23. අඤ්ඤතරභික්ඛුවත්ථු අට්ඨකථා
23. අඤ්ඤතරභික්ඛුවත්ථු
23. එක්තරා භික්ෂුවක් පිළිබඳ කථා පුවත
නිධාය දණ්ඩන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ කථෙසි.
“නිධායා” ආදී මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී එක්තරා භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ වායමන්තො අරහත්තං පත්වා “පටිලද්ධගුණං සත්ථු ආරොචෙස්සාමී”ති තතො නික්ඛමි. අථ නං එකස්මිං ගාමෙ එකා ඉත්ථී සාමිකෙන සද්ධිං කලහං කත්වා තස්මිං බහි නික්ඛන්තෙ “කුලඝරං ගමිස්සාමී”ති මග්ගං පටිපන්නා අන්තරාමග්ගෙ දිස්වා “ඉමං ථෙරං නිස්සාය ගමිස්සාමී”ති පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. ථෙරො පන තං න පස්සති. අථස්සා සාමිකො ගෙහං ආගතො තං අදිස්වා “කුලගාමං ගතා භවිස්සතී”ති අනුබන්ධන්තො තං දිස්වා “න සක්කා ඉමාය එකිකාය ඉමං අටවිං පටිපජ්ජිතුං, කං නු ඛො නිස්සාය ගච්ඡතී”ති ඔලොකෙන්තො ථෙරං දිස්වා “අයං ඉමං ගණ්හිත්වා නික්ඛන්තො භවිස්සතී”ති චින්තෙත්වා ථෙරං සන්තජ්ජෙසි. අථ නං සා ඉත්ථී “නෙව මං එස භදන්තො පස්සති, න ආලපති, මා නං කිඤ්චි අවචා”ති ආහ. සො “කිං පන ත්වං අත්තානං ගහෙත්වා ගච්ඡන්තං මම ආචික්ඛිස්සසි, තුය්හමෙව අනුච්ඡවිකං ඉමස්ස කරිස්සාමී”ති උප්පන්නකොධො ඉත්ථියා ආඝාතෙන ථෙරං පොථෙත්වා තං ආදාය නිවත්ති. ථෙරස්ස සකලසරීරං සඤ්ජාතගණ්ඩං අහොසි. අථස්ස විහාරං ගතකාලෙ භික්ඛූ සරීරං සම්බාහන්තා ගණ්ඩෙ දිස්වා “කිං ඉද”න්ති පුච්ඡිංසු. සො තෙසං තමත්ථං ආරොචෙසි. අථ නං භික්ඛූ, “ආවුසො, තස්මිං පුරිසෙ එවං පහරන්තෙ ත්වං කිං අවච, කිං වා තෙ කොධො උප්පන්නො”ති. “න මෙ, ආවුසො, කොධො උප්පජ්ජී”ති වුත්තෙ සත්ථු සන්තිකං ගන්ත්වා තමත්ථං ආරොචෙත්වා, “භන්තෙ, එස භික්ඛු ‘කොධො තෙ උප්පජ්ජතී’ති වුච්චමානො ‘න මෙ, ආවුසො, කොධො උප්පජ්ජතී’ති අභූතං වත්වා අඤ්ඤං බ්යාකරොතී”ති ආරොචෙසුං. සත්ථා තෙසං කථං සුත්වා, “භික්ඛවෙ, ඛීණාසවා නාම නිහිතදණ්ඩා, තෙ පහරන්තෙසුපි කොධං න කරොන්තියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
එම භික්ෂුව බුදුන් වෙතින් කර්මස්ථාන ගෙන අරණ්‍යයෙහි උත්සාහ කරමින් රහත්බවට පත්ව ලබන ලද ගුණය බුදුන්ට දැනුම් දෙමියි ඉන් නික්මුණහ. මේ අතර එක් ගමක එක් ස්ත්‍රියක් ස්වාමියා සමග කලහ කර ගෙයින් පිටවී යන්නේ තම ගෙදරට යන්නෙමියි. මගට පිළිපන්නේ අතර මගදී මේ තෙරුන් දැක මොහු සමග යන්නෙමියි පසුපසින් ගියාය. තෙරුන් වහන්සේ ඇය නො දුටුවේය. අනතුරුව ඇගේ සැමියා ගෙට ආවේ ඇය නොදැක ඇගේ නිවසට යන්නට ඇතැයි සිතා ලුහුබඳින්නේ ඇයට හුදකලාව මේ වනය පසුකිරීමට නොහැකියයි කවුරුන් නිසා යන්නේදැයි බලන්නේ තෙරුන් දැක ඔහු මැය රැගෙන යන්නේ යයි සිතන්නේ තෙරුන්ට තර්ජනය කළේය. අනතුරුව එම ස්ත්‍රිය මේ තෙරුන් වහන්සේ මා නො දුටුවේය. මා හා කථා නො කළේය. කිසිවක් නො කීවේය. හෙතෙම කිමෙක්ද, ඔබව මොහු විසින්ම ගෙන ගියත් ඔබ ඇත්ත කියන්නේ ද, ඔබට කළයුතු දේ මොහුට කරමියි උපන් ක්‍රෝධය ඇත්තේ ස්ත්‍රිය සමග ආඝාතයෙන් තෙරුන්ට තලා ඇය රඳවාගෙන නැවතුනි. තෙරුන්ගේ මුළු සිරුර හටගත් ගඩු ඇත්තේ විය. අනතුරුව විහාරයට ගිය විට භික්ෂූන් සිරුර සංවිධානය කරමින් ගඩු දැක මේ කුමක්දැයි විමසුහ. උන්වහන්සේ තමන්ට සිදුවූ දෙය ඔවුන්ට පැවසුහ. අනතුරුව භික්ෂූන් වහන්සේලා ඇවැත්නි, ඒ පුරුෂයා මෙලෙස පහර දෙන විට කුමක් කීවේද ඇයි කෝපයක් ඇතිවුයේ නැත්ද නැත. ඇවැත්නි මට කෝපයක් ඇති නොවීයයි පැවසුවිට බුදුන් වෙත ගොස් මෙම තොරතුරු පැවසුහ. මට ක්‍රෝධය ඇති නොවූවේ යයි අභූතයන් කියයි. අන් දෙයක් පවසයි. බුදුහු ඔවුන්ගේ කථා අසා මහණෙනි රහතන් වහන්සේලා නම් බැහැර කරන ලද දඩුවම් ඇත්තේ පහර දුන් විටද ක්‍රෝධ නොකරයි යනුවෙන් පවසා -
“නිධාය දණ්ඩං භූතෙසු, තසෙසු ථාවරෙසු ච; යො න හන්ති න ඝාතෙති, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
බියෙන් තැති ගත් නොගත් සතුන් නොමරන හා නොමරවන උතුම් මිනිසා මෙලොවේ බමුණෙකි රහත් උතුමෙකි.
යමෙක් තැති ගන්නා වූද තැති නොගන්නා වුද සත්ත්වයන් කෙරෙහි කාය දණ්ඩය බහා තබා තෙමේ කිසිවෙක් නො මරාද අනුන් ලවා නො මරවාද ඔහුට මම බ්‍රාහ්මණයයි කියත්.
තත්ථ නිධායාති නික්ඛිපිත්වා ඔරොපෙත්වා. තසෙසු ථාවරෙසු චාති තණ්හාතාසෙන තසෙසු, තණ්හාඅභාවෙන ථිරතාය ථාවරෙසු ච. යො න හන්තීති යො එවං සබ්බසත්තෙසු විගතපටිඝතාය නික්ඛිත්තදණ්ඩො නෙව කඤ්චි සයං හනති, න අඤ්ඤෙ ඝාතෙති, තමහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි නිධායා යනු - බහා තබා තසෙසු ථාවරෙසු තණ්හාවෙන් බිය වූ තෘෂ්ණ අභාවයෙන් ස්ථිර වූ යමෙක් න හන්ති නොනසාද මෙසේ සියළු සත්ත්වයන් කෙරෙහි පහවූ ක්‍රෝධය බහා තබා ඇති උතුමා මම - බ්‍රාහ්මණ යනුවෙන් හඳුන්වමි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලාදියට පත්වූහ.
අඤ්ඤතරභික්ඛුවත්ථු බාවීසතිමං.