21. ඛෙමාභික්ඛුනීවත්ථු අට්ඨකථා
21. ඛෙමාභික්ඛුනීවත්ථු
21. ඛේමා තෙරණිය පිළිබඳ වූ කථා පුවත
ගම්භීරපඤ්ඤන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ගිජ්ඣකූටෙ විහරන්තො ඛෙමං නාම භික්ඛුනිං ආරබ්භ කථෙසි.
“ගම්භීර පඤ්ඤාං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩසිටිය දී ඛේමා භික්ෂුණිය නිමිති කරගෙන දේශනා කළහ.
එකදිවසඤ්හි පඨමයාමසමනන්තරෙ සක්කො දෙවරාජා පරිසාය සද්ධිං ආගන්ත්වා සත්ථු සන්තිකෙ සාරණීයධම්මකථං සුණන්තො නිසීදි. තස්මිං ඛණෙ ඛෙමා භික්ඛුනී “සත්ථාරං පස්සිස්සාමී”ති ආගන්ත්වා සක්කං දිස්වා ආකාසෙ ඨිතාව සත්ථාරං වන්දිත්වා නිවත්ති. සක්කො තං දිස්වා “කො එසා, භන්තෙ, ආගච්ඡමානා ආකාසෙ ඨිතාව සත්ථාරං වන්දිත්වා නිවත්තී”ති පුච්ඡි. සත්ථා “එසා, මහාරාජ, මම ධීතා ඛෙමා නාම මහාපඤ්ඤා මග්ගාමග්ගකොවිදා”ති වත්වා ඉමං ගාථමාහ –
එක් දිනක් පළමු යාමය අවසානයේ සක්දෙවිඳු දෙව් පිරිස සමග පැමිණ බුදුන් සමීපයේ සිහිකටයුතු ධර්ම කථා අසමින් වාඩි විය. මේ අවස්ථාවේදී ඛේමා තෙරණිය බුදුන් දකිමියි අහසින් පැමිණ සක් දෙවිඳු දැක අහසේ සිටියදීම බුදුන් වැඳ නැවතුනාය. සක්දෙවිදු ඇය දැක ස්වාමීනි මැය කවුදැයි විමසුවේය. ඇය එමින් සිට අහසේ සිටම වැඳ පැවතුනි. බුදුහු මහරජ මගේ දියණියන් ඛේමාය. ඇය මහා ප්රාඥයහ. මග්ගා මග්ග ඤාණයෙහි ඉතා දක්ෂ යයි පවසා මෙම ගාථාව පැවසුහ.
“ගම්භීරපඤ්ඤං මෙධාවිං, මග්ගාමග්ගස්ස කොවිදං; උත්තමත්ථමනුප්පත්තං, තමහං බ්රූමි බ්රාහ්මණ”න්ති.
විදසුන් නැණ සමග කඳ පිළිබඳ නුවණ ගැඹුරින් ඇති රහත් නම උතුම් බමුණෙක් වේ මැයි.
ප්රඥාවන්ත වූ ගැඹුරු නුවණ ඇති. මග නොම දැනුමෙහි සමත් රහත්ඵලයට පත් තැනැත්තා මම බ්රාහ්මණ යයි පවසමි.
තත්ථ ගබ්භීරපඤ්ඤන්ති ගම්භීරෙසු ඛන්ධාදීසු පවත්තාය පඤ්ඤාය සමන්නාගතං ධම්මොජපඤ්ඤාය සමන්නාගතං මෙධාවිං “අයං දුග්ගතියා මග්ගො, අයං සුගතියා මග්ගො, අයං නිබ්බානස්ස මග්ගො, අයං අමග්ගො”ති එවං මග්ගෙ ච අමග්ගෙ ච ඡෙකතාය මග්ගාමග්ගස්ස කොවිදං අරහත්තසඞ්ඛාතං උත්තමත්ථං අනුප්පත්තං තමහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි ගම්භීර පඤ්ඤන්ති - ගැඹුරුවූ ස්ඛන්ධ ආදීන්හි ප්රඥාවෙන් යුතුවූ ප්රඥාව ඇති ධර්මෝජ ප්රඥාවෙන් යුත් මෙධාවිං මෙය දුගතියයි. මෙය සුගතියයි. මෙය නිර්වාණ මාර්ගයයි. මෙය නොමගයි ආදී වශයෙන් මගෙහිද නොමගෙහිද දක්ෂ වූ බැවින්, මග්ගා මස්ස කොවිදං. අරහත්භාවයට උත්තමත්ථං අනුපප්තතං තමහං බ්රාහ්මණං පැමිණි ඔහු බ්රාහ්මණ යයි මම කියමි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝතාපන්න ඵල ආදියට පත්වුවාය.
ඛෙමාභික්ඛුනිවත්ථු වීසතිමං.