යෙදුමෙන් කියවන්න

20. අඤ‍්ඤතරබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

20. අඤ‍්ඤතරබ්‍රාහ‍්මණවත්‍ථු

20. එක්තරා බ්‍රාහ්මණයෙකු පිළිබඳ කථා පුවත

යො දුක‍්ඛස‍්සාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි.

“යො දුක්ඛස්ස” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී එක්තරා බමුණෙක් නිමිති කරගෙන දේශනා කළහ.

තස‍්ස කිරෙකො දාසො අපඤ‍්ඤත‍්තෙ සික‍්ඛාපදෙ පලායිත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. බ්‍රාහ‍්මණො තං ඔලොකෙන‍්තො අදිස‍්වා එකදිවසං සත්‍ථාරා සද‍්ධිං පිණ‍්ඩාය පවිසන‍්තං ද‍්වාරන‍්තරෙ දිස‍්වා චීවරං දළ‍්හං අග‍්ගහෙසි. සත්‍ථා නිවත‍්තිත්‍වා “කිං ඉදං, බ්‍රාහ‍්මණා”ති පුච‍්ඡි. දාසො මෙ, භො ගොතමාති. පන‍්නභාරො එස, බ්‍රාහ‍්මණාති. “පන‍්නභාරො”ති ච වුත‍්තෙ බ්‍රාහ‍්මණො “අරහා”ති සල‍්ලක‍්ඛෙසි. තස‍්මා පුනපි තෙන “එවං, භො ගොතමා”ති වුත‍්තෙ සත්‍ථා “ආම, බ්‍රාහ‍්මණ, පන‍්නභාරො”ති වත්‍වා ඉමං ගාථමාහ –

එක්තරා දාසයෙක් - ශික්ෂා පද ප්‍රඥාප්ති පැනවීමට පෙර පළා ගොස් පැවිදි වී අර්හත්වයට පත්වුණි. බ්‍රාහ්මණයා ඔහු බලා නොදැක එක් දිනක් බුදුන් හා පිඬුසිගා පිවිසෙන දොරටුව අතර දැක සිවුර දැඩිව අල්ලා ගත්තේය. බුදුන් නතර වී ඇයි බ්‍රාහ්මණ යයි විමසුවේය. භවත් ගෞතමයෙන් මේ මගේ දාසයෙකි. බ්‍රාහ්මණය මොහු පන්නභාරය පන්නභාර කී විට බ්‍රාහ්මණයා රහත් යයි සැලකුවේය. එනිසා දෙවනුවද පින්වත් ගෞතමයනියි පැවසූවිට බුදුරජාණන් වහන්සේ එසේය බ්‍රාහ්මණය බහා තැබූ බර ඇති යනුවෙන් පවසා මෙම ගාථාව දේශනා කළහ.

“යො දුක‍්ඛස‍්ස පජානාති, ඉධෙව ඛයමත‍්තනො; පන‍්නභාරං විසංයුත‍්තං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

දුක දුකෙහි වෙනසත් මේ අත්හිම දකිත් නම් බහා පව් කඳ බරින් මිදුනා ඔහුම බමුණෙක් වේය පවසත්

යම් කෙනෙක් ජීවතය ක්ෂය වේයයි දැන ගනීද තම දුක නැසීම පිළිබඳ දැන ගනීද වහා තැබු බර ඇත්තේද කෙලෙසුන්ගෙන් මිදුනා වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයයි මම කියමි.

තත්‍ථ දුක‍්ඛස‍්සාති ඛන්‍ධදුක‍්ඛස‍්ස. පන‍්නභාරන‍්ති ඔහිතඛන්‍ධභාරං චතූහි යොගෙහි සබ‍්බකිලෙසෙහි වා විසංයුත‍්තං තමහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

එහි දුක්ඛස්සාති දුක්ඛස්ඛන්ධයයි පන්නභාර නම් බිම තබන ලද ස්බන්ධ භාරයයි. යෝග හතරෙන් හා සියළු කෙලෙස්වලින් විසං යුත්ත වෙන් වූ, විෂයන්ත වූ ඔහු බ්‍රාහ්මණයයි කියමි.

දෙසනාවසානෙ සො බ්‍රාහ‍්මණො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයේ බ්‍රාහ්මණයා සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයටද දෙසුම සාර්ථක විය.

අඤ‍්ඤතරබ්‍රාහ‍්මණවත්‍ථු එකූනවීසතිමං.