථාවණ‍්ණනාය විත්‍ථාරිතමෙව.
මෙහි කථාවස්තුව “මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො” යන ගාථාව විස්තර කිරීමේ දී දක්වන ලදී.
තදා හි සත්‍ථා, “භන‍්තෙ, උග‍්ගසෙනො ‘න භායාමී’ති වදති, අභූතෙන මඤ‍්ඤෙ අඤ‍්ඤං බ්‍යාකරොතී”ති භික‍්ඛූහි වුත‍්තෙ, “භික‍්ඛවෙ, මම පුත‍්තසදිසා ඡින‍්නසංයොජනා න භායන‍්තියෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –
එකල භික්ෂූන් පිරිසක් ශාස්තෲන් වෙත පැමිණ, උග්ගසේන බිය නොවෙමි ආදී අභූත දේ හා අනන් මනන් කියන්නේ යයි දක්වා සිටි කල්හි මා පුත් උග්ගසේන සිඳහල සංයෝජන ඇති, පුද්ගලයකු නිසා බිය නොවේ. යයි වදාරා මේ ගාථාව වදාළහ.
“සබ‍්බසංයොජනං ඡෙත්‍වා, යො වෙ න පරිතස‍්සති; සඞ‍්ගාතිගං විසංයුත‍්තං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.
බිඳ දා සසර බැමි ඉක්ම වූ කෙලෙසුන් ඉමි සංයෝජනද දැමී ඔහුම බමුණා කියා පවසමි.
යමෙක් සියළු දස සංයෝජන සිඳදමා තැති නොගෙන සිටින්නේද රාගාදි සංයෝගයන් ඉක්ම වූ. කෙළෙසුන්ගෙන් වෙන් වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි කියමි.
තත්‍ථ සබ‍්බසංයොජනන‍්ති දසවිධසංයොජනං. න පරිතස‍්සතීති තණ‍්හාය න භායති. තමහන‍්ති තං අහං රාගාදීනං සඞ‍්ගානං අතීතත‍්තා සඞ‍්ගාතිගං, චතුන‍්නම‍්පි යොගානං අභාවෙන විසංයුත‍්තං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.
තත්ථ එහි සබ්බ සංයොජනං - දසවිධ සංයෝජන න පරිතස්සති - තෘෂ්ණාව නිසා බිය නොවේ. තමහං - ඒ මම රාගාදී සංගයන් ඉක්ම වූ සඞ්ගා තිගං - සතර ඕඝ දුරුකළ වූ, තැනැත්තා බ්‍රාහ්මණයයි කියමි.
දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ බොහෝ දෙන මාර්ගඵල ලැබූහ.
උග‍්ගසෙනසෙට‍්ඨිපුත‍්තවත්‍ථු චුද‍්දසමං.