යෙදුමෙන් කියවන්න

19. උප‍්පලවණ‍්ණාථෙරීවත්‍ථු අට‍්ඨකථා

19. උප‍්පලවණ‍්ණාථෙරීවත්‍ථු

19. උප්පලවණා තෙරණිය පිළිබඳ කථා පුවත

වාරි පොක‍්ඛරපත‍්තෙවාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උප‍්පලවණ‍්ණථෙරිං ආරබ‍්භ කථෙසි.

“වාරිපොක්ඛර පත්තොවා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී උප්පල වණ්ණා තෙරණියන් නිමිති කරගෙන දේශනා කළහ.

වත්‍ථු “මධුවා මඤ‍්ඤති බාලො”ති ගාථාවණ‍්ණනාය (ධ· ප· 69) විත්‍ථාරිතමෙව. වුත‍්තඤ‍්හි තත්‍ථ (ධ· ප· අට‍්ඨ· 1.69) –

කථා වස්තුව මධුවා මඤ්ඤතී බාලෝ යන ගාථා වර්ණනාවේ විස්තර කෙරෙයි.

අපරෙන සමයෙන මහාජනො ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසි “ඛීණාසවාපි මඤ‍්ඤෙ කාමසුඛං සාදියන‍්ති, කාමං සෙවන‍්ති, කිං න සෙවිස‍්සන‍්ති. න හෙතෙ කොළාපරුක‍්ඛා, න ච වම‍්මිකා, අල‍්ලමංසසරීරාව, තස‍්මා එතෙපි කාමසුඛං සාදියන‍්තී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඛීණාසවා කාමසුඛං සාදියන‍්ති, න කාමං සෙවන‍්ති. යථා හි පදුමපත‍්තෙ පතිතං උදකබින්‍දු න ලිම‍්පති න සණ‍්ඨාති, විනිවත‍්තිත්‍වා පන පතතෙව. යථා ච ආරග‍්ගෙ සාසපො න උපලිම‍්පති න සණ‍්ඨාති, විනිවත‍්තිත්‍වා පතතෙව, එවං ඛීණාසවස‍්ස චිත‍්තෙ දුවිධොපි කාමො න ලිම‍්පති න සණ‍්ඨාතී”ති අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඉන් පසු කාලයේදී මහජනයා ධර්මසභාවේ දී කථාවක් ඇතිකළහ. රහතුන් වහන්සේලා ද කාම සේවනයේ යෙදෙති. ඇයි නොයෙදෙන්නෙ ඔවුහු ගස් නොවේ තුඹස් නො වේ මස් ලේ සහිත ශරීර ඇත්තෝයි. එනිසා ඔවුන්ද කාම සැපය විදගනිති. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි රහතන් වහන්සේලා කාමසුව නො විඳිති. කාම සේවනය නො කරති. යම් සේ නෙළුම් කොළයේ වැටුන ජලබිඳුව සේ නො ඇලේ. නොපිහිටයි. වැටී පෙරලී යයි. මේ ලෙසට රහතන් වහන්සේගේ සිතේ විවිධ වූ කාමයෙහි නොඇලේ. නොපිහිටයි. එකිනෙකට සම්බන්ධ කර ධර්මදේශනා කරන්නේ මෙම ගාථාව පැවසුහ.

“වාරි පොක‍්ඛරපත‍්තෙව, ආරග‍්ගෙරිව සාසපො; යො න ලිම‍්පති කාමෙසු, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

නො ඇලෙන පරිදි අබ ඇට ඉදි කටු මුණෙක නො රැදෙන පරිදි දියබිදු මුදු අල පතෙක පස්කම් සුව පතා එහි නො ඇලෙන කලෙක බමුණා ඔහුම යයි සඳහන් වෙයි ගයෙක

නෙළුම් කොළයේ ජලය ඉදිකටු මූණෙහි අබ ඇටයක් නොරඳන මෙන් යමෙක් කාමයන්හි නො ඇලේද ඔහු බ්‍රාහ්මණ යයි කියමි.

තත්‍ථ යො න ලිම‍්පතීති එවමෙවං යො අබ‍්භන‍්තරෙ දුවිධෙපි කාමෙ න උපලිම‍්පති, තස‍්මිං කාමෙ න සණ‍්ඨාති, තමහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි යො න මපති මේ ලෙසට යමෙක් අභ්‍යන්තරයේ ද්විධවූ කාමයෙහි නොඇලේද යම් තැනක කාමය නොපිහිටාද ඒ විරාගී තැනැත්තා ....... බ්‍රාහ්මණ යනුවෙන් හදුන්වමි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුහ.

උප‍්පලවණ‍්ණාථෙරීවත්‍ථු අට‍්ඨාරසමං.