18. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු අට්ඨකථා
18. සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු
18. සැරියුත් තෙරුන් පිළිබඳ කථා පුවත
අක්කොධනන්ති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො සාරිපුත්තත්ථෙරං ආරබ්භ කථෙසි.
“ අක්කොධ නං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළු වනාරාමයේ වැඩ සිටියදී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
තදා කිර ථෙරො පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං පිණ්ඩාය චරන්තො නාලකගාමෙ මාතු ඝරද්වාරං අගමාසි. අථ නං සා නිසීදාපෙත්වා පරිවිසමානා අක්කොසි – “අම්භො, උච්ඡිට්ඨඛාදක උච්ඡිට්ඨකඤ්ජියං අලභිත්වා පරඝරෙසු උළුඞ්කපිට්ඨෙන ඝට්ටිතකඤ්ජියං පරිභුඤ්ජිතුං අසීතිකොටිධනං පහාය පබ්බජිතොසි, නාසිතම්හා තයා, භුඤ්ජාහි දානී”ති. භික්ඛූනම්පි භත්තං දදමානා “තුම්හෙහි මම පුත්තො අත්තනො චූළුපට්ඨාකො කතො, ඉදානි භුඤ්ජථා”ති වදෙති. ථෙරො භික්ඛං ගහෙත්වා විහාරමෙව අගමාසි. අථායස්මා රාහුලො සත්ථාරං පිණ්ඩපාතෙන ආපුච්ඡි. අථ නං සත්ථා ආහ – “රාහුල, කහං ගමිත්ථා”ති? “අය්යිකාය ගාමං, භන්තෙ”ති. “කිං පන තෙ අය්යිකාය උපජ්ඣායො වුත්තො”ති? “අය්යිකාය මෙ, භන්තෙ, උපජ්ඣායො අක්කුට්ඨො”ති. “කින්ති වත්වා”ති? “ඉදං නාම, භන්තෙ”ති. “උපජ්ඣායෙන පන තෙ කිං වුත්ත”න්ති? “න කිඤ්චි, භන්තෙ”ති. තං සුත්වා භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං, “ආවුසො, අච්ඡරියා වත සාරිපුත්තත්ථෙරස්ස ගුණා, එවංනාමස්ස මාතරි අක්කොසන්තියා කොධමත්තම්පි නාහොසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, ඛීණාසවා නාම අක්කොධනාව හොන්තී”ති වත්වා ඉමං ගාථමාහ –
එදින සැරියුත් තෙරුණුවෝ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග පිඩු පිණිස හැසිරෙමින් නාලක ගමේ මවගේ ගේ දොරට වැඩම කළහ. අනතුරුව ඇය වාඩිකරවා දානය බෙදමින් ආක්‍රෝෂ කළාය. අනුන්ගේ ඉඳුල් බත් කන්නා කැඳ බොන්නා, අනුන්ගේ ගෙවල්වලින් හුනුසහල්වලින් සෑදු කැඳ බොන්නට ඉඳුල් බත් කන්නට අසූ කෝටියක් ධනය අත්හැර පැවිදි වූයේය. ඔබ විසින් පරිභෝග කළ යුතු දෑ නසන ලදී භික්ෂූන්ට ද බත්දෙමින් තොප විසින් මගේ පුතා තමන්ගේ සුළු උපාසක කරන ලදී දැන් අනුභව කරන්නැයි කියයි. තෙරුන් වහන්සේ භික්ෂාව ලබාගෙන විහාරයටම වැඩම කළහ. ඉක්බිති ආයුෂ්මත් රාහුල තෙරණුවෝ බුදුන් පිණ්ඩපාතයෙන් විමසුහ. අනතුරුව බුදුහු මෙසේ පැවසුහ. රාහුල කොහි ගියේද? ආර්යයන් වහන්සේගේ නිවසට ගියෙමි. ඔබේ ආර්යයන් කවුද? උපාධ්‍යයන් වහන්සේ ගැන කීවෙමි. ආර්ය උපාධ්‍යායන් වහන්සේ කිපුනේ නැත. කුමක් කියාද? මේ දෙය කියන ලදී උපාධ්‍යයන් සමග ඔබ කුමක් කීවේද, කිසිවක් නැත. ස්වාමීනි. මෙය අසා භික්ෂූන් ධර්ම සභාවේ කථාවක් ඇති කළහ. ඇවැත්නි සැරියුත් තෙරුන්ගේ ගුණ මෙලෙස උන්වහන්සේගේ මෑණියන් ආක්‍රෝශ කරන විට ක්‍රෝධ මාත්‍රයක් හෝ නොවීය. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි ! රහතන් වහන්සේලා නම් ක්‍රෝධයෙන් තොර යයි පවසා මෙම ගාථාව පැවසුහ.
“අක්කොධනං වතවන්තං, සීලවන්තං අනුස්සදං; දන්තං අන්තිමසාරීරං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
දුතඟදර සිල්වත් නොකිපෙන කෙනා ගුණවත් දරණ අන්තිම අත් ඔහුම බමුණෙකුවේය දැනුවත්
නොකිපෙන සුළු වූ ධෘතාඞග වෘත ඇති සිල්වත් වූ. තෘෂ්ණ ස්නේහයෙන් තෙත් නොවු දැමුන තැනැත්තා ශරිර ඇති තැනැත්තා මම බ්‍රාහ්මණයයි කියමි.
තත්ථ වතවන්තන්ති ධුතවතෙන, සමන්නාගතං චතුපාරිසුද්ධිසීලෙන සීලවන්තං, තණ්හාඋස්සදාභාවෙන අනුස්සදං , ඡළින්ද්රියදමනෙන දන්තං, කොටියං ඨිතෙන අත්තභාවෙන අන්තිමසරීරං තමහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි වතවත්තං ධුතඞ්ග ගුණවලින් සමන්විත වූ, සිව්පිරිසිදු ශීලෙන් යුතු සීලවන්තං - තණ්හා ස්නේහයෙන් තෙත් නොවූ, අනුස්සුතං සය ඉඳුරන් දමනය කළ දන්තං සසර කෙළවර අන්තිම ආත්මභාවයේ සිටි, අනතිමතං සාරීරං තං අහං බ්රාහ්මණං ඔහු බ්‍රාහ්මණයා යයි මම කියමි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලවලට පැමිණියාහුය.
සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු සත්තරසමං.