22. පබ්භාරවාසීතිස්සත්ථෙරවත්ථු අට්ඨකථා
22. පබ්භාරවාසීතිස්සත්ථෙරවත්ථු
22. පබ්භාරවාසි තිස්ස තෙරුන් පිළිබඳ වූ කථා පුවත
අසංසට්ඨන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පබ්භාරවාසීතිස්සත්ථෙරං ආරබ්භ කථෙසි.
“අසංසට්ඨං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී පබ්භරවාසී තිස්ස තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤං පවිසිත්වා සප්පායං සෙනාසනං ඔලොකෙන්තො එකං ලෙණපබ්භාරං පාපුණි, සම්පත්තක්ඛණෙයෙවස්ස චිත්තං එකග්ගතං ලභි. සො “අහං ඉධ වසන්තො පබ්බජිතකිච්චං නිප්ඵාදෙතුං සක්ඛිස්සාමී”ති චින්තෙසි. ලෙණෙපි අධිවත්ථා දෙවතා “සීලවා භික්ඛු ආගතො, ඉමිනා සද්ධිං එකට්ඨානෙ වසිතුං දුක්ඛං. අයං පන ඉධ එකරත්තිමෙව වසිත්වා පක්කමිස්සතී”ති චින්තෙත්වා පුත්තෙ ආදාය නික්ඛමි. ථෙරො පුනදිවසෙ පාතොව ගොචරගාමං පිණ්ඩාය පාවිසි. අථ නං එකා උපාසිකා දිස්වාව පුත්තසිනෙහං පටිලභිත්වා ගෙහෙ නිසීදාපෙත්වා භොජෙත්වා අත්තානං නිස්සාය තෙමාසං වසනත්ථාය යාචි. සොපි “සක්කා මයා ඉමං නිස්සාය භවනිස්සරණං කාතු”න්ති අධිවාසෙත්වා තමෙව ලෙණං අගමාසි. දෙවතා තං ආගච්ඡන්තං දිස්වා “අද්ධා කෙනචි නිමන්තිතො භවිස්සති, ස්වෙ වා පරසුවෙ වා ගමිස්සතී”ති චින්තෙසි.
උන්වහන්සේ බුදුන්ගෙන් කර්මස්ථාන ගෙන වනයට පිවිස හොඳ සුදුසු සෙනසුනක් බලන්නේ. එක් කඳු බෑවුමක ගල්ලෙනක් වෙත පැමිණුනි. පැමිණි වේලාවේදීම උන්වහන්සේගේ සිත එකග බවක් ලදහ. උන්වහන්සේ මට මෙහි වාසය කිරීමෙන් පැවිදි කාර්යය සාක්ෂාත් කිරීමට හැකිවන්නේ යයි සිතුවේය. ලෙනෙහි අධිගෘහිත දෙවියා ද සිල්වත් භික්ෂුවක් පැමිණියේය. මුන් වහන්සේ හා එකම තැන වාසය කිරීම දුකකි. මේ තෙමේ මෙහිම එක් රැයක් ඉඳ පිටත්ව යන්නේ යයි සිතා පුතුන් රැගෙන නික්මෙති. තෙරුන් වහන්සේ දෙවන දවසේ අළුයම ගොදුරු ගමට පිඩු පිණිස පිවිසුනි. අනතුරුව එක් උපාසිකාවක් දුටු විගස පුත්‍ර ස්නේහයක් ලැබ ගෙයි වාඩි කරවා වළදවා තමන් නිසා තුන් මාසයක් වාසය කිරීමට ඉල්ලා සිටියාය. ඔහු ද මැය නිසා භවනිස්සර කිරීමට හැකිවේයයි සිතා අරාධනය පිළිගෙන එම ලෙනටම වැඩම කළේය. දෙවිදුව ද තෙරුන් එනු දැක ඒකාන්තයෙන් කිසිවෙක් විසින් ආරාධනා කරන ලද්දේ වෙතැයි හෙට හෝ අනිද්දා හෝ යන්නේයයි සිතුවාය
එවං අඩ්ඪමාසමත්තෙ අතික්කන්තෙ “අයං ඉධෙව මඤ්ඤෙ අන්තොවස්සං වසිස්සති, සීලවතා පන සද්ධිං එකට්ඨානෙ පුත්තකෙහි සද්ධිං වසිතුං දුක්කරං, ඉමඤ්ච ‘නික්ඛමා’ති වත්තුං න සක්කා, අත්ථි නු ඛො ඉමස්ස සීලෙ ඛලිත”න්ති දිබ්බෙන චක්ඛුනා ඔලොකෙන්තී උපසම්පදමාළකතො පට්ඨාය තස්ස සීලෙ ඛලිතං අදිස්වා “පරිසුද්ධමස්ස සීලං, කිඤ්චිදෙවස්ස කත්වා අයසං උප්පාදෙස්සාමී”ති තස්ස උපට්ඨාකකුලෙ උපාසිකාය ජෙට්ඨපුත්තස්ස සරීරෙ අධිමුච්චිත්වා ගීවං පරිවත්තෙසි. තස්ස අක්ඛීනි නික්ඛමිංසු, මුඛතො ඛෙළො පග්ඝරි. උපාසිකා තං දිස්වා “කිං ඉද”න්ති විරවි. අථ නං දෙවතා අදිස්සමානරූපා එවමාහ – “මයා එස ගහිතො, බලිකම්මෙනපි මෙ අත්ථො නත්ථි, තුම්හාකං පන කුලූපකං ථෙරං ලට්ඨිමධුකං යාචිත්වා තෙන තෙලං පචිත්වා ඉමස්ස නත්ථුකම්මං දෙථ, එවාහං ඉමං මුඤ්චිස්සාමී”ති. නස්සතු වා එස මරතු වා, න සක්ඛිස්සාමහං අය්යං ලට්ඨිමධුකං යාචිතුන්ති. සචෙ ලට්ඨිමධුකං යාචිතුං න සක්කොථ, නාසිකායස්ස හිඞ්ගුචුණ්ණං පක්ඛිපිතුං වදෙථාති. ඉදම්පි වත්තුං න සක්කොමාති. තෙන හිස්ස පාදධොවනඋදකං ආදාය සීසෙ ආසිඤ්චථාති. උපාසිකා “සක්කා ඉදං කාතු”න්ති වෙලාය ආගතං ථෙරං නිසීදාපෙත්වා යාගුඛජ්ජකං දත්වා අන්තරභත්තෙ නිසින්නස්ස පාදෙ ධොවිත්වා උදකං ගහෙත්වා, “භන්තෙ, ඉදං උදකං දාරකස්ස සීසෙ ආසිඤ්චාමා”ති ආපුච්ඡිත්වා “තෙන හි ආසිඤ්චථා”ති වුත්තෙ තථා අකාසි. සා දෙවතා තාවදෙව තං මුඤ්චිත්වා ගන්ත්වා ලෙණද්වාරෙ අට්ඨාසි.
මෙලෙස අඩමසක් කෙළවර මේ භික්ෂුව මෙහිම තෙමසක් වස් ඇතුළත වාසය කරනු ඇත. සිත් අය හා එකට පුතුන් සමග වාසය කිරීම දුෂ්කරය. මොහුට නික්ම යයි කීම ද අපහසුය. මොහු මගේ ශීලයේ කිළිටි තැනක් ඇත්දැයි දිවැසින් බලන්නී, උපසම්පදා මාලකයේ පටන් උන්වහන්සේගේ ශීලයේ කිළුටක් නොදැක මොහුගේ සීලය පිරිසිදුය. කිසියම් අපකීර්තියක් ඇතිකරමියි උන්වහන්සේගේ උපට්ඨායක කුලයේ උපාසිකාවගේ ජ්‍යෙෂ්ඨ පුතුගේ ශරීරයට ආවේශ වී ගෙල ඇඹරුවේය ඔහුගේ ඇස් එළියට නික්මුණි. කටින් කෙල වැගුරුනි. උපාසිකාව මේ දැක මේ කුමක්දැයි මහ හඬින් කෑගැසුවේය. මේ අතර දේවතාවිය නොපෙනෙන ලෙසට මෙසේ කීවාය. මා විසින් මොහු ගන්නා ලදී. බලි කර්මවලින් ද මට වැඩක් නැත. ඔබගේ කුළුපග තෙරුන්ගෙන් වැල් මී ඉල්ලාගෙන එයින් තෙල් සාදාගෙන මොහුට නස්න කර්මයක් දෙන්නැයි එයින්ම මම මොහු මුදවමියි. ඔහු නැසේ මියැදේවා මම ආර්යයන් වහන්සේගෙන් වැල් මී ඉල්ලා ගැනීමට නොහැකිවෙමි. ඉදින් වැල්මී ඉල්ලා ගැනීමට නොහැකිනම් මොහුගේ නැහැයට පෙරුම්කායම් කුඩු දමන්නැයි කියන්න. මෙයද කිරීමට කිව නොහැකිය. එසේ නම් ඔහුගේ පා සෝදන ජලය හිසට දමන්න. උපාසිකාව මෙය කිරීමට හැකිය වෙලාව ආ විට තෙරුන් වාඩි කරවා කැඳ බත් පිරිනමා දන් ගන්නා අතර වාඩි වී සිටි තෙරුන්ගේ පා සෝදා ජලය ගෙන, ස්වාමීනි මේ ජලය දරුවාගේ හිසේ වත් කරමියි විචාරා එසේ ඉසින්නැයි කී කල එසේ කළාය. දෙව්දුව එකෙනෙහි ඔහු මුදා ගොස් ලෙන් දොර සිටියාය.
ථෙරොපි භත්තකිච්චාවසානෙ උට්ඨායාසනා අවිස්සට්ඨකම්මට්ඨානතාය ද්වත්තිංසාකාරං සජ්ඣායන්තොව පක්කාමි. අථ නං ලෙණද්වාරං පත්තකාලෙ සා දෙවතා “මහාවෙජ්ජ මා ඉධ පවිසා”ති ආහ. සො තත්ථෙව ඨත්වා “කාසි ත්ව”න්ති ආහ. අහං ඉධ අධිවත්ථා දෙවතාති. ථෙරො “අත්ථි නු ඛො මයා වෙජ්ජකම්මස්ස කතට්ඨාන”න්ති උපසම්පදමාළකතො පට්ඨාය ඔලොකෙන්තො අත්තනො සීලෙ තිලකං වා කාළකං වා අදිස්වා “අහං මයා වෙජ්ජකම්මස්ස කතට්ඨානං න පස්සාමි, කස්මා එවං වදෙසී”ති ආහ. න පස්සසීති. ආම, න පස්සාමීති? ආචික්ඛාමි තෙති. ආම, ආචික්ඛාහීති. තිට්ඨතු තාව දූරෙ කතං, අජ්ජෙව තයා අමනුස්සගහිතස්ස උපට්ඨාකපුත්තස්ස පාදධොවනඋදකං සීසෙ ආසිත්තං, නාසිත්තන්ති? ආම, ආසිත්තන්ති. කිං එතං න පස්සසීති? එතං සන්ධාය ත්වං වදෙසීති? ආම, එතං සන්ධාය වදාමීති. ථෙරො චින්තෙසි – “අහො වත මෙ සම්මා පණිහිතො අත්තා, සාසනස්ස අනුරූපං වත මෙ චරිතං, දෙවතාපි මම චතුපාරිසුද්ධිසීලෙ තිලකං වා කාළකං වා අදිස්වා දාරකස්ස සීසෙ ආසිත්තපාදධොවනමත්තං අද්දසා”ති තස්ස සීලං ආරබ්භ බලවපීති උප්පජ්ජි. සො තං වික්ඛම්භෙත්වා පාදුද්ධාරම්පි අකත්වා තත්ථෙව අරහත්තං පත්වා “මාදිසං පරිසුද්ධං සමණං දූසෙත්වා මා ඉධ වනසණ්ඩෙ වසි, ත්වමෙව නික්ඛමාහී”ති දෙවතං ඔවදන්තො ඉමං උදානං උදානෙසි –
තෙරුන් ද දන් වළදා අවසානයේ අසුනින් නැගිට නොවිසිරුනු කර්මස්ථානය නිසා දෙතිස් කුණප භාවනාව සජ්ඣායනා කරමින්ම පිටත්ව ගියේය. අනතුරුව ලෙන් දොරට පැමිණි විට එම දෙව්දුව මහා වෛද්‍යවරය මෙයට නො පිවිසේවයි කීවාය. උන්වහන්සේ එහිම සිට නුඹ කවරෙක්දැයි විමසුවේය. මම මෙහි අධිගෘහිත දේවතාවායි මම වෙදකමක් කළ තැනක් තිබේද උපසම්පදා මාලකයේ සිට බලන්නේ ඇටය හෝ හෝ කළු හාල් ඇටයක් පමණටත් කැළලක් නොදැක මම මවිසින් වෛද්යකර්මයක් කළ තැනක් නොදකිමි. කුමක් නිසා මෙසේ කියයිද? ඔබ දකින්නේ නැත්ද? එසේය මම නොදකිමි. ඔබට කියන්නද? හොඳය කියන්න. අතීතය තිබේවා අද ද නුඹ වහන්සේගේ පා සේදූ ජලය අමනුෂ්‍ය ආවේශයට පත් උපස්ථාසිකාවගේ පුතුගේ හිසේ වත්කළේ නොවේද? එසේය වත් කළේය. ඇය එය නොදන්නේද ඒ පිළිබඳව ඔබ කුමක් කියයි ද? ඔව් එය සම්බන්ධ කර කියමි. තෙරුන් වහන්සේ සිතූහ. අහෝ පුදුමයි මනාව පිහිටුවන ලද ආත්මය සසුනට අනුරූප ලෙස ඇති මගේ චරිතය දෙවියෝ ද මගේ චතුපාරිශුද්ධ සීලයේ කලංකය හෝ කළු හාල් ඇටයක් තරමවත් කැළලක් නොදැකම, දරුවාගේ හිසේ වත්කරන ලද පා සේදූ ජලය දැමීම පමණක් දුටුවේ යයි උන්වහන්සේගේ සීලය පිළිබඳ බලවත් ප්‍රීතියක් උපන් උන්වහන්සේ එය මැඩ පවත්වා පාදය එසවීමක් හෝ නොකොට එහිම අර්හත්වයට පත්ව මා වැනි පිරිසිදු ශ්‍රමණයෙක් දූෂණය කර මා වසන තැන නොසිට ඔබ වහාම මෙතැනින් නික්මෙවයි නිවේදනය කිරීමට අවවාද කරන්නේ මේ උදානය පැවසුහ.
“විසුද්ධො වත මෙ වාසො, නිම්මලං මං තපස්සිනං; මා ත්වං විසුද්ධං දූසෙසි, නික්ඛම පවනා තුව”න්ති.
මගෙ තපස නිමල වෙයි නිවහනද පිරිසිදුයි දුෂණය නොකර මා දැන් නික්ම යනු හොඳයි
මම නිර්මල තවුසෙකි. මගේ වාසය පිරිසිදුය. විසුද්ධ වූ මා දූෂණය නොකරන්න ඔබ මෙතනින් නික්ම යන්න.
සො තත්ථෙව තෙමාසං වසිත්වා වුත්ථවස්සො සත්ථු සන්තිකං ගන්ත්වා භික්ඛූහි “කිං, ආවුසො, පබ්බජිතකිච්චං තෙ මත්ථකං පාපිත”න්ති පුට්ඨො තස්මිං ලෙණෙ වස්සූපගමනතො පට්ඨාය සබ්බං තං පවත්තිං භික්ඛූනං ආරොචෙත්වා, “ආවුසො, ත්වං දෙවතාය එවං වුච්චමානො න කුජ්ඣී”ති වුත්තෙ “න කුජ්ඣි”න්ති ආහ. භික්ඛූ තථාගතස්ස ආරොචෙසුං, “භන්තෙ, අයං භික්ඛු අඤ්ඤං බ්යාකරොති, දෙවතාය ඉදං නාම වුච්චමානොපි න කුජ්ඣින්ති වදතී”ති. සත්ථා තෙසං කථං සුත්වා “නෙව, භික්ඛවෙ, මම පුත්තො කුජ්ඣති, එතස්ස ගිහීහි වා පබ්බජිතෙහි වා සංසග්ගො නාම නත්ථි, අසංසට්ඨො එස අප්පිච්ඡො සන්තුට්ඨො”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
උන්වහන්සේ ඒ ගුහාවෙහිම තෙමසක් ගතකර වස් පවාරණ කොට බුදුන් වෙතට ගිය කල්හි, භික්ෂූන් විසින් කිම ඇවැත්නි පැවිදි කාර්යය ඔබ වහන්සේගේ ඉටුවූවේදැයි විමසන ලද්දේ, භික්ෂූන් විසින් ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමන් ගල් ලෙනේ වස් සමාදන් වූ තැන්සිට ඒ සියළු පුවත් භික්ෂූන්ට දන්වා සිටියේය. ඇවැත්නි ඔබ වහන්සේ දේවතාවියට එලෙස කියනවිට නො කිපුනේදැයි විමසුවිට, නැත මම කිපුනේ නැත. භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේට දැනුම් දුන්නා. ස්වාමීනි මේ භික්ෂුව වෙනකක් පවසයි. බුදුරදුන් ඔවුන්ගේ කථාව අසා මහණනි මගේ පුත්‍රයා කිසි දිනෙක නොකිපේ මොහුගේ ගිහියන් සමග හෝ පැවිදි අය සමග හෝ ඇලීමක් නැත. මොහු අල්පේච්ඡය තුටු පහටුය යි පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව වදාළහ.
“අසංසට්ඨං ගහට්ඨෙහි, අනාගාරෙහි චූභයං; අනොකසාරිමප්පිච්ඡං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
ගණයා කෙරෙහි හා කුලයා කෙරෙහි නො ඇලුණු අපීස් දිවියක් ඇති උතුමා නියම බමුණෙකි.
ගිහියන් සමග ද පැවිද්දන් සමග ද යන දෙපාර්ශවයෙහිම සංසර්ග නැති තෘෂ්ණා ආලයෙහි නොහැසිරෙන අල්පේච්ඡ වූ භික්ෂුවට මම බ්‍රාහ්මණයයි කියමි.
තත්ථ අසංසට්ඨන්ති දස්සනසවනසමුල්ලපනපරිභොගකායසංසග්ගානං අභාවෙන අසංසට්ඨං. උභයන්ති ගිහීහි ච අනාගාරෙහි චාති උභයෙහිපි අසංසට්ඨං. අනොකසාරින්ති අනාලයචාරිං තං එවරූපං අහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි අසංසටඨං දර්ශනය - ශ්‍රවණය කථාව පාරිභෝගය කාය සංසර්ග අභාවයෙන් අසංකටය ගිහියන් හා ද පැවිද්දන් හා ද සංසර්ග ඇලීම් නැති යන අර්ථයි අනොකසාරි අනාලයචාරී මෙබඳු අය මම බ්‍රාහ්මණ යයි පවසමි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ඵලය ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
පබ්භාරවාසීතිස්සත්ථෙරවත්ථු එකවීසතිමං.