යෙදුමෙන් කියවන්න

16. ද‍්වෙබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

16. ද‍්වෙබ්‍රාහ‍්මණවත්‍ථු

16. බ්‍රාහ්මණයින් දෙදෙනා පිළිබඳ කථා පුවත

ඡෙත්‍වා නද‍්ධින‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ද‍්වෙ බ්‍රාහ‍්මණෙ ආරබ‍්භ කථෙසි.

“ජෙත්වා නන්ධිං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී බ්‍රාහ්මණයින් දෙදෙනෙක් නිමිති කරගෙන දේශනා කරන ලදී.

තෙසු කිරෙකස‍්ස චූළරොහිතො නාම ගොණො අහොසි, එකස‍්ස මහාරොහිතො නාම. තෙ එකදිවසං “තව ගොණො බලවා, මම ගොණො බලවා”ති විවදිත්‍වා “කිං නො විවාදෙන, පාජෙත්‍වා ජානිස‍්සාමා”ති අචිරවතීතීරෙ සකටං වාලුකාය පූරෙත්‍වා ගොණෙ යොජයිංසු. තස‍්මිං ඛණෙ භික‍්ඛූපි න‍්හායිතුං තත්‍ථ ගතා හොන‍්ති. බ්‍රාහ‍්මණා ගොණෙ පාජෙසුං. සකටං නිච‍්චලං අට‍්ඨාසි, නද‍්ධිවරත‍්තා පන ඡිජ‍්ජිංසු. භික‍්ඛූ දිස‍්වා විහාරං ගන‍්ත්‍වා තමත්‍ථං සත්‍ථු ආරොචයිංසු. සත්‍ථා, “භික‍්ඛවෙ, බාහිරා එතා නද‍්ධිවරත‍්තා, යො කොචි එතා ඡින්‍දතෙව, භික‍්ඛුනා පන අජ‍්ඣත‍්තිකං කොධනද‍්ධිඤ‍්චෙව තණ‍්හාවරත‍්තඤ‍්ච ඡින්‍දිතුං වට‍්ටතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඔවුන් අතර එක් අයෙක් චුල්ලරෝහිත නමින් හැඳින්වේ. අනෙකා මහාරෝහිත නම් ඔවුන් එක් දිනක් මගේ ගොනා බලවත්ය ඔබේ ගොනා දුබලයයි විවාද කර අපේ විවාදයෙන් වැඩක් නැත කරත්තය පදවා දැනගන්නෙමුයි අචිරවතී ගංතෙර කරත්ත වැලිවලින් පුරවා ගොණුන් යෙදුහ. මේ අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලාද එහි ස්නානය සඳහා ගොස් සිටියහ. බ්‍රාහ්මණයෝ කරත්ත දෙකේ ගොනුන් බැන්දහ. කරත්තය නිසලවිය. තෝන් ලණුව කැඩුනි. භික්ෂූන් මෙය දැක විහාරයට ගොස් මේ කරුණ දැනුම් දුන්හ. බුදුහු මහණෙනි බාහිර වූ වරපට යම් කෙනෙක් සිඳීද භික්ෂුවක් විසින් ආධ්‍යාත්මික ක්‍රෝධය නැමති යොත සිඳ, තෘෂ්ණා නමැති වරපට සිදීම වටීයයි කියා මේ ගාථාව දේශනා කළහ.

“ඡෙත්‍වා නද‍්ධිං වරත‍්තඤ‍්ච, සන්‍දානං සහනුක‍්කමං; උක‍්ඛිත‍්තපලිඝං බුද‍්ධං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

කොරෝදය දුරැලා තණ්හාව ඇතිවළලා මිසදිටුව සිඳලා ඇත්ද ඔහු බමුණාය කියලා

යම්කෙනෙක් සියළු දස සංයෝජන දුරුකොට සිටි හෙයින් ඒකාන්තයෙන් නැති නොගත්තේද ක්‍රෝධය නැමති දැඩි රැහැන ද තෘෂ්ණා නැමති වරපටද සප්තානුශයන් සහිතවු දෙ සැප මිත්‍යාදෘෂ්ටිය නැමති යදමද සිඳ දමා උදුරා දැමු අවිද්‍යා නැමති හිඳි පළිඝ ඇති සව්සස් දන්නා වූ තැනැත්තා බ්‍රාහ්මණ නමින් මම හඳුන්වමි.

තත්‍ථ නද‍්ධින‍්ති නය‍්හනභාවෙන පවත‍්තං කොධං. වරත‍්තන‍්ති බන්‍ධනභාවෙන පවත‍්තං තණ‍්හං. සන්‍දානං සහනුක‍්කමන‍්ති අනුසයානුක‍්කමසහිතං ද‍්වාසට‍්ඨිදිට‍්ඨිසන්‍දානං, ඉදං සබ‍්බම‍්පි ඡින්‍දිත්‍වා ඨිතං අවිජ‍්ජාපලිඝස‍්ස උක‍්ඛිත‍්තත‍්තා උක‍්ඛිත‍්තපලිඝං, චතුන‍්නං සච‍්චානං බුද‍්ධත‍්තා බුද‍්ධං තං අහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි නන්ධිං යනු පමුණුවන නිසා පවතින ක්‍රෝධයයි වරන්තන්ති බැදීම් වශයෙන් පවතින තෘෂ්ණාවයි. සන්දාහමං සහනුක්ක මං යනු අනුශය අනුක්‍රම සහිත දෙසැටක් මිථ්‍යාදෘෂ්ටි නම් මේ සියල්ල සිඳදමා, අවිජ්ජා පලිඝය උක්ඛිත්ත පලිඝං බ්‍රාහ්මණං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හෙයින් “බුද්ධං බ්‍රාහ්මණං” බ්‍රාහ්මණ යයි කියමි යන අර්ථයි.

දෙසනාවසානෙ පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

මේ දෙසුම අවසන පන්සියයක් භික්ෂුහු රහත් බැවින් පිහිටියහ. පැමිණි අයටද දෙසුම සාර්ථක විය.

ද‍්වෙබ්‍රාහ‍්මණවත්‍ථු පන‍්නරසමං.