යෙදුමෙන් කියවන්න

17. අක‍්කොසකභාරද‍්වාජවත්‍ථු අට‍්ඨකථා

17. අක‍්කොසකභාරද‍්වාජවත්‍ථු

17. අක්කෝස හාරද්වාජ පිළිබඳ වූ කථා පුවත

අක‍්කොසන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො අක‍්කොසකභාරද‍්වාජං ආරබ‍්භ කථෙසි.

“අක්කොසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී අක්කෝස භාරද්වාජ නිමිති කරගෙන දේශනා කළහ.

තස‍්ස හි භාතු භාරද‍්වාජස‍්ස ධනඤ‍්ජානී නාම බ්‍රාහ‍්මණී සොතාපන‍්නා අහොසි. සා ඛීපිත්‍වාපි කාසිත්‍වාපි පක‍්ඛලිත්‍වාපි “නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා”ති ඉමං උදානං උදානෙසි. සා එකදිවසං බ්‍රාහ‍්මණපරිවෙසනාය පවත‍්තමානාය පක‍්ඛලිත්‍වා තථෙව මහාසද‍්දෙන උදානං උදානෙසි. බ්‍රාහ‍්මණො කුජ‍්ඣිත්‍වා “එවමෙවායං වසලී යත්‍ථ වා තත්‍ථ වා පක‍්ඛලිත්‍වා තස‍්ස මුණ‍්ඩකස‍්ස සමණකස‍්ස වණ‍්ණං භාසතී”ති වත්‍වා “ඉදානි තෙ, වසලි, ගන‍්ත්‍වා තස‍්ස සත්‍ථුනො වාදං ආරොපෙස‍්සාමී”ති ආහ. අථ නං සා “ගච‍්ඡ, බ්‍රාහ‍්මණ, නාහං තං පස‍්සාමි, යො තස‍්ස භගවතො වාදං ආරොපෙය්‍ය, අපි ච ගන‍්ත්‍වා තං භගවන‍්තං පඤ‍්හං පුච‍්ඡස‍්සූ”ති ආහ. සො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා අවන්‍දිත්‍වාව එකමන‍්තං ඨිතො පඤ‍්හං පුච‍්ඡන‍්තො ඉමං ගාථමාහ –

ඔහුගේ සොහොයුරා භාරද්වාජ බමුණාට ධනඤ්ජානි නම් වූ බැමිණියක් වුවාය. ඕ තොමෝ සෝවාන් වූ තැනැත්තියකි. ඕ කිවිසුම් යන විටද - කසින විටද පැකිළෙන (හැපෙන) විටද “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන මේ උදානය පවසයි. ඇය එක් දිනක් බමුණා ආහාර ගන්නා විටකදී පැකිළී (හැපී) මහ හඩින් එලෙසම උදානය පැවසුවාය. බමුණා කිපී වසලිය තී එතැන මෙතැන හැපී ඒ මුඩු මහණගේ ගුණ කියයි. කියා වසලිය දැන් මම එහි ගොස් තිගේ ඒ ශාස්තෘවරයාට වාදය ආරෝපණය කරන්නෙමියි වාද ආරෝපණය කර ඔහු පරදවමියි කීය එසේ නම් යන්න බමුණ ! මම ද ගොස් බලාසිටිමි. යම් කෙනෙක් බුදුන්ට වාදනගාද දිනු කෙනෙක් නැත තාද එහි ගොස් වාදනගවා ඔහු බුදුන් වෙත ගොස් නොවැඳ එකත්පස සිටියේ ප්‍රශ්න අසමින් මෙම ගාථාව පැවසීය.

“කිංසු ඡෙත්‍වා සුඛං සෙති, කිංසු ඡෙත්‍වා න සොචති; කිස‍්සස‍්සු එකධම‍්මස‍්ස, වධං රොචෙසි ගොතමා”ති. (සං· නි· 1.187);

කුමක් නිසා සුවසේ සිටීද කුමක් නිසා ශෝක නොකෙරේද කවර එක ධර්මයක්හු නැසීම යහපත්ද?

අථස‍්ස පඤ‍්හං බ්‍යාකරොන‍්තො සත්‍ථා ඉමං ගාථමාහ –

“කොධං ඡෙත්‍වා සුඛං සෙති, කොධං ඡෙත්‍වා න සොචති; කොධස‍්ස විසමූලස‍්ස, මධුරග‍්ගස‍්ස බ්‍රාහ‍්මණ; වධං අරියා පසංසන‍්ති, තඤ‍්හි ඡෙත්‍වා න සොචතී”ති. (සං· නි· 1.187);

ක්‍රෝධය නසා සුවසේ සිටී. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. විෂක් බඳු වූ විපතට මුල් වූ ක්‍රෝධය නැසීමම ආර්යයෝ පසසති එයද දමා ශෝක නොකරති.

සො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. අථස‍්ස කනිට‍්ඨො අක‍්කොසකභාරද‍්වාජො “භාතා කිර මෙ පබ‍්බජිතො”ති සුත්‍වා කුද‍්ධො ආගන‍්ත්‍වා සත්‍ථාරං අසබ‍්භාහි ඵරුසාහි වාචාහි අක‍්කොසි. සොපි සත්‍ථාරා අතිථීනං ඛාදනීයාදිදානඔපම‍්මෙන සඤ‍්ඤත‍්තො සත්‍ථරි පසන‍්නො පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. අපරෙපිස‍්ස සුන්‍දරිකභාරද‍්වාජො බිලිඞ‍්ගකභාරද‍්වාජොති ද‍්වෙ කනිට‍්ඨභාතරො සත්‍ථාරං අක‍්කොසන‍්තාව සත්‍ථාරා විනීතා පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු.

ඔහු බුදුන් කෙරෙහි පැහැදී පැවිදි වී රහත් බවට පත්වුණි. අනතුරුව ඔහුගේ බාල සොහොයුරා ද භාරද්වාජ ද සහෝදරයා පැවිදිවී යයි අසා කිපී අවුත් බුදුන්ට අසභ්‍ය වූ ඵරුස වචනවලින් නින්දා කළේය. ඔහුද බුදුන්ගේ ආගන්තුකයින් විසින් ගෙනා දෙයක් බාර නොගන්නා උපමාව දක්වා සැසඳු විට බුදුන් කෙරෙහි පැහැදී පැවිදි වී රහත් බවට පත්වුණි. අනෙක් සුන්දරික භාරද්වාජද විලිඞ්ගක භාරද්වාජද යන කණිටු සහෝදරයන් දෙදෙනා බුදුන්ට ආක්‍රෝෂ කරන්නට අවුත් බුදුන් විසින් හික්මවා පැවිදි කරවා රහත්බවට පත්වුණි.

අථෙකදිවසං ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං, “ආවුසො, අච‍්ඡරියා වත බුද‍්ධගුණා, චතූසු නාම භාතිකෙසු අක‍්කොසන‍්තෙසු සත්‍ථා කිඤ‍්චි අවත්‍වා තෙසංයෙව පතිට‍්ඨා ජාතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, අහං මම ඛන‍්තිබලෙන සමන‍්නාගතත‍්තා දුට‍්ඨෙසු අදුස‍්සන‍්තො මහාජනස‍්ස පතිට‍්ඨා හොමියෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

එක් දවසක් දම්සභාවේ කථාවක් ඉපදවුහ. ඇවැත්නි බුදු ගුණ ආශ්චර්ය වේ. සහෝදරයන් සිව් දෙන ආක්‍රෝෂ කරද්දීම බුදුහු කිසිවක් නොකියා ඔවුන් පැවිද්දෙහිම පිහිටුවීය. තථාගතයන් වහන්සේ පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා මෙය පැහැදිලි කළ විට මහණෙනි මම ක්ෂාන්ති බලයෙන් යුතු වූ නිසා දුෂ්ටයින්ට දුෂ්ට නොවී මහජනයාට පිහිට වීමි පවසා මේ ගාථාව වදාළහ.

“අක‍්කොසං වධබන්‍ධඤ‍්ච, අදුට‍්ඨො යො තිතික‍්ඛති; ඛන‍්තීබලං බලානීකං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

තරහ සිත නැති කොට කොරෝදය දා ඉවතට ඉවසීම බල කොට සිටින්නා බමුණාය හැමවිට

යම් පුද්ගලයෙක් දශ ආක්‍රෝශ ද වධබන්ධන ද දුෂ්ට නොවුයේ ඉවසාද, ක්‍ෂාන්තිය බලය කොට ඇත්ද නැවත නැවත උපදනා එම ක්ෂාන්තියම බලය කොට ඇති අන්තිම සිරුර දරණ තැනැත්තා බ්‍රාහ්මණ යයි මම කියමි.

තත්‍ථ අදුට‍්ඨොති එතං දසහි අක‍්කොසවත්‍ථූහි අක‍්කොසඤ‍්ච පාණිආදීහි පොථනඤ‍්ච අන්‍දුබන්‍ධනාදීහි බන්‍ධනඤ‍්ච යො අකුද‍්ධමානසො හුත්‍වා අධිවාසෙති, ඛන‍්තිබලෙන සමන‍්නාගතත‍්තා ඛන‍්තිබලං, පුනප‍්පුනං උප‍්පත‍්තියා අනීකභූතෙන තෙනෙව ඛන‍්තිබලෙන සමන‍්නාගතත‍්තා බලානීකං තං එවරූපං අහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි අදුට්ඨොති මේ දශ ආක්‍රෝෂ වස්තූන්ගෙන් අක්‍රෝෂ කරද්දීද අත් ආදියෙන් තලන කල්හිද, අනුබන්ධන ආදී බැදුම් ආදියේදී යම් කෙනෙක් ක්‍රෝධ නොවන සිත් ඇතිව ඉවසාද ක්ෂාන්ති බලයෙන් යුතුවු බනනී බලං නැවත නැවත ඇතිවන්නා වූ ක්‍ෂාන්ති බලය නම් වූ බලාණිකං බල ඇණියෙන් යුත් ඔහු බ්‍රාහ්මණයයි කියමි

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ.

අක‍්කොසකභාරද‍්වාජවත්‍ථු සොළසමං.